නවවෑන්නාදිපති සිටි ස්තානය අනුව පලාපල.

නවවෑන්නාදිපති සිටි ස්තානය අනුව පලාපල.


නවවෑන්නාදිපති නවයේ සිටීනම්,මෙය ඉතා බලවත් පිහිටීමකි.යහපත් ඉගනීමද.ගුනවත් බවද,වෑඩිහිටයන්ට සලකන්නා වූ ගුනයෙන්ද,යුතු කෙනෙක් වේ.බිරිදටද ,ස්වාමියාටද,තම දරුවන්ටද එම ගුනයහපත් කම් පිහිටයි.රූපයද ඉතා සුන්දර කරයි.දුටු දුටුවන් ප්‍රිය කරයි.උසස් ඉගනීමටද මෙය ඉතාම යහපත් පිහිටීමක් වේ.සියල්ලන් අතර යහපත් කෙනෙකු ලෙස ප්‍රසිද්ද වේ.

නවවෑන්නාදිපති හතරේ හෝ දහයේ නම්,උසස් බලවත් රෑකියාවක් කරන්නෙක් වේ.තම පිරිස ඉදිරියේ ප්‍රකට වේ,සෙන්පතියෙකු වශයෙන් බලවත්වන්නට මෙම පිහිටීම වෑදගත්ය.කතාවෙහි දක්ශයෙකි.එයට සියල්ලන් අවනතවේ.අදික දේපල ඉඩකඩම් හිමිකරගන්නට වාසනාව වේ.තරහ ක්‍රෝද ආදී දුර්ගුනයන් නොමෑති අයෙකි.උසස් ලෙස සමාජයේ ජීවත්වේ.

නවවෑන්නාදිපති එකොලහේ හෝ පහේ නම්,පිං කිරීමට ආශා ඈති බොහෝ පිරිස් අතර ජනාදරයට පත්වන්නා වූ කෙනෙකි.උගතෙකි.ගුරුදෙගුරුන් හට නොමදව උපහාර දක්වන්නෙක් වේ.පහත් ක්‍රියා නොකරන අතර දනයෙන් බලයෙන් ශක්තිමත් කෙනෙක් වේ.

නවවෑන්නාදිපති හය අට දොලහ යන ස්තානයක සිටියේ නම්,දනය හීනවේ.සත්පුරුශ ගති අඩුය.ආගම කෙරෙහි බක්තිවන්තයෙකු නොවේ.පියාට එතරම් යහපත් නෑත.

නවවෑන්නාදිපති දෙක හෝ තුන යන ස්තානයක නම්,පෙර පිං බලයෙන් යුතු කෙනෙකි.දනය උපයයි.සිතුවිලි වේගවත්ය.අදික කාමබෝගී කෙනෙකි.ගුනවතෙකි.උගතුන් ඈසුරු කරන බුද්දිමත් කෙනෙකි.

නවවෑන්නාදිපති ලග්නයේ හෝ හතේ නම්,ගුනවන්තයෙකි.යසස් ඈත්තෙකි.නමුත් තමාගේ කටයුතු කරගත නොහෑකිව තෑවෙන කෙනෙකි.ඉතාම දාර්මික ගුනයෙන් යුතු කෙනෙකි.

ජනක් පී කුමර්
Phone - 0702872322

Post a Comment

0 Comments