දේහ ලක්ෂණ විද්‍යාව ස්ත්‍රි පුරුෂ දෙපාර්ෂවයටම පොදු ආකාරයෙන් ශරීර ලක්ෂණයන් පිලිබදව විග්රහ කරයි.නමුත් කාන්තා දේහලක්ෂණ පිලිබදව බොහෝ දෙනෙකුගේ වැඩි අවදානය යොමුවී ඇති අතර ඒ පොලිබදව්ව වැඩි සැලකිල්ලක් දක්වන බවද පෙනෙන්නට තිබේ.කාන්තා ශරීරයේ පිහිටා ඇති උපන් ලප සහ ඉන්නන් පිලිබදවත් එමගින් කාන්තාවකගේ ගුණාන්ගයන් හදුනාගතහැකි ආකාරයත් මෙම ලිපිය මගින් විමසා බලමු.
කාන්තාවකගේ නළලේ වම් පස උපන් ලපයක් හෝ ඉන්නෙකු පිහිටා ඇත්නම් ඇය තම සැමියා පහත්කර කතාකරන තැනැත්තියක වන්නේය.සැමියාගේ අඩුපාඩු පිලිබදව විවේචනය කරයි.මුසාබස් දෙඩීමට ලැදිය.තමාට කෙතරම් ධනය දේපල සම්පත් පැවතියත් නැති බැරිකම් පිලිබදවම කියාපායි.
නළලේ දකුණු පසින් උපන් ලපයක් හෝ ඉන්නෙකු පිහිටා ඇති කාන්තාව දුප්පත්කමට උරුමකම් කියයි.තමාගේ බොහෝ බලාපොරොත්තු කඩවීම් වලට ලක්වේ.ගෘහ ජීවිතයේ සමගිය සමාදානය රැකගැනීමට අපහසුවේ.නලල මැද උපන් ලපය අහංකාර, උඩඟු, පෙම් සබඳතා බිඳගන්නා නමුත් ගැළපෙන විවාහයක් කර ගන්නා, සාමකාමී විවාහයක් හිමිවන යුවතියක් බිහිකරයි.
යම් කාන්තාවකගේ වම් ඇස මත උපන් ලපයක් පිහිටා ඇත්නම්,එවැනි කාන්තාවන්ගේ පවුල් ජීවිතය කටුක වන්නේය.සැමියාගේ පීඩාවන්ට මෙන්ම තම දරුවන්ගේ ක්‍රිඩාවන් නිසාද පීඩාවට පත්වීමට සිදුවේ.ඇහිබැම දෙක අතර පිහිටි උපන් ලපය හිමි ස්ත්‍රිය ඉතා වාසනාවන්තය. දෙමාපිය, සහෝදරයන්ගේ සැලකීම නොඅඩුව ලබයි. උගත් විනීත සැමියෙකු හා විවාහ වේ. උසස් දරුවන් ලබයි. නමුත් කනවැන්දුම් වේ. මෙවන් ස්ත්‍රීන් පතිවත රකියි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් මවකි.
යම් කාන්තාවකගේ ඇහි බැම මත උපන්ලපයක් පිහිටා ඇත්නම් එම කාන්තාර රාගයෙන් මත්වී සිටින්නියක් වන්නේය.නමුත් ධනයෙන් බලයෙන් සහ සැපයෙන් පරිපූර්ණ වූ ජීවිතයක් ඇයට උරුමවේ.
කාන්තාවකගේ දකුණු කණෙහි උපන් ලපයක් පිහිටීමද යහපත් නැත.එවැනි කාන්තාවන් මානසික පීඩාවන්ට ලක්වේ.කරන කියන කටයුතු සාර්තකත්වයට පත්කරගැනීමට බොහෝ වෙහෙස මහන්සියෙන් යුතුව කටයුතු කිරීමට සිදුවේ.විවාහය පවා ප්‍රමාදවිය හැකිය.
කාන්තාවකගේ වම් කණෙහි උපන් ලපයක් පිහිටා ඇත්නම් ඇය ආත්ම ගෞරවයෙන් යුතුව කටයුතු කරනා තැනැත්තියක වේ.ජනප්‍රියවේ.ප්‍රසිද්ද වේ.කතාවේ දක්ෂ තැනැත්තියක් වන්නේය.රැකියාව සම්බන්දව දක්ෂතා දක්වමින් බොහෝ ඉදිරියට යයි.නමුත් විවාහ දිවිය අසාර්ථක විය හැකිය.
දකුණු කන්මුලෙහි උපන් ලපයක් පිහිටා ඇති කාන්තාව කාමුක අදහස් වලින් පිරී ඇති සිතක් සහිත තැනැත්තියක්වේ.තමාගේ සිතට නැගෙන ඕනෑම කටයුත්තක් සදහා පෙළවේ.පහත් සිතුවිලි ඇති මෙවැනි කාන්තාවන් ගණිකා වෘර්තියටද යොමුවීමේ අවස්තා පවතී.යහපත් ගුණගරුක,උත්සහයෙන් කටයුතු කරනා ස්වාමිපුරුෂයෙකු ලැබූවද කාන්තා ගතිගුණ අයහපත් නිසාවෙන් සාර්තක විවාහ දිවියක් උරුම නොවේ.
නිකටෙහි උපන් ලපයක් පිහිටා ඇති කාන්තාව සමස්ත ජීවිතය පුරාවටම නානාවිද දුක්ක දෝමණස්සයන්ට බාජනයවේ.විවාහය සදහා ලැබෙන්නේද කරදරකාරී සැමියෙකු වන්නේය.විවාහ දිවියද සාර්තක නොවේ.ඇතැම් විට සැමියා මියයාමට හෝ හැරයාම සිදුවනු ඇත.
කාන්තාවකගේ උඩු තොලෙහි උපන් ලපයක් පිහිටා ඇත්නම් එම පිහිටීමද යහපත් පිහිටීමක් නොවේ.කාමයෙන් රාගයෙන් මත්වී සිටින්නියක් වන්නේය.අනුන්ගේ ගුණ දොස් සොයමින්,කේලම් කටකතා පතුරවමින් කටයුතු කරන අතර විවාහය අසාර්තකය.යටිතොලේ තොල් පෙත්තේ පවතින උපන් ලපය හිමි ස්ත්‍රිය බහු පුරුෂ සේවනයේ යෙදෙන, කටකාර, කාමාධික, නිතර සැමියා සමඟ දබර කරන, දෙබිඩි චරිතයක් පෙන්නුම් කරන, වැරදි පිළිනොගන්නා කිසිවෙකුට යටත් නොවන, නිහතමානී නැති අයෙකි.
කාන්තාවකගේ නාසයේ අග උපන් ලපයක් පිහිටා ඇත්නම් එවැනි කාන්තාවන් ලබන සැමියා අලස ගති ඇති අයෙකුවේ.නමුත් කුමන බාදා කරදර මැද උවද විවාහ දිවිය පවත්වාගෙන යාමට හැකියාව පවතී.කෙසේ වෙතත් මෙවැනි පිහිටීම් සහිත කාන්තාවන්ගේ සැමියා මියගිය අවස්තාවන්ද දැකතිබේ.නාසයේ දකුණු පස ලපයක් ඇති ස්ත්‍රිය ඉගෙනීමට දක්ෂ තරමක් කලබල, කථාවට දක්ෂ, දරුවන්ට අකැමැති, විවාහය අසාර්ථක කර ගන්නා අයෙකි.
කාන්තාවකගේ වම් කණ මුල උපන් ලපයක් පිහිටා ඇත්නම් එවැනි පිහිටීමක් කාන්තාවකට සුබඵල ලබානොදේ.හිතුවක්කාරීව තම මතයට අනුව කටයුතු කිරීමට යාම නිසා බොහෝ අඩුපාඩු සිත් තැවුල් ඇතිකරගනි.විවාහයද තම මතයට අනුවම සිදුවන අතර සාර්තක විවාහයක් නොවන්නේය.ලෙඩදුක් කරදර ඇතිවේ.
කාන්තාවකගේ බෙල්ලෙහි උපන් ලපයක් පිහිටා ඇත්නම් එය කාන්තාවකට වාසනාවන්ත පිහිටීමක් වන්නේය.තම ආත්ම ගෞරවය රැකෙන ආකාරයෙන් යුතුව කටයුතු කරයි.පතිදම් රකී.සැමියාටද වාසනාව ගෙනේ.ධනවත්ව සැපවත්ව තම සැමියා සහ දරුවන් සමග සුවසේ කාලය ගතකරයි.
මැණික් කටුවේ උපන් ලපයක් වේ නම් මෙවන් අයට අතගසන ඕනෑම දෙයක් කළ හැක. සැප සම්පත්ද නොඅඩුව බුක්ති විඳින අයෙකි.
කාන්තාවකගේ වම්ලය මත උපන් ලපයක් පිහිටා ඇත්නම් එම පිහිටීමද කාන්තාවකට වාසනාව ගෙනෙන පිහිටීමක් වන්නේය.යහපත් ආකාරයේ විවාහයක් සිදුවන අතර යහපත් දූදරුවන් ලබා සැපසේ කාලයගතකරයි.
කාන්තාවකගේ දකුණු ලයමත උපන් ලපයක් පිහිටා ඇත්නම් එය තරමක අයහපත් පිහිටීමක්වේ.නොහිමුණු ගති ගුණ සහිත කාන්තාවක් වන්නේය.කෝපාවිශ්ටව කටයුතු කරයි.නෑ හිතවතුන් සමගද අඩදඹර ඇතිකරගනී,කිසිවෙකු සමග අකණ්ඩ සබදතාවයක් පවත්වා ගැනීමට අපොහොසත්වේ.රැවටිලි මායම් බාවිතයෙන් කටයුතු කරයි.
යම් කාන්තාවකගේ ලයමැද උපන් ලපයක් පිහිටා ඇත්නම් එවැනි පිහිටීම් සහිත කාන්තාව යහපත් දරු දැරියන් ලබයි.නමුත් විවාහ දිවිය අසාර්තක විය හැකිය.ච්ත්ත සන්තාපයෙන් යුතුව නිතර කටයුතු කිරීමට සිදුවේ.
යම් කාන්තාවකගේ උදරයේ උපන් ලපයක් පිහිටා ඇත්නම් එවැනි කාන්තාවන් මසුරු කමින් කාලය ගතකරයි.සැප සම්පත් සහිත උවත් එම සම්පත් බාවිතානොකරයි.විවාහය අසාර්තකවේ.
යම් කාන්තාවකගේ යෝනිය ආශ්රිත ප්‍රදේෂයේ උපන් ලපයක් පිහිටා ඇත්නම් එවැනි කාන්තාවන් යහපත් දරුදැරියන් පිරිසකගේ ගුණවත් මවක් වන්නේය.සැපසම්පත් ලබමින් ඉතා වාසනාවන්ත ජීවිතයක් ගතකරයි.
යම් කාන්තාවකගේ තට්ටම් ප්‍රදේශයේ උපන් ලපයක් පිහිටා ඇත්නම් ඇය උගත් වාසනාවන්ත දරු පිරිසකගේ මව වන්නේය.
යම් කාන්තාවකගේ දකුණු කලවා ප්‍රදේශයේ උපන් ලපයක් පිහිටා ඇත්නම් එවැනි කාන්තාවන් යහපත් ස්වාමි පුරුෂයෙකු ලබයි.වාසනාව තමාකරා නිරතුරුවම ඇදීඒ.සමාජයේ යහපත් තැනැත්තියක ලෙස ප්‍රකටවේ.සමාජයෙන් ගෞරව ලබයි.
යම් කාන්තාවකගේ වම් කලවා ප්‍රදේශයේ උපන් ලපයක් පිහිටා ඇත්නම් එම කාන්තාව කුමන අංශයක හෝ උසස් ඉගනීමක් ලැබීමේ වරම් හිමිකරගනී.ප්‍රේම සබදතා වලදී තම චරිතය ගෞරාවය හානිකරගනී.විවාහ දිවිය සාර්තක නොවේ.තම සහොදර සහොදරියන්ගෙන්ද තමාට ගැටලු පීඩා ඇතිවේ.
වම් දනහිසේ උපන් ලපයක් වේ නම් අන් පිරිමින්ට ඇලුම් කරන, සමාජයේ ගැරහීමට ලක්වන, හිතේ තෙතමනයක් නැති දුෂ්ඨ, පාපී ස්ත්‍රියකි.දකුණු දන හිසේ උපන් ලපයක් යම් ස්ත්‍රියකගේ වේ නම් ඇය ඉගෙනීමට දක්ෂ, ආගම දහමට ලැදි, යහපත් විවාහ ජීවිතයක් හිමි, ධනවත් අයෙකි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments