බබා වැන්ගා දුටු 2022

Baba Vanga 2022 predictions


බබා වන්ගා 1911 ඔක්තෝම්බර් 3 වන දින පැන්ඩෝ සුර්චෙව් සහ පරස්කේවා සුර්චෙවාට දාව ස්ට්‍රූමිකා හි උපත ලැබීය.උපතේ සිට ජීවිතයේ අනේක දුක් විදි ඇය කුඩා අවදියේම , මවගේ මරනය සිදුවිය.පියා රාජ්‍ය ද්‍රෝහී චොදනාවට ලක්විය.දේපල රාජසන්තක කරන ලදී.පියාගේ දෙවන විවාහයෙන් පසු කුඩා වැන්ගා අසල්වාසින් සහ පවුලේ හිතවතුන් අතර හැදී වැඩුනේය.මැය කුඩා කාලයේ ටොනේඩෝ කුණාටුවකට හසුව ඇති අතර එයින් ඇතිවූ දුහුවිලි ක්‍රමයෙන් ඇය අන්ධභාවයට පත්කරන ලදී. වයස අවුරුදු 12 දී ඇගේ පෙනීම නැති වූ අතර පසුව අනාගතය දැකීමට හැකි බව කියා සිටියේය.1925 දී, සර්බියානු, ක්‍රොඒට් සහ ස්ලෝවේනියානු රාජධානියේ, සෙමූන් නගරයේ අන්ධයන් සඳහා වූ පාසලකට වන්ගා ගෙන එන ලද අතර, එහිදී ඇය වසර තුනක් ගත කළ අතර, බ්‍රේල් කියවීමට, පියානෝව වාදනය කිරීමට මෙන්ම ගෙතුම් කිරීමටද ඇය උගත්තේය.1942 මැයි 10 වන දින, වන්ගා පෙට්‍රිච් අසල ක්‍රන්ඩ්ෂිලිට්සා ගම්මානයේ බල්ගේරියානු සොල්දාදුවෙකු වන ඩිමිටර් ගුෂ්ටෙරොව් සමඟ විවාහවිය.1947 දී ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වී, අවසානයේ 1962 අප්‍රේල් 1 වන දින මිය ගියේය.


බබා වන්ගා ලෙස පොදුවේ හැඳින්වෙන වැන්ගෙලියා පාන්ඩේවා ගුෂ්ටෙරෝවා බල්ගේරියානු ගුප්ත විද්‍යාඥයෙක් සහ ශාකසාර වෛද්‍යවරයෙකි. දෘශ්‍යාබාධිත මානසික වෛද්‍යවරිය අතීතයේ පැවසූ අනාවැකි සපලවන්නට පටන්ගත් අතර රාජ රාජ මහාමාත්‍යන්ගේ සිට සමස්ත පොදු ජනයාගේ ගෞරවයට පාත්‍ර විය. ඇයව හැඳින්වූයේ ‘බෝල්කන්වල නොස්ට්‍රඩමස්’ යනුවෙනි.ඇය 1996 වසරේ මිය ගියද ක්‍රි.ව 5079 වසර දක්වා අනාවැකි පළ කළාය. 

මෙම අන්ධ බල්ගේරියානු ගුප්ත විද්‍යාඥයවරිය වන බාබා වැන්ගා කියා සිටියේ අනාගතය දැකීමට දෙවියන් වහන්සේගෙන් ඉතා දුර්ලභ තෑග්ගක් ඇයට ලබා දුන් බවයි.


2022 වසර තුල සමස්ත ලෝකයටම පොදු අනාවැකි කිහිපයක් ඇය සදහන් කර ඇති අතර ස්වභාවික විපත් සහ තවත් විවිධ වූ සිදුවීම් සම්බන්ධ අනාවැකි ඇය උපුටා දක්වමින් Times Now වෙබ් අඩවියේ දක්වා ඇත.


Baba Vanga 2022 වර්ෂය සදහා වූ අනාවැකි


ස්වභාවික විපත්


2022 සඳහා, ආසියානු රටවල් කිහිපයකට සහ ඕස්ට්‍රේලියාවට "දැඩි ගංවතුර" ඇති වනු ඇතැයි වන්ගා අනාවැකි පළ කළේය.භූමිකම්පා සහ සුනාමි තත්වයන්ද මෙම කලාපය තුල ඇතිවනු ඇතිබව තවදුරටත් ඇය ප්‍රකාශකර ඇත.


නව මාරාන්තික වෛරසයක්


දැනට පවතින වසන්ගත තත්වය ඉදිරි වසර සදහා ද ක්‍රියාත්මක වනු ඇති අතරම , පර්යේෂකයන් කණ්ඩායමක් සයිබීරියාවේ මෙතෙක් ශීත කළ මාරාන්තික වෛරසයක් සොයා ගනු ඇති බවට ඇය ප්‍රකාශකර ඇත.


පානීය ජල අර්බුදය


2022 ඉදිරි වසර තුළ ලොව පුරා බොහෝ නගර පානීය ජල හිඟයකට ගොදුරු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව වන්ගා කියා සිටියේය.


පළඟැටි ප්රහාරය


පළඟැටියන් රංචු භෝගවලට සහ කෘෂිකාර්මික බිම්වලට පහර දෙන බවත්, ඉන්දියාවේ දැවැන්ත සාගතයක් ඇති කරන බවත් ඇය අනාවැකි පළ කළේය.ඉන්දියාව තුළ උෂ්ණත්වය අංශක 50 දක්වා ඉහල යනු ඇති බවටත් එම නිසා පළගැලියන් විශාල ලෙස වර්ධනය වී වගා භූමි විනාශකරනු ඇති බවටත් බබා වැන්ගා තවදුරටත් අනාවැකි පළකර ඇත.මීට පෙර පළඟැටියන් විශාල රංචු 2020 දී රාජස්ථාන්, ගුජරාට් සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තවලට පහර දුන්නා.


අතථ්‍ය යථාර්ථය අත්පත් කර ගැනීම


Virtual Reality භාවිතය නිසැකව ම මෑත වසරවලදී වැඩි වී ඇති නමුත් Vanga කියා සිටියේ 2022 Virtual Reality සැබවින්ම භාර ගන්නා වසර වනු ඇති බවයි.


පිටසක්වල ප්‍රහාරය


‘Oumuamua’  නමින් හඳුන්වන ග්‍රහකයක් හෝ යානාවක් පිටසක්වල ජීවීන් විසින් පෘථිවියේ ජීවය සෙවීමට එවන බව වන්ගා ප්‍රකාශ කළේය. මෙය පිටසක්වලයන්ගේ ප්‍රහාරයක් හෝ ආක්‍රමණයක් ලෙස ක්‍රියාත්මකවනු ඇති බව ඇය ප්‍රකාශ කරයි.


මෙලෙස ඇය 2022 වර්ෂය සදහා අනාවැකි පළකර ඇති අතර ඇය මෙතෙක් ප්‍රකාශිත බහුතර අනාවැකි ප්‍රමාණයක් සපළවී ඇත.එසේ නම් ඇය අනුව ඉදිරි 2022 වර්ෂය සමස්ත ලෝකයටම තවදුරටත් දැඩි අභියෝග ඇතකරනවා ඇත.


මූලාශ්‍ර - www.timesnownews.com

සැකසුම - ජනක් පී කුමර්


Post a Comment

0 Comments