පුරුෂ දේහ ලක්ෂණ : දෙවන කොටස



මීන පුරුෂයෙකුගේ පිටෙහි රෝමකූපයන් බොහෝ පිහිටා ඇතිනම් එම පුරුෂයා බුද්ධිමත්ව කටයුතු කර ධනය සැපය ලබනු ඇත.නමුත් අනුන්හට ඊර්ෂ්‍යා කරන අයෙකුවේ.යම් පුරුෂයෙකුගේ පිටෙහි තැනින් තැන රෝම කූපයන් පිහිටා ඇත්නම් උත්සහ වන්ත අයෙකු වන නමුත් තමන්ගේ උත්සහයෙන් අනුන් ප්‍රයෝජන ලබාගනී.කොතරම් උත්සහ කලත් තමාගේ යහපත සලසා ගැනීමට අපහසුවේ.යම් පුරුෂයෙකුගේ පිට මසින් පිරී රෝමකූපයන්ගෙන් තොරව පිහිටියේ නම් එම පුරුෂයා ධාර්මික ගුණයෙන් යුතු ධනය සැපය ලබන අයෙකු වන්නේය.

යම් පුරුෂයෙකුගේ තුනටිය සහ සට්ටම මහත්ව මසින් පිරී පිහිටියේ නම් ඔහු සමාජයේ ගෞරවය ලබනා තම උත්සහයෙන් ධනය උපයනා නමුත් ශරීරගත රෝගී තත්වයන්ට ලක්වන්නෙක් වන්නේය.යම් පුරුෂයෙකුගේ තුනටිය සහ සට්ටම් සමානව පිහිටා ඇත්නම් ඔහු ගුණවත්වූද නැණවත්වූද ,යහපත් හැසිරීම් ඇති පැහැදිලි ධනයකට උරුමකම් කියනා අයෙකු වේ.යම් පුරුෂයෙකුගේ තුණටිය මහත්ව පිහිටා සට්තම් ප්‍රදේෂය මසින් හීනව පිහිටියේ නම් එම පුරුෂයා අධම ගති සිරිත් විරිත් සහිත අනුන් තලාපෙලා කටයුතු කරන අනුන් වෙනුවෙන් අයහපතක් කිරීමට උත්සහ ගන්නා අයෙකු වන්නේය.

යම් පුරුෂයෙකුගේ යටිබඩ ප්‍රදේෂයේ කැරකුනා වූ සිනිදු රෝමයන්ගෙන් ගැවසී ඇත්නම් වාසනා වන්ත යහපත් පුරුෂයෙකු වන්නේය.යම් පුරුෂයෙකුගේ යටිබඩ රළුවූ රෝමයන්ගෙන් ගැවසීගත්තේ නම් රළුගති ඇති කෘර පුද්ගලයෙකු වන්නේය.යම් පුරුෂයෙකුගේ යටිබඩ ප්‍රදේශයේ ස්වල්ප රෝම සහිතව පිහිටියේ නම් යහපත සහ අයහපත ජීවිතයේ සම සමව ඇතිවනා අයෙකු වන්නේය.

යම් පුරුෂයෙකුගේ ලිගුව ඉහලට එසවී ඇති ආකාරයෙන් පිහිටියේ නම් බොහෝ බලවත් පුද්ගලයෙකු වන්නේය.යම් පුරුෂයෙකුගේ ලිගුව කොටව මහත්වී පිහිටියේ නම් දිළිදුවේ.යම් පුරුෂයෙකුගේ ලිගුව කෘෂව දිගුව පිහිටියේ නම් දියුණුව ලබනා අයෙකු වන්නේය.යම් පුරුෂයෙකුගේ ලිගුව වමට ඇදව පිහිටියේ නම් ගැහැණු දරුවන් ලබයි.දකුණට ඇදව පිහිටියේ නම් පිරිමි දරුවන් ලබනු ඇත.

යම් පුරුෂයෙකුගේ කලවා ප්‍රදේශය මහත්ව කැරකවී ඇති ආකාරයෙන් පිහිටා ඇත්නම් මහත් සැප ලබනා අයෙකුවේ.යම් පුරුෂයෙකුගේ කලවා ප්‍රදේශය කෘෂව පිහිටියේ නම් බොහෝ දුක් විදිනා අයෙකු වන්නේය.

යම් පුරුෂයෙකුගේ දෙදන මසින් පිරී  පැහැපත්ව පිහිටියේ නම් ධන වාසනාව සමග යාන වාහන ලැබීමේ වාසනාවද ඇති අයෙකු වන්නේය.යම් පුරුෂයෙකුගේ දෙදන කෘෂව පිහිටියේ නම් බොහෝ ගමන් ඇති අසරණ අයෙකු වන්නේය.

යම් පුරුෂයෙකුගේ කෙන්ඩා ප්‍රදේෂය මසින් පිරී සිහින් රෝමයෙන් ගැවසී ඇත්නම් ඔහු බොහෝ සැප ලබනා අයෙකු වන අතරම ගුණ යහපත් කම් සහිතව අන් අයහට උදව් උපකාර කිරීමේ කැමැත්ත ඇතිව සිටිනා අයෙකු වන්නේය.යම් පුරුෂයෙකුගේ කෙන්ඩා ප්‍රදේෂය රෝම රහිතව සිහින්ව පිහිටියේ නම් දුක් සහිත ජීවිතයක් ද විවිධ රෝගාබාධයන්ට ලක්වන්නා වූ අයෙකුද වන්නේය.

පුරුෂයන්ගේ පිටිපතුල් රක්ත වර්ණයෙන් දිළිසෙනා ආකාරයෙන් පිහිටා ඇත්තේ නම් එම පිහිටීම ඉතා වාසනාවන්ත පිහිටීමක් වන අතර දුර්වර්ණව පිහිටියේ නම් අවාසනාව සමග කාලය ගතකරනා අයෙකු වන්නේය.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments