හතර අදිපති සිටින ස්තානය අනුව පලාපල.

හතර අදිපති සිටින ස්තානය අනුව පලාපල.


හතර අදිපතියා හතරේ නම් යහපත්ය.දනවත්වීමේ බලවත් ග්‍රහපිහිටීමකි.ගෙවල්දොරවල් වතුපිටි යාන වාහන සම්පතින් බලවත් වූ තම පරම්පරාවේ නායකයෙකු හෙවත් බලවතා බවට පත්වන බලවත් පිහිටීමකි.මෑති ඈමතිවරු වෑනි උසස් තනතුරු ලබීමට තරම් වාසනාවන්තයෙකි.සිල්වත් වූ තම ගෞරවය රෑකගන්නා අයෙකි.ස්ත්‍රින්ට ප්‍රියවූ දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට යහපත සලසන්නා වූ කෙනෙකු වේ.

හතර අදිපතියා පහේ හෝ නවයේ සිටීනම් ඉගනීමෙන් යුත් සීලවන්තයෙකි.වෑඩිහිටියන්ට හා පූජකයන්ට ගරුසරු දක්වන්නා වූ ගුනවතෙකි.බිරිදට හා දරුවන්ට හිතවත් මිතුරෙකි.දාර්මිකව උපයා ගත් දනයෙන් තම ගෞරවය රෑකගනිමින් ජීවත්වන්නා වූ පිංවතෙකි.හතර අදිපතියා පහේනම් මවට වඩාත් ගුනදේ.හතර අදිපති නවයේ නම් පියාට වඩාත් ගුනදේ.

හතර අදිපතියා හයේ නම්.පාප ක්‍රියාකරන්නෙක් වේ.ක්‍රෝදයෙන් පිරුන කෙනෙක් වේ.හොදනමක් ලබන්නේ ඉතා කලාතුරකිනි.

හතර අදිපතියා ලග්නයේ හෝ හතේනම්,යම් යම් දේ පිලිබදව උගතෙක් වේ.පියාගේ රෑකියාවට හෝ දනයට හිමිකම් ලබයි.අනුනට සේවය කිරීම සදහා තම දනය වෑය කරයි.ඉදිරියට පෑමින කතාකරන්නෙක් නොවේ.

හතර අදිපතියා අට හෝ දොලොස්වන බාවයේ නම්,සෑප අඩු.දුක් විදින්නෙක් වේ.වෑඩිහිටියන්ගේ දේපල නොලෑබී යන්නට ඉඩ තිබේ.ස්තිර වාසයට තමාගේම කියා නිවසක් හිමිකරගෑනීම අපහසුය.එවෑනි දේපල ලබා දියුනුකර ගෑනීමට තම හිතේ ආශාවක් නෑත.නමුත් දීරග ආයුශ ලබයි.හතර අදිපති දොලොස්වෑන්නේ නම් තමා විසින් පිට තෑනක නිවසක් තනාගනී.

හතර අදිපතියා දහයේ නම් ක්‍රියාවේ දක්ශයෙක් වේ.දනයෙන්ද සම්පතින්ද බලවත් වූ අයෙකි.මවට වඩාත් යහපත් ග්‍රහ පිහිටීමකි.නමුත් එය පියාට අසුබ පිහිටීමකි.

හතර අදිපතියා තුන හෝ එකොලහ යන ස්තානයක සිටීනම්,දනවත් වේ.මිනිස් ගුනයෙන් පිරි කෙනෙකි.අනුනට දීමට කෑමතිය.තම මහන්සියෙන් උපයාගත් දනය නිසාම දියුනුවන්නෙක් වේ.සහෝදරයන්ට උපකාර කරන්නෙක් වේ.

හතර අදිපතියා දෙකේ නම් ඉතාමත් යහපත් ග්‍රහ බලයකි.විවාහයෙන් පසු ජීවිතය ඉතා සෑප සහිතව වාසනාවන්ත ලෙස ගතකරන්නෙක් වේ.බිරිදට සහ දරුවන්ට වාසනාව ගෙනෙන අයෙකු වේ.දනයෙන් සහ ගුනයෙන් බලවත් වේ.

ජනක් පී කුමර්
Phone - 0702872322

Post a Comment

0 Comments