විවාහ දිවිය අවුල් කරන කාල සර්ප යෝගය


කාල සර්පයෝගය හැම අයකුටම යෙදෙන්නේ කලාතුරකිනි. ජ්‍යෙdතීර් වේදියෙකු කාලසර්පයෝගය යෙදී ඇති අයකුගේ කේන්ද්‍ර සටහන පරීක්‍ෂා කරන විට බොහෝ අවස්‌ථාවලදී පවුල් ජීවිතය හා ජීවන වෘත්තිය ගැන කරුණු පරීක්‍ෂා කෙරේ. ඒ තරමට කාල සර්ප යෝගය බලපාන හෙයිනි. තම මවක හෝ පියෙකු හෝ දරුවාගේ කේන්ද්‍ර පලාපල විමසීමට ජ්‍යෙdතිෂවේදියකු හමුවීමේදී කාල සර්ප යෝගය යෙදී ඇත්නම් එහි ආදීනව බිය, සන්ත්‍රාසය, ඇතිවන පරිද්දෙන් පහදාලීම සුදුqසු නොවන්නේය.

නාගයෙකු සංකේතවත් කරමින් උගේ ශීර්ෂයන් වලිගයත් රාශි 07 ක්‌ ඇතුළත එනම් හිස රාහුටත් වලිගය කේතුටත් අයිතිකර හිස සහ වලිගය අතර සෙසු ග්‍රහයන් පිහිටීම කාලසර්ප යෝගය ලෙස හඳුන්වයි. මෙම යෝගයට ක්‍රමවේද දෙකකි. කේතුගෙන් පටන්ගෙන අංශක 180 ක්‌ දුරින් රාහු සිටින විට ඒ අතර සියලුම ග්‍රහයන් (රවි, චන්ද්‍ර - කුජ බුධ,ගුරු, ශුත්‍ර, ශනි) සිටීම කාල සර්ප යනුවෙන්ද රාහුගෙන් ආරම්භ කර කේතුගෙන් කෙළවර වනවිට කාල අමෘත යනුවෙන්ද මෙම යෝග ක්‍රමය සිදු වේ. හඳහන් පරීක්‍ෂාවේදී රාහු හෝ කේතු සිටින භාවයේම තවත් ග්‍රහයකු හෝ කීපදෙනකු සිටීමට පුළුවන. මෙවන් අවස්‌ථාවලදී අංශක ප්‍රමාණයන්a කෙරෙහි නිවැරැදි තීරණ ගතයුතු වන්නේය.

රාහු - කේතු මහදශා අතුරු දශා වලදී විශේෂයන් අශුභ ඵල උදාකෙරේ. කාල සර්ප යෝගය යෙදුන විට ළදරු වුව අකල් මරණ වලට ගොදුරු වියහැකිය. කාල සර්ප යෝගය යෙදී ඇති හඳහනක ශනි - චන්ද්‍ර සංයෝගය ජන්ම ඒරාෂ්ඨකය නිසා ළමාවියේදීම මරණයට පත්විය හැකිsය. නොඑසේනම් ඔවුන් කීර්තිධර අය වන්නේ කාල සර්ප යෝගය නැතිවිටයි.

රාහුට හා කේතුට මැදිව 01 වැන්න සහ 07 වැන්න භාව වලදී ග්‍රහයන් සිටීමෙන් ශරීර තත්aත්වය, විවාහය, රැකියාවට, ඉගනීම් කටයුතු වලට බාධක යෙදේ. රාහු කේතු 02 සහ 08 සිටි විට මරණය පවා ගෙනදීමට පුළුවන. ධන නාස්‌තිය, ණයකරුවකු වීම, පවුල් ආරවුල් ඇතිකරයි. 03 සහ 09 යෙදේනම් හදිසිය නිසා පාඩු සිදුවීම්, අප්‍රවේශම්කම, හදිසි කරදරවලට යොමුවීම වැනිදේ සිදුවේ. රාහු 04 ත් කේතු 10 ත් සිටි විට ඉඩකඩම් දේපළ වස්‌තුව පිළිබඳ කරුණු වලදී ප්‍රශ්න ඇති වේ. රාහු 05 ක්‌ කේතු 11 ත් වීමෙන් දරුවන්ගෙන්, බිරිදගෙන් නෑයන්ගෙන් වෙන්කරනු ලබයි. 06 සහ 12 යෙදීම නිසා සතුරු කරදර වලට මුහුණ පෑමට සිදු වේ. ලෙඩරෝග වලින්ද අඩුවක්‌ නැත.

මෙම යෝගය නිසා අදාළ තැනැත්තා ආරම්භ කරන කාර්යයක්‌ ඉතාමත් යහපත් අයුරින් නිම කළ හැකිවාත් මෙන්ම එය ඉක්‌මනින් සිදු වේ. මේ නිසා ඉහළටම නැඟිය හැකි අතර පහළට වැටෙන්නේද ක්‌ෂණිකවමය. විවාහ ජීවිතය අවුල් සහගත වන අතර අවාසනාවන්ත වෙයි. විවාහකයන් ඇතිකර ගත් දේපල වලින් ඵල ප්‍රයෝජන ලැබීමට ඉඩ නැත. එසේම විවාහය කඩා කප්පල් වීම, දික්‌කසාද වීම හෝ මරණය හෝ සිදුවීමටද ග්‍රහබලපෑම් අනුව සිදු වේ.

කොහොම නමුත් උපතේදී කේතු 09-12-04 හෝ 05 ස්‌ථානයක නම් ශුභ ඵල අපේක්‍ෂා කළ හැකිය. රාහු 03, 06, 10 හෝ 11 වැනි ස්‌ථානයක වී නම් එයද ශුභදායක වේ. රාහු කේතු සිටින ස්‌ථාන වල සදු, බුධ, ගුරු ශුක්‍ර සිටීමෙන්ද යහපත උදාකරයි. රවි, කුජ, ශනිට රාහු කේතු සිටින ස්‌ථාන අශුභ දායක වේ. රාහු කුජ 07 සිටීම විවාහය දෙදරවයි. මෙය 01 සිටීමද යහපත් නැත. කාල සර්ප යෝගය යෙදී ඇති අය විවාහ වීමේදී ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකේ ගැලපීම පරීක්‍ෂා කිරීම හොඳයි. විවාහ පරීක්‍ෂාවේදී අශුභ තැන් භංග කරන ග්‍රහ පිහිටීම් තිබිය හැකිය.

යුරේනස්‌ නැප්චුන් වැනි ග්‍රහයන් (පසුව සොයාගත්) ගැන කාල සර්පයෝගය ගැන සැලකිලිමත් නොවන වගක්‌ පෙනේ. මේ අනුව බලන විට කාලසර්ප යෝගය අශුභ ඵල ගෙනදෙනයෝගයක්‌ ලෙසම නිර්වචනය කිරීම සුදුසු ද යන්න ප්‍රශ්නයකි.

ආර්. එම්. ටී. බී. රත්නායක
උපුටා ගැනීම - දිවයින පුවත්පත



කාල සර්ප යෝගය පිළිබදව ඔබ මෙතෙක් නොඇසූ ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රීය සවිස්තර විස්තරය ශ්‍රව්‍යය දෘශ්‍යය සටහනක් ලෙස

#කාල_සර්ප_යෝගය 
#KALA_SARPA_YOGAYA
#THE_Life
#ජීවිතය_YOUTUBE_සඟරාව
#වේඳ_ශ්‍රාස්ත්‍රීය_අසම_සම_දැනුම
#janak_p_kumara