රවි ග්‍රහයා නීච වන්නේ තුලා රාශියේය.තුලා රාශියේ අංශක දහයේදී (10) රවි ග්‍රහයා අති නීච බව ලබයි.රවි නීච වීමෙන් සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරයි. නීතියට හා සාමයට ප්‍රියතාවය දක්වයි. මිත්‍ර ආශ්‍රය අධික වෙයි. සමාජය සමඟ හිත මිත්‍රකම් ඇති කර ගනී. පාලකයන්ට රවි නීච වීම ශුභදායක නැත. ලෙඩ රෝග වශයෙන් ලේ ගමනේ දෝෂ සේම ඇස්වල ආබාධ ඇති කරයි.
සදු ග්‍රහයා වෘශ්චික රාශිය තුල නීචවේ.වෘශ්චික රාශියේ තුන්වන ( 03 ) අංශකය තුල සදු අතිනීචවේ.මේ නිසා තරමක් හිතුවක්කාරී වේ. රහස් ගුප්ත සිතිවිලින් සිත පුරවා ගනී. සතුරන්ගෙන් පළිගැනීමට සිත් දෙයි. තනියෙන් තම මතයට කටයුතු සිද්ධ කරගනී. ඕනෑම කාර්යයකට ඉදිරි පත්වීමේ දිරියක් තිබේ. යටි බඩේ ආබාධ ඇති කරයි. මුත්‍රා අමාරු ඇතිවේ. මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවේ. විවාහ ජීවිතයද ආරාවුල් මැද ගෙනයයි. ජලයෙන් විපත් කරදර පමුණුවයි. සෙම් රෝග ඇති කරයි.
කුජ ග්‍රහයා නීචවන්නේ කටක රාශිය තුලදීය.කටක රාශියේ විසිඅටවන (28) අංශකය තුල කුජ ග්‍රහයා අතිනීච බල ලබයි.කුජ නීචවීමෙන් ඉක්මන් කෝපය ඇති කරවයි. එහෙත් කඩිසරයි. නිරෝගී අයකු වේ. රෝග වැළඳීම ඉක්මන් නොවේ.පවුල් ජීවිතයේ ගැටලු ඇති කරයි. විවාහය ප්‍රමාදවිය හැකිය. නිවාස පිළිබඳ ප්‍රශ්න ඇති කරයි. හදිසි අනතුරු තුවාල ඇති විය හැකිය. දරුවන් වාසනාවන්ත නොවිය හැකිය. ඇවිදිලි අධිකයි. විවාහ දිවියේ දෙදෙනා අතර පරස්පර විරෝධතා ඇති කරගනී.
බුධ ග්‍රහයා නීච වන්නේ මීන රාශිය තුලදීය.මීන රාශියේ අංශක පහලොවේදී (15) බුධ ග්‍රහයා අතිනීච බලය ලබයි.බුධ ග්‍රහයා නීචවීමෙන් අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල නොලැබේ. ඉගනීමට දක්ෂ නැත. තමා කතා කරන විලාශය අන් අය සිත් නොගනී. අයෙක් කියන කරන දේවල් එලෙසම පිළිගනී. කලබලකාරී අයකු ලෙස කටයුතු නොකරයි. කතා කරන විට වික්කල් වීම හෝ අපැහැදිලිව කතා කිරීම හෝ සිදුවේ. ඇතැම් විට ගොළු වීමද බුධ නීචවීම නිසා සිදුවේ. පාප දෘෂ්ටි හෝ පාප සංයෝග වීම ගොළුවීමට හේතුවකි.
ගුරු ග්‍රහයා නීචබල ලබන්නේ මකර රාශිය තුලදීය.මකර රාශියේ අංශක පහේදී (05) ගුරු ග්‍රහයා අතිනීච බලය ලබයි.ගුරු ග්‍රහයා නීචවීමෙන් ගුණයහපත්කම සත්පුරුෂ ගතිය, අන් අයට නොපෙන්වයි. ආගමික භක්තියද අඩුයි. තම කාර්යය වැඩය ගැනම සිතා කටයුතු කරන අතර ආත්මාර්ථකාමීවේ. ඇති හැකි අයකු වීමට උත්සාහ දරයි. තමාගේ කැපී පෙනෙන දුර්වලකමක් අඩුපාඩුවක් තිබිය හැකිය. විවාහය සිදුවන්නේ දෙමාපිය කැමැත්ත රහිතවයි. ලෞකික සැප සම්පත් කෙරෙහි සිත් දේ. ස්ත්‍රීන් සම්බන්ධ අයථා සම්බන්ධකම් ඇති කරගනී.ස්ත්‍රියකගේ ගුරු මකර රාශිගතව සිටී නම් ඇය ගණිකාවක ලෙස අන් පුරුෂයන්ගේ පහස පතයි.
සිකුරු ග්‍රහයා නීච වන්නේ කන්‍යා රාශිය තුලදීවේ.කන්‍යා රාශියේ විසිහත්වන (27) අංශකයේ සිකුරු ග්‍රහයා අතිනීච බවට පත්වේ.සිකුරු ග්‍රහයා නීචවීමෙන් ලෞකික වශයෙන් ඇතිවන අභ්‍යන්තර හැඟීම් ඒ අනුවම ක්‍රියාවට නැංවිය නොහැක්කේය. එහෙත් ඒවා ඉෂ්ට කර ගැනීමට වෙනත් අනියම් මාර්ග ගනී. කාටවත් නොදැනෙන පරිදි තම යටි අදහස් හොර රහසේ ඉටුකර ගැනීමට මාන බලයි.ආලය ප්‍රේමය පිළිබඳ අදහස් සිත තුළම රඳවා ගන්නා නිසා කාටවත් එළිනොකරයි. පෙම් සබඳතාවලදී කරදර ගැටලුවලට මුහුණ පාන්නට සිදුවේ. ඇතැම්විට විවාහය සිදුවන්නේ අප්‍රකට අයකු සමගය. ආලයට ප්‍රේමයට යම් අයකු පොළඹවා ගත නොහැකි වේ. ඊට බිය ඇතිකර ගනී. ඇතැම්විට විවාහය සිදුවන්නේ වැන්දඹු, දික්කසාද වූ තැනැත්තියක හෝ තැනැත්තකු සමගය. එසේ වූවත් විවාහ දිවිය සතුටින් ගත කිරීම අසීරුය.
සෙනසුර් ග්‍රහයා නීච වන්නේ කුජට අයත් මේෂ රාශිය තුලදීය.මේෂ රාශියේ විසිවන (20)අංශකය තුල සෙනසුරු ග්‍රහයා අතිනීච බවට පත්වේ.සෙනසුරු ග්‍රහයා නීචවීම හේතුවෙන් ලෞකික වශයෙන් දියුණුව අඩුකරයි. වැඩ වවාගනී. බර වැඩවල යෙදේ. අසහනයෙන් ජීවත් වේ. අසනීප වාත අමාරුද ඇතිකරයි. වෙහෙස මහන්සිය නිසා කොහොම හරි කරදර යටපත් කර ගැනීමට සිතයි. උපතේදී සිටම මුල් කාල වකවානුව කරදර අවහිරතා ඇති කරයි. නෑයන් සමගද අරියාදු ඇතිවේ. එහෙත් තරුණවියෙන් පසු දියුණුව සැලසේ.ආගම දහමට ළැදිවේ.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments