තුන්වෑන්නාදිපතියා සිටින ස්තානය අනුව පලාපල.

තුන්වෑන්නාදිපතියා සිටින ස්තානය අනුව පලාපල.


තුන්වෑන්නාදිපතියා ලග්නයේ හො එකොලොස්වෑන්නේ සිටීනම් තමාගේම උත්සහයෙන් කටයුතුකර බොහෝ දියුනුවට පත්වන්නෙක් වේ.වික්‍රම වන්තයෙක් වේ.මහජන සෙවකයෙක් වේ.සිහින් ශරීරයක් සහිත වූ අයෙක් වේ.

තුන්වෑන්නාදිපතියා දෙවෑන්නේ නම් මහත් වූ ශරීරයක් සහිත වූ කෙනෙකි.බඩ ප්‍රදේශයේ උශ්න ගති සහිත කෙනෙක් වේ.ස්ත්‍රින් ප්‍රිය කරන්නා වූ කෙනෙකි.නමුත් ජීවිතයේ සෑපය පිලිබදව සතුටකින් ජීවත්නොවේ.

තුන්වෑන්නාදිපතියා තුන්වෑන්නේ නම් වික්ක්‍රමාන්විත සෑප ඈති කෙනෙකි.දනයෙන් බලවත් වේ.දරුවන්ගෙන් මහත් සෑප ලබයි.තමාගේ සහෝදරයන්ට අගුන වූ පිහිටීමක් වන්නා සේම තම සහෝදරයන් තමා සමග විරුද්ද වේ.

තුන්වෑන්න අදිපති හතර පහ හෝ දහය යන ස්තානයක සිටීනම් ජීවිතය පුරාවට සෑපය සතුට බුක්තිවිදින්නෙක් වේ.තරමක සෑර පරුශ බිරිදක් ලබයි.නමුත් ගුනවත් බලවත් අයෙකු වේ.

තුන්වෑන්න අදිපති හයවන බාවයේ සිටියේ නම් තම සහෝදරයන් තමාට සතුරු වෙති.තමා දනවත් කෙනෙක් වේ.නෑන්දා මාමාවරුන්ගෙන් උපකාර ලබන පිහිටීමක් උවත් එයම ඔවුන්ට බලවත් අපලයක්ද වේ.

තුන්වෑන්න අදිපති හත හෝ අටවන බාවයේ සිටියේ නම් සොර සිතක් සහිත වූ අයෙකි.සතුරන් සමග එක්ව ජීවත්වේ.ඔවුන් සමග දුක් ලබයි.නීතිවිරෝදී ක්‍රියා නිසාවෙන් අවසානයේ සිරගතවන්නටද පුලුවන.පාප ග්‍රහයන්ගෙන් තුවෑන්නාදිපතියා පීඩාවට පත්ව ඈත්නම් මෙම කරුනු බලවත්ව සිදුවේ.

තුන්වෑන්න අදිපති නමය හෝ දොලොස්වන බාවයේ සිටීනම් කාන්තාවන්ගෙන් සෑපලබන්නාවූ වාසනාවන්තයෙකුවේ.නමුත් සිත සතුටින් නොමෑත.නමුත් සියලු සෑප ආගිය තෑන්වල ලබයි.

ජනක් පී කුමර්
Phone - 0702872322

Post a Comment

0 Comments