2014 ජුලි 13 වන දින සිදුවන රාහු කේතු ග්‍රහ මාරුව රටට ඔබට බලපාන ආකාරය



නවග්‍රහයන් අතරින් චායා ග්‍රහයන් ලෙස සැලකෙන රාහු සහ කේතු යන ග්‍රහයන් දෙදෙනා 2014 ජුලි 13 වන දින පිළිවෙලින් කන්‍යා රාශියට සහ මීන රාශියට පැමිණේ.මෙසේ පැමිණෙන රාහු සහ කේතු ග්‍රහයන් දෙදෙනා 2016 ජනවාරි 20 වන දිනය දක්වා එම රාශි තුළ ගමන් කරනවා ඇත.ගෙවීගිය 1995 දෙසැම්බර් 05 වන දින සිට 1997 ජුනි 25 වනදා දක්වා රාහු සහ කේතු ග්‍රහයන් කන්‍යා සහ මීන රාශියේ ගමන්කරතිබේ.ඉන් පසුව මෙලෙස කන්‍යා රාශිගතවන රාහු සහ කේතු රටට සහ ඔබට ඇතිකරවන බලපෑම පිළිබදව මෙතැන් සිට විමසා බලමු.
කුම්භ ලග්නය වූ ලංකා කේන්ද්‍රයේ අටවැන්නට රාහු පැමිණේ.කේතු දෙවැන්නට පැමිණේ.මෙම තත්වය කිසිසේත් යහපත් යැයි කිව නොහැක.කේන්ද්‍රයක අටවැන්න අසුබ ස්තානයක් ලෙසින් හැදින්වේ.එය මාරකස්තානයකි.එම ස්තානයට රාහු වැනි පාපී ග්‍රහයෙකු බලවත්ව පැමිණීම අයහපත වර්ධනය කරවයි.ජනතාව අතර විවිධ දුර්මත පැතිරයනු ඇත.ජනතාවගේ මානසික සමබරතාවය බිදදැමීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධාන ආයතන සහ පුද්ගලයන් විසින් මෙම කටයුතු සිදුවනු ඇත.කම්කරු වැඩවර්ජන ඇතිවෙනු ඇත.නමුත් එයින් කම්කරුවාට යහපතක් නොවේ.බොහෝ සිදුවීම් වෙනත් පාර්ශවයක පෙලබවීම් මත ඇතිවනු ඇත.එමෙන්ම මිනීමැරුම් ළමා අපචාර සහ හදිසි අනතුරු වල වර්ධනයක් ඇතිවේ.නීතිය ක්‍රියාත්මකවීමෙදී යම් යම් ප්‍රමාදයන් ඇතිවේ.පාලක ප්‍රජාවට මේ කටයුතු සම්බන්ධව වැඩි අවධානයක් මෙන්ම අමතර කැපවීමක් ද සිදුකිරීමට සිදුවේ.විදේශයන්ගෙන් ඇතිවන අයහපත් බලපෑම් වර්ධනය වන අතරම එම ගැටලු හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීමට මින් පෙර ඉදිරිපත් නොවූ රාජ්‍යන් ඉදිරිපත් වනු ඇත.නියගයන් මෙන්ම ජලගැලීම් ගිනිගැනීම් පවා ඇතිවේ.එයින් ගොවියාට පාඩු විදීමට සිදුවේ.හදුනා නොගත් රෝග වසන්ගත ජනතාව අතරත් වගා භූමි තුලත් පැතිර යනු ඇත.

ලග්න දොළසින් උපන් ඔබට රාහු කේතු මාරුව සමග ඇතිවන බලපෑම කෙසේ දැයි විමසා බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ හයවැන්නට රාහුත් දොලොස්වැන්නට කේතු ග්‍රහයාත් පැමිණේ.2014 වසරේ අග කොටස දක්වා විවාහ දිවිය සම්බන්දව පැවති අසහනකාරී තත්වයන් අවම උවත් මෙම වසර අගදී තත්වය නැවතත් අයහපත් විය හැකිය.සතුරු කරදර ඇතිවිය හැකිය.මේෂ ලග්නයේ ඔබට 2014.11.02 ලග්න අෂ්ටම ඒරාශ්ටක අපලද ආරම්බ වීම සමග ඔබගේ ජීවිතයේ බොහොමයක් කරුණු සම්බන්දව බාදා කරදර ඇතිවේ.විශේෂයෙන් විවාහකස්තානය වන හත්වැන්න පීඩාවට පත්වීම නිසා විවාහ දිවි ගතකරන ඔබට අයහපත් තත්වයන් වර්ධනය වනු ඇත.එමෙන්ම ජනතාව අතර පවතින ගෞරව සැලකිලි පිලිගැනීම් අයහපත් අතට යොමු විය හැකිය.හදිසි අනතුරු ඇතිවිය හැකිය.ස්නායු දුර්වලතා ඇතිවේ.ගෘහ ජීවිතය සම්බන්දව තරමක යහපත් බවක් පෙන්වුවත් නොසිතන ආකාරයේ ගැටලු වරින් වර ඇතිවේ.රැකියාව සම්බන්දව ගැටලු ඇතිවේ.රැකියාව සම්බන්දව ස්තාන මාරු ඇතිවේ.සොර සතුරු කරදර ඇති උවත් එවැනි අවස්තාවන් වලදී ඔබට බලවත් පීඩාවක් ඇතිවීමට තිබෙන අවස්තාව අඩුය.රැකියාව සම්බන්දව ස්තාන මාරු ඇතිවේ.සොර සතුරු කරදර ඇති උවත් එවැනි අවස්තාවන් වලදී ඔබට බලවත් පීඩාවක් ඇතිවීමට තිබෙන අවස්තාව අඩුය.කෙසේ උවත් මේෂ ලග්නයේ ඔබට ඉදිරි තත්වය එතරම් යහපත් නොවනු ඇත.

වෘෂභ ලග්නය

නව ඉගනීම් සදහා යොමුවීමට අවස්තා ඇතිවේ.ගුප්ත අදහස් ඇතිවේ.එම කටයුතු සදහා යොමුවීමට අවස්තා යෙදේ.විදෙස්ගත වීම් සදහා සූදානම් වන ඔබට යහපත්.තම තත්වයට නොගැලපෙන ආකාරයේ මිත්‍ර සම්බන්දතා ඇතිවිය හැකිය.කාම ආශාවන් වර්දනය වන අතර ඒ හේතුවෙන් අයහපත් අය සමග සම්බන්දයන් ඇතිවිය හැකිය.පවතින ප්‍රේම සම්බන්දතාවයන් වෙනස් වී වෙනත් සම්බන්දතාවයන් ඇතිවිය හැකිය.දරුවන් සම්බන්දව ගැටලු ඇතිවිය හැකිය.නමුත් දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සම්බන්දව යහපත් තත්වයක් ඇතිකරවයි.විවාහ අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් බවක් ඇති නොවේ.සහෝදර සහෝදරියන් සමග සම්බන්දතාවයන් වර්ධනය වේ.රැකියාව සම්බන්දව උවද එතරන් යහපත් බවක් නොපෙන්වයි.දේපල සම්බන්දව සහ ආදායම් සම්බන්දව වැඩි වෙනසක් ඇති නොවනු ඇත.

මිථුන ලග්නය

මිථුන ලග්නයේ ඔබගේ හතරවැන්නට සහ දසවැන්නට රාහු සහ කේතු ග්‍රහයන් පැමිනේ.ඔබගේ පදිංචි ස්තානයේ වෙනසක් ඇතිවිය හැකිය.නැතිනම් දුර බැහැර ගමනක් සදහා හේතු ඇතිවනු ඇත.විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටින මිථුන ලග්නයේ ඔබට එම බලාපොරොත්තු ඉටුවන කාලයක් උදාවේ.ඉගනීම් වල නිරත අයට පැවති බාදාවන් සුලු වශයෙන් ඉවත්වී යයි.නමුත් මෙම වසර අවසාන වන විට නැවතත් ඉගනීමේ බාදාවන් ඇතිවිය හැකිය.දේපල සම්බන්දව නීතිමය ගැටලු ඇතිවිය හැකිය.එමෙන්ම තම දේපල සදහා සොර සතුරු බිය ඇතිවිය හැකිය.ආරථික අංශයේ යහපත් වෙනසක් ඇතිවිය හැකිය.රැකියා බලාපොරොත්තුවෙන් පසුවන මිථුන ලග්න හිමියන්ට ඒ සදහා ලබන වසරේ මැද භාගය වන තෙක් යහපත් ප්‍රතිපල ඇතිකරනු ඇත.ගෘහ ජීවිතයේ තරමක මානසික පීඩාවක් ඇතිවිය හැකිය.විවාහ දිවියේ පැවති බාදාවන් ඉවත්වීයන අතරම මංගල යෝජනාවන් සම්බන්දව සතුට ඇතිකරවන ආරංචි ලැබෙන කාලයක් වේ.මවට තරමක අයහපත් තත්වයක් පෙන්නුම් කරයි.ඔබට පපුව ආශ්‍රීත රෝග පීඩාවන් ඇතිවිය හැකිය.

කටක ලග්නය

කටක ලග්නයේ ඔබගේ තුන්වැන්නේ සහ නවවැන්නේ පිළිවෙලින් රාහු කේතු ගමන් කරයි.යහපත් කාලයකි.නව වැඩ කටයුතු ආරම්බයටත් අතහැර දමා තිබූ කටයුතු නැවත ආරම්බ කිරීමටත් සුදුසු කාලයකි.නව මිතුරු සමාගම් ඇතිවේ.උසස් අයගේ උපකාර ලබා තම කටයුතු සාර්තක කර ගැනීමට අවස්තාව උදාවේ.පූජ්‍ය පක්ෂයේ උපකාර අනුශාසනා ලැබෙන කාලයකි.තම උත්සහයෙන් කරන වැඩ කටයුතු සාරතක කරගැනීමට අවස්තාව උදාවේ.ප්‍රසිද්ධිය ගෞරවය ලැබෙන කාලයකි.නමුත් ගෘහ ජීවිතයේ තරමක ගැටලුකාරී තත්වයක් ඇතිවේ.සහෝදර සහෝදරියන්ගේ විරුද්දතාවයන්ට ලක්විය හැකිය.නැතිනම් අමනාප කම් ඇතිවේ.අසල්වැසියන්ද විරුද්ද වේ.තම තත්වයට බාදා කරවන ආකාරගේ අපහසුතාවයකට ලක්විය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය.දුර බැහැර ගමනක් යෙදෙන අතරම පිට පලාත්වල පදිංචියකට යොමුවීමට සිත් ඇතිවේ.වන්දනාගමන් ඇතිවේ.ආගමික කටයුතු සදහා සිත් පහල වේ.තම ධනය දේපල වර්ධනය කරගැනීමට සුදුසු කාලයකි.ඉගන ගන්නා දරුවන්ගේ මතක ශක්තියට බාදාවන් ඇතිකරවයි.විදෙස් ගමන් සදහා අවස්තාව උදාවිය හැකිය.

සිංහ ලග්නය

සිංහ ලග්නයේ ඔබගේ දෙවැන්නේ සහ අටවැන්නේ පිළිවෙලින් රාහු කේතු ගමනේ යෙදේ.මෙය අයහපත් තත්වයක් ඇති කරවයි.විශේෂයෙන් ධනය පිලිබදව අවහිරතාවයන් ඇතිවේ.තම ආදායම් තත්වය දුර්වල වේ.නිකරුනේ වියදම් ඇතිවන කාලයකි.ලැබීමට තිබෙන මුදල් පවා අහේතුකව ප්‍රමාදවේ.නැතිනම් නොලැබී යනු ඇත.තමා සමග පවතින මිත්‍ර සම්බන්දතා කැඩී බිදී යා හැකිය.නමුත් නව මිතුර මිතුරියන් ඇති උවත් ඒවා පවත්වා ගැනීම දුෂ්කර වේ.තම ධනයට සොර සතුරු කරදර පවා ඇතිවේ.පවුලේ අයෙකු සමග පවත්නා සම්බන්දතාවයන් බිද වැටීමට කරුනු ඇතිවිය හැකිය.විවාහ දිවි ගතකරන ඔබටද අයහපත් තත්වයන් ඇතිකරවයි.සහකරු හෝ සහකාරිය අසනීපව රෝහලගත වීමක් පවා ඇතිවිය හැකිය.දරුඵල බලාපොරොත්තුවෙන් සිටින අයට ගබ්සාවක් සිදුවීමට පුලුවන.තම වචන භාවිතයේ දුර්වලතා නිසා බොහෝ පාඩු ඇතිවේ.දුරදිග බලා බොහෝ විට වැඩ කටයුතු සිදු නොවෙන කාලයකි.ගමන් බිමන් කිහිපයක් යෙදෙනවා ඇත.ඉන් වෙහෙස මහන්සිය සහ අලාබය පමනක් ඇතිවේ.ස්ත්‍රි සංගම් ඇතිවිය හැකිය.නමුත් කාලයක් පවත්වාගෙන යාම අපහසුවේ.පහත් අයගේ ඇසුර ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතු කාලයකි.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයේ ඔබගේ ලග්නයේම රාහු ග්‍රහයාත් හත්වැන්නේ කේතු ග්‍රහයාත් ගමන් කරනවා ඇත.මේ ආරම්බ වන්නේ ජීවිතේ අමුතුම කාල වකවානුවක් විය හැකිය.නමුත් 2014 වසරේ අග භාගය දක්වා යහපත් තත්වයන් ඇතිනොවේ.හදිසි අනතුරු ඇතිවිය හැකිය.ධන හානි මෙන්ම තම තත්වයට ගෞරවයට හානි ඇතිකරවන කටයුතු ඇතිවේ.පහත් අය සමග ඇසුර ඇතිවේ.නිවසේ රැදී සිටීමට තිබෙන අවස්තා අඩුය.නිතර ගමන් බිමන් ඇතිවන අතරම ඉන් තමාට පාඩු සිදුවිය හැකිය.2015 වසරේ මුල් කාලයේ සිට ඉහත තත්වයන් වෙනස් වේ.තමාට ඇතිවී තිබෙන පාඩු අලාබයන්ගෙන් මිදීමට මාර්ගයක් පෑදෙනු ඇත.අතහැර දමා තිබූ වැඩ කටයුතු නැවත ආරම්බ කිරීමටත් සිතනවාට වඩා ලාබයක් එම කටයුතු තුළින් ලැබීමටත් අවස්තාව උදාවේ.නොහිතන ආකාරගේ වෙනසක් යහපත් ආකාරයෙන් සිදුවිය හැකිය.නමුත් එම වෙනස යහපත තුලින්ම අයහපත දක්වාම ගමන් කල හැකිය.බුද්ධිමත්ව කටයුතු කලහොත් ස්තිරව පවත්වාගෙන යා හැකි යහපතක් ජීවිතයට එක්කර ගැනීමට හැකිවනු ඇත.ඉගන ගන්නා දරුවන්ගේ සිත වෙනත් අංශයන් වෙත යොමු විය හැකිය.විවාහ දිවි ගතකරන අයට බාදා කරදර ලෙඩදුක් ආදියට මුහුණ දීමට සිදුවේ.නීතිමය හැටලු ඇතිවිය හැකිය.හොදින් හෝ නරකින් තමන්ගේ තත්වය ඉහලයන ප්‍රසිද්ධිය ඇතිවන කාලයකි.බුද්ධිමත්ව සිතා කටයුතු කලහොත් ජීවිතයට සුබ ආරම්බයක් ඇතිකර ගත හැකි කාලයක් වේ.

තුළා ලග්නය

තුළා ලග්නයේ ඔබගේ දොලොස්වැන්නේ සහ හවැන්නේ පිළිවෙලින් රාහු සහ කේතු ගමන් කරයි.ඔබ මේ මොහොතේ ලග්න ඒරාශ්ටක අපලය අවස්තාවක් ගෙවමින් සිටී.රාහු සහ කේතුගේ ග්‍රහ ගමනද එම අපල තත්වය තව දුරටත් වර්ධනය කරවයි.2014.11.02 සෙනසුරු ලග්නයෙන් දෙවැන්නේ ගමන් කිරීම ආරම්බ කරයි.එය ලග්න ඒරාශ්ටක අපලයේ අවසාන කොටසයි.ඒ අවස්තාවේ රාහු දොලොස්වැන්නේ ගමන් කරයි.එවිට තුළා ලග්නයේ ඔබට අසුබ නම් යෝග තත්වය උදාවේ.මෙම තත්වය ඉතාමත් අයහපත් තත්වයකි.පවතින අපලයෙන් බලවත් පීඩාවන්ට ඔබට මුහුණ දීමට සිදුවනවා ඇත.ධන හානි ඇතිවේ.තම සුරැකි ධනය දිනෙන් දින අඩුවෙනවා ඇත.ලැබීම් අංශය දුර්වල වන අතරම වියදම් අංශය වැඩිවේ.නිකරුනේ මුදල් වියදම් වේ.ලෙඩ දුක,හදිසි අනතුරු ඇතිවේ.මාර්ග අනතුරු වලින් ප්‍රවේසම් විය යුතු කාලයකි.රෝහල් ගතවීමකට ඉඩප්‍රස්තා පවතී.නීතිමය ගැටලු ඇතිවිය හැකි කාලයකි.දේපල සම්බන්ද ආරවුල් ඇතිවේ.බලවත් සතුරන් ඇතිවේ.ඔවුන්ගෙන් පීඩාවට පත්වීමට සිදුවේ.නිතර ගමන් බිමන් ඇතිවන අතරම එහිදී අනතුරක් ඇතිවීමට තිබෙන අවස්තා වැඩිය.විවාහය සම්බන්දව ගැටලු ඇතිවන අතරම අනියම් සම්බන්ධතාවයන් ඇතිවීමෙන් ඔබට බොහෝ පාඩු අලාබ ඇතිවිය හැකිය.විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබගේ එම කටයුතු තව දුරටත් ප්‍රමාදවනු ඇත.ඉගන ගන්නා දරුවන් මුරණ්ඩු ස්භාවයක් පෙන්වයි.ජීවිතයේ බොහොමයක් අංශයන් පීඩාවට ලක්විය හැකි බැවින් ඉතා ප්‍රවේසමෙන් තුලා ලග්නයේ ඔබ කටයුතු කල යුතුය.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයේ ඔබගේ එකොලොස්වැන්නේ සහ පස්වැන්නේ රාහු කේතු ගමන් කරයි.මේ මොහොතේ ඔබට ලග්න ඒරාශ්ටකයේ මුල් කොටස පවතින අතර 2014.11.02 සෙනසුරු ලග්නගතවේ.රාහු කේතු ගමන යහපත් උවත් ඒරාශ්ටක පවතින හෙයින් එම සුබ තත්වයන් දුර්වල විය හැකිය.තමගේ තත්වයේ සුබදායක වෙනසක් ඇතිවේ.නව මිතුර මිතුරියන් ඇසුරට ලැබේ.ඔවුන්ගෙන් උපකාර ලැබේ.විවාහ අපේක්ෂාවෙන් පසුවන ඔබට එම කටයුතු යහපත් අතට යොමුකර ගැනීමට අවස්තා යෙදේ.ස්ත්‍රී ඇසුර මෙන්ම කම් සැප ලාබ ලැබෙන කාලයකි.ජීවිතයේ උසස් තත්වයක් උදාකරගැනීමට අවස්තාව සැලසේ.විදෙස් ගමන් ඇතිවේ.ඉගනීමට යහපත්ය.මතකය වර්ධනය වේ.දරුඵල බලාපොරොත්තුවෙන් සිටි අයට ඒ සම්බන්දව සිතට සහනයක් ලැබීමට කරුණු ඇතිවේ.නමුත් විවාහදිවි ගත කරන අයට තරමක අසහනකාරී බවක් ඇති කරවයි.දේපල වර්ධනය කර ගැනීමට අවස්තා යෙදෙන අතරම ඒ සදහා සුදුසු කාලයයි.නොසිතන ආකාරයේ හදිසි ධන ලාබයන් ඇතිවේ.තම තත්වය ගෞරවය වර්ධනය වන කාලයකි.නිතර විනෝදගමන් ඇතිවේ.ලැබීම් අතින් යහපත් උවත් වියදම් අධිකව සිදුවන කාලයකි.සෙනසුරුගෙන් යෙදෙන ලග්න ඒරාශ්ටක අපල නිසා මෙම ප්‍රතිපලයන් දුර්වල විය හැකි නිසා එම අපලයන් අවම කර ගැනීමට පිළිවෙත් සිදුකරන්න.

ධනු ලග්නය

ධනු ලග්නයේ ඔබගේ දසවැන්නේ සහ සිව්වැන්නේ පිළිවෙලින් රාහු සහ කේතු ගමනේ යෙදේ.රැකියාව සම්බන්දව වෙනස්කම් ඇතිකරවයි.ගෙදර දොර තත්වය වෙනස්වේ.වියදම් වැඩි කාලයකි.පියා සමග ආරවුල් ඇති විය හැකිය.පියාට අපල සහිත කාලයකි.තම තත්වය හානි වන ආකාරයේ අය සමග ඇසුර ඇතිවේ.විවාහ දිවියේ විවිද ගැටලු ඇතිවිය හැකි කාලයකි.අඩ දඹර ඇතිවේ.ඉගන ගන්නා දරුවන්ගේ හැකියාවන් තරමක් දුරට බිදවැටේ.අයහපත් සිරිත් විරිත් වලට යොමුවිය හැකි කාලයකි.කේලම් ඕපාදූප නිසා තම තත්වය ගෞරවයට හානි විය හැකි අතරම එම නිසා සිත් තැවුල් ඇතිවේ.ගොවිකම් කටයුතු කරන අයට යහපත්ය.ඔවුන්ගේ ආදායම් තත්වය වර්ධනය කරගත හැකි කාලයකි.තමාගේ ශරීරගේ නොසිතන ස්තානයන්ගේ රෝග තත්වයන් ඇති විය හැකිය.උසස් අයගෙන් බාදා හිරිහැර ඇතිවන අතරම තමා යටතේ වැඩ කරන අයගේ විරුද්ධතාවයන්ට මුහුණ දීමට සුදුසු කාලයකි.දේශපාලනික අංශයට සම්බන්ද අයට යහපත්ය.2014.11.02 ලග්න ඒරාශ්ටක අපල ආරම්බවන නිසා සදහන් කල අසුබ වර්ධනය විය හැකි අතරම සුබ තත්වයන් දුර්වල විය හැකිය.

මකර ලග්නය

මකර ලග්නයේ ඔබගේ නවවැන්නේ සහ තුන්වැන්නේ පිළිවලින් රාහු සහ කේතු ගමනේ යෙදෙනවා ඇත.ආදායම් තත්වයේ වෙනසක් ඇතිකරවන කාලයකි.තම වැඩි හිටියන්ට අයහපත් තත්වයන් ඇතිවේ.තම නෑ හිතවතෙකුට මාරක තත්වයන් පවා ඇතිවිය හැකිය.තමන් කරන කටයුතු තුල වෙනස්කම් ඇතිවේ.නිශ්ඵල වැඩ සදහා වැඩි කාලයක් යෙදවීමට සිදුවේ.ආගම දහම සම්බන්දව පැවති බැදීම පැහැදීම වෙනස්වේ.දුක් කණගාටු වරින් වර අසන්නට දකින්නට ලැබේ.නිවසෙන් පිටව යාමක් සිදුවිය හැකිය.නැතිනම් උපන් භූමියෙන් පිටව වාසය කරන්නට සිදුවේ.වියදම් අධිකව සිදුවේ.විවාහයේ සමබර තත්වය පවත්වාගෙන යාමට තරමක කැපවීමක් සිදුකල යුතුය.උසස් අධ්‍යාපනගේ නිරත අයට ඒ සම්බන්දව ගැටලු ඇතිවිය හැකිය.වෙදෙස් ගමන් සදහා යහපත් තත්වයන් ඇතිකරවයි.වැඩිමහල් දරුවන් සම්බන්ද ගැටලු ඇතිවිය හැකි කාලයකි.කම්කරු වෘර්තිකයන්ට යහපත් කාලයකි.මහන්සියේ තරමට ප්‍රතිපල ලැබෙනවා ඇත.සතුරන් ඇතිවිය හැකිය.නීතිමය ගැටලු දේපල සම්බන්ද ගැටලු ඇතිවන කාලයකි.තමාට හෘර්ධයාබාදයක් ඇතිවිය හැකිය.හදිසි අනතුරු මෙන්ම සැත්කම් ආදියටද මුහුණ දීමට සිදුවේ.තම තත්වය ගෞරවයට හානි ඇතිවිය හැකිය.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයේ ඔබට රාහු අටවැන්නේ සහ කේතු දෙවැන්නේ ගමන් කරයි.ඔබට මෙම තත්වය යහපත ඇති නොකරයි.ඔබගේ කටයුතු අහයපත් අතට යොමුවිය හැකිය.ලැබීම් අවම වේ.වියදම් වැඩිවේ.ගමන් අධික වේ.නිතිමය ගැටලු ඇතිවීමට අවස්තා පවතී.සොරසතුරන්ගෙන් පව පීඩා ඇතිවිය හැකිය . රැවටීම් වංචාවන්ට හසුවිය හැකිය.රංඩු සරුවල් ආරවුල් ඇතිවේ.විවාහ දිවියේ ගැටලු ඇතිවේ.එක් ගැටලුවක් අවසන් වන විට තව ගැටලුවක් ආරම්බවේ.ශරීර සනීපය අඩුවේ.වෙහෙසවීම් වැඩිවේ.පවතින බලාපොරොත්තු ඉටුකරගැනීමට බොහෝ වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සිදුවනු ඇත.පහත් අයගේ ඇසුර ඇතිවිය හැකිය.අයහපත් ක්‍රියාවන්ට යොමුවීමට සිදුවෙනු ඇත.කාම ආශාවන් වර්ධනය වන කාලයකි.රැකියාවේ ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකිය.ගෘහ ජීවිතයේ පැවති සැනසිලි දායකබව ටිකින් ටික අඩුවීයයි.ඉගනගන්නා දරුවන්ට යහපත් නැත.කෝප ගති නිතර ඇතිවන කාලයකි.තමාගේ වචන අනෙක් අය පිලිගන්නා ප්‍රමාණය අඩුවේ.කුම්භ ලග්නයේ ඔබට සූදු රේස් ආදියෙන් මුදලක් ලැබිය හැකිය.කෙසේ වෙතත් ජීවිතයේ තරමක් පසුබෑමක් සිදුවන බව කිවහැක.

මීන ලග්නය

මීන ලග්නයේ ඔබගේ හත්වැන්නේ රහුත් ලග්නගේ කේතු ග්‍රහයාත් ගමන් කරනු ඇත.යහපත් කාලයක් නොවේ.අලාබහානි ඇතිවේ.තරමක අලස බවක් ශරීරයේ ඇතිකරයි.චර්ම රෝග මෙන්ම ලිංගාශ්‍රිත රෝගීතත්ව දුර්වලතා ඇතිකරවයි.ඇසුරු කරන්නන් අතරින්ම සතුරන් මතුවිය හැකි අතරම ඔවුන්ගෙන් ඔබට පීඩා කරදර ඇතිවේ.රැකියාවේ දුර්වලතා ඇතිවේ.එය බොහෝ විට රැකියාවට එක දිගට යාමට නොහැකිවීම නිසා විය හැකිය.රැකීයාව අහිමි වීමට පවා හේතු ඇතිවිය හැකි කාලයකි.විවාහය සම්බන්දව පැවති දුර්වලතාවයන් වර්දනය වේ.දෙදෙනා අතර මත ගැටුම් ආරවුල් මෙන්ම එක් අයෙකුගේ රෝගී තත්වයන් නිසා අනෙකා පීඩාවට පත්විය හැකි කාලයකි.විවාහය බලාපොරොත්තුවෙන් සිටින අයට විවාහයක් සිදුවීමට ඉඩ පැවතියත් එය සිතට එකග ආකාරයෙන් සිදුනොවනු ඇත.දේශපාලන කටයුතු කරන අය සදහා යහපත් බව පෙනේ.විදෙස්ගත වීම් සදහා යහපත්.ඉගනගන්නා දරුවන්ට රෝගී තත්වයන් නිසා ගැටලු ඇති විය හැකිය.

රාහුගේ මහදසා අතුරු දසා ගතකරන අයට ඉහත සදහන් කල සුබපල නියමාකාරයෙන්ද අසුබ පල ඒ ඒ ලෙසින්ද හිමිවනු ඇත.රාහු කේතු යනු කිසිවිට විස්වාසයක් තබා කටයුතු කලහැකි ග්‍රහයන් නොවේ.ඒ නිසා සියලුදෙනා බුද්ධිමත්ව සෑම අවස්තාවකටම මුහුණදීම වැදගත්ය.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments