2014 සැප්තැම්බර් 21 වනදා සිට 2014 සැප්තැම්බර් 27 දක්වා සතියේ ලග්න පලාඵල

හඳහන ලංකා සතියේ ලග්න පලාඵල : Sathiye Lagna palapala

මේෂ ලග්නය

ගෙවීගිය සතියට වඩා ආරම්බවන සතිය සුබඵලදායක බව පෙන්වයි.නිවසේ කටයුතු සාමකාමීව පවත්වාගෙනයා හැකිය.නෑ හිතවතුන් නිවසට පැමිනිය හැකිය.සබදතා ශක්තිමත්ව පවත්වාගෙන යා හැකිය.පෙම්වතුන් අතර බැදීම් වර්ධනයවේ.ඉගනීම් තත්වය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අවස්තාව පවතී.කලාකාමී සිතුවිලි පහලවේ.එවැනි අංශයන් පිලිබදව වැඩි ඇල්මක් ඇතිවේ.රැකියාව සම්බන්ද කටයුතු වලදී තරමක ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්වේ.ලැබීම් අතින්ද යහපත්ය.දැනට පවත්වාගෙන ආ කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යා හැකිය.උනන්දුව සහිතව බොහොමයක් කටයුතු සාර්තක කරගැනීමට අවස්තාව ලැබේ.විවාහ දිවියද වෙනදාට වඩා සුබදායක ලෙසින් පවත්වාගෙන යා හැකිය.ස්වාමි පුරුෂයාට හෝ බිරිදට අසනීප තත්වයන් ඇතිවිය හැකිය.කෙටිගමන් බිමන් යෙදේ.

වෘෂභ ලග්නය 

නිවාස අලංකරන කටයුතු සදහා අමතර කාලයක් යෙදවීමට සිදුවේ.ප්‍රේමය ආලය පිලිබදව නව බලාපොරොත්තු සහිතව කටයුතු සිදුවේ.විනෝද ගමන් යාමට හෝ මිතුර මිතුරියන් හමුවීමට යාමට කරුණු ඇතිවේ.මව සමග ශක්තිමත් සබදතාවයක් ඇතිවේ.ගෘහ ජීවිතයේ තත්වය යහපත්ය.ඉගනීම් කටයුතු සදහා වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරයි.රැකියාව සම්බන්දව ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකිය.සතුරු කරදර පවා ඇතිවීමට ඉඩප්‍රස්තා පවතී.කායික ශක්තිය වර්ධනය වන කාලයකි.ඉක්මන්කාරී බවින් කටයුතු කිරීමට පෙළබීමක් ඇතිවිය හැකිය.විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුකරගැනීමට තවත් අවස්තා පවතී.දරු සම්පත් පිලිබදවත් දරුවන් සම්බන්දවත් ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකිය.ලැබීම් අතින් යහපත් උවද වියදම් අතින් අයහපත් සතියකි.

මිථුන ලග්නය

මානසිකව බිදවැටීම් ඇතිවිය හැකිය.නමුත් එවැනි අවස්තාවන් වලදී නැවත නැගීසිටීමට බාහිර සහනයක් ලැබෙනු ඇත.නිවසෙන් පිටව කටයුතු කිරීමට සිදුවේ.ඔබ නොදැනුවත්වම හෝ ඔබට සතුරු කරදර ඇතිවිය හැකිය.ආර්ථික තත්වයද එතරම් යහපත් තත්වයක් ඇතිනොකරයි.රැකියාවේ ගෞරවනීය බව වර්ධනය උවත් එමගින් ආර්ථික වටිනාකමක් ලැබීමට අපහසුය.සිත වේගවත්ව හැසිරේ.සතිය ආරම්බය දුර්වල උවත් සතියේ මැද කොටසේ සිට තරමක සුබවාදී බවක් ඇතිකරයි.ඉගනීම් කටයුතු තරමක දුර්වලකම් වලට ලක්වේ.මිත්‍ර ඇසුර පවා ඔබට පීඩාවක්විය හැකිය.එම නිසා ඔබ බොහෝ බැදීම් වලින් ඈත්ව කටයුතු කිරීමට පෙලබේ.උෂ්ණරෝගයන් ඇතිවිය හැකිය.සමස්තයක් ලෙස මේ සතිය බලවත් සුබතත්වයක් ඇති නොකරයි.

කටක ලග්නය

සමාජයේ ඇසුර වැඩියෙන් ලැබෙන සතියකි.පැවති වගකීම් කිහිපයකින් නිදහස් වීමට අවස්තාව ලැබෙනු ඇත.රැකියාවේ කාර්‍යබහුල බවක් ඇතිකරයි.නමුත් ආදායම් තත්වය යහපත්වේ.කාර්මික  තාක්ෂණික අංශයන්හි කටයුතු කරන අය සදහා විශේෂ යහපත් ප්‍රථිඵල ඇතිකරයි.එම අංශයන්ගෙන් ඉගනීම් කටයුතු කරද දරු දැරියන්ටද යහපත් ප්‍රතිඵ්ල උදාවනු ඇත.ආගමික කටයුතු සදහා කිසියම් ආකාරයකින් සම්බන්දවීමට අවස්තාව ලැබෙනු ඇත.සහෝදර සහොදරියන්ගෙන් තම සිතට පීඩාකරවම ආකාරයේ ගැටලු ඇතිවේ.මව පියා සමග කරන කටයුතු වලදී සිත්පීඩා ඇතිවේ.බඩේ ආබාද ඇතිවිය හැකිය.

සිංහ ලග්නය

පැවති සරල බව වෙනස්වන ආකාරයක් පෙන්වයි.මානසික සරලබව වෙනස් වේ.ආර්ථික තත්වයට හානියක් ඇතිවේ.වෙනදා නොපැවති ආකාරයේ කටයුතු සදහා මුදල් වියදම්වේ.යටපත්ව පැවති ප්‍රේම සබදතා නැවත ඇතිවිය හැකිය.රහසක් ලෙසින් පවත්වාගෙන ආ කිසිමක් හෙලිදරව් විය හැකිය.ඔබ නොදැනුවත්ව උවද ඔබගැන සමාජය විමසීමකින් කටයුතු කරනු ඇත.විවාහ දිවියට හානිවන ආකාරයේ කටයුතු සිදුවේ.ස්වාමිපුරුෂයා හෝ බිරිද අසනීපයන්ට ලක්විය හැකිය.රැකියාව සම්බන්දව බලවත් ගැටලු ඇතිනොවේ.පතල් කර්මාන්ත ආදී භූමිය සමග කටයුතු කරන අයට හදිසි වාසිදායක තත්වයන් ඇතිවිය හැකිය.විදෙස් ගමන් ස්තිරකර ගැනීමට හැකිවේ.දරුවන්ගේ කටයුතුද යහපත් ආකාරයකින් සිදුවනවා ඇත.

කන්‍යා ලග්නය

පැවති වගකීම් සහගත තත්වයෙන් තරමක හෝ නිදහසක් ලැබීමට හැකියාව ලැබේ.ආර්තික තත්වයට හානි ඇතිවේ,වියදම් තත්වය වෙනදාට වඩා ඉහලයාමක් පෙන්වයි.අනුන්ට ණය වීමට පවා සිදුවිය හැකිය.කෙසේ හෝ තම අරමුණු ඉටුකරගැනීමට හැකියාව ලැබෙනු ඇත.සහොදර සහොදරියන් සමග මතගැටුම් ඇතිවේ.ආගමික කටයුතු සදහා හෝ වෙනත් ගුප්ත කටයුතු සදහා සිත යොමුවිය හැකිය.නිවසේ කටයුතු තුලින් චිත්ත පීඩා ඇතිවිය හැකිය.වැඩිහිටියන්ටනම් තම දරු දැරියන්ගේ උදව් උපකාර ලැබිය හැකිය.තමාගේ ප්‍රධාන අරමුණු ඉටුනොවී වෙනත් අරමුණු ඉටුකරගැනීමට හැකියාවක් ලබයි.ඉගනීම් කටයුතු සදහා තවමත් අයහපත් තත්වයන් පෙන්නුම් කරයි.

තුළා ලග්නය

මනසට ඇතිකරවන පීඩාවන් නිමක් නොවේ.ආර්ථික දුෂ්කරතා ඇතිවේ.ගැටලුවක් නොවන දේ පවා ඔබට ගැටලුවක් ලෙසින් පෙනේ.එමනිසා යහපත උවද අයහපතකට යොමුවිය හැකිය.වෙනත් පාර්ෂවයන්ගෙන් ලැබෙමින් පැවති උදව් උපකාර අහිමිවිය හැකිය.ඔබගේ හැසිරීම පවා වෙනත් අයෙකුට පීඩාවක් ඇතිවිය හැකිය.ඉගනීම් සම්බන්දවද දුර්වලතා ඇතිකරයි.දරුවන් නිසා නිමක් නොවන ගැටලු ඇතිවිය හැකිය.ස්වාමියා හෝ බිරිදගේ කටයුතු වෙනුවෙන් අමතර මුදල් යෙදවීමක් සිදුවේ.සමහර අවස්තාවක ඔබට නීතිමය ගැටකු හෝ අසනීප තත්වයන් නිසා බොහෝ පීඩාවන්ට ලක්වීමට සිදුවිය හැකිය.බොහෝ ගැටලු ඇතිවන්නේ දුරදිග සිතාබලා කටයුතු නොකිරීමෙනි.

වෘශ්චික ලග්නය

ජීවිතයේ නව පියවරක් තැබීමට උත්සහයෙන් කටයුතු කිරීමට සිදුවේ.නමුත් එවැනි කටයුතු ආරම්බයේදීම බිදවැටීමකට ලක්විය හැකිය.සහෝදර සහෝදරියන් නිසා නිවසේ පරිසරය ව්‍යාකූල විය හැකිය.ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්ය.ඔබගේ කටයුතු සදහා පියාගෙන් හෝ පිය පාර්ෂවයෙන් උදව් උපකාර ලැබිය හැකිය.රැකියාවට අමතරව වෙනත් ආකාරයකින් ආර්ථික ලාබයක් පෙන්නුම් කලද එය සාර්තකවීමට තිබෙන අවස්තාව අඩුය.නිකරුනේ තම කාලය වැය කිරීමට සිදුවේ.චිත්ත පීඩා මෙන්ම කායික පීඩාවන්ද ඇතිවිය හැකිය.ඉගනීම් කටයුතු සහ තරග විභාග කටයුතු අපහසුතාවයන් යටතේ උවත් යහපත් ආකාරයෙන් ඉටුකරගැනීමට හැකියාව ලැබෙනු ඇත.විවාහ දිවිය එතරම් යහපත් නැතත් ඔබගේ කටයුතු සදහා බිරිදගෙන් හෝ ස්වාමියාගෙන් උදව් උපකාර ලැබෙනු ඇත.ඉවසීමෙන් කටයුතු කිරීම යහපත්වේ.

ධනු ලග්නය

සහොදර සහොදරියන් වෙනුවෙන් කාලය සහ ධනය වැයකිරීමට සිදුවනු ඇත.අසල් වැසියන්ගෙන් සහ මිතුර මිතුරියන්ගෙන් පීඩාකාරී තත්වයන් ඇතිවිය හැකිය.උසස් අයගේ බලපෑමට යටත්ව කටයුතු කිරීමට සිදුවිය හැකිය.රැකියාව සම්බන්දවද ගැටලු ඇතිවේ.නමුත් රැකියා ස්තානයේදී ඔබට ඇතිවන ගැටලුකාරී තත්වයන් වලදී ඔබවෙනුවෙන් ස්තාන ප්‍රධානියාගේ සහයෝගය ලබාගත හැකිවේ.දුර බැහැර ගමන් යෙදේ.තමාට ලේ දුර්වලතා ඇතිවිය හැකිය.වියදම් තත්වයන් වැඩිවේ,වැඩි ප්‍රමාණයක් අනවශ්‍ය වියදම් වනු ඇත.විවාහය සම්බන්දව බලවත් ගැටලු පෙන්නුම් නොකරයි.යම් යම් අවස්තාවලදී සිත් බිදීම් ඇතිවිය හැකිය.ප්‍රේම සබදතා සදහා අයහපත් කාලයකි.ඉගනීම් කටයුතු උත්සහයෙන් යුතුව සාර්තක කරගැනීමට හැකිවේ.

මකර ලග්නය

බලවත් සුබ තත්වයක් හෝ බලවත් අසුබ තත්වයක් අපේක්ෂාකල නොහැක.සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ.රැකියාවේදී ඔබට ලැබෙන සියලු වගකීම් ප්‍රමාණයම ඉටුකරගැනීමට බාදාවන් ඇතිවන අතර එම නිසා වැඩකටයුතු අතපසුවිය හැකිය.නැතිනම් රැකියාව වෙනුවෙන් වැඩි වෙහෙසක් සහ කාලයක් යෙදෙවීමට සිදුවන නිසා ඔබගෙන් ඉටුවිය යුතු වෙනත් වගකීම් නිසි ආකාරයෙන් ඉටුනොවනු ඇත.ඉගනීම් සම්බන්දව බලවත් අසුබ තත්වයන් ඇති නොවේ.විවාහ දිවියේ වෙනදා පැවති තත්වයම මෙම සතිය පුරාවටම පවතිනු ඇත.ලැබීම් දුර්වල තත්වයක පවතින අවස්තාවක්වේ.වියදම් වැඩිවේ.අමතර වියදම් කිරීම් කිහිපයක් ඇතිවිය හැකිය.හිසට සම්බන්ද සෞඛ්‍ය දුර්වලතා ඇතිවිය හැකිය.

කුම්භ ලග්නය

රැකියා අංශයේ විශේෂ සුබ තත්වයන් ඇතිවන කාලයකි.නවරැකියා සදහා ඉල්ලුම් කිරීමටත්.රැකියා සමුඛ පරීක්ෂණ සදහා ඉදිරිපත්වීමටත් යහපත් කාලයකි.සුබදායක ප්‍රතිඵල ලැබිය හැකිය.එමෙන්ම රැකියා උසස්වීම් අපේක්ෂාවෙන් සිටි කුම්භ ලග්න හිමියන් සදහාද එම කටයුතු සදහා යොමුවීමට යහපත් කාලයකි.පියාගෙන් හෝ පිය පාර්ෂවයෙන් බලාපොරොත්තු වූ දේපලක් ලැබිය හැකි කාලයකි.එම කටයුතු සදහා යොමුවීම මගින්ද යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත.ඉගනීම් කටයුතු යහපත් ආකාරයෙන් පවත්වාගැනීමට හැකිවේ.විවාහ දිවියද සතුටින් ගතකිරීමට හැකිවේ.මානසික ව්‍යාකූල තත්වයන් යම් යම් අවස්තාවලදී ඇතිවිය හැකිය.අමනාපයෙන් සිටි මිතුර මිතුරියන් සමග නැවත යහපත් සබදතාවයක් ඇතිකරගැනීමට හැකියාව ලැබේ.

මීන ලග්නය

ආර්ථික තත්වය පෙට පැවති ආකාරයට වඩා යහපත්ව පවත්වාගෙන යාමට අවස්තාව ලැබේ.දේපල සම්බන්දව කටයුතු කිරීමට යහපත්ය.විවාහය සම්බන්දව ඇතිවී පැවති දුර්වලතා අවහිරතා සමනය කරගැනීමට හැකියාව ලැබේ.වෙනදා නොතිබුණ ආකාරයේ සහනයක් සිතට ඇතිවේ.මෙතෙක් පැවති ගැටලු එකින් එක විසදාගැනීමට හැකියාව ලැබෙනු ඇත.ඉගනීම් කටයුතු සම්බන්දව වඩා වැඩි උනන්දුවක් ඇතිවේ.විභාගයන්ගෙන් යහපත් ප්‍රතිපල ලැබිය හැකිය.නව ප්‍රේම සබදතාවයකට සිත එකග කරගැනීමට උත්සහ දරන බවක් පෙන්නුම් කරයි.වෙනදා ඔබ කෙරෙහි නොපැවති සැලකීමක් පිලිගැනීමක් අන් අයතුලින් ලැබිය හැකිය.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments