2014 ඔක්තෝම්බර් 05 වනදා සිට 2014 ඔක්තෝම්බර් 11 දක්වා සතියේ ලග්න පලාඵල

හඳහන ලංකා සතියේ ලග්න පලාඵල : Sathiye Lagna palapala

මේෂ ලග්නය

සහෝදර සහෝදරීයන් සමග ප්‍රශ්ණ ගැටලු ඇතිවිය හැකිය.අපවාදයන්ට ලක්විය හැකිය.හදිසි කෝප තත්වයන් ඇතිවේ.නිවසේ තත්වය යහපත්වේ.සිත තුල ප්‍රශ්ණ සගවාගනිමින් කටයුතු කිරීමට සිදුවේ.ඉගනීම් පිලිබදව ගැටලු ඇතිවේ.නීතිමය ගැටලු හෝ උසස් අයගෙන් වන පීඩාවන් ඇතිවිය හැකිය.විවාහ දිවියට යහපත් තත්වයක් තවමත් ඇතිවී නැත.මුඛ රෝග , දත් කැක්කුම් ආදියත් හදිසි අනතුරුත් ඇතිවිය හැකිය.

වෘෂභ ලග්නය 

ඉගනීම් කටයුතු සම්බන්දව උනන්දුවක් ඇතිවේ.අතපසුවී පැවති කටයුතු නැවත ආරම්බවේ.වගකීමකින් කටයුතු කරයි.ලැබීම් අති දුර්වල තත්වයක් ඇතිකරවයි.පැවති ආදායම් මාර්ග පිලිබදව ගැටලු ඇතිවිය හැකිය.විවාහය යහපත්ව පවත්වාගෙන යාමටත් ,විවාහ අපේක්ෂිතයන්ගේ එම බලාපොරොත්තු ඉටුවීමටත් යහපත් කාලයකි.සතුරන්ගේ බලය ඔබට එරෙහිව ක්‍රියාත්මක විය හැකිය.මූල්‍ය අංශයේ  රැකියා කරන අය විමසිලිමත්ව කටයුතු කලයුතුය.වෙනත් අයගේ අකටයුතු නිසා ඔබට නීතිමය ගැටලු ඇතිවිය හැකිය.

මිථුන ලග්නය

කාන්තා පාර්ෂවයේ උදව් උපකාර ලැබේ.ඔබට විස්වාසයෙන් කටයුතු කලහැකි මිතුරෙකු හෝ මිතුරියක හමුවිය හැකිය.නමුත් පැවති මිත්‍ර සබදතාවයක් කැඩීයා හැකිය.ගෘහ කටයුතු එතරම් යහපත් නැතත් ඉවසීමෙන් කටයුතු කරයි.කාර්‍යබහුල තත්වයක් පවතින නමුත් ඒ අතරම නව ඉගනීමකට යොමුවේ.නැතිනම් කිසියම් නව දැනුමක් ලැබිය හැකි කාලයකි.විටින් විට සිතෙහි කලකිරීමක් ඇතිවිය හැකිය.උදරගත අසනීප තත්වයන්ද,උශ්ණ රෝග සහ හිස ආශ්‍රිත වේදනාවන් ඇතිවිය හැකිය.

කටක ලග්නය

පැවති ගෞරවය පිලිබදව ගැටලු ඇතිවේ.සිතට වේදනා ඇතිවන සිදුවීමකට මුහුණදීමට සිදුවිය හැකිය.ඉගනීම යහපත්ය.කායික ශක්තිය වර්ධනයවේ.වැඩිහිටි ඇසුර ලැබේ.වියදම් වැඩිවේ.සහෝදර සහොදරියන් සමග ගැටලු ඇතිවේ.පපුවේ සෙම්ගති ඇතිවිය හැකිය.

සිංහ ලග්නය

රැකියාව සම්බන්දව සුබ තත්වයන් ඇතිවේ.ලැබීම් අතින් යහපත් උවත් අනවශ්‍යලෙස වියදම් යෙදේ.සහෝදර සහෝදරියන් සමග අමනාපකම් ඇතිවේ.අසල්වැසියන්ගේ විරුද්ධවීම සිදුවේ.කෙටි ගමන් බිමන් යෙදේ.නිවාස කටයුතු ඇරබීමට යහපත් කාලයකි.දේපල මිලදීගැනීමට හෝ දේපල සම්බන්ද වෙනත් කටයුතු සදහා යොමුවීමට යහපත් කාලයකි.ප්‍රථමික සහ උසස් අධ්‍යාපන කටයුතු සාර්තකව පවත්වාගෙන යා හැකිය.විවාහය සම්බන්දව දුර්වලතා ඇතිවේ.

කන්‍යා ලග්නය

සහෝදර සහෝදරියන්ගේත් මිතුර මිතුරියන්ගේත් සහයෝගය ඔබගේ වැඩකටයුතු සදහා ලැබෙනු ඇත.සැප පහසුව රහිතව කටයුතු සිදුවේ.වෙනදා පහසුවෙන් සිදුකල කටයුතු සදහා වැඩි කැපවීමක් සහිතව ක්‍රියාත්මකවීමට ඔබට සිදුවනු ඇත.ආර්තික තත්වය සමබරව පවත්වාගෙන යාමට හැකිවේ.ඉගනීම් කටයුතුවල වෙනස්කම් ඇතිවේ.ඒ සදහා අමතර වියදමක් කිරීමටද සිදුවනු ඇත.දරුවන් අසනීපවිය හැකිය.බිරිද සහ ස්වාමියා අතර සමගියට බාදා ඇතිවිය හැකිය.

තුළා ලග්නය

මෙතක් පැවති ආර්ථික දුර්වලතා විසදාගැනීමට අවස්තාව ලැබෙනවා ඇත.රැකියා ඉල්ලුම් කිරීමට යහපත්ය.මිතුරන් ඔබට පිටුපා කටයුතු කරනු ඇත.මානසික දුර්වලතා ඇතිවේ.කතාබහේදී සැලකිලිමත්ව වචන භාවිතා කල යුතුය.නැතිනම් ලැබීමට පැවති ලාබ ප්‍රයෝජන පවා අහිමිවිය හැකිය.ප්‍රේම සබදතා පිලිබදව ගැටලු ඇතිවිය හැකිය.සෙම්කෝපවීම් සහ හිසේ වේදනාවන් ඇතිවේ.

වෘශ්චික ලග්නය

මුදල් ගැටලු ඇතිවේ.මිතුර මිතුරියන් සමග නිවසෙන් පිටව දුරබැහැර ගමන් යාමට අවස්තාව ලැබේ.නොගැලපෙන සබදතා ඇතිවීමට අවස්තාව පවතී.මිතුර මිතුරියන් සහ වෙනත් සබදතා හේතුවෙන් තමාගේ තැම්පත් ධනයට පවා හානි ඇතිවිය හැකිය.මවය අසනීප තත්වයන් ඇතිවිය හැකිය.ඔබගේ පපුව සම්බන්දව දුර්වලතාවයන් ඇතිවේ.ඉගනීම් කටයුතු යහපත්ව පවත්වාගෙන යා හැකිය.නමුත් විටින් විට මානසික පීඩාවන් නිසා ඉගනීම් සම්බන්දවද දුර්වලතාවයන් ඇතිවේ.

ධනු ලග්නය

විවාහදිවියේ ගැටලු තත්වයන් ඇතිකරවයි.දෙදෙනා අතර මත ගැටුම් ඇතිවේ.විවාහ අපේක්ෂිත ඔබගේ බලාපොරොත්තු කඩවීම් වලට ලක්විය හැකිය.මවගෙන් විශේෂ සැලකීම් ලැබෙනු ඇත.රැකියාව පිලිබදව ගැටලු ඇතිවේ.ඔබගේ කටයුතු සදහා වෙනත් අයගේ මැදිහත්වීමක් සිදුවිය හැකිය.යටපත්ව පැවති රෝග තත්වයන් ඇතිවේ.විශේෂයෙන් පපුව ආශ්‍රිත දුර්වලතා වර්ධනයවේ.ඉගනීම් කටයුතු පිලිබදවද බලවත් සුබ තත්වයක් ඇතිනොවේ.

මකර ලග්නය

රැකියා බලාපොරොත්තු කඩවේ.දැනට නිරතවන රැකියාවේ වැඩි වගකීමක් දැරීමට ඔබට සිදුවිය හැකිය.එම වගකීම් අතපසුවීම නිසා උසස් නිලධාරීන්ගේ දෝෂාරෝපන ඇතිවේ.සතුරු කරදර ඇතිවිය හැකිය.ඉගනීම් කටයුතු දුර්වලවේ.වෙනස්වීම් සහිතව කාලයගතවේ.මානසික සමබරතාවයට ගැටලු ඇතිවේ.ආගමික කටයුතු සදහා සම්බන්ද වීමට අවස්තාව ලැබෙනවා ඇත,වන්දනා ගමන්ද යෙදිය හැකිය.

කුම්භ ලග්නය

රැකියා අංශයේ යහපත් තත්වයන් ඇතිකරයි.රැකියාවෙන් ලබන ආදායම පවා ක්‍රමාණුකූලව භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇත.ගෘහ කටයුතු අවුල් වියවුල් සහිතව සිදුවේ.බිරිද හෝ ස්වාමිපුරුෂයා සමග ප්‍රශ්න ඇතිවේ.විවාහදිවියට බාදාකාරී තත්වයන් ඇතිවේ.ප්‍රකෝපකාරී සිදුවීම් සිදුවිය හැකිය.ඉගනීම් සම්බන්දවද සුලු සුලු අවහිරතා ඇතිවූවත් එම අවහිරතාවයන් විසදාගනිමින් එම කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට අවස්තාව ලැබෙනවා ඇත.

මීන ලග්නය

විවාහ ජීවිතයේ සහ ගෘහ කටයුතු වලදී විවිධ ප්‍රශ්න ගැටලු ඇතිවූවත්,එම ගැටලු යහපත් ආකාරයෙන් විසදාගැනීමට හැකියාව ලැබේ.අන් අයගේ උපකාර ලැබේ.විස්වාස වන්ත ප්‍රේම සබදතාවයක් හෝ මිත්‍ර සබදතාවයක් ඇතිවීයට හැකිය.නමුත් අන් අය පිලිබදව විස්වාසයෙන් කටයුතු කිරීම මගින් පාඩු අලාබද සිදුවිය හැකිය.දුර්වලතා මැද උවද රැකියාවත් ආර්තික තත්වයත් යහපත් ආකාරයෙන් පවත්වාගැනීමට හැකිය.ඉගනීම් සම්බන්දව තරමක දුර්වලතා ඇතිවේ.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments