කෙතරම් වෙදහෙදකම් කළත් ඵලක් නොමවුණ පිරිස් අප අතර එමටයි. ශාරීරිකව මානසිකව යම් යම් භූත ආත්ම විසින් මනුෂ්‍යHdට දඬුවම් පමුණුවා ධනය, දේපල, වස්තුව හෝ ජීවිත විනාශ කර දමයි. බුධ සිකුරු ජන්ම පත්‍රයෙහි මාරාන්තිකව යෙදීමද සිකුරු මහ දශා අතුරු දශා බලපෑම්ද සෙනසුරු ජන්ම ඒරාෂ්ඨක යෙදීමද අෂ්ඨම ඒරාෂ්ඨක හෝ ලග්න ඒරාෂ්ඨක යෙදීමද 6-8-12 ස්ථාන ආශ්‍රිතව නවග්‍රහ දුර්වලතාවයන් ද හදිසි මාරාන්තික මාරක යෙදීම ද ඖෂධ ප්‍රතිකාර නිෂ්ඵලග්වී යැමට හේතු සාධක වෙන බැව් බහුලව රෝගීන්ගෙන් අසාධ්‍ය අවස්ථාවන්හිදී පෙනී යන්නේය.
ගොඩමඩ ඉඩකඩම් - ඉංගම් ප්‍රශ්න - ලැබීම් ප්‍රශ්න විවාහ සබඳතා හෝ තරග විභාග උසස් වීම් විජයග්රහණ පිළිබඳ ඔබහට හෝ ඔබ පවුලේ පිරිසට එදිරිවාදිකම් පිරිමහන පිරිස්ද අනන්තවත් සිටිය හැකියි. ඔවුන්ගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලපෑමෙන් ද ගිය ආත්මවලින් රෝගියා පසුපස හඹා එන භූත ආත්මයන්හි දෝෂයන් ද මළගිය වුන්ගේ දෝෂයන්ද බලපෑමෙන් බොහෝ දුරට උන්හිටි ගමන් ඔබගේ ඤාතියා හිතවතා බලවත්සේ අසාධ්‍ය රෝගාබාධවලට මුහුණ දෙනු ඇත. මෙබඳු අවස්ථාවන්හි රෝගියාගේ රෝගීබව දිනෙන් දින උත්සන්න විය හැක. එබඳු අවස්ථාවන්හිදී ප්රාණබන්දන ජීවම අතිශයින්ම ඔබට වැදගත් වන්නෙකි.
මරණාසන්න වූවෙකුට ආරෝග්‍යශාලා ගත වනතුරු හෝ දින සති මාස වර්ෂ ගතවෙන කවර තරමේ රෝගාබාධයකට හෝ මෙකී ප්‍රාණ බන්දනය තරම් වෙනත් බලගතු ශාන්තියක් නම් නොමැති තරම් වෙයි.
නවපොට නූලෙහි ගැට 9 ක් ගසා ගැටයට 27 වර බැගින් මතුරා තද කරන්න. ඔබගේ ශෝකී පසුබිම සිහිපත් කොට ඉෂ්ඨ දේවතාවුනට පඬුරක්ද වෙන් කරන්න. නවපොට ශාන්ති නූල රෝගියාගේ ගෙලෙහි සෙත්ශාන්ති කරන අතරතුර බඳින්න. මේ සමගම හඳුන්තෙල්, රංතැඹිලි තෙල් සහ ඖෂධ වර්ගද ජීවම් කරගත හැකියි. අංග සම්පූර්ණ මල් බුලත් තටුවක ජ්‍යෙdතිෂ ගුප්ත විද්‍යානුකූලව සකස් කරගත හැකි නම් ගුණාත්මක බව ප්‍රබලයි. රෝගියා ඈත දුරක නම් ඡායාරූපයක් හෝ තඹ තහඩුවක ඇඳගත් රූප සටහනක් ආදිය ද භාවිතය යහපත් වෙයි.
යක්ෂ, භූත, අමනුෂ්‍ය, දෘෂ්ඨි හෙළු ආතුරයනට තනිපාට කුකුළෙකු ගෙන ගමේ ඉමේ දැපවිල්ලේ සිට ලෙඩාගේ නම සිහිකරමින් සතාටත් නූලටත් 1008 වර ප්රාණබන්දන ජීවම කරන්න. ඉන් පසුව කුකුළා ද නූලද රැගෙනැවිත් ආතුරයාට කුකුළාගෙන් පවන් සලසලා මෙකී මන්තරය ද කියන්න. සැඟවී යන්නා වූ ප්‍රාණය කඳට වැටෙයි. මෙකී විස්මිත නූල බැන්ද විගස ප්‍රාණය විත් නැඟිටියි. මෙකී මන්තරයන් නොදැන යකුන් බන්දනය කළ නොහැකි බැව් ගාලු අක්මීමන රාජපූජිත ධාඹුරේ ලියනආරච්චි පාරම්පරික ගුරු පොත සඳහන් කරයි. යක්ෂ මූර්ජාවට නොඉඳුල් පැන් මතුරා ඉසින්න. මුහුණට මතුරාගත් පැන් ඉසින්න. කණට, හිස මුදුනට පිඹින්න. ඇට ඇටි පහ දියගොඩ මස් පුළුටු අඳුන් සඳුන් කුකුළෙක් නොමැති වූ මල් බුලත් තටුවකින් මෙකී මන්තරය භාවිත නොකිරීමටද වගබලා ගත යුතුයි. බව පාඨකයනට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම සඳහා මෙකී ප්රාණබන්දන ජීවම ඉදිරියෙහි පැහැදිලිව සඳහන් කොට ඇත.
ප්රාණබන්දන ජීවම මෙන්න.
ඕං ගුරු නීල පේරුම් ඉන්ද්රකට්ටු සර්ව ලෝකනී කට්ටු ඉෂ්ඨ නීල පරිවාර්ථ කුල ප්රාණේරුන් හරීංහරීංවර අඩි පූට්ටු පූට්ටු වර කට්ටු ශ්රීලෝක කට්ටු හරීංහරීං පොරොත්තු සුව ඉෂ්ඨනීල පර්වත කට්ටු යක්ෂ බන්ධ පර්වත බන්ධ යක්ෂ පේතා බන්ධ තායේ පර්වත බන්ධ විමාන කූට සර්ව පර්වත බන්ධ ප්රලෝක කිට්ටු බන්ධ ශ්‍රීයා පෝඩු බන්ධ ඉෂ්ඨනීල කාලී බන්ධ ආඝෝර කාලි බන්ධ ත්‍රිපුර ලෝක කාලි බන්ධ හිමකාලි වෙසමුණි ආලෝක කට්ටු ප්රබෝධනන් ස්තූති බ්‍රහ්ම කාලී කට්ටු සර්ව ලෝකප්රාණ සිද්ධියේ ස්වාහඃ ඕං ග්‍රීං ලෝක කාලීවෙට්ටු ඉඩත්තු පෝරුමානමේ ශ්‍රී නේත්රප්ප්රාණ ජීවං සිද්ධි නම( ඕං බ්රහ්මකාලීනේ තුත්රිඩකාරී ජීව ඉෂ්ටකාලීa කටු වෙට්ටු සර්ව ජීවප්ප්රාණ ඒ ස්වාහ( සිද්ධිනම( නමො ඉෂ්ටනීල ශ්රීකාලි පූජා ජෝ හේන පුතුන් මහිදී කාර සූරයුම් පත්රකාලී මාර්ල පොඩි ඉන්ද්‍ර ප්‍රාණ සිද්ධි ඒ ස්වාහ( ඕං ඊෂ්වරකාලි පොරොත්තු ඊෂ්වරයුම් කාල ප්‍රාණේ හරන්තු ප්‍රාණ සිද්ධි ඒ ස්වාහං( (1008) වාර පන්දහසකට සිද්ධියි.
කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි
0 Comments