ඇඟමස් නැටීම නම් වූ ශාරීරික සිදුවීම පිළිබදව වූ පුරාතණ සහ නවීන දැනුම් පද්ධතියට අනුව පැහැදිලි කිරීමක්.

ඇඟමස් නැටීම නම් වූ ශාරීරික සිදුවීම පිළිබදව වූ පුරාතණ සහ නවීන දැනුම් පද්ධතියට අනුව පැහැදිලි කිරීමක්.

ඇගමස් නැටීම පිළිබඳව පලාඵල විස්තරය



උපතේ සිට විපත දක්වා ගෙවා දමන ජීවිතයේ , අප නොයෙකුත් ආකාරයේ සිදුවීම් , අත්දැකීම් සමග ජීවිතය ගෙවාදමයි.මෙලෙස ගෙවීයන ජීවිතයේ අපගේ ශරීරයද නොයෙක් ආකාරයේ වෙනස්කම් සහිතව වෙනස් වෙමින් කාල ආයුෂය ගෙවීයයි.මනුෂ්‍ය ශරීරය තුළ ඇතිවන භෞතික වෙනස්කම් සමග ශරීරයේ මාංශපේශී තුළ ගැස්සීමක් හෙවත් නැටීමක් සිදුවන බවට , තම ශරීරය පිළිබදව අධ්‍යනයෙන් පසුවන අයට හදුනාගත හැකි වූ තත්වයක් වෙයි.


මෙම භෞතිකමය සිදුවීම ජ්‍යෙතිෂය හා සබැදි දේහ ලක්ෂණ විද්‍යාව වැනි විෂය අංග තුළ නොයෙක් වූ පලාඵල සහිතව විග්‍රහකර තිබෙණු පොතපත පරිශීලණයේදී හදුනා ගැනීමට හැක.මීට අමතරව වෛද්‍ය විද්‍යාවෙහි මෙම ලක්ෂණ හෝ තත්වයන් ශරීරයේ සෞඛ්‍ය තත්වයන් හා බලපාණු ලබණ බවට විග්‍රහයක් ඉදිරිපත් කරණු ලබයි.මෙම සියලු තත්වයන්ගේ බලපෑම කුමණ ප්‍රතිඵල ඇතිකෙරේදැයි අප මෙතැන් සිට විමසා බලමු.

දේහ ලක්ෂණ විද්‍යාව මගින් ශරීරයේ මස් නැටීම ස්තාන ලෙස වෙන් වෙන් වශයෙන් ගෙන , එම මස් නැටීම සිදුවන ස්තානය අනුව යම් අනාගත සිදුවීමක සුබ හෝ අසුබ වශයෙන් ප්‍රතිඵල ලබාදෙන බව ප්‍රකාශකරයි.ස්ත්‍රී පාර්ශවයේ , ශරීරයේ වම් පස කොටසෙහි සිදුවන ඇගමස් නැටීම සුබඵලදායක සිදුවීමක පෙරනිමිත්තක් වශයෙන්ද , ස්ත්‍රී පාර්ශවයේ ශරීරයේ දකුණු පස ඇග මස් නැටීම අසුබ සිදුවීමක පෙර නිමිත්තක් වශයෙන්ද දක්වනු ලබයි.මෙය පුරුෂ පාර්ශවයට ඊට ප්‍රතිවිරුද්ද ආකාරයෙන් ක්‍රියාත්මකවේ.එනම් පුරුෂ පාර්ශවයේ  ශරීරයේ දකුණු පස ඇගමස් නැටීම සුබ සිදුවීමක පෙර නිමිත්තක් වශයෙන්ද . වම් පස ශරීරයේ ඇගමස් නැටීම අසුබ සිදුවීමක පෙර නිමිත්තක් වශයෙන්ද දක්වා ඇත.

මෙම ශාරීරික සිදුවීමේ ප්‍රතිඵල පලාඵල වශයෙන් පහත ආකාරයෙන් දක්වා ඇත.

හිස්‌ මුදුනේ මස්‌ නැටීම - ධන ලාභ ඇතිවීමද , වස්‌තුව ,  ඉඩකඩම් ලාභ , දේපළ ලාභ පිළිබදව ඉගියක් ලබාදේ.

ඇස වටයේ හෝ ඇසට ආසන්න මුහුණු ප්‍රදේශයේ ඇග මස් නැටීම - හිතමිත්‍ර ලාබ ලැබීමත් , හිතවතුන්ගේ , සේවකයන්ගේ උදව් උපකාර ආදිය විශේෂ වශයෙන් ලැබීමක් ඉගි කරන බව සදහන් වෙයි.මීට අමතරව තමා එතෙක් කරමින් සිටි කටයුතු සඵල වන බවටත් දියුණුව සදහා ගන්නා උත්සහයන් සාර්තක කරගැනීමට හැකිවන බවත් , තරග විභාග ආදියෙන් ජය හිමි වන බවටත් ඉගි ලබාදෙයි.

මීට අමතරව - ශරීරයේ ඇසේ දෙකෙළවර මස්‌ නැටීමෙන් කියෑවෙනුයේ යම් යම් ක්‍රමයන්ගෙන් තමාට ලාභ ප්‍රයෝජන අත්වන බවත් ඇසේ මධ්‍ය කොටසෙහි නම් තමන් කරගෙන යන වැඩකටයුතු පිළිබඳව කළකිරීමෙන් අලස බවක්‌ ඇතිවිය හැකි බවත් පෙන්වාදේ..ඇස් බැමෙහි කෙලවර් මස් නැටීම මගින් මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ වැනි උත්සවයන් ට සහභාගි වීමට අවස්‌ථාව ඉක්‌මනින් එළඹෙන බව කියාපයි.

කණට සම්බන්ධ ශරීර කොටසේ ඇගමස් නැටීම සිදුවන්නේ නම් තමාට ප්‍රියජනක වූ , යහපත් වූ සුබ ආරංචි ලැබීමක් පිළිබදව ඉගියක් ලබාදෙන බව සදහන් වෙයි.

පිට කොන්ද ප්‍රදේශයේ ඇග මස් නැටීම , දිශා , ස්ත්‍රී පුරුෂ භේධයෙන් තොරව අනාගත අයහපතක් පිළිබදව ඉගියක් වනු ඇත.රෝග දුර්වලතා තරග විභාග ආදියෙන් පරාජයවීම් මෙම සලකුණ හරහා ඔබට පෙන්වා දෙනු ඇත.

අතේ මුල ප්‍රදේශයෙහි - මස්‌ නැටීම සිදුවී නම් තමන් ඇසුරු කරන මිත්‍රයන්ගේ උදව් උපකාර ලාභ, ප්‍රයෝජන හිමිවීමට හේතුවන බව සදහන් වේ.එමෙන්ම ධනලාභ, දේපළ, ඉඩකඩම් ලාභ ආදී ලාභ ප්‍රයෝජන අත්වීම සිදුවන බවට ඉගියක් වනු ඇත.

ශරීරයේ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයේ ඇග මස් නැටීම මගින් තමාට හදිසි ප්‍රසිද්ධියක් , කැපී පෙනීමක් ඇතිවන බව කියාපාන අතරම ගෞරවය , තත්වය වර්ධනය වීමක් මෙම ස්තානයන්හි සිදුවන ඇගමස් නැටීම මගින් කියාපාන බව පොතපතෙහි සදහන්වේ.මෙය කීර්ති ප්‍රශංසා හිමිවීමට හේතුවක් වනු ඇත.

නළල් තළයෙහි මස් නැටීම මගින් හදිසි ධනලාභ, වස්‌තු ලාභ, වෙළෙඳ ව්‍යාපාර ආදියේ දියුණුව ඇතිවීමට හේතුවන බව සදහන්වේ.මීට අමතරව පදිංචි ස්‌ථානයේ දියුණුව මෙන්ම තම ව්‍යාපාර, රැකියා ආදියෙහි ලාභ ප්‍රයෝජන උසස්‌වීම් ආදියට හේතුවන බවට ඉගියක් වනු ඇත.

නාසයෙහි එවැනි අවස්‌ථා ඇතිවීමෙන් තමන් අපේක්‌ෂිත අදහස්‌ සඵල වී ප්‍රීතිමත් සැපවත් වාසනාවන්ත වකවානුවක්‌ ළඟදීම උදාවිය හැකි බව පෙන්නුම් කරයි.

මුඛයේ දෙතොල් මත , මස් නැටීම සිදුවන්නේ නම් තමන් ලැබීමට අපේක්‌ෂා කරන ප්‍රියකරන, දේ ලැබීමෙන්, සතුටක්‌, ප්‍රීතියක්‌ අනාගත වශයෙන් ලැබීම සංකේතවත්වේ.මෙහිදී උඩු තොලෙහි මස් නැටීම විශේෂයෙන් යහපත් වන අතර වාසනාව, භාග්‍ය අත ළඟම ඇති බවට ඉගි කරවන බව පැරණි පොතපතෙහි සදහන් වේ.

උරහිස්‌ ප්‍රදේශයේ මස්‌ නැටීමෙන් තමන් කරන ව්‍යාපාර ආදියේ දියුණුවත්, ධන ධාන්‍ය, භව භෝගයන්හි සාර්ථක ඵල නෙළා ගැනීමට අවස්‌ථා උදාවන බවත් දැක්‌වේ.

බඩ ප්‍රදේශයේ ඇග මස් නැටීම සිදුවී නම් සිතට සැනසුම, ප්‍රීතිය උදාකිරීමට හේතුවන දේ සිදුවන බවත් පෙන්නුම් කිරීමකි.

ස්‌ත්‍රියක හෝ පුරුෂයකු ගේ යෝනියෙහි , පුරුෂ ලිංගයෙහි මස්‌ නැටීම සිදුවීම නම් දරුවෙක්‌ පිළිසිඳ ගැනීමට හේතුවන බව සදහන්වේ.

හෘදය වස්‌තුවෙහි මස්‌ නැටීම සිදුවීම ලෙඩ රෝග ආදී ශරීරයට අහිතකර සිදුවීම් ඇති විය හැකි බවත් පෙන්නුම් කරයි.

පාදයක දනහිසෙහි මස්‌ නැටීම ස්‌වකීය ගමට හෝ ජීවත්වන ප්‍රදේශයෙහි පළාතෙහි සැලකිය යුතු තනතුරකට පත්වීම හෝ මිල මුදල් ආදිය ලැබීමෙන් සමාජයේ ප්‍රධානත්වයට පත්වීම ඉගි කරන බව සදහන්වේ.

යටිපතුල්වල කැසීම ඇඟ මස්‌ නැටීමට සමාන යෑයි සලකන අතර එවෙනි දෙයක්‌ සිදුවීම තමන් බලාපොරොත්තු නොවූ දුර බැහැර ගමන් බිමන් යැමට හේතුවන බවත් ගමනේදී හෝ තම රැකීරක්‌ෂා ව්‍යාපාර ආදියෙන් පාඩු අලාභ සිදු විය හැකි බවත් ඉගිකරවන බව සදහන්වේ.

දකුණු අතෙහි  අල්ල ප්‍රදේශය කැසීම තමාට මිල මුදල් ලැබීම පෙන්නුම් කිරීමක්‌ බවත් වම් අල්ල කැසීම වියදම් අධික බව පෙන්නුම් කිරීමක්‌ බවත් දැක්‌වේ

මෙම ඇගමස් නැටීම නම් වූ ශාරීරික සිදුවීම ආයුර්වේධ වෛද්‍ය ශ්‍රාස්ත්‍රය තුළත් බටහිර වෛද්‍ය ශ්‍රාස්ත්‍රය තුළත් වෛද්‍ය විද්‍යයාත්මක තත්වයන් යටතේ විස්තර කරනු ලබනව.

මේ අනුව ශරීරයේ යම් හෝ ස්තානයක ඇග මස් නැටීමක් සිදුවන්නේ ද , එම ශරීර කලාපය ආශ්‍රිතව ප්‍රධාන ලේ නහර පද්ධතියේ ලේ ගමනාගමනට ඇතිවන බාධා වීමක් ලෙස සහ නහර අභ්‍යන්තරයේ ඇතිවන තෙරපුමක් හෙතු කරගෙන මෙම ශාරීරික සිදුවීම සිදුවන බවට වෛද්‍ය විද්‍යාතමක තත්වයන් යටතේ පෙන්වා දෙනව.ලේ නහරක , ලේ ගමනා ගමනයට බාධා , අවහිරතා ඇතිවීමට ප්‍රධාන වශයෙන් ශරීරයේ ලේ ධාතුවේ ඇතිවන කැටිගැසීම් බලපානු ලබන බව තවදුරත් පැහැදිලි කර තිබෙනව.

යම් යම් පුද්ගලයන්ගේ යම් යම් ශරීර ස්තානය තුළ ඇතිවන ඇගමස් නැටීම තුල , එම සිදුවීම සිදුවන ශරීර කලාපයේ , ආශ්‍රිතව ඇතිවන අභ්‍යන්තරික රෝගීවීමක් පෙන්නුම් කරන බවද , එම රෝගය හෝ ස්තානීය දුර්වලතාවය , මූලික මට්ටමින් ඇතිවෙමින් පවතින බවට , පූර්ව ඉගියක් මේ මගින් ඇතිකරන බවද , තවදුරටත් වෛද්‍ය විද්‍යාව තුළ විස්තරකර පවතිනව.පපුවේ වම් පසට වන්නට  ඇගමස් නැටීම සිදුවන්නේ නම් එය , හෘධයාබාධයක පෙරනිමිත්තක් බවත් , හිස සහ බල නහර ආශ්‍රිතව සිදුවන ඇගමස් නැටීම ආගාතය හෙවත් අංශභාග රෝග තත්වයේ පෙර නිමිත්තක් බවටත් සදහන් වනව.

එමෙන්ම ඇසේ මස් නැටීම මගින්ද ආඝාත හෙවත් අංශභාග තත්වයක්  පෙන්නුම් කරන බව වෛද්‍ය මතය වනව .මෙය අර්ධ වස්ත්‍ර භ්‍රාසය නම් තත්ත්වය ලෙස හැඳින්වෙනව.මෙම තත්වය ප්‍රධාන වශයෙන් මොළ දන්ඩ හරහා පිහිටන ප්‍රධාන ස්නායු පද්ධතිය ආශිතවත් , එම ස්නායුවට සම්බන්ධ ස්තානයන් තුලත් ඇතිවිය හැකි වනව.

ඇග මස් නැටීම යම් ජීවන අනාගත සිදුවීමක පෙර නිමිත්තක් බව පුරාණ දැනුම් පද්ධතිය තුළත් , නවීන විද්‍යා තත්වයන්ට අනුවත් පැහැදිලි කර තිබෙනව.එම නිසා මෙම ශාරීරික සිදුවීම , හාස්‍යට හෝ වෙනත් අදුෂ්‍යයමාන තත්වයකට සම නොකොට , එම සිදුවීම පිළිබදව වෛද්‍ය විද්‍යා තත්වය සොයා බැලීමටද වගබලා ගතයුතුයි.විශේෂයෙන් කුඩා දරුවන් සහ  වැඩිහිටියන් සම්බන්ධව සිදුවන මෙම ශාරීරික සිදුවීම පිළිබදව වැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කිරීම , කොයි කාගේත් යහපතට හේතුවනවා ඇති.

ඉතින් ප්‍රේක්ෂක පාඨක රස හිතවතුනි , තවත් මෙවන් වූ ඔබට වැදගත් සවිස්තරාත්මක රස විස්තරයක් සමග , මතු හමුවීමේ බලාපොරොත්තු සහිතව අදට අප සමුගෙන යනව.ප්‍රාර්ථනා කරණවා ඔබ සැමට , සුවබර , සුබ අනාගතයක් !


හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්
සැකසුම - ජනක් පී කුමාර් 

Post a Comment

0 Comments