දහවෑන්නාදිපති සිටින ස්තානය අනුව පලාපල

දහවෑන්නාදිපති සිටින ස්තානය අනුව පලාපල


දහවෑන්න අදිපති හතරේ හෝ දහයේ නම්.නුවන සහ බලය ඈත්තෙක් වේ.ක්‍රියාවන්ට ශූරයෙක් වේ.ගුරු දෙගුරුන්ට සලකන ගුනවතෙක් වේ.යුක්තිය සහ දර්මය රකින්නෙක් වේ.නමුත් දහය අදිපතියා දහයේ නම් පියාට අපල සහිතය.

දහවෑන්න අදිපති එකොලහේ හෝ පහේ නම් දනවත් වේ.දරුවන් යහපත් අයවේ.සබෑ වචන කතා කරයි.ගුනවත්ව සෑපවත්ව යහපත් ජීවිතයක් ගතකරයි.

දහවෑන්න අදිපති ලග්නයේ නම් කලාවන්ගේ උසස් දෑනුමක් ඈති කෙනෙකි.බාල කාලය රොගයන්ගෙන් පෙලේ.නමුත් තරුන වයසින් පසු නිරෝගී කෙනෙක් වේ.බොහෝ දනවතුන් අතර දනවතෙකු වන්නට තරම් වාසනාවන්තය.

දහවෑන්න අදිපති හයේ දොලහේ නම්,ශුබ නෑත.සදාකාලික සතුරන්ගෙන් පීඩා ලබයි.කිසිකලෙක සෑප ඈති අයෙකු නොවේ.දක්ශ වූ ගුනවන්තයෙක් වේ.

දහවෑන්න අදිපති දෙක තුන හත යන බාවයක් සිටීනම්,කතාවේ දක්ශ ගුනවන්තයෙකු වේ.සත්ය කතාකරන අයෙකු වේ.බිරිදට ,ස්වමියාට බොහෝ හිතවත්ව කටයුතු කරන්නෙකු වේ.සුබ ග්‍රහයෙකු වී දෙවෑන්නේ සිටියේ නම් මහා දනවතෙකු වේ.එම ග්‍රහයාට කුජගේ බලපෑමකට යටත්නම් දනය වියදම් වී යයි.

දහවෑන්න අදිපති අටේ නම් පාපයට හිත ඈති කෙනෙකු වේ.කිසිකලක ඔහු කරන කියන දෙයක් වඩා සාර්තක වන්නේ නෑත.

දහවෑන්න අදිපති නවයේ නම්,දාර්මික,පිංකරන ගුනවන්තයෙකු වේ.තපස් ජීවිතයට වඩා හිතවේ.තමාගේ ප්‍රදාන අරමුන පිං කිරීම වේ.

ජනක් පී කුමර්
Phone - 0702872322

Post a Comment

0 Comments