ජීවිතය කනපිට හරවන රාහුගේ සිකුරු අතුරු දසාව.


රාහු මහදසාවේ සිකුරුගේ අතුරු දසාව ඔබට මේ මොහොතේ ලබා ඇත්නම් හෝ ඉදිරියට ආරම්බ වීමට ඇත්නම් ප්‍රවේසමෙන් කාලය ගතකලයුතු බව මතකයේ තබාගැනීම වැදගත්ය.රාහුගේ මහදසාවේ සිකුරුගේ අතුරු දසාව වසර තුනක කාලයක් පවති.මෙම වසර තුනක කාලය තුල යහපත් ප්‍රතිඵල ලැබෙන බව බොහෝ ජෝතිෂය පොත පතෙහි  සදහන් වී ඇත.නමුත් එම යහපත් ප්‍රතිඵලයන් ලැබීමට නම් සිකුරු ග්‍රහයා බලවත්ව පිහිටා තිබිය යුතු අතර එම කාලය තුලදී රාහු ග්‍රහයාද බලවත්ව සිටීම අවශ්‍යවේ.එමෙන්ම සෙනසුරුගෙන් යෙදෙන ඒරාශ්ටක අපලයක් නොපැවතිය යුතුය.කෙසේ වෙතත් කේන්ද්‍ර පරීක්ෂාවකදී රාහු මහදසාවේ සිකුරුගේ අතුරු දසාව යහපත් ආකාරයෙන් ගෙවාදැමූ පිරිස හමුවූයේ ඉතා අල්ප වශයෙනි.එම කේන්ද්‍ර හිමියන්ටද යහපතක් වී ඇත්තේ අයහපතක් වූවායෙන් පසුව විය.එමෙන්ම ඔවුන් මැදිවයසේ හෝ වියපත් වයසේ පසුවන්නන් විය.හදහන ලංකා වෙබ් අඩවියට එන යන බොහෝ පිරිසක් වයස 21 සිට 29 අතරේ පසුවන තරුණ තරුණියන්වේ.මේ පිරිසගේ වැඩි අවදානය උදෙසා මෙම ලිපිය මෙසේ ලිවීමට අදහස් කලෙමි.

රාහු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ උච්ච බලයෙන් හෙවත් රාහුගේ උපරිම බලවත් බවින් පිහිටා සිටියත්,රාහු ග්‍රහයා කිසිවිට විස්වාස කල නොහැකි ග්‍රහයෙකි.රාහු විසින් මිනිස් ජීවිතයට යහපතද උදාකර තිබේ.නමුත් එම යහපත බොහෝවිට උදාවී ඇත්තේ අයහපත ජයගැනීමට ශක්තියක් තිබූ මිනිසුන්ට පමණි.චරිතවත් ගුණවත් මිනිසුන් පවා රාහුගේ මහදසාවක් ලබා මුල් වසර දෙකයි මාස අටයි දින දොලහ තුල බොහෝ අයහපතට මුහුණ දුන්බව අත්දැකීමෙන් අවබෝධ විය.යහපත් මිනිසා අයහපත් අයෙකුලෙස සමාජයට පෙන්වාදෙන රාහු අයහපත් මිනිසා යහපත් මිනිසෙකු ලෙස සමාජයට හදුන්වාදීමට සමත් ග්‍රහයෙකි.

රාහු මහදසාවේ සිකුරු අතුරු දසාව ඉතා වැදගත් කාලපරිච්ඡේදයකි.චරිතයට හානි ඇතිකරවයි.කුමන ආකාරයකින් හෝ තම නාමයට කැළලක් ඇතිවිය හැකි කාලයකි.කුඩා දරුවාටත් තරුණවියේ පසුවන ඔබටත් මැදි වයසේ හෝ මහලු පුද්ගලයාටත් මෙම තත්වය එකලෙස බලපානු ඇත.තරුණ වයසේ පසුවන අය විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.ප්‍රේම සබදතා ආදියේදීත් සමාජ ඇසුරේදීත් ඉතා ප්‍රවේසමෙන් ක්‍රියා කල යුතුය.හැගීම් පාලනය කරගැනීම වැදගත්ය.

පුරුෂ පාර්ශවය මත්පැන් මත්ද්‍රව්‍ය ආදියට යොමුවිය හැකිය.කාන්තාවන් සමග පවත්වන ඇසුර සීමාකලයුතු කාලයකි.සමාජයෙන් ඇතිවිය හැකි බලපෑම පිලිබදව විමසිලිමත් විය යුතුය.කටකතා කේලම් ඕපාදූප සමාජයේ ඔබගැන පැතිර යයි.එය ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවිය හැකිය.වැරදි කලත් නොකලත් වැරදිකරවන්නේ ඔබයි.බූරුවා ගැසීම නොකලත් බූරුවා ගසන තැනක සිටීම,වැරදිකරුවෙකු වීමට ප්‍රමාණවත්ය.

කුඩා දරුවෙකුට රාහු මහදසාවේ සිකුරුගේ අතුරු දසාව ලබා ඇත්නම්,එම දරුවා අසල්වැසි නිවසකට හෝ තනිව යාමට ඉඩ නොදීමට දෙමාපියන් වගබලාගත යුතුය.සොරකම් කිරීම් ආදියට නිකරුනේ දරුවා හසුවිය හැකිය.මාවෙත කේන්ද්‍ර පරීක්ෂාවකට පැමිණි දරුවෙකුගේ මවක් පැවසූ කරුණක් මෙසේය.

පවුලේ සියලුදෙනා නෑ ගෙදරක ගොස් ඇත.අවසානයේ එම නිවසේ ජංගම දුරකතනය අස්තානගත වීමක් සිදුව ඇත.එය සොරකමක් යැයි සිතා එම වරද නිවසට පැමිණි දරුවාට බාරකර ඇත.පසුව පොලිසියටද මෙම සිදුවීම දන්වා,දරුවාගෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්ණ කර ඇත.එහෙත් එම දරුවා පවසා ඇත්තේ තමන් එවැනි දෙයක් දැක්කේවත් නැති බවයි.එහෙත් පොලිස් නිලදාරීන් පවා පවසා ඇත්තේ මෙම වයසේ දරුවන් එවැනි සොරකම් නොදැනුවත් කමින් සිදුකරන බවයි.අවසානයේ දරුවාගේ දෙමාපියන් එම දුරකතනයේ මුදල ගෙවීමට පොරොන්දුවී ඇත.එයින් නෑකම් අහෝසිවිය.නමුත් දරුවා දුරකතනය සොරාගෙන නැත.එම නිවසේ , එම දුරකතනය හිමි පුද්ගලයාටම පසුව එම  නිවසේදීම දුරකතනය හමුවී ඇත.ඔහුට එය තැබූ ස්තානය අමතකවී ඇති අතර එහි බැටරියද බැස දුරකතනය අක්‍රිය වී තිබීම නිසා සොයා ගැනීමට නොහැකිවී ඇත.එහෙත් සියල්ල සිදුවී නෑ හිතවත්කම් නිමවී දරුවා නාමික සොරෙකු බවට පත්විය.එම දරුවාට රාහු මහදසාවේ සිකුරුගේ අතුරු දසාව ලබාතිබුණි.මේ දරුවෙකුට සිදුවූ එක් සිදුවීමක් පමණි.තවත් බොහෝ සාධක ඉදිරිපත් කල හැකිය.

තරුණියන්ද රාහුගේ මහදසාවේ සිකුරුගේ අතුරු දසාව ලබා ඇත්නම් විශේෂයෙන් ප්‍රවේසම් විය යුතු කාලයකි.නොගැලපෙන සම්බන්දතා ඇතිවිය හැකිය.බුද්ධිය යටපත්වී ආසවන් හැගීම් පමණක් ක්‍රියාත්මකවේ.කුමන තරාතිරමක , සමාජ තත්වයක පසුවූවත් ඒ ඒ ආකාරයෙන් සිදුවීම් ක්‍රියාත්මකවේ.සත්‍ය උදාහරණ කිහිපයක් මෙසේය.

ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියකි.ඇය පෙම් සබදතාවයක් ඇතිකරගත්තේ තමාට වඩා වයස අවුරුදු අටකින් වැඩි පුද්ගලයෙකු සමගයි.ප්‍රේමය බොහෝදුර ගොස් බොහෝ සිදුවීම් සිදුවී අවසන්ය.අවසානයේ තරුණියගේ දෙමාපියන් විසින් මේ පිලිබදව සොයාබලන විට,සිය දියණිය පෙම්කර බොහෝ වටිනා දෑ පූදා ඇත්තේ විවාහක,වයස අවුරුදු දහයේ සහ අවුරුදු හයේ දරුවන් දෙදෙනෙකුද සිටින පුරුෂයෙකුට විය.එම තරුණියට එම සිදුවීම් සිදුවන විට රාහු මහදසාවත් , සිකුරුගේ අතුරු දසාවත් , සෙනසුරුගේ ජම්ම ඒරාශ්ටක අපලත් ලබා තිබුණි.

අනෙක් කාන්තාව පලමු විවාහයෙන් නීතියෙන් වෙන්වී සිටියේය.ඇයට වයස අවුරුදු පහක දරුවෙකුද විය.උසස් පවුලක එකම දියණිය වූ අතර ඉතා උසස් රැකියාවක් රජයේ ආයතනයක කරමින් සිටියේය.ඇය ප්‍රතම විවාහයෙන් වෙන්වී කාලයක් පසුවී,නැවත සම වයසේ පුද්ගලයෙකු සමග පෙම් සබදතාවයක් ඇතිකරගත් අතර එය විවාහයක් දක්වා පවත්වාගෙන යාම ඇයගේ අරමුණවිය.මේ අතර දරුවාගේ අසනීප තත්වයක් නිසා එම දරුවාගේ කේන්ද්‍රය පරීක්ෂාකර ගැනීමට පැමිණි අවස්තාවේ,මාගේ ඕනෑකමින් එම කාන්තාවගේ කේන්ද්‍රය පරීක්ෂාකල අතර,ඇයට රාහු මහදසාවේ සිකුරුගේ අතුරු දසාව ලබා තිබුණි.එමෙන්ම රාහු ග්‍රහයා පස්වැන්නේ ගුරු ග්‍රහයා මතින් ගමන් කරමින් පැවතුණි.මා ඇයට තත්වය පැහැදිලිකර දුන් අතර,එය වටහාගත් ඇය,ඉහතකී පුද්ගලයා පිලිබදව මිතුරෙකු මාර්ගයෙන් සොයාබලා තිබේ.එම කාන්තාව සමග පෙම් සබදතාවය පවත්වා ඇත්තේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ රියදුරාවේ.ඔහු එම ව්‍යාපාරිකයාට අයත් වාහන තමන්ගේ දෑ ලෙස බාවිතාකරමින් එම කාන්තාව තමාගේ ඇසුරට ගෙන ඇත.එම කාන්තාව පසුව මා සමග එම සිදුවීම පිලිබදව දීර්ග විස්තරයක් කීවේය.

ඉහත සදහන් කල සියලු සිදුවීම් ඉතා සත්‍ය සිදුවීම් වන අතර,පුද්ගලිකත්වය ආරක්ෂාවන ලෙස කරුණු ගොණුකලෙමි.රාහුගේ මහදසාවේ සිකුරුගේ අතුරු දසාව චරිතවත් මිනිසුන්ට ඉතා අයහපත් තත්වයන් ඇතිකරවයි.තරුණ තරුණියන් රැවටීම් වලට ලක්කරයි.කේලම් කටකතා මගින් තම ගෞරවය විනාස කිරීමට වටපිටාව මෙන්ම පුද්ගල මනසද සකසයි.මෙම කරුණු පිලිබ්දව සැලකිලිමත්වන්න.ඔබට විය හැකි ලොකුම හානිය ඔබගේ චරිතයට සිදුවන හානියයි.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments