සෙනසුරු මාරුව 2014


2014 : 11 : 02 වන දින පස්වරු 4 : 08 ට සෙනසුරු ග්‍රහයා කුජට අයත් වෘශ්චික රාශිය වෙත පිවිසේ.මෙලෙස වෘශ්චිකයට පැමිණෙන සෙනසුරු ග්‍රහයා වසර 2 යි මාස 2 යි දින 24 ක් වෘශ්චික රාශිය තුල ගමන්කර 2017 : 01 : 27 වන දින ගුරුට අයත් ධනු රාශියට පිවිසෙනු ඇත.

සෙනසුරු ග්‍රහයා මෙලෙස වෘශ්චික රාශියට පැමිනීම  සමගම මීන ලග්නයට යෙදී තිබූ ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය අවසන් වේ.එමෙන්ම කන්‍යා ලග්නයට වසර හතයි මාස හයක් පුරාවට පැවති ලග්න ඒරාශ්ටක අපලයද අවසන් වනු ඇත.

නමුත් මේෂ ලග්න හිමියන්ට ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය ආරම්බ වන අතර ධනු ලග්න හිමියන්ට ඉදිරියට වසර හතයි මාස හයක් පුරාවට පවතින ලග්න ඒරාශ්ටක අපලයද ආරම්බ වනු ඇත.දැනට ලග්න ඒරාශ්ටක අපල ආර්ම්බවී ඇති තුලා ලග්න හිමියාගේ ලග්න ඒරාශ්ටකයේ අවසාන කොටස ආරම්බ වන අතර වෘශ්චික ලග්න හිමියාගේ ලග්න ඒරාශ්ටකයේ මධ්‍යම කොටස ආරම්බවනු ඇත.

2014 : 11 : 02 ඔබට සෙනසුරුගේ ලග්න ඒරාශ්ටකය ආරම්බවිය හැකි ආකාරය.

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබට ලග්න අශ්ටම ඒරාශ්ටක අපල ආරම්බවේ.ඉදිරි කාලය යහපත් තත්වයක් ඇති නොකරයි.විවාහය සම්බන්දව ඇතිවෙමින් පැවති දුර්වලතා අවහිරතා වර්ධනය වනු  ඇත.ගෘහ ජීවිතය සාර්තකව පවත්වාගෙන යාමට අවහිරතා ඇතිවේ.ජීවිතයේ අසුබදායක වෙනසක් ඇතිවනු ඇත.වැටීම් සීරීම් හදිසි අනතුරු පවා ඇතිවේ.දරුවන් රෝගාතුරවනු ඇත.බලවත් මාරක විපත් ඇතිනොකලද සමස්ත ජීවිතයේ කනපිට හැරීමක් ඇතිවේ.උපතේදී සදු ග්‍රහයා ලග්නයේ හෝ අටවැන්නේ තැම්පත්ව සිටියේනම් ඇතිවන අසුබ තත්වය වර්ධනය වනු ඇත.උපතේදී සෙනසුරු ග්‍රහයා බලවත්ව පිහිටා තිබුනේ නම් බලවත් අපල ඇතිනොවේ.නමුත් 2017.01.26 දක්වා කාලය තුල සෙනසුරු මහදසාවක් හෝ අතුරු දසාවක් හෝ සදුගේ මහදසාවක් හෝ රවිගේ රාහුගේ මහදසාවක් ආරම්බවී ගෙවී යන්නේ නම් සෙනසුරු ඒරාශ්ටකයෙන් යෙදෙන අසුබ තත්වයන් වර්ධනය වනු ඇත.වහාම ඔබගේ පවුලේ ජෝතීර්වේදී තුමන් හමුවී අපල තත්වය හදුනාගෙන කටයුතු කිරීම වැදගත්වේ.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයේ ඔබ විවාහය බලාපොරොත්තුවෙන් සිටියේ නම් එයට අවස්තාව උදාවනු ඇත.සෙනසුරු හත්වැන්නේ දික්බලය ලැබීම අනුව විවාහය සදහා අවස්තාව උදා උවත් සෙනසුරු ග්‍රහයාට ඔබගේ උපතේදී හත්වැනි භාවයේ අශ්ටක වර්ග ප්‍රමාණය දුර්වල නම් එම අවස්තාවන් මගහැරී විවාහ බලාපොරොත්තු ප්‍රමාදවීම තවදුරටත් සිදුවනු ඇත.විවාහ ජීවිතයට මෙතෙක් ඇතිනොවූ ආකාරයේ ගැටලු ඇතිවනු ඇත.ස්වාමියා හෝ බිරිද රෝග තත්වයන්ට හසුවනු ඇත.හවුලේ කරන කටයුතු තුලින් අලාබ ඇතිවේ.දේශපාලන ශේත්‍රයේ නියුතු වෘෂභ ලග්න හිමියන්ට මෙතෙක් පැවති ජනප්‍රසාධයට හානි ඇතිවේ.

මිථුන ලග්නය

මිථුන ලග්න දරුවන්ගේ ඉගනීම් කටයුතු සදහා බාධා ඇතිවනු ඇත.නිවසෙන් පිටව කටයුතු කිරීමට සිදුවනු ඇත.සතුරු කරදර ඇතිවේ.නමුත් ඇතිවන බොහොමයක් ගැටලු විසදාගැනීමට හැකිවනු ඇත.බල්ලන් බලලුන් සපාකෑම ඇතිවිය හැකිය.ලේ දුර්වලතා ඇතිවේ.අලසගති ඇතිවේ.කාන්තා පාර්ශවය නිසා ගැටලු ඇතිවේ.ප්‍රේම සබදතා පිලිබදව ගැටලු ඇතිවේ.නව සබදතා ඇතිවිය හැකිය.අමනාපයෙන් සිටි අය නැවත ඔබගේ ඇසුරට යොමුවේ.හදිසි මිල මුදල් ලාබ ලැබෙනවා ඇත.රැකියාවේ වෙනසක් ඇතිවිය හැකිය.සුබ සහ අසුබ මිශ්‍රව ගෙවීයන කාලයාකි.

කටක ලග්නය

කටක ලග්නයේ ඔබට මෙතෙක් ගෘහ ජීවිතය සම්බන්දව පැවති ගැටලුකාරී තත්වයට යම්කිසි සහනයක් ලැබෙනු ඇත.මානසික ව්‍යාකූල බාවය සමනය වනු ඇත.ප්‍රේම සබදතා සම්බන්දව ගැටලු ඇතිවනු ඇත.තාක්ෂණික අංශයේ ඉගනීම් සදහා කාලය යහපත්ය.තමාට වයඩින් වැඩි අයගේ ඇසුර ඇතිවේ.ඔවුන්ගෙන් උපකාරද ලැබෙනවා ඇත.නමුත් වැඩිහිටියන් ඇසුරේදී තම තත්වය ගෞරවය පිලිබදව සැලකිලිමත් වීම වැදගත්ය.කාම රාග සිතුවිලි නිසා තමන්ට ගැටලු ඇතිවිය හැකිය.

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබට දේපල සම්බන්දව ගැටලු ඇතිවිය හැකිය.තම ගෘහ වාසය පිලිබදව ගැටලු ඇතිවේ.වටිනා භාන්ඩ සොරුගැනීමට හෝ විනාසවීමට හේතු ඇතිවේ.මව සමග පවත්වන සබදතාවය දුර්වලවේ.මවටද අපල ඇතිවන කාලයකි.හිතුමතේ ක්‍රියාකිරීම නිසා අලාබ ඇතිවේ.ලැබීම් තරමකට දුර්වලවේ.පපුවේ වේදනාවන් හෝ හෘර්ධයාබාද ඇතිවිය හැකිය.මව් පාර්ෂවයේ නෑ හිතවතුන් සමග පවත්වන සබදතා දුර්වලවේ.ඔවුන් සමග අමනාපකම් ඇතිවිය හැකිය.

කන්‍යා ලග්නය

ඔබගේ ලග්නයෙන් තුන්වැන්නට සෙනසුරුගේ පැමිනීම සිදුවේ.වසර හතයි මාස හයක් පුරාවට පැවති ලග්න ඒරාශ්ටක අපලය අවසන් වනු ඇත.පැහැදිලි වෙනසක් ජීවිතයට ඇතිවනු ඇත.සහෝදර සහෝදරියන් සමග ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකිය.කෙටි ගමන් බිමන් වලදී අනතුරු ඇතිවිය හැකිය.නමුත් බලාපොරොත්තුවෙන් සිටි කටයුතු සාර්තකව ආරම්බකිරීමටත් සාර්තකව අවසන් කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.පවුලේ සාමය සමගිය වර්ධනය වනු ඇත.ධන ලාබ ලැබිය හැකිය.මෙතෙක් ඔබගේ දුර්වලව පැවති ආර්තික වටිනාකම් නැවත යතා තත්වයට පත්කරගැනීමට හැකිවනු ඇත.

තුලා ලග්නය

තුලා ලග්න ඔබගේ ලග්නයෙන් දෙවැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවනු ඇත.ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටස මෙය වේ.ආර්තික දුශ්කරතා ඇතිවේ.පවුලේ කටයුතු පිලිබදව ගැටලු ඇතිවේ.වචන භාවිතයේදී සැලකිලිමත්විය යුතුය.වචන භාවිතයේදී ඇතිවන දුර්වලතා හේතුවෙන් විවිධ ගැටලු ඇතිවිය හැකිය.දත් ආබාද  මුඛ දුර්ගන්ධය, මුහුනේ රෝග තත්වයන් ඇතිවිය හැකිය.මනසට පීඩා ඇතිවන ආකාරයේ ගැටලු ඇතිවේ.

වෘශ්චික ලග්නය

ඔබගේ ලග්නයට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.සෙනසුරු ලග්නගතවීම ලග්න ඒරාශ්ටක අපලයේ බලවත්ම අසුබ ඇතිවන අවස්තාව වනු ඇත.මනසට පීඩා ඇතිවන ආකාරයේ බොහෝ සිදුවීම් සිදුවනු ඇත.දුරදිග නොබලා කටයුතු කිරීම නිසා ලාබ තත්වයන් පවා අලාබයක් බවට පත්වනු ඇත.බුද්ධිය යටපත්වී අනුවනකම් ක්‍රියාත්මක වනු ඇත.හිසේ තුවාල ඇතිවිය හැකිය.රැකියාව සම්බන්දව ගැටලු ඇතිවේ.සෑම කටයුත්තකදීම වේගවත්ව ක්‍රියාත්මකවීමට  යාම නිසා හදිසි අනතුරු ඇතිවිය හැකිය.රියදුරන් විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කල යුතුය.

ධනු ලග්නය

ධනු ලග්න හිමියන්ට වසර හතයි මාස හයක් දක්වා පවතින ලග්න ඒරාශ්ටක අපලය ආරම්බවන්නේ සෙනසුරු ලග්නයෙන් දොලොස්වැන්නට පිවිසීම සිදුවන නිසාවෙනි.සෙනසුරු ග්‍රහයා ලග්නය හරහා ඉදිරි වසර හතයි මාස හයක කාලය තුල ගමන් කරන අතර,ලග්න ඒරාශ්ටකය අවසන් වන්නේ සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියට පිවිසෙන 2022.05.01 වන දිනයෙන්වේ.රැකියාවේ ආයහපත් වෙනසක් ඇතිවේ.ලබන ආදායම ප්‍රයෝජනවත් කටයුත්තකට යෙදවීමට අපහසු වනු ඇත.රැවටිලි වංචා ආදියට හසුවිය හැකිය.නීතිමය ගැටලු ඇතිවිය හැකිය.රෝග තත්වයන් ඇතිවේ.රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමට පවා සිදුවනු ඇත.නොගැලපෙන මිතුර මිතුරියන්ගේ ඇසුරල ලක්විය හැකිය.තම තත්වයට ගෞරවයට හානි ඇතිවිය හැකිය.තම වටිනාභාන්ඩ කැඩීබිදී යාම සිදුවිය හැකිය.

මකර ලග්නය

මකර ලග්න ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.යහපත් වෙනසක් ඇතිවිය හැකිය.ආදායම් මාර්ග යහපත්ව පවත්වාගැනීමටත්,වැඩි ලාබ බලාපොරොත්තුවෙන් නව කටයුතු ආරම්බ කිරීමටත් යහපත් කාලයකි.වැඩිහිටි පාර්ශවයේ උදව් උපකාර ලැබෙනු ඇත.වැඩිහිටි සහෝදර සහොදරියන්ගේද , වැඩිහිටි මිතුර මිතුරියන්ගේ ද උපකාර ලැබෙනු ඇත.ධන ලාබ සහ භූමි ලාබ සදහා යහපත්ය.පැවති ණයතුරුස් වලින් නිදහස් වීමට අවස්තාව ලැබේ.විවාහ බලාපොරොත්තු ඉටුවේ.දේපල සම්බන්දව ගැටලු පැවතියේනම් ඒවා ඉවත්වී යනවා ඇත.යහපත් කාලයකි.

කුම්භ ලග්නය

කුම්භ ලග්නහිමියන්ගේ කර්මස්තානයට සෙනසුරුගේ පැමිනීම සිදුවේ.රැකියාව පිලිබදව ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකිය.නමුත් එම ගැටලු විසදා ගනිමින් කටයුතු කිරීමට අවස්තාව උදාවේ.ආර්තික දුශ්කරතා යම් යම් අවස්තාවලදී ඇතිවිය හැකිය.මවට තරමක අපලකාරී තත්වයක් ඇතිවන අතර පියාටද අපල ඇතිවේ.විවාහ දිවියට අසුබ බලපෑමක් ඇතිවනු ඇත.කාන්තාවන් නිසා ගැටලු ඇතිවේ.වියදම් වැඩිවේ.බුද්ධිමත් බාවය දුර්වලවනු ඇත.

මීන ලග්නය

මෙතෙක් පැවති සෙනසුරුගේ ලග්න අශ්ටක ඒරාශ්ටක අපල අවසන්වනු ඇත.ගෙවීගිය කාලයට වඩා යහපත් කාලයක් උදාවේ.සිතේ සතුට ඇතිවේ.මානසික සමබරතාවය නැවතත් යහපත් වනු ඇත.ආගමික කටයුතු සදහා වැඩි වියදමක් කිරීමට සිදුවනු ඇත.දුර බැහැර ගමන් ,වන්දනා ගමන් යෙදෙනවා ඇත.පියාගේ සෞඛ්‍ය තත්වයට් අයහපත් බලපෑමක් ඇතිවිය හැකිය.ඉගනීම් කටයුතු යහපත්ව පවත්වාගැනීමට හැකිවේ.විවාහ දිවියට එතරම් යහපත් තත්වයක් ඇති නොවනු ඇත.

ග්‍රහ අපලයෙන් මිදීමට හොදම පිලිවෙත.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments