ජම්ම කේන්ද්‍රයක් අතටගත්විට එම කේන්ද්‍රයේ පවතිනා විවිධ ග්‍රහ යෝග තත්වයන් හදුනාගැනීමට හැකිවේ.මෙම ග්‍රහයෝග සුබ සහ අසුබ වශයෙන් කොටස් දෙකකට බදාවෙන්කල හැකිය.කාලසර්ප යෝගය අසුබ ගණයේලා සැලකෙන ග්‍රහයෝගයන් අතරට ගැනේ.රාහුට අංශක 180 ක් දුරින් කේතු ගමන් කරයි. තාරකා විද්‍යාවට රාහු කේතු ගැන සඳහනක් නැතත් ජෝතිෂ විද්‍යාවට රාහු කේතු බලවත් ග්‍රහයින් දෙදෙනකු ලෙස සලකයි. රාහු-කේතු දෙදෙනාට මැදිවී ග්‍රහලොව සිටින රවි, චන්ද්‍ර, කුජ බුධ, ගුරු ශුක්‍ර, ශනි යන ග්‍රහයින් සිටීමෙන් කාලසර්ප යෝගය යෙදේ
මෙම යෝගයේ ඵල දීම, ක්‍රියා කාරිත්වය ඉක්මන් වෙයි. උගත්කමින් හෝ බලවත් කමින් හෝ, ධනයෙන්, සැපසම්පත් ආදියෙන් ඉහළට නැග පසුව වේගයෙන් පහල බැසීම කාලසර්ප යෝගයේ ප්‍රතිඵල වේ. ලක්ෂණය වේ.මෙම යෝගය යෙදී ඇති තැනැත්තෙකු හෝ තැනැත්තියක ළමා වියේදී ලෙඩ රෝගවලට ගොදුරු වේ. ඇතැම්විට සෙසු ග්රහයින්ගේ බලවත්කම් අනුව උසස් අධ්‍යාපනය ලැබ උසස් රැකියාවක හෝ නිරතවීමට පුළුවන. ගේදොර ඉඩකඩම් යාන වාහන හෝ සම්පත් අතින්ද පෝසත් ව සිටියද කාලසර්ප යෝගය ඵලදෙන කාලය ළං වූ විට, එනම් රාහුගේ හෝ කේතුගේ මහදසාව ලන්වූවිට යටකී සියල්ල විනාශ වී යනු ඇත. කේන්ද්‍රයේ රාහු 03 වැන්න 06 වැන්න 10 වැන්න සහ අයස්ථානය වූ 11 වැන්නේ රාහු සිටීමත් කේතු 09 වැන්නේත්, 12 වැන්නේත් සහ 04,05 වැනි තැන් වලත් සිටීමද නරක නැත.නමුත් රාහු කේතු ලග්නයේ සහ හත්වැන්නේ යෙදීම කිසිසේත් යහපත් නැත.විවාහ දිවියට අසුබ බලපෑම් ඇතිකරවනු ඇත.
රාහු හෝ කේතු පිsහිටා ඇති හඳහනක රාහු සමග හෝ කේතු සමග හෝ තවත් ග්රහයෙකු සිටියේ නම් නිවැරැදි අංශක ගණන සොයා බැලීම වටී. එසේ නැතිව කෙළින්ම කාලසර්ප යෝගය යෙදී ඇතැයි නිගමනය කල නොහැක.
කාල සර්ප යෝගය ලග්නය සහ හත්වැන්නේ යෙදෙන්නේ නම් විවාහ දිවියට අසුබ බලපෑම් ඇතිකරවන අතරම එම හේතුව නිසාම ජීවිතයේ සමස්ත ප්රතිපලයටම හානි ඇතිකරනු ඇත.ලග්නයෙන් දෙවැන්නේ කාල සර්ප යෝගය යෙදෙන්නේ නම් තමාගේ ධන ශක්තියට සහ විවාහයෙන් පසු ගෙවන පවුල් ජීවිතයට අසුබබලපෑම් ඇතිකරනු ඇත.ලග්නයෙන් තුන්වැන්නේ සහ නමවැන්නේ රාහුකේතු සිටීම අනුව සහෝදර සහෝදරියන් සමග පවත්නා සබදතාවයටත් මතක ශක්තියට සහ පෙරපිංපලදීමේ හැකියාවටත් අසුබ බලපෑම් ඇතිකරනු ඇත.
කාල සර්ප යෝගය ලග්නයෙන් සිව්වැන්නේ සහ දසවැන්නේ පිහිටීම අනුව මවට සහ පියාට අසුබ තත්වයන් ඇතිකරනු ඇත.එමෙන්ම රැකියාව සම්බන්දව ගැටලු ඇතිවේ.තම දේපල පිලිබදවද ගැටලු ඇතිවේ.පසවැන්න සහ එකොලොස්වැන්න යන ස්තානයන් මුල්වී කාල සර්ප යෝගය යෙදෙන්නේ නම් ඉගනීම සම්බන්දවත්,ප්‍රේම සබදතා සම්බන්දවත් මිතුර මිතුරියන් ඇසුර සම්බන්දවත් ගැටලු ඇතිවන අතර ලැබීම් දුර්වලවේ.කාල සර්ප යෝගය ලග්නයෙන් හයවැන්නේ සහ දොලොස්වැන්නේ යෙදී ඇතිවිට සතුරු කරදරද,නීතිමය ගැටලුද ඇතිවේ.එමෙන්ම ශරීරගත රෝග ඇතිවිය හැකිය.විශේෂයෙන් ස්නායු දුර්වලතා ඇතිවේ.
කාල සර්ප යෝගය පිළිබදව ඔබ මෙතෙක් නොඇසූ ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රීය සවිස්තර විස්තරය ශ්‍රව්‍යය දෘශ්‍යය සටහනක් ලෙස
කාල සර්පයෝගය පිහිටා ඇති කේන්ද්‍ර හිමියන්ට මෙම යෝගයේ බලවත්ම අසුබ තත්වයන් ඇතිකරනුයේ වසර දහ අටක්වන රාහුගේ මහදසාවේදී හෝ වසර හතක්වන කේතුගේ මහදසාව තුලදීය.එමෙන්ම වෙනත් ග්රහයෙකුගේ රාහු කේතු අතුරු දසාවන්ද යහපත් නැත.
මෙම යෝගය නිසා ඇතිවිය හැකි අශුභ ඵල මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට පුළුවන් කමක් නැත. නමුත් මෙම යෝගය යෙදුනු සාමාන්‍ය පුද්ගලයා පවා ක්‍රියාශීලීය, උත්සාහවන්තය, තීක්ෂණඥන ශක්තියකින්ද යුක්තය. අවසානයෙහි ඔහු දුක් ගැහැට හා වේදනාවන් විඳිමින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ වූවද කිසියම් උසස් සමාජ තත්ත්වයක් ඇති කර ගැනීමට සමත් වේ.
මෙම යෝගය සහිතව උපදින දරුවන්ට අනාගතයේදී ඔවුන්ට මුහුණ දීමට සිදුවිය හැකි අසමාන තත්ත්වයන්ට සරිලන ආකාරයේ චිත්ත ධෛර්යක් උපදවා ගැනීමට පොහොසත් වන අධ්‍යාපනයක් ලබාදීමට දෙමවුපියන් ක්‍රියා කළ යුතුය.
ජනක් පී කුමාර - 0702872322
හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්
#THE_Life
#ජීවිතය_YOUTUBE_සඟරාව
#වේඳ_ශ්‍රාස්ත්‍රීය_අසම_සම_දැනුම
#janak_p_kumara
#හඳහන_ලංකා
0 Comments