" ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි.පාරිශුද්ධයි,සුරම්යයි " නන්දාමාලනිය ප්‍රේමය පිලිබදව එසේ ගායනා කලහ.නමුත් වර්තමාන සමාජය ප්‍රේමයට නව අරුතක් එක්කර ඇත.වාණිජ කරණය වූ තාක්ෂණික ලෝකයේ බොහෝ දෑ වෙනස්වී ඇත.වෙනස් වෙමින් ඇත.ප්‍රේමයද වෙනස්වී ඇත.දුරකතනයකින් , සමාජ ජාල වෙබ් අඩවියකින් ඇරබෙන ප්‍රේම වෘතාන්තය ලිංගික හමුවීමකින් කෙලවරවේ.මෙම තත්වය නාගරීකරනය වූ සමාජයේත් ග්‍රමීය සමාජයේත් දක්නට ලැබෙන තත්වයකි.
සෑබෑ හදුනාගැනීමකින් තොරව ඇතිකරගන්නා සබදතා කෙලවර වන්නේ තම වටිනාකම් බොහොමයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුවය.එවිට සියල්ල වැටහී තිබුණත් වටහාගත් දෑ තුලින් ප්‍රයෝජනයක් ලැබීමට ඔබ සතුව කිසිවක් ඉතිරිවී නැතිවන්නට පිලිවන.කාන්තාව ශක්තිමත්ය.ලෝකයේ ඕනෑම වේදනාවක් දුකක් විදීමට තරම් ශක්තියක් කාන්තාව සතුය.නමුත් කාන්තාව බොහෝවිට රැවටෙන සුළුය.එය ලංකා තෙල් බවුසරයේ සදහන් " වහා ගිනි ඇවිලෙන සුළුය " පාඨයට සමානය.කාන්තාව ආදරය කරන්නේ සිය හදවතින්මය.(නැති අයද සිටී)ලෝකය ඔබගේ නිවසටම පැමිණ ඇතත්,කාන්තාව ලෝකය තවමත් හදුනාගනිමින් සිටී.ඔබ උගත් බුද්ධිමත් , ධනවත් බලවත් අයෙකු විය හැකිය.නමුත් මතක තබාගත යුත්තේ ඔබටද ජීවිතයේ එක් අවස්තාවක වැරදීමක් සිදුවිය හැකිය.ජීවිතයට වැරදීම් සිදුවේ.එසේ නොවූ කිසිවෙකු නැත.නමුත් එම වැරදීම ආදරයෙන් අන්දව තමාගේ ගෞරවනීය ආත්මය විනාශකරගැනීමකින් කෙලවර විය යුතු දැයි ඔබ සිතා බැලිය යුතුය.
පෙම්වතාගේ වචන හරබයක අතරමන් වන පෙම්වතිය,ඔහු පිලිබදව කිසිවක් නොදැනම ඔහු ඉතා යහපත් , ගුණවත් අයෙකු ලෙස වටහාගනී.දවසක් දෙකක් හමුවී කතාබහකරයි.නැවත යන්නේ කුලී කාබරය වෙතයි.එහි යන්නේ ජිල්බෝල ගැසීමට නොවේ.සියල්ල සිදුවී අවසන්ය.පෙම්වතා තවත් කෙටි කාලයක් ඔබ සමග රැදෙනු ඇත.පසුව සිතාගත නොහැකි ලෙස ඔහු ඔබගෙන් වෙන්වී ඇත.මේ තත්වයට වර්තමාන ප්‍රේම ලෝකය තුල බහුලවම දක්නට ලැබෙන තත්වයකි.මෙම ලිපිය කියවන ඔබ එසේ නොවන බව කියනු ඇත.ඔබ දන්නේ ඔබගේ ආදරය ගැන පමණි.සෑබෑ ආදරයක හිමිකාරිණියක් වී ඔබ එම ආදරය විදිනවා විය හැකිය.එසේනම් ඔබ මේ ලෝකයේ සිටින සෑබෑම වාසනාවන්තිය විය හැකිය.නමුත් ඔබ නොදන්නා බොහෝ දේ සමාජය තුල සිදුවෙමින් පවතී.ඒවා පුද්ගල සිතේ රහස් බවට පත්වීම නිසා , එම තත්වයන් ඔබ හදුනානොගත්තා විය හැකිය.බොහෝ සිදුවීම් පුද්ගලිකය,රහසිගතය.
තරුණියක් සතු වටිනාම දෙයක් පිලිබදව අතීතයේ සිට වර්තමානය දක්වා සමාජයේ ප්‍රසිද්ධ රහසක් පවතී.මේ කතාකරන්නේ ඒ පිලිබදව නොවේ.එයද නවීන සමාජයට මහලොකු දෙයක් නොවේ.නමුත් මේ ඔබ කුලී කාබරයක පුද්ගලයෙකු ඉදිරියේ නිරුවත්වීම පිලිබදව කාතාවකි.ඔබ සහ ඔහු මොහොතක සතුටක් ලබනවා විය හැකිය.නමුත් මොහොතක සතුටක් තුලින් ජීවිත කාලයක්ම වේදනාවෙන් ගතවීමක ඇරබුම එය විය හැකිය.ඔබ ඔහු සමග විවාහ වනවාද නැද්ද යන්න ඔබවත් දන්නේ නැත.ඔබට ඔහු සමග විවාහ වීමට නොහැකිවිය හැකිය.නමුත් ඔබ වෙනත් අයෙකු සමග විවාහ විය හැකිය.විවාහය යනු ආදරයට වඩා බලවත් ශක්තිමත් බැදීමක් සමග එක්ව වාසය කිරීමකි.ඔබ පෙරදා අහිමිකරගත් ආත්ම ගෞරව සමග ඔබට විවාහ දිවිය සතුටින් ගතකරන්නට ලැබෙන්නේ නැත.ඔබ ඔබගේ ස්වාමියාට කරනු ලබන්නේ රහසිගත වංචාවකි.එම වංචාව සෑම මොහොතකම ඔබගේ මනස පීඩාවට ලක්කරනු ඇත.ඉපදීම සහ මරණය අතර ගොඩනැගෙන ජීවිත කතාවේ එම අදුරු මතකය ඔබගේ මේ ආත්මයත් මතු ආත්මයත් පීඩාවට ලක්කරනු ඇත.
බෞද්ධ සංස්කෘතියේ ආභාෂයෙන් ගොඩනැගුණ ලාංකික සමාජයේ ගුණධර්ම,සමාජ ධර්ම තවමත් අප සතුව පවතී.සිංහල හුරුවට හැඩගැසුන ඔබ,එහි හරයන් පිලිබදව සිතාබලා කටයුතු කලයුතුය.සංකරවූ බටහිර සමාජයේ අදුරු සෙවනැලි තුලින් ලාංකික අපගේ වටිනාකම් වසාගැනීමට හකුලා ගැනීමට ඉඩ නොතබා කටයුතු කිරීම ඔබගේ වගකීමයි.ඔබ අද තරුණියකි.දියනියකි.හෙට ඔබ ආදරනීය බිරිදක් වනු ඇත.ආදරනීය මවක් වනු ඇත.යහපත් සමාජයක් සැකසීමේ පූර්ණ වගකීම ඔබ සතුය.එම වගකීම ජීවිතයේ සොදුරුම යුගයේදී හැගීම්වලට වහල්වී විනාසකර ගැනීම,ඔබ ඔබටත් , ඉදිරි අනාගත සමාජයටත් කරනු ලබන මහා විනාශයක් වනු ඇත.ප්‍රේමය හමුවේ තම බුද්ධිය යටපත්කර නොගෙන වගකීම් සහිතව කටයුතු කිරීම ඔබට යහපත් අනාගතයක් උදාවීමේ පලමු පියවර වනු ඇත.
තවත් ලිවීමට බොහෝකරුනු ඇත.උදාහරනද ඉදිරිපත්කල හැකිය.එය කිසිවෙකුට සිදුවන අසාදාරනයක් විය හැකි නිසා ලිපිය මෙතැනින් අවසන් කරමි.කිසිවක් තේරුම්ගැනීමට පුස්තකාලයක පොත් සියල්ල කියවීම අවශ්‍ය නැත.බුද්ධිමතාහට සුළු දෙයකින් ලෝකයක් අවබෝධකරගත හැකිය.
මිතුරියකගේ ඉල්ලීම පරිදි මෙම ලිපිය ලිවූවෙමි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments