පඬුවස්දෙව් රජු කල පැතිර ගිය දිවි දෝෂය යනු වසූරියද?


ලාංකික වංශකතා අනුව ලංකාවේ ආර්ය බලය පැතිරවූ පළමු රජු විජයයි. (ක‍්‍රි. පූ. 543-505* විජයට පසු ලංකාවේ රජ වූයේ පඬුවස්දෙව් රජුය. (ක‍්‍රි. පූ. 504-474* මීට පෙර ලංකාවේ පැතිර තිබු යක්‍ෂ - දේව - නාග යන ස්වදේශීය ගෝත‍්‍ර මර්දනය කොට ලංකාවේ ආර්ය බලය ආර්ය ජනපද මුලින්ම ඇති කළේ විජය රජු බව දීපවංශය - මහාවංශය කියයි. එහෙත් ‘‘ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසය’’ ග‍්‍රන්ථයේ විජය හා පඬුවස්දෙව් රජවරුන්ගේ කාල සීමා අවිනිශ්චිත නිසා දක්වා නොමැත. ඉහතින් දක්වා ඇත්තේ කොඞ්රින්ටන් ලංකා ඉතිහාසයේ දී ඇති වකවානුය.

 විජය තම්මැන්නාවට ගොඩ බැස යක්‍ෂ බලය මැ`ඩ තම ආර්ය බලය පතුරුවන්නේ යක්‍ෂ නායිකාවක් වූ කුවේණිගේ උදව් ඇතිවයි. විජයට දාව ඇය ජීවහත්ත හා දිසාලා යනුවෙන් දරු දෙදෙනකු ලබයි. පසු කල ඇමතීන්ගේ ඉල්ලීම මත විජය තම අභිෂේකය ඉටුකරලීම සඳහා පඬිරට කුමාරිකාවක් ගෙන්වයි. කුවේණි නෙරපයි. ඇය ඉතිරිව සිටි ඇගේ

 නෑයින්ගෙන් ගැරහුම් තර්ජන ලැබ යක්දෙස්සාගල පර්වතය මුදුනට ගොස් විජයට ශාප කොට මියගොස් වෛරයෙන් දිවි දෙනක් වී උපදියි. ඇය දිග වීදුරු දිවක් මවා රාත‍්‍රි නින්දේ සිටින විජය රජු වෙත තම දිගු දිව දිගු කරයි. මිය ගිය කුවේණි දිවි දෙනක් වී එල්ලවූ දෝෂය දිවි දෝෂය යනුවෙන් හඳුන්වයි. දිවි බේරා ගත් ජීවහත්ත - දිසාලා සමනල අඩවියට පලා ගොස් දිවි බොරා ගනිති. ඔවුන් දෙදෙනාගෙන් වැදි පරපුර පැවත එන බව මහාවංශය කීවත් ලංකාවේ වැදි පරපුර අවුරුදු තිස්දාහක් පමණ පැරැුණිය.

 කුවේණි නෙරපා ඇය යක්දෙස්සාගල දී විජයට ශාප කොට දිවිදෙනෙක් වී ඉපිද දිගු දිවක් මවා ගෙන නින්දට යන විජයගේ පපුවට දිව දිගු කොට මරණ බය ඇති කිරීම දිවිදෝෂයේ ආරම්භයයි.

 විජය මිය ගිය පසු ප`ඩුවස්දෙව් රජ වෙයි. ඔහු ඉන්දියාවේ සිට ආ ශාක්‍ය වංශික කුමාරයෙකි.

 විජයගෙන් ඇති වූ දිවි දෝෂය දැන් ප`ඩුවස්දෙව් රජුට දැඩි ලෙස බලපෑමට විය. ඔහුට නින්ද නොයයි සිරුර කෙට්ටු වෙයි. බියෙන් තැති ගනියි. පසු කල ලියැවුණු ‘‘රාජාවලිය’’ නම් ග‍්‍රන්ථයේ ප`ඩුවස් දෙව් රජුට එල්ල වූ දිවි දෝෂය මැ`ඩලීමට දෙව්ලොව අධිපති සක්දෙව් රජු මැදිහත්ව කටයුතු කළ බව මෙසේ විස්තර කරයි. විජය ලංකාවට ගොඩබට විට ලංකාව ආරක්‍ෂා කිරීම සක්දෙවිඳුට භාර කළ බැවින් සක්දෙවි ඊශ්වර කැඳවා දිවි දෝෂය මැ`ඩලන ලෙස රාහුට භාර දෙයි. රාහු ඌරකුගේ වෙස් ගෙන දඹදිව මල රජුගේ උයන පාළු කරයි. මේ මල රජු තපස් කෙනකු මානෙල් මලකින් ඉපිද වූ කුමරෙකි. ඔහුට බාල සහෝදරයන් තිදෙනකු විය. කිත්සිරු-සඳසිරු-මලසිරු ඒ තිදෙනාය. මේ දිවි දෝෂය මැ`ඩලිය හැක්කේ මල රජුට පමණක් බව රාහු දනියි. ඒ නිසා රාහු විශාල ඌරකු මෙන් වෙස්වලාගෙන මල රජුගේ උයන පාළු කරයි. ඒ පණිවුඩය ආරංචි වූ මල රජු තම සහෝදරයන් තිදෙනාගේ උදව් ඇතිව උයන පාළු කරන ඌරා ලූහුබඳියි. කුමාරවරු ඌරා ලූහුබැඳ එන විට ඌ තූත්තුකුඩියෙන් මුහුදට පැන ලංකාවට එයි. කුමාරවරු ඌරා මුහුදේ ලූහුබඳිති. (මීට පෙර ඉන්දියාව - ලංකාව අතර තිබුණේ රාවණාගේ රාජධානියයි. රාවණගේ අධර්මයෙන් රට මුහුදට ගිලී

 ගිය බව රාජාවලිය කියයි.* ඌරා ලංකාවට මුලින් ම පා තැබූ බිම ’’ඌරාතොට’’ නම් විය. මල රජු ඌරා ලූහුබඳියි - සක්දෙවි එවිට විශාල ගල් කුළක් මවා දිවි දොස් දුරලන ලෙස ඉල්ලා සිටියි. ඌරා ලංකාව මැද පේරාදෙණියට නුදුරු ගන්නෝරුව හෙවත් දිවිදොස් කන්ද කැලෑව දක්වා ආවේය. මල රජු දිවිදොස් කන්දේදී ඌරා මැඬ බමුණු වෙස් ගෙන මහායාගයක් කර ප`ඩුවස්දෙව් රජුගේ දිවි දෝෂ දුරලයි. දිවි දෝෂය දුරලූ ගන්නෝරු කඳුගැටය අදත් ‘‘දිවිදොස් කන්ඳ’’ නම් වෙයි. ගන්නෝරුව සිට හේවාහැට දෙසට විහිදෙන හන්තාන කඳුවැටිය ඌරාගල නමින් අදත් හඳුන්වයි. මල රජුගේ යාගයෙන් ප`ඩුවස්දෙව් රජු දිගුකලක් පීඩා විඳි කුවේණිගේ දිවි දෝෂය දුරු වෙයි.

 මෙම දිවිදොස් පුවත පසු කල වංශකතා හා සාහිත්‍ය පොත්වලට එකතු වූවකි. මුලින්ම කෝට්ටේ කල ලියවුණු කුවේණී අස්න මේ කථාව කියයි ඉන්පසු රාජාවලිය සියබා අස්න මල රාජ කතාව ඇතුළු සාහිත්‍ය පොත් ගණනාවක දිවිදොස් කතාව එයි. චාර්ල්ස් ගොඩකුඹුරේ පළ කළ කොහොඹා කංකාරිය ග‍්‍රන්ථය අනුව දිවි දෝෂය දුරලීමට පඬුවස්දෙව් රජුට කළ මේ දීර්ඝ දුෂ්කර යාගය කොහොඹා කංකාරිය නම් වෙයි. එහි එම ග‍්‍රන්ථයේ දීර්ඝ හැඳින්වීම අනුව කොහොඹා කංකාරිය කිසියම් භයානක වසංගතයක් මැ`ඩලීමට කළ දැවැන්ත යාග කර්මයක් බව පෙනී යයි. මෙවැනි දැවැන්ත යාග කර්මයක් කිරීමට සිදුවූ භයානක විපත වූයේ වසූරිය රෝගය බව පැහැදිලි වෙයි. මුල්ම කාලවල වසූරිය වැළඳුණු විට එයට ප‍්‍රතිකර්මයක් තිබී නැත. පෘතුගීසි වාර්තා අනුව

 පෘතුගීසි යුගයේදී පවා වසූරිය වැළඳුණු රෝගීන් ගෙදරින් ඉවත් කොට ගේ නුදුරු වන රොදක් මායිමේ වෙනම තැබීම ලංකාවේ සිදු වූ බව කියා ඇත. මේ රෝගීන්ගේ ඉව වැටෙන කැලෑවේ වසන දිවියන් මෙම

 රෝගීන් තම ගොදුරු කර ගැනීම පුරුද්දක් විය. වසූරිය රෝගීන්ට දිවියන් සිහිනෙන් දැකීම රෝගය උග‍්‍ර වූ විට සිදු වෙයි. එමෙන්ම වෙන් කර තැබූ රෝගීන් දිවියන්ගේ ගොදුරු බවට පත්වෙයි. ඒ නිසා වසූරිය රෝගය වසූරිය යන සංකේතයෙන් මෙම වංශකතා හඳුන්වයි. රෝගයේ මුල්ම අවස්ථාවල ධනය ඇති අය බලි ශාන්ති කර්මවලින් වසූරිය මැඬ ගත් බව කොහොඹා කංකාරි කවි අනුව සිතා ගත හැක. එය ඇෙ`ග් ප‍්‍රතිශක්තිය බලි යාග නිසා සිතේ ඇතිවන පරිවර්තන නිසා විය යුතුය.

 19 වැනි සියවස මුල දකුණු ඉන්දියාවේ සිට උඩරට වතුවලට ගෙනා ද්‍රවිඩ වතු කම්කරු පිරිස්වලින් අඩක් පමණ ම`ගදී ගමන් වෙහෙස බඩගින්න - වසූරිය නිසා මියගිය බව වර්තා වෙයි. ලංකාවට එන සංක‍්‍රමණිකයන් මණ්ඩපම් කඳවුරේදී වසූරිය රෝගයට එන්නත් කිරීම ඇති වූයේ ඉන් පසුවයි.

 වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ
 එස්. කේ. ජයවර්ධන
www.divaina.com