ආයුෂ අඩුවන්නේ ඇයි ?


අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේ මිනිසාගේ ආයුෂ ප්‍රමාණය වූයේ අවුරුදු 120 කි. එහෙත් උන්වහන්සේ ආයු වැළඳුවේ අවුරුදු 80 ක්‌ පමණි. උන්වහන්සේට පෙර වැඩවිසූ කාශ්‍යප බුqදුරජාණන් වහන්සේ අවුරදු 20000 ක්‌ද, කෝනාගම බුදුරජාණන් වහන්සේ අවුරුදු 30000 ක්‌ද, කකුසඳ බුදුරජාණන් වහන්සේ අවුරුදු 40000 ක්‌ද, වෙස්‌සභූ බුදුරජාණන් වහන්සේ අවුරුදු 50000 ක්‌ද, සි‚ බුදුරජාණන් වහන්සේ අවුරුදු 60000 ක්‌ ද, විපස්‌සී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80000 ක්‌ද ආයු වැළඳුවෝය. විපස්‌සී බුදුරජාණන් වහන්සේගේ සිට අප ගෞතම බුදුරජානන් වහන්සේ අතර කාලය මහා කල්ප ගණනාවක්‌ වේ. මේ මහා කල්ප ගණන තුළ මිනිසාගේ ආයු ප්‍රමාණය අඩුවූයේ ඇයිද යන්න ප්‍රශ්නයකි. මෙයට හොඳම ආගමාණුකූල පිළිතුර අප ගෞතම බුදුරජාණන් වහන්සේම වදාළ සේක. ඒ උන්වහන්සේ වදාළ චක්‌කවත්තී සීහනාද සූත්‍රයෙනි. චක්‌කවත්ති සිහනාද සූත්‍රය සැකෙවින් මෙසේය.

චක්‌කවත්ති සීහනාද සුත්‍රය 

බුදුරජාණන් වහන්සේ මාතුලා නුවර වැඩවසන සමයේදී භික්‌ෂුන් වහන්සේලා අමතා මෙම සූත්‍රය දේශනා කරන ලදී. 

පෙර කල සතරමහා සාගරයම වට කොට මුළු පොළවටම අධිපතිවු දල්හේන නම්වූ සක්‌විති රජෙක්‌ වාසය කළේය. ඉතාමත්ම ධාර්මික රජෙක්‌වූ දල්හේන රාජ්‍ය කාලයේදී සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආයුෂ වසර දස දහස්‌ ගණනාවක්‌ විය. අවුරුදු දස දහස්‌ ගණනකට වයස්‌ගත වූ මෙම රජතුමා දිනක්‌ තම සේවකයෙකු අමතා පින්වත් පුරුෂය යම් දිනක මාගේ දිව්‍ය වක්‍ර රත්නය තිබු තැනින් ඉවත්aව තිබුණහොත් වහා මට දැන්විය යුතුයෑයි කීය. (සක්‌විති රජතුමෙකුට හස්‌ථි රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්‌ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පරනායක සහ වක්‍ර රත්නය යනුවෙන් රත්න හතක්‌ තිබේ.) එම පුරුෂයා සෑම දිනකම වක්‍ර රත්නය තිබෙන්නේ දැයි බලන්නේ තවත් වර්ෂ දස දහසක්‌ ගෙවුණ තැන දිනක වක්‍ර රත්නය තිබු තැනින් ඉවත්ව ඇති බව දැක රජතුමාට වහාම එම පුවත දැන්වීය. රජතුමා වහාම තම වැඩිමහල් පුත්‍රවූ මුද්ධාභිතිස්‌ස කැඳවා වක්‍ර රත්නය ඉවත්ව ඇති බව දන්වා ඉන් අදහස්‌ වන්නේ තමා තව වැඩි කල් ජීවත් නොවන බව බැවින් රජකම පුත්‍රයාට පවරා ගිහි ගෙයින් නික්‌ම පැවිදිව වනගත විය. ඔහු වනගතවී දින 7 කින් ඔහු මියගිය අතර එදිනම වක්‍ර රත්නය ද අතුරුදහන් විය.

වක්‍රරත්නය අතුරුදන් වූ බව දැනගත් මුද්ධාභිතිස්‌ස නව රජතුමා කළබලයට හා දුකට පත්ව වහාම රාජකිය සෘෂිවරයා කැඳවා එයට හේතු විමසීය. රජකම පිය උරුමයෙන් ලැබුණත් වක්‍ර රත්නය පිය උරුමයෙන් ලැබෙන්නක්‌ නොවන බවත් ආර්යය වු දස සක්‌විතිවත් පුරමින් පොහෝ දින හිස්‌ සෝදා පෙහෙවස්‌ සමාදන්ව ප්‍රාසාදයේ සිටන විට එය පහළ වන බවත් දැන්වීය. දස සක්‌විත් වත් මොනවා දැයි නව රජතුමා ඇසූවිට සෘෂිවරයා පහත සඳහන් දස සක්‌විති වත් පැහැදිලි කළේය. 

1 දශ කුසල් ඇසුරු කොට එය අනුගමනය කරමින් ධර්මයම දිවජයක්‌ කොට, ඒ ඇසුරින් අඹුදරු ආදි අභ්‍යන්තර පිරිස පෝෂණය කිරීම හා ඔවුන්ගේ ආරක්‌ෂා සංවිධානය කිරීම.

2. භට සේනාව

3. අනුගාමික ක්‌ෂිත්‍රිය ජනයා

4. බ්‍රාහ්මනයන් හා ගෘහපතියන්

5. මහණ බමුණන්

6. නියම් ගම් දනව් වැසි ජනයා

7. මෘග පක්‌ෂීන් යන මොවුන් ධාර්මිකව පෝෂණය කිරීම හා ආරක්‌ෂා කිරීම.

8. සිය රටෙහි අධාර්මික ක්‍රියා වැළැක්‌වීමට කටයුතු කිරීමට.

9. ධනය නැත්තවුනට දානය දීම.

10. මදයෙන් හා ප්‍රමාදයෙන් වැලකුණ යම් මහණ බමුණු කෙනෙක්‌ රාජ්‍යයෙහි වෙත් නම් ඔවුන් කරා වරින් වර පැමින කුසල් අකුසල් වරද නිවදි කළ යුත්ත නොකළයුත්ත නැවත නැවත විචාරා ඒ අනුව කටයුතු කිරීම.

බැලූ බැල්මට මෙකල දේශපාලන පක්‌ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ සේ පෙනුනද මෙය වචනයේ පරිසමාප්තියෙන්ම ධාර්මික රාජ්‍ය පාලනයක මූලිකාංග විය. මේ උපදෙස්‌ වචනයට සීමා නොකර ඒ අනුවම රාජ්‍ය පාලනය කර මුද්ධාභිතිස්‌ස රජතුමාට නොබෝ කලකින්ම පෙහෙවස්‌ සමාදන්ව සිටි පුර පසළොස්‌වක්‌ පොහොය දිනක දිව්‍ය චක්‍ර රත්නය නැවත පහළ විය. ඒ සක්‌විති රජතුමාද එතැන් සිට සක්‌විති දසවත් අනුව රාජය පාලනය කිරීමෙන් පසුව ආයුෂ දස දහස්‌ ගණනනාක්‌ ගෙවීsමෙන් පසු පිය රජුට මෙන්ම දිව්‍ය චක්‍රරත්නය තිබු තැනින් ඉවත්ව ඇති බව දැනන්නට ලැබිණි. ඔහුද තම ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නයට රජකම භාරදී පැවිදිව වනගත වී දින 7 කින් මියගියේය. පෙරසේම චක්‍රරත්නය එදිනම අතුරුදන් විය. රාජ්‍ය සෘෂිවරයා ගෙන්වා කරුණු විමසා බැලීමෙන් පසුව සක්‌විති වත්පිළිවෙත් අනුව රට පාලනය කිරීමෙන් ඔහුටද චක්‍ර මාණික්‍ය රත්නය පහළවිය. මේ අනුව තෙවන සිව්වන පස්‌වන සයවන හා සත්වන සක්‌විති රජවරුද අවුරුදු දස දහස්‌ ගණන් මෙසේ සක්‌විති වත් පිළිවෙත් අනුව රට පාලනය කර චක්‍රරත්නය තිබු තැනින් ඉවත්වූ විට රාජ්‍ය තම පුත්‍රයාට භාරදී පැවිදි බවට පත්වී දෙව්ලොව උපන්නෝය.

අටවන වරට අභිෂේක කළත් රජ චක්‍රරත්නය අතුරුදන්වූ විට රාජකීය සෘෂීවරයා ගෙන්වා කරුණු නොවිචාළේය. ඔහු සක්‌විති වත් පිළිවෙත් නොවිමසා ඔහුගේ අභිමතයට අනුව රට පාලනය කරන්නට පටන් ගත්තේය. එහෙත් පෙර මෙන් රාජ්‍ය දියුණු නොවීය. දිළින්ඳන්ට ධනය නොදුන් බැවින් රට එන්න එන්නම දිළිඳු විය. දිළිඳුකම වැඩිවීම නිසා එක්‌තරා මිනිසෙක්‌ අනුන්ට අයිති දෙය සොරකම් කරන්න පටන් ගත්තේය. මේ අනුව මෙලොවට සොරකම ජනිත විය. සොරකමේ ආරම්භය එය විය. රාජපුරුෂයෝ සොරාව අල්ලා රජු ළඟට ගෙන ගියේය. රජතුමා සොරකම් කිරීමට හේතු විsමසීය. ජීවත් වීමට වෙන මඟක්‌ නොමැති නිසා සොරකම් කළ බව සොරා කීය. රජතුමා ඔහුට රාජ්‍ය භාණ්‌ඩාගාරයෙන් වස්‌තුව දී එයින් අඹුදරුවන් පෝෂණය කර කර්මාන්තයක්‌ කර දියුණුවන් නැයි කීයා අවවාද කර යෑවීය. රජතුමා සොරකම් කළවුන්ට දඬුqවම් නොකර ධනය දෙන්නේ යෑයි ඇසු ජනයා ධනය ලබාගැනීමේ ආසාවෙන් සොරකම් කරන්න පටන් ගත්හ. සොරකම්කරන හැමෝටම ධනය දීමට ගියහොත් රාජ්‍ය භාණ්‌ඩාගාරය හිස්‌වෙතැයි බියවූ රජතුමා සොරකම් කරනවුන්ට දරුණු වදදී හිස ගසා දැමීමට අණ දුන්නේය. මෙය ප්‍රාණඝාතයේ ආරම්භය විය. රජතුමා සොරුන් මරණ බව දැනගත් ජනයාද තම තමන්ම තම තමාගේ සොරකම් කරන්නවුන් අල්ලා වදදී මරා දමන්න ගත්හ. එපමණක්‌ නොව සොරුන්ද ධනහිමියන් මරා ධනය පැහැර ගන්නටත් පටන් ගත්හ. මේ අනුව නිදහසේ ආයුධ පරිහරණය වැඩිවිය. හිංසාව වැඩිවිය, ප්‍රාණඝාතය වැඩිවිය. එමනිසා ක්‍රමක්‍රමයෙන් මිනිසාගේ ආයුෂ අඩුවන්නට විය. අසූදහසක්‌ ආයුෂවූ මිනිසුන්ගේ දරුවෝ අවුරුදු හතලිස්‌ දහසක්‌ ඇත්තෝ වූහ.

මේ අතර සොරකම් කරන ලද තවත් මිනිසකු රජතුමා ළඟට ගෙන ආවේය. තෝ සොරකම් කළේදැයි රජ ඇසිය ඔහු නැතැයි බොරු කීය. ඒ මුසාවදයේ උපතවිය. එතැන් පටන් මුසාවාදය රජකරන්නට විය. එමනිසා අවුරුදු සතලිස්‌ දහසක්‌වූ මිනිසාගේ දුදරුවන්ගේ ආයුෂ අවුරුදු විසිs දහසක්‌ වූවෝ විය.

එකල්හි සොරකම් කරන මිනිසුන් දුටුවෝ තවන් සොරකම් කළ බවට අනෙකුන්ට කේලම් කියන්න විය. බොරු කියනු ඇසුණුවිට එA ගැන කේලාම් කියන්නට විය. මෙය කේලාම් කීමේ හෙවත් පිසුණු වාචාවල උපතවිය. ඒ සමගම අවුරුදු විsසිදහසක්‌ වූවන්ගේ දුදරුවන්ගේ ආයුෂ දස දහසක්‌ විය. මේ ආයුෂ අවුරුදු දසදහස වීමත් සමගම ඇතැමෙක්‌ දුර්වර්ණවුවෝ වන්නට විය. මේ දුර්වර්ණ වූවෝ වර්ණවත්වූ අනුන්ගේ ස්‌ත්‍රීන්ට ලොල්වී ඔවුන්ට ඇල්ම උපදවා ඔවුන් හා කාම මිච්ඡාචාරයේ යෙදෙන්නට වූහ. මෙසේ කාම මිච්ඡාචාරය ඇති විය. ඒ සමගම ආයුෂ දසදහස වූවන්ගේ දු දරුවන්ගේ වයස අවුරුදු පන්දහස විය. මේ අයුරින් පරුෂවචන කීමද එකිනෙකාට බැණගැනීම්ද ඇති විය. එවිට ආයුෂ දෙදහස්‌ පන්සිය දක්‌වා අඩුවිsය. දැඩි ලෝභය හෙවත් අභිද්‍යාව සහ ද්වේශය ඇතිවීමත් සමගම ආයුෂ වර්ෂ දහසක්‌ වූහ. මිථ්‍යා දෘෂ්ටිය ඇතිවීමෙන් එම ආයු ප්‍රමාණයද පන්සියය දක්‌වා අඩු විය. ක්‍රමක්‍රමයෙන් රාගය ඇතිවීමෙන් අවුරුදු දෙසිය පනහ දක්‌වා අඩුවූ අතර වැඩිහිටියනට නොසැළකීම කුල දරුවන්ට ගරු නොකිරීම, දෙමාපියන්ට නොසැලකීම ආදී අද පවතින අනන්ත අප්‍රමාණ අධර්මිෂ්ඨ පාප ක්‍රියාවන් වැඩිවීමත් සමගම අනාගතයේදී මිනිසාගේ ආයුෂ අවුරුදු දහය දක්‌වා අඩුවන බව බුදුරජාණන් වහන්සේ චක්‌කවත්ති සීහනාද සූත්‍රයෙන් දෙAශනා කළ සේක. 

එදිනට ලෝකය කෙසේ වනු ඇද්දැයි දැන ගැනීමට ඔබ නොඉවසිලිමත් වනු ඇත. බුදුරජාණන් වහන්සේ එයද දිවසින් දැක වදාරා ඇත. එකල යන්තම් පස්‌වැනි විsයට එළැඹෙන විට මිsනිසා පතිකුලයට යන්නේය. දරුවන් බිහිකිරීමට සුදුසු අකාරයට එවිට ඔවුන් වැඩී ඇත්තේය. රස මෙළොවින් තුරන් වන්නේය. එකම ආහාරය වන්නේ අමුය. කුසල් කියා දෙයක්‌ ඉතිරි නොවන්නේය. අකුසලයම පාප කර්මය සැම තැනකම ක්‍රියාත්මක වන්නේය. මේ මවය, මේ පියාය, මේ බිරිඳය, මේ දූදරුවෝ, මේ සොහොයුරාය, මේ සොහොයුරියය. මේ ගුරුවරයාය, මේ වැඩිහිටියෝය කියා කෙනෙක්‌ නොමැති වන්නෝය. මිනිසා, තිරිසනා මෙන්ම හැසිරෙන්නේය. තිරිසනෙක්‌ම වන්නේය. වෙනස මිනිසාට කකුල් දෙකක්‌ පමණක්‌ තිබීමය. 

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මෙම සූත්‍රය අනුව බලලන කල මිනිසාගේ ආයුෂ අඩුවන්නේ පාලකයෝත්, පාලිතයෝත් ධර්මයෙන් ඈත්වී අධර්මිෂ්ඨ වීම නිසාය. අධර්මිෂ්ඨය රජ කිරීම නිසාය. අද සමාජය දෙස විමසුම් ඇසින් බලනකල මෙය පූර්ණ සත්‍යයක්‌ බව ගෙන හැර පෑමට අටුවා ටීකා, අනුටීකා, ප්‍රකරණ අවශ්‍යද ? අද සමාජයේ කරන කියන දෑ ගැන ටිකක්‌ සිතා බලන්න අවුරුදු 120 ක්‌ වු සාමාන්‍ය ආයුෂ අද 55 දක්‌වා අඩුවීs ඇති හේතුව ඔබට වැටහෙනු ඇත.

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ 
විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ