මේෂ ලග්නයෙන් උපන් ඔබට බලවත්ම සුබඵල ලබාදෙන ග්‍රහයා වන්නේ ගුරු ග්රහයාවේ.එම ගුරු ග්රහයාම යෝගකාරක ග්‍රහයාද වන්නේය.මෙම ගුරු ග්‍රහයා මේෂ ලග්න කේන්ද්‍රයක ලග්නයෙන් සිව්වැන්නේ කටක රාශියේ පිහිටා ඇත්නම් සියලු සුබතත්වයන් ඇතිකරයි.එමෙන්ම ලග්නයෙන් නමවැන්නේ පිහිටා ඇත්නම්ද යහපත් ප්‍රතිපල ලබාදෙනු ඇත.මේෂ ලග්න කේන්ද්‍රයක ලග්නයෙන් දොලොස්වැන්නද ගුරු ග්‍රහයා බලවත්වන ස්තානයක් නමුත් එය අසුබ ස්තානයක් ලෙසින් සලකන හෙයින් දොලොස්වැන්නේ තැම්පත් ගුරු ග්‍රහයාගෙන් බලවත් සුබ තත්වයක් බලාපොරොත්තුවිය නොහැක.නමුත් ලග්නයෙන් දොලොස්වැන්නේ උවත් සදු ග්‍රහයාගෙන් සුබ ස්තානයක් වී ඇත්නම් සුබතත්වයන් ඇතිකරනු ඇත.ගුරු ග්‍රහයා දොලොස්වැන්නේ තැම්පත්ව සිටියදී සිකුරු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්නේ තැම්පත්ව සිටියේනම් එය මහත් බලවත් තත්වයකි.එවිට ලග්නයට සුබ කර්තරී යෝගය යෙදෙන අතර එම යෝගය වෙනත් ග්‍රහයන් දෙදෙනෙකුගෙන් ඇතිවන සුබකර්තරී යෝගයට වඩා බලවත් කමකින් යුතුය.
මේෂ ලග්න කේන්ද්‍ර හිමියෙකුගේ ලග්නයෙන් තුන්වැන්නේ හයවැන්නේ සහ දසවැන්නේ ගුරු ග්‍රහයා තැම්පත්ව ඇතිනම් යෝගකාරකයා දුර්වලව පිහිටීමක් වනු ඇත.මෙයින් දසවැන්නේ ගුරු ග්‍රහයා නීචවීම සිදුවන නිසා දසවැන්නේ තැම්පත් ගුරු ග්‍රහයාගෙන් සුබඵලයක් බලාපොරොත්තු විය නොහැක.
වෘෂභ ලග්නයෙන් උපන් ඔබට යෝගකාරක ග්‍රහයා වන්නේ සෙනසුරු ග්රහයාවේ.සම්මත පාපී ග්රහයෙකු උවත් සෙනසුරු ග්‍රහයා වෘෂභ ලග්න හිමියාට සුබපල ලබාදෙනු ඇත.වෘෂභ ලග්න කේන්ද්‍රයක ලග්නයෙන් හයවැන්න , නමවැන්න සහ දසවැන්න යන ස්තානයන් වලදී සෙනසුරු ග්‍රහයා බලවත්වේ.හයවැන්න සෙනසුරුට උච්ච රාශිය වූ තුලාව වන නිසා සෙනසුරු ග්‍රහයා හයවැන්නේ තැම්පත්ව ඇත්නම් මහත් බලවත් කමක් ඇතිකරවයි.ලග්නයෙන් හයවැන්න අසුබ ස්තානයක් වශයෙන් හැදින්වූවත් පාපී ග්රහයෙකු වන සෙනසුරු ග්‍රහයා හයවැන්න තුල අසුබ තත්වයන් ඇතිනොකරයි.වෘෂභ ලග්න කේන්ද්‍රයක ලග්නයෙන් තුන්වැන්න , සිව්වැන්න , හත්වැන්න හෝ දොලොස්වැන්නේ පිහිටා ඇත්නම් සෙනසුරු එම ස්තානයන්හි දුවලවේ.ලග්නයෙන් දොලොස්වැන්නේ පිහිටන සෙනසුරු ග්‍රහයා නීචව දුර්වලවීම ඉතා අයහපත්ය.යෝග කාරක සෙනසුරු ග්‍රහයා වෘෂභ ලග්න කේන්ද්‍රයක දුබලව ඇත්නම් එය අයහපත් තත්වයක්වේ.
මිථුන ලග්නයට යෝගකාරක ග්‍රහයා වන්නේ සිකුරු ග්රහයාවේ.සිකුරු ග්‍රහයා ලග්නයෙන් පස්වැන්නේ බලවත්වීම සුබදායක පිහිටීමකි.ලග්නයෙන් දසවැන්නේ උච්ච බලය ලබමින් සිටීමද යහපත් උවත් ස්තාන බලය අනුව සිකුරු දසවැන්නේ එතරම් බලවත් බවක් නොමැතිවීම නිසා සිකුරු දසවැන්නේ සිටිනවාට වඩා ලග්නයෙන් පස්වැන්නේ සිටීම යහපත් පිහිටීමකි.නැතහොත් බුධ සිකුරු යෝගය ලග්නයෙන් සිව්වැන්නේ පිහිටීම ඉතා බලවත් පිහිටීමක්වේ.මෙහි සිකුරු ග්‍රහයා නීච බල ලබා දුර්වල උවත් ලග්නාධිපති බුධ සමග යෝගව සිව්වැන්නේ යෙදීම අනුව නීච බංගවීමක් සිදුවේ.එවිට සිකුරු ග්‍රහයා තවත් බලවත්වේ.ලග්නයෙන් දොලොස්වැන්නද සිකුරු ග්‍රහයා බලවත්වන ස්තානයක් උවත් දොලොස්වැන්න අසුබ ස්තානයක් වන හෙයින් කිසියම් දුර්වලතාවයක් ඇතිකරවයි.සිකුරු දොලොස්වැන්නේ සිටියදී ගුරු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්නේ බලවත්ව සිටියේ නම් එය ඉතා බලවත් පිහිටීමක් වනු ඇත.එවිට ලග්නයට සුබ කර්තරී යෝගය යෙදෙන අතර එය ස්වක්ෂේත්ර බලයෙන් සිටින සිකුරු සහ උච්ච බලයෙන් සිටිනා ගුරු ග්‍රහයාගෙන් ලැබෙන නිසා අමතර සුබ බලයක් මිථුන ලග්න හිමියාට යෙදේ.
කටක ලග්නයෙන් උපන් ඔබට යෝගකාරක ග්‍රහයා වන්නේ කුජ ග්රහයාවේ.කුජ ග්‍රහයා ලග්නයෙන් පස්වැන්නේ හත්වැන්නේ හෝ ලග්නයෙන් දසවැන්නේ පිහිටීම කටක ලග්න හිමියාට යහපත් පිහිටීමක් වනු ඇත.එමෙන්ම කුජ ගුරු යෝගය ලග්නයේ යෙදීමත් බලවත් පිහිටීමක් වනු ඇත.නැතිනම් කුජ ගුරු යෝගය ලග්නයෙන් හත්වැන්නේ යෙදීමත් කටක ලග්න හිමියාට සුබඵල උදාකරනු ඇත.
සිංග ලග්නයෙන් උපන් ඔබගේ යෝගකාරක ග්‍රහයා වන්නේද කුජ ග්රහයාවේ.මෙම කුජ ග්‍රහයා සිංහ ලග්න කේන්ද්‍රයක ලග්නයෙන් සිව්වැන්නේ හයවැන්නේ හෝ ලග්නයෙන් නමවැන්නේ යෙදීම යහපත් පිහිටීම්වේ.ලග්නාධිපති රවි ග්‍රහයා සමග කුජ ග්‍රහයා නමවැන්නේ යෝගව සිටීනම් එය මහත් බලයක් කේන්ද්‍ර හිමියාට ලබාදෙන ග්රහපිහිටීමක්වේ.
කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ යෝගකාරක ග්‍රහයා වන්නේ සිකුරු ග්රහයාවේ.සිකුරු ග්‍රහයා කන්‍යා ලග්න හිමියෙකුගේ කේන්ද්‍රයේ ලග්නයෙන් දෙවැන්නේ හත්වැන්නේ හෝ ලග්නයෙන් නමවැන්නේ යෙදීම යහපත් පිහිටීමක් වනු ඇත.මීට අමතරව බුධ ග්‍රහයා සමග සිකුරු ග්‍රහයා ලග්න රාශියේ යෝගව පිහිටයි නම් එම පිහිටීමද කන්‍යා ලග්න හිමියාට බලවත් සුබඵල ලබාදෙන ග්‍රහ පිහිටීමක්වේ.
තුලා ලග්නයෙන් උපන් ඔබට යෝගකාරක සුබඵල ලබාදෙන ග්‍රහයා වන්නේ සෙනසුරු ග්රහයාවේ.සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් සිව්වැන්නේ හෝ පස්වැන්නේ පිහිටීම තුලා ලග්න හිමියන්ට යහපත් පිහිටීමකි.සෙනසුරු ග්‍රහයා ලග්නගතව පිහිටීමද යහපත් පිහිටීමක් වේ.එහි සෙනසුරු උච්ච බලය ලබයි.සෙනසුරු තනිවම ලග්නයේ පිහිටනවාට වඩා සිකුරු සමග යෝගව ලග්නයේ පිහිටීම බලවත් සුබඵල ලබාදේ.
වෘශ්චික ලග්න හිමියාට සුබඵල ලබාදෙන යෝගකාරක ග්‍රහයා වන්නේ සදු ග්රහයාවේ.ගුරු ග්‍රහයාටද අර්ධ යෝගකාරක බලයක් හිමිව පැවතියත් සදු ග්‍රහයා තරම් සුබඵල ලබානොදේ.වෘශ්චික ලග්න කේන්ද්‍රයක සදු ග්‍රහයා කුජ සමග යෝගව ලග්නයේ යෙදීම යහපත් පිහිටීමකි.නමුත් එය චන්ද්‍ර මංගල යෝගය වන නිසා සමහරුන් විසින් මෙම පිහිටීම යහපත් නැතැයි පවසන අවස්තාවන්ද පවතී.සදු ග්‍රහයා ලග්නයෙන් හත්වැන්නේ හෝ ලග්නයෙන් නමවැන්නේ පිහිටීමත් වෘශ්චික ලග්න හිමියාට සුබඵල ලබාදෙන පිහිටීමක් වේ.
ධනු ලග්න හිමියාට යෝගකාරක ග්‍රහයා වන්නේ රවි ග්රහයාවේ.කුජ ග්‍රහයාටද අර්ධ යෝගකාරක හිමිකමක් පවති.රවි ග්‍රහයා ලග්නයෙන් පස්වැන්නේ පිහිටීම හෝ ලග්නයෙන් නමවැන්නේ පිහිටීම ධනු ලග්න හිමියාට සුබඵල ලබාදෙන පිහිටීම් වන්නේය.කුජ රවි යෝගය නමවැන්නේ යෙදීමත් රවි ගුරු යෝගය ලග්නයෙන් පස්වැන්නේ යෙදීමත් යහපත් ග්රහපිහිටීම් වන්නේය.
මකර ලග්නහිමියාට සියලු සුබඵල ලබාදෙන යෝගකාරක ග්‍රහයා වන්නේ සිකුරු ග්රහයාවේ.සිකුරු ග්‍රහයා මකර ලග්න කේන්ද්‍රයක ලග්නයෙන් තුන්වැන්නේ පස්වැන්නේ හෝ දසවැන්නේ පිහිටා ඇත්නම් යහපත්ය.සිකුරු බුධ යෝගය ලග්නයෙන් නමවැන්නේ පිහිටා ඇත්නම් එයද යහපත් පිහිටීමක් වන්නේය.මකර ලග්න හිමියාට ශණි සිකුරු යෝගය ලග්නයෙන් දසවැන්නේ පිහිටා ඇත්නම් එම පිහිටීමද යහපත් ග්‍රහ පිහිටීමක් වන්නේය.
කුම්භ ලග්න හිමියාට යෝගකාරක ග්‍රහයා වන්නේද සිකුරු ග්රහයාමවේ.සිකුරු ග්‍රහයා කුම්භ ලග්න කේන්ද්‍රයක ලග්නයෙන් නමවැන්නේ පිහිටා ඇත්නම් බලවත් පිහිටීමක් වන්නේය.සිකුරු ග්‍රහයා ලග්නයෙන් සිව්වැන්නේ , නමවැන්නේ හෝ ලග්නයෙන් දෙවැන්නේ පිහිටා ඇත්නම් එම ග්‍රහ පිහිටීමද කුම්භ ලග්න හිමියාට සුබඵල ලබාදෙනු ඇත.
මීන ලග්න හිමියාට සුබඵල ලබාදෙන යෝගකාරක ග්‍රහයා වන්නේ කුජ ග්රහයාවේ.කුජ ග්‍රහයා මීන ලග්න කේන්ද්‍රයක ලග්නයෙන් දෙවැන්නේ හෝ නමවැන්නේ පිහිටා ඇත්නම් එය යහපත් පිහිටීමක් වන්නේය.කුජ ග්‍රහයා සමග යෝගව ගුරු ග්‍රහයා ලග්නයෙන් පස්වැන්නේ පිහිටීමද මීන ලග්න හිමියාට විශේෂ සුබඵල ලබාදෙන ග්‍රහ පිහිටීමක්වේ.
යම්කිසි කේන්ද්‍රයක යෝගකාරක ග්‍රහයා බලවත්ව පිහිටා ඇත්නම් එම පිහිටීම බලවත් ග්රහයෙදුමක්වේ.බලවත් වූ යෝගකාරක ග්‍රහයාගේ මහදසා අතුරු දසා විශේෂ සුබඵල ලබාදෙන කාය වකවානු වේ.මේ පිලිබදව ඉදිරි ලිපියක් මගින් පැහැදිලි කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වෙමි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments