හොරිවිළ වෙද පරපුරේ විස්මිත වෙදකම


අනේ ඒ වෙද මහත්තයාගේ අතින් ඇල්වතුර කෝප්පයක්‌ බිව්වත් ලෙඩ සනීප වෙනවා යෑයි කිසියම් රෝගියකුගේ මුවින් පිට වෙනවා නම් ඒ වෙදැදුරුගේ ප්‍රතිකාරයන් පිළිබඳ තවත් කිව යුතු දෙයක්‌ නැත. මෙවැනි වෙදැදුරුන් සැලකිය යුතු පිරිසක්‌ අද දවස වන විට අප රටේ රෝගීන් වෙනුවෙන් කැප වෙමින් සිටීම මහත් භාග්‍යයක්‌ සේ පෙන්වා දීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

වසර සිය දහස්‌ ගණනක්‌ ඈතට විහිදී ගිය වෙද පරම්පරාවලින් පැවත එන මේ වෙදැදුරුවරු සිය චිරාගත සම්ප්‍රදායානුකූලව කරගෙන එන හෙළ වෙදකමේ අපූර්ව දස්‌කම් විදහා පාද්දී ඊට බාධා එල්ල නොවෙනවාත් නොවේ. නමුත් ඒ බාධා සියල්ල අභියෝගත්මකව ජයගෙන සිය වෙදකම අවිච්චින්නව ඉදිරියට පවත්වාගෙන යැම එතරම් පහසු කටයුත්තක්‌ ද නොවේ.

එවැනි වෙද පරපුරක්‌ ලෙස ලක්‌වැසි ජනතාව අතර ප්‍රකටව පවතින හොරිවිල වෙද පරපුර හඳුන්වා දිය හැකිය. මෙරට ජනපතිවරුන්ගේ ප්‍රසාදයට හා ඇගයීමට ලක්‌වු හේරත්හාමි වෙදැදුරු හොරිවිල වෙද පරම්පරාවේ ආදිතමයෙකි. කැඩුම් බිඳුම්වලට හා භග්න චිකිත්සාව පිළිබඳ හසල දැනුමක්‌ තිබූ ඒ වෙදදුරු පිළිබඳව අද වනතුරුත් නොදන්නා කෙනකු නැති තරම් ය.

බොහෝ රෝගීන් කීවේ මේ වෙදැදුරුගෙන් ඇල්වතුර කෝප්පයක්‌ බිව්වත් සියලු රෝග සුවවීමට මහත් බලයක්‌ තිබූ බවය. ඔහු මේ වෙද පරම්පරාවට මහඟු සේවයක්‌ කළාක්‌ මෙන්ම මෙය ඉදිරියටත් පවත්වාගෙන යැමට ද සැලසුම් කළේය. ඒ තම වැඩිමහලු දරුවකු වන සේනානායක මුදියන්සේලාගේ හේරත්හාමි විඡේසිංහට තමාගේම අඩිපාරේ ගොස්‌a හොරිවිල පරම්පරාව බබළවන්ටය.

පසුගිය දිනෙක අම්බලන්ගොඩ කුලරත්න පාරේ හොරිවිල වෙද මැඳුරට මම පිවිසියේ මෙම වෙදැදුරු පිළිබඳව තවත් සටහනක්‌ තබන්නටය. මීට පෙර මෙම විඡේසිංහ වෙදැදුරු ගැන ලියන ලද ලිපියෙන් බොහෝ රෝගීන් සුවය ලැබූ බව අප වෙත දැන්වීමෙන් ලැබූ පන්නරය නැවත ලිපියක්‌ ලියන්නට අදහස්‌ කළෙමි.

හොරිවිල වෙද පරම්පරාවට ලොකු ඉතිහාසයක්‌ තියෙනවා. ඒ ඉතිහාස කතාවේදී හොරිවිල වෙද පරපුර ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ කැඩුම් බිඳුම් හෙවත් භග්න චිකිත්සාවට විශේෂත්වයක්‌ දක්‌වනව කියල. නමුත් මෙයින් බැහැර වෙලා ඔබ සර්වාංග රෝග පිළිබඳව හොඳ දැනුමක්‌ ලබාගෙන තියෙනවා. එහෙම නම් ඇයි ඔබ පරපුරේ වෙදකමත් එක්‌ක තවත් වෙදකමක්‌ එකතු කරගන්නෙ. මම මුලින්ම විඡේසිංහ වෙදදුරුගෙන් ඇසිමි.

එහෙම දෙයක්‌ නෑ. අපේ හොරිවිල වෙද පරම්පරාව කැඩුම් බිඳුම් ප්‍රතිකාරවලට මුල් තැනක්‌ දුන්නත් ඒ සර්වාංග වෙදකම නොදැනගෙන නොවෙයි.

නමුත් මම අපේ පරපුර මුල්තැන තියාගෙන යක්‌කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයෙන් උපාධිය දිනාගෙන සර්වාංග රෝගවලටත් ප්‍රතිකාර කරන්න ආරම්භ කළා. එක දෙයක්‌ කරනවාට වඩා බොහෝ දේවල් කරන එක රෝගීන්ට ලොකු සේවයක්‌ නේ.

ඔබේ පියා පරපුරේ වෙදකමට අමතරව ආයුර්වේද වෙදකම හදාරනවාට අකමැත්තක්‌ ප්‍රකාශ වුණේ නැද්ද

මගේ අප්පච්චි එහෙම පටු අදහස්‌ තියෙන කෙනෙක්‌ නෙවෙයි. තමන්ගෙ දරුවො පරපුරේ වෙදකම පමණක්‌ ඉගෙන ගන්න ඕන කියන මතේ හිටියෙ නැහැ. නමුත් එයා මා ගැන ලොකු විශ්වාසයක්‌ ඇති කරගෙන තිබුණා. ඒකට හොඳම උදාහරණය තමයි වෙදකම මට ඉගැන්නුවා කියල ලිත සහතිකයක්‌ පවා නිකුත් කිරීම.

ඔබ ළඟට එන රෝගීන් අතර කැඩුම් බිඳුම්වලට අමතරව තවත් විවිධ රෝගාබාධවලට ලක්‌වූ අයත් එනව. ඒ වගේම විදේශීය සංචාරකයොත් එන බවක්‌ මට දැකගන්න ලැබුණා. මේ හැම කෙනාටම ඔබ ප්‍රතිකාර කරනවද?

වෙදකමට දෙස්‌ විදෙස්‌ කියල භේදයක්‌ නෑ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන්ගෙන් නිමාවුනු මේ සර්වාංගයට නොයෙක්‌ රෝග හොයාගෙන එනවා. ඉතිං අපි වාතයෙන් පිතෙන්, සෙමෙන් හැදෙන සෑම රෝගයක්‌ ම හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් වරදින්නෙ නෑ. 

තම පියාමෙන් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් සිය හදවත නිරන්තරයෙන් පුරවා ගෙන සිටි විඡේසිංහ වෙදැදුරු රෝගියකුට ප්‍රතිකාර නියම කරද්දී කිසිම කලබලයක්‌ නොදැක්‌වූ බව මට පෙනී ගිය විශේෂත්වයකි. රෝගියා දැඩි පරීක්‍ෂාවකට බඳුන් කරන ඔහු ප්‍රතිකාර නියම කරද්දී එය සංයමයකින් සටහන් කරන බවක්‌ ද පෙනී ගියේය. ඉන් නොනවතින මේ වෙදැදුරු ඖෂධ තුණ්‌ඩුව ද රෝගියා අත තැබුවේ පළමුව බුදුන්ට සහ දෙවනුව තම පියාණන්ටත් ගුරුන්ටත් දොහොත් මුදුන් දී නමස්‌කාර කරමිනි.

දේශීය වෙදකම ප්‍රගුණ කළ කොතෙක්‌ ඇතත් ඒ බොහෝ දෙනකුගේ දක්‍ෂතාව මතුවන්නේ ඉතා කලාතුරකිනි. පරපුරෙන් පරපුරට දේශීය ඖෂධ හා ඒවා සංහෝග කළා මෙන්ම ප්‍රතිකාර ක්‍රම ද එකිනෙකට වෙනස්‌ මඟක්‌ ගන්නා හෙයින් මේ තත්ත්වය උදා වී ඇති බවක්‌ පෙනෙන්නට ඇත. තවත් අයෙක්‌ ආයුර්වේද විද්‍යාලවලින් උපාධියක්‌ ලබා පිටව ගියත් ප්‍රතිකාර ගන්නට එන රෝගියකු නැත. විඡේසිංහ වෙදැදුරුට ඇත්තේ අනෙක්‌ පැත්තකි. ඔහුගෙන් ප්‍රතිකාර පතා එන්නේ පෝලිම් වශයෙනි.වෙදකම සංසාරිකව බද්ධ වී වෙදැදුරුවරයකු වීමේ වරම් ලැබූQ දේශීය වෛද්‍යවරයා මෙරට ශාකසාර උපයොගී කර ගෙන කරන ප්‍රතිකාර වැරදුනේ නැත.

විඡේසිංහ වෙදැදුරු ද මේ ක්‍රමය අනුගමනය කරමින් තවත් ඔබ්බට ගොස්‌ කාර්ය බහුල සමාජයකට ඔබින අයුරින් ඖෂධ නිපදවීම සුවිශේෂී බවක්‌ ගන්නා බව මට පෙනුණි. මේ හේතුව නිසාම ඔහුගෙන් මම මේ ගැන විමසීමි."මේ වෙදකමේදී පැරැණි දේම හිත හිතා හද හද රෝගීන්ට දෙනවට වඩා නව ක්‍රමෝපායන් සොයා ගැනීම මේ වෙදකම නොනැසී පැවැත්මට යෝධ ශක්‌තියක්‌ කියලයි මගේ හැඟීම. මේ තත්ත්වය අද දේශීය වෛද්‍යවරියන් සහ වෙදැදුරුවරුන් තම සොයා ගැනීම්වලින් ඔප්පු කර තියෙනව. ඒව කිසි කෙනෙකුට අභියෝගවලට ලක්‌කළ හැක්‌කක්‌ නොවෙයි."

කැඩුම් බිඳුම් රෝගවලට අමතරව හදවත් රෝග. වකුගඩු රෝග, ස්‌නායු රෝග, කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග මෙන්ම තවත් බොහෝ රෝගවලට ප්‍රතිකාර කරන විඡේසිංහ වෙදැදුරු සිය කාර්ය තවත් සමාජගත කරමින් තම නිවසට අමතරව මහරගම නාවින්න පාරේ හොරිවිල වෙද මැදුරේදීත් බේරුවල හෙට්‌ටිමුල්ලේදීත් මීගමුව කෙලින් වීදිය නෝ ලිමිට්‌ අසලදීත් උතුරු කළුතර සුමංගල පාරේදීත් රෝගීන්ට ප්‍රතිකාර ගැනීම සඳහා අවස්‌ථාව ලබා දී ඇත.

විඡේසිංහ වෙදැදුරු සර්වාංග රෝගවලට අමතරව හොරිවිල පරපුරේ තෙල් බෙහෙත් උපයෝගී කර ගෙන පංචකර්ම මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කර ඇත්තේ වෙදකම පැත්තෙන් කෙරෙන සියල්ල එකම තැනකදී කරදීමේ පිරිසිදු ෙච්තනාවෙන්මය.

යක්‌කල ආයුර්වේදයේදී හඳුනාගත් අම්බලන්ගොඩ ස්‌වේතා ලාලනී ද සිල්වා සමඟ යුගදිවියට පිවිසි විඡේසිංහ වෙදැදුරු තම වෙදකම වඩාත් සැලසුම් සහගතව කරගෙන යෑමට ඇය ද සම්බන්ධ කර ගත්තේය.ඇයද ආයුර්වේද උපාධිය දිනාගෙන තිබූ නිසා තම වෙදකම මැනවින් කරගෙන යැමට මහෝපකාරී විය.තම පියා මෙන් විඡේසිංහල වෙදදුරු තම එකම පුතාව ද වෙදකමට ප්‍රවිෂ්ඨ කරවා හොරිවිල වෙද පරම්පරාව තවත් චිරාත් කාලයක්‌ නොනැසී පවත්වන්නට මඟ පාදා ඇත්තේය.

විමලසිරි අගලකඩ
උපුටා ගැනීම : දිවයින පුවත්පත


හොරිවිල විශ්මිත වෙදකම් මේ වීඩියෝව බලා දන්නා අයටත් යවන්න


වෙදමහතා - 0777560660 / 0777560661 / 0777039324


හොරිවිල පාරම්පරික වෙද ගෙවල් රට පුරා තියනවා ,නියම හොරිවිල පාරම්පරික වෙද ගෙදරට අප ගියේ ඔබේ නිරෝගී සුවය සදහාය .ශාන්ත සෙනවිරත්න වෙදමහතා වර්තමාන බෝ නොවන රෝග රැසකට ප්‍රතිකාර ක්‍රම සොයාගෙන ඇත දෙස් විදෙස් ජනයා මෙහි පැමිණ ප්‍රතිකාර ලබති ,හබරණ පලුගස්වැව හොරිවිල ගමේ දුම්රිය නැවතුම්පල පසුවනවාත් සමග වෙද මැදුර පිහිටා ඇත.

විඩියෝව කාංචන කුමාර ආරියදාස

හොරිවිල පරපුරේ දස්‌කම් >>