2014 සැප්තැම්බර් 28 වනදා සිට 2014 ඔක්තෝම්බර් 04 දක්වා සතියේ ලග්න පලාඵල

හඳහන ලංකා සතියේ ලග්න පලාඵල : Sathiye Lagna palapala

මේෂ ලග්නය

කාන්තාවන් නිසා ගැටලු ඇතිවිය හැකිය.කාන්තා පාර්ෂවයේ සතුරු කම් වලට හසුවිය හැකිය.කාන්තාවක් නම් පුරුෂයන් නිසා ගැටලු ඇතිවිය හැකිය.සිතුවිලි පාලනයකින් තොරව ක්‍රියාත්මක වේ.එය යහපත් නැත.ඉතිරි කිරීම් දුර්වලවේ.වියදම් අනවශ්‍ය ලෙස සිදුවේ.හිත හොදින් කරනා යහපත් දේ පවා ඔබට අයහපත් ප්‍රතිපල ඇතිකරවයි.විවාහය සම්බන්දව යහපත් තත්වයක් ඇති කරයි.දරුවන් අසනීප විය හැකිය.ඉගනීම් සම්බන්දවද බාදා ඇතිකරවයි.ගෘහ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට පවුලේ සාමාජිකයන්ගෙන් සහයෝගය ලැබේ.මුත්‍ර රෝග තත්වයන් ඇතිවිය හැකිය.

වෘෂභ ලග්නය 

මව සමග කරන කටයුතු සාර්තකවේ.මව සමග හිතවත්කම් වර්ධනයවේ.ප්‍රේම සමබදතා හෝ ප්‍රේමනීය සිතුවිලි නිසා මානසික පීඩාවන් ඇතිවිය හැකිය.සතුටින් කාලය ගතකිරීමට උත්සහ දැරුවද විටින් විට ඇතිවන ගැටලු නිසා එම බලාපොරොත්තුව සාර්තක කරගැනීමට අපහසුවේ.මාමා වරුන්ට අසනීප තත්වයන් ඇතිවිය හැකිය.සතුරු පාර්ශවයන්ගෙන් ඔබ පිලිබදව කටකතා කේලම් ආදිය පැතිර යයි.ඉගනීම් කටයුතු අතපසුවේ.යහපත් මිතුර මිතුරියන් හමුවනවා ඇත.නමුත් වියදම් වැඩි , ගමන් බිමන් වැඩි කාලයකි.විවාහ දිවිය යහපත්ව පවත්වාගෙන යා හැකිය.කායික මානසික සබදතා ශක්තිමත්ව පවත්වාගෙන යා හැකිය.ප්‍රේම සබදතා බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ පිලිබදව යහපත් බලාපොරොත්තුවක් ඇතිකරගැනීමට හැකිවේ.

මිථුන ලග්නය

ඉගනීම් කටයුතු පිලිබදව විශේෂ ලැදියාවකින් කටයුතු කරන සතියකි.විවාහ දිවිය සම්බන්දව ගැටලු ඇතිවිය හැකිය.නෑ හිතවතුන් සමග ගැටලු ඇතිවේ.කෝප තත්වයන් ඇතිවේ.සැපවත් බවට බාදා ගැටලු ඇතිවේ.නිවසේ කටයුතු අවිදිමත්ව සිදුවේ.මානසික පීඩාවන් ඇතිවේ.කල්පනා කිරීමට වැඩි කාලයක් ගත්වේ.ආදායම් ලැබීම සුබදායක තත්වයකට යොමුවේ.සෑම අයෙකුටම හිතවත්ව කටයුතු කිරීමට යාම නිසා පාඩු ඇතිවේ.උසස් අයගේ සහයෝගය ලැබෙන කාලයකි.සෞඛ්‍ය තත්වය යහපත් නැත.

කටක ලග්නය

ගෞරව පැසසුම් ලබයි.තක්ෂණික කටයුතු කරනා අයට එතරම් යහපත් නැත.කලාකාමී කටයුතු සදහා සිත යොමුවේ.පොත්පත් සම්බන්දව කටයුතු කරනා අයට එම කටයුතු සාර්තක කරගැනීමට හැකිවේ.තම දේපල පිලිබදව ගැටලු ඇතිවේ.සහෝදර සහෝදරියන් සමග සහයෝගයෙන් කටයුතු කල හැකිය.නව කටයුතු ආරම්භයට යහපත් නැත.ඔබගේ පෞද්ගලික කටයුතු හේතුවෙන් රැකියාව සම්බන්දව අතපසුවීම් ඇතිවේ.විවාහය සම්බන්දව ගැටලු ඇතිවිය හැකිය.අසරනයන් වෙනුවෙන් පිහිටවීමට අවස්තා ලැබේ.

සිංහ ලග්නය

තමා පිලිබදව උසස් බවකින් කටයුතු කරයි.විවාහ දිවියට ගැටලු ඇතිකරයි.ස්වාමියා සහ බිරිද අතර එකිනෙකා තේරුම් ගැනීමේ ශක්තිය දුර්වල වේ.ඉගනීම් කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට වැඩි කැපවීමකින් කටයුතු කරනු ඇත.කතාබහෙන් අන් අය අවනත කරගැනීමට හැකිවේ.තම වගකීම් මැනවින් ඉටුකරයි.යම් අවස්තාවක තමන් පිලිබදව අනවශ්‍ය කලබලයකින් කටයුතු කරනු ඇත.

කන්‍යා ලග්නය

ගමන් බිමන් වැඩිවේ.අන් අය පිලිබදව විශ්වාසය තබා කටයුතු කිරීමට යාම නිසා අපහසුතාවයන්ට ලක්විය හැකිය.ඉගනීම් කටයුතු පිලිබදව වැඩි උනන්දුවක් දක්වයි.තමා භාවිතා කරන වචන නිසා අන් අයගේ සිත් බිදීමකට ලක්විය හැකිය.නොගැලපෙන අය සමග හිතවත්කම් ඇතිවේ.අන් අයගේ වගකීම් තමාවෙත පැවරේ.රාගික බව වැඩිවේ.පහත් සිතුවිලි ඇතිවිය හැකිය.

තුළා ලග්නය

සිත්තැවුල් , මානසික පීඩා කරදර ඇතිවේ.ඉගනීම් කටයුතු සම්බන්දව වැඩි අවදානයක් යොමුකරයි.සිතුවිලි දුර්වලව කටයුතු කරයි.සතුට සැපත පිලිබදව වැඩි අවදානයක් යොමු නොකරයි.අන් අයගේ රැවටිලි බස් වලට හසුවිය හැකිය.විවාහ දිවිය පිලිබදවද යහපත් තත්වයක් ඇතිනොවේ.ලැබීම් දුර්වලවේ.කිසිදු සොයාබැලීමකින් තොරව අන් අය විස්වාස කිරීමට පෙලබේ.තමාගේ යහපත නොව අන් අයගේ යහපත වෙනුවෙන් තම කටයුතු සිදුවනවා ඇත.

වෘශ්චික ලග්නය

අලසකමින් තොරව කටයුතු කරයි.මුදල් අතින් දුර්වලතාවයන්ට ලක්වේ.නොගැලපෙන සබදතා සදහා යොමුවිය හැකිය.අවකල් ක්‍රියාවන් සදහා සිත යොමුවිය හැකිය.විවාහය පිලිබදව ගැටලු ඇතිවිය හැකිය.ඉගනිම් සම්බන්දව යහපත් තත්වයන් ඇතිකරවයි.දරුවන්ගේ කටයුතු තුලින් සතුටු විය හැකිය.රැවටීම් වලට හසුවිය හැකිය.චිත්ත පීඩා ඇතිවන කාලයකි.

ධනු ලග්නය

ඉගනීම සම්බන්ද කටයුතු දක්ෂ ආකාරයෙන් සිදුවේ.ප්‍රේම සම්බන්දතා බිලිබදව දවරක් සිතාබලා කටයුතු කිරීමට උත්සහ කරයි.ඇතැම් විට සම්බන්දතා බිදවැටීමටද හේතු ඇතිවිය හැකිය.රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයට එම කටයුතු සදහා යොමුවීමටත් එමගින් යහපත් ප්‍රතිපලයක් උදාකරගැනීමටත් හැකිවේ.දුරබැහැර ගමන් විනෝදගමන් යෙදේ.වියදම් වැඩිවේ.විවාහය දිවියේ මත ගැටුම් ඇතිවිය හැකිය.

මකර ලග්නය

ආගමික අංශයේ කටයුතු සදහා වැඩි නැබුරුවක් ඇතිවේ.ලෞඛික සුව පහසුව අඩුවේ.මෙතෙක් නොලද දැනුමක් ලැබීමට අවස්තා උදාවනු ඇත.ආත්මාභිමානයෙන් යුතුව කටයුතු කරන අතර එය සමාජයට පෙන්වීමටද උත්සහදරයි.තමාට නියමිත රාජකාරියට වඩා වැඩි වැඩ කොටසක් කිරීමට උත්සහ දරනු ඇත.අනවශ්‍ය කටයුතු කිරීමට යාම නිසා තමාට පාඩු සිදුවිය හැකිය.විවාහ අපේක්ෂාවෙන් සිටින අයට එම කටයුතු සදහා අමතර වියදම් කිරීමක් සහ අමතර වෙහෙසවීමකින් යුතුව කටයුතු කිරීමට සිදුවනු ඇත.දරුවන් සම්බන්ද ගැටලු ඇතිවිය හැකිය.

කුම්භ ලග්නය

හවුල් ව්‍යාපාරයන්හි නිරත ඔබට අනෙක් පාර්ශවයන්ගේ ගැටලු වලට මුහුණ දීමට සිදුවනු ඇත.විවාහය සම්බන්දව යම් යම් ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකිය.විවාහ බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ පිලිබදව පැවති අදහස් බලාපොරොත්තු වෙනස්වේ.සිතෙහි බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියද එම බලාපොරොත්තු ඉටුකරගැනීමට නොහැකිවීම නිසා චිත්තපීඩා ඇතිවේ.ප්‍රේම සබදතා ඇතිවිය හැකිය.නමුත්  එම සබදතා නොගැලපීම් සහිත,සබදතාවේ.ඉගනීම කෙරෙහි උනන්දුවක් ඇතිවේ.

මීන ලග්නය

ඉගනීම් කටයුතු තවදුරටත් යහපත්ව පවත්වාගැනීමට හැකිය.විවාහ දිවියේ ගැටලු ඇතිවේ.නමුත් කුමන ගැටලුකාරී තත්වයක් ඇති උවත් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට පෙලබේ.ආර්ථික තත්වය පෙර පැවති තත්වයට වඩා යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමට හැකිය.මව අසනීප වීමට හෝ මවගේ කටයුත්තක් නිසා කාලය වැය කිරීමට ඔබට සිදුවනු ඇත.උත්සහයෙන් කටයුතු කරයි.ආමාශගත දුර්වලතා ඇතිවේ.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments