නවග්‍රහයන්ගෙන් යෙදෙන අපලයන්ට ජ්‍යෙතිෂයේ බොහොමයක් පිලිවෙත් හදුන්වා දී ඇත.නමුත් මෙම පිලිවෙත් වලින් බොහොමයක් දේව සංකල්ප සහ ගුප්තමය ක්‍රම මහින් සලසා ගැනීමක් පිලිබදව සදහන් කර ඇත.ඒවා අස්ත්‍ය යැයි බොර යැයි කියා ප්‍රතික්ෂේප කිරීමට බැරිය.එම පිලිවෙත් නිසි ආකාරයෙන් අනුගමනය කර නිසි ප්‍රතිඵල ලබාගත්තෝද බොහොමයක් වෙති.ඒ අතරම එම පිලිවෙත් අනුගමනය කර කිසිදු ප්‍රතිඵලයක් නොලැබූ පිරිසක්ද වෙති.එසේ නම් මෙහි ගැටලුවක් තිබිය යුතුය.ඒ පිලිබදව පාඨක ඔබ දැනුවත් කිරීම යුතුකමකි.උදාහරණයක් ලෙස සෙනසුරුගෙන් යෙදෙන්නා වූ අපලය සදහා නියම කෙරෙන එක් පිලිවෙතක් පිලිබදව කෙටි පැහැදිලි කිරීමක් කරමි.
සෙනසුරු ග්‍රහයා මූලික වීමෙන් අපල යෙදෙන අවස්තා කිහිපයකි.එනම් ....
ජම්ම කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහයා අසුබ ස්තානයක තැම්පත්ව සිටින අයෙකුට කිසියම් මහදසාවක සෙනසුරුගේ අතුරු දසාව ලැබීම අපල අවස්තාවකි.එයින්ද රවි මහදසාවක සෙනසුරුගේ ආතුරු දසාවත් සදුගේ මහදසාවක සෙනසුරු අතුරු දසාවත් කුජ මහදසාවක සෙනසුරු අතුරු දසාවත් රාහු මහදසාවක සෙනසුරු අතුරු දසාවත් කේතු මහදසාවක සෙනසුරුගේ අතුරු දසාවත් ජම්මියාට විශේෂිත අසුබ අපල ඇතිකරවනා කාලයන් වේ.එමෙන්ම සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපල පවතින වසර හතහමාරක කාලයත් ජම්ම ඒරාශ්ටකය සහ ලග්න අශ්ටම ඒරාශ්ටක කාලයත් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටම කාලයත් සෙනසුරුගෙන් යෙදෙන විශේෂිත අපල අවස්තාවන්වේ.සෙනසුරු ඒරාශ්ටකයල් පවතින මොහොතක සෙනසුරුගේ මහදසාව පැවතීමත් රවිගේ හෝ සදුගේ මහදසා අතුරු දසා යෙදීමත් විශේෂිත අපල අවස්තාවන් ලෙස හැදින්විය හැකිය.මීට මතරව සෙනසුරු මහදසාවේ මුල් වසර තුනක පමණ කාලයද අපල පවතින කාලයක් ලෙස හැදින්විය හැකිය.එය බලවත් අපලයක් වන්නට නම් සෙනසුරු උපතේදී දුබලව සිටිය යුතුය.කෙසේ හෝ සෙනසුරු ජම්මියාට ගෙනදෙන්නේ බලවත් මතක සිටින අපල තත්වයන්ය.
සෙනසුරුගෙන් යෙදෙනා අපල තත්වයක් පවතින මොහොතක ඔබ ජ්‍යෙතිෂ වේදියෙකු හමුවීමට ගිය විට ජ්‍යෙතිෂ වේදියා අපල තත්වය විග්රහ කරන විට ඔබ අසන්නේ මෙම අපලයෙන් මිදීමට ක්‍රමයක් නැද්ද තිබෙනවා නම් ඒ කුමක්ද කියාය.ඒ නැතත් ජ්‍යෙතිෂ වේදියා විසින් අපලයෙන් මිදීමට කල යුතු පිලිවෙත් නියම කරයි.
සෙනසුරු අපලයට ජ්‍යෙතිෂවේදීන් නියම කරන පිලිවෙත් අතර විශ්ණු දෙවියන්ට භාර හාර වීම සහ නීල මණ්ඩල හෝ ශණි මෘතෘන්ජ යන්ත්‍රය ඵලදින ලෙස දන්වන අතරම ණෛළ් මැණික්කක් හෝ කාක නිල් නම් මැණික් සහිත මුදුවක් පලදින ලෙස දන්වා සිටී.මේවායෙන් ඇතිවී ඇති අපලයෙන් මිදිය හැකිද ?
මට ඔබව ගොනාට ඇන්දවීමට අවශ්‍ය නැත.ඒ වාගේම දේව සංකල්පය හෝ දේව භක්තියත් යන්ත්‍ර කරණය නම් පුරාණ සාස්ත්‍රය හෑල්ලුවට ලක්කිරීමටද අවශ්‍ය නැත.මේ උත්සහ දරණුයේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීම පමණකි.නීල මණ්ඩල යන්ත්‍රය විසිහයදාස් වරක් ජීවම් කලයුතුය.එආ වාගේම යන්ත්‍රයක් සැකසීමේදී නිසි පිලිවෙත් අනුගමනය කල යුතුය.මස් මාංශයෙන් කාම රාගයෙන් වැලකී එම කටයුතු නිසි ආකාරයෙන් කලයුතුය.මෙය කල හැක්කේ කීයෙන් කී දනාටද.එවැනි කැපකිරීමක් සිදුකිරීමට වර්ථමාන කාර්යබහුල සමාජ වටපිටාවේ කල හැක්කේ කාහටද ? ගැටලුව ඇත්තේ එතැනය.නැතිනම් යන්ත්‍ර කරණයේ නොවේ.අනෙක් අතට දෙවියන්ට, අපට ඇතිවන අසුබ තත්වයන් පාලනය කිරීමේ ඇති හැකියාව විමසා බැලිය යුතුය.
මා දන්නා තරමින් දෙවියන්ට අපගේ ජීවිත වෙත ඇතිකරවන අසුබ බලපෑම් පාලනය කිරීම හෝ වැලැක්වීම කල නොහැකියි.නමුත් දෙවියන්ට අප වෙනුවෙන් ආශිර්වාද කිරීමක් කල හැකියි.දෙවියන්ට මිනිසුන්ගේ අහයපත දුරැලීමට හැකි නම් ඉන්දියාව වැනි උදේ සවස දෙවියන් සදහා දේවාලවල පූජාවන් පවත්වන රටක මිනිසුන්ගේ ජීවිත දුක්ඛිත වීමට බෑ.නමුත් බුදුරජාණ්න් වහන්සේගේ දේශනාවන් තුල දේව මණ්ඩලය පිලිබදව සදහන් වෙනව.බුදුරජාණන් වහන්සේ දෙවියන් උදෙසා පිං අනුමෝධම් කිරීම සිදුකල යුතු බව.නමුත් අප පූජවට්ටියක් සකසාගෙන දේවාලයකට ගොස දෙවියන්ට බාරහාර වීමෙන් අපට ඇතිවී ඇති අපලය සහමුලින් ඉවත්වී යන්නේ නැත.දෙවියන්ට මිනිසුන් වෙනුවෙන් කල හැකි දේ සීමාසහිත යැයි මාගේ මතයයි.මෙම මතයට වෙනත් අයෙකුට විරුද්ධ විය හැකිය.
ග්‍රහ අපලයක් යනු ශාරීරිකව මානසිකව අප දුර්වල වන අවස්තාවකි.බුද්ධිය යටපත් වෙමින් හදිසි සිතුවිලි ක්‍රියාත්මක වන මොහතයි.එමෙන්ම පෙර කරන ලද අකුසල් ක්‍රියාත්මක වන මොහතයි.එසේ නම් දෙවියන්ට බාරහාර වීමෙන් බෝධිපූජා තැබීමෙන් ලබාගත හැක්කේ මානසික සුවයක් පමණි.මානසික සුවය ලැබීමෙන් සියලු අයහපත දුරුවී යන්නේ නැත.දෙයක් වීමට ඇත්නම් එය අනිවාරයෙන්ම සිදුවේ.එය අපලය මෙන්ම සපලය හෙවත් යහපතටද එකලෙස ක්‍රියාත්මක වේ.අපට අයහපතක් වන අවස්තාවලදී අප කියන්නේ කරුමේ කියාය.අපට යහපතක් වන මොහොතේ එය කරුමය යැයි අප කියන්නේ නැත.නමුත් කර්මය යනු යහපත සහ අයහපත යන දෙකමය.අප කරන ලද කුසල් සහ අකුසල් මත ක්‍රියාත්මක වන යහපත සහ අයහපත යන දෙක කර්මයවේ.
කිසියම් අපල අවස්තාවක් ලැබූ විට ඔබ පලමුව වෙනදාට වඩා බුද්ධිමත් ව ඉවසීමෙන් අවධානයෙන් යුතුව කටයුතු කලයුතුය.අපල සමයක අයහපත ක්‍රියාත්මක වීමේ වැඩි අවධානමක් පවතින හෙයින් එම අවධානම මතකයේ තබා ගත යුතුය.ඇතිවන යහපතකදී උවද දෙවරක් නොව තුන් හතර වතාවක් සිතාබලා කටයුතු කලයුතුය.මන්ද යත් යහපත සහ අයහපත අතර ඇත්තේ ඉතා කුඩා පරතරයක් පමණි.යහපත ෂණයකින් අයහපතක් බවට පත්විය හැකිය.සියලු අපලයන්ට හොදම ප්රතිකර්මය වන්නේ බුද්ධිමත්ව සෑම මොහොතකම කටයුතු කිරීමයි.ඔබ බුද්ධියෙන් තොරව කටයුතු කරයි නම් ඔබට අපලයක් ඇතත් නැතත් සිදුවන්නේ අයහපතකි.
බුද්ධිමත් වූ පමණින්ම සියලු අපල අහෝසිවී යන්නේ නැත.නමුත් ඔබ බුද්ධිමත්ව ක්‍රියාත්මක වන විට ඇතිවිය හැකි අයහපත් තත්වය බොහෝ දුරට අවම කරවා ගැනීමේ අවස්තාව ලැබේ.එය මෙසේ පැහැදිලි කරගත හැකිය.
හෙට දිනයේ ඔබ ප්‍රදේශයට සුළි සුළගක් හමා එනවා යැයි ඔබට අද දැනගැනීමට ලැබුනේ යැයි සිතමු.එවිට ඔබට එම කුණටුවෙන් තම නිවසත් තම පවුලත් තමාත් ආරක්ෂාවීමට ගත හැකි ක්‍රියාමර්ගයක් ගත හැකිය.එය කුමණ ආකාරයකින්වත් මුහුණ දිය නොහැකිනම් වෙනත් ආරක්ෂිත ස්තානයකට පිටත්ව යා හැකිය.අපලයද එසේය.මුලදී කල්තියා හදුනාගත හොත් ඇතිවිය හැකි බොහෝ විපත් වලින් ආරක්ෂාවිය හැකිය.
දෙවියන්ට බාරහාර වීමටත් යන්ත්‍ර පැළදීමටත් කපුටාට දානය දීමටත් පෙරාතුව ඔබ , ඔබගේ යටපත් වෙමින් ඇති බුද්ධිය අවධිකරගත යුතුය.ඉන් පසුව අනෙක් ප්‍රතිකර්ම සදහා යොමුවීමා යහපත්ය.
ජනක පී කුමාර විසිණි. හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය |
0 Comments