සොර සතුරන්ගෙන් දේපල රැකගන්න යන්ත්‍රයක්‌ හා මන්ත්‍රයක්‌

සොර සතුරු බිය නොදැනෙන සමාජයක්‌ නැති තරම්ය. සමහර පළාත්වල සොර සතුරු බිය වැඩිය. වැලක වේලෙන්නට ඇඳුමක්‌ දැමුවහොත් එය ද සොරාගෙන යන පිරිස්‌ වෙති. සමහර නිවෙස්‌වලට සොර සතුරු බිය තිබේ. එම මට්‌ටමේ සිට අල්ලස, දූෂණය තෙක්‌ විශාල සොරකම් දක්‌වා චෞර බිය පුළුල් වේ. 

ගුප්ත විද්‍යා අනුසාරයෙන් මෙම සොරකම් නැති කර ගන්නේ කෙසේද? තමන්ගේ වස්‌තුව, දේපල ආරක්‍ෂා කර ගන්නේ කෙසේද? ඒ සඳහා අත්දුටු ප්‍රත්‍යක්‍ෂ, බලගතු මන්ත්‍රයක්‌ හා යන්ත්‍රයක්‌ මෙවර නැකතෙන් ඉදිරිපත් කරමු.

සොර සතුරන්ගෙන් දේපළ වස්‌තුව ආරක්‍ෂාවට ජප මන්ත්‍රය

ඕං නමෝ යමගුරු දේවතාවා යන්ත්‍රානු භාවෙන් මෙම නිවසේ ඉඩමේ බඩු බාහිර වගාවන් යමගුරු දේවතාවාට බාරයි. මේ නිවසට, ඉඩමට ආ සොර සතුරන් තිස්‌පැයකට නිදිගන්වා හිටින්ඩ වරම් - 1008

ඕන් නමෝ ඉරුගල් දේවතාවා චJද්‍ර මණ්‌ඩලයට වැද සඳුගල් දේවතාවාට තර්කකරණ තැනේදී සඳුගල් දේවතාවී වම් කකුළෙන් ගැසුවාය. ඉරුගල් දේවතාවා සඳුගල් දේවතාවිගේ සිරසින් අල්ලා සුරතින් ගැසුවාය. දෙදෙනාගේ කෝපයෙන් අහස අන්ධකාර වැටුනාය. පොළොව ඝනාන්ධකාර වැටුනාය. මහී භූමියෙන් මහීදේවී පැන නැඟී ඇගේ අන්ධකාර යක්‌ෂින් කැඳවා ලොව්තුරා බුදුන්ගේ දශ පාරමිතා බලයෙන් මෙමට මුර සිටුවයි කියා සිතු තැනේදී මුළු දෙරණ ලෝදැලින් වැසුනාය. යමදොර හිර අඟුල් වැටුනාය. දස දහසක්‌ සක්‌වල අටදික්‌ නාග ඝනාන්ධකාර වැටුනාය. ඒ ආඥවෙන් ආනුභාවෙන් මේ වත්තට, ගෙදරට එන හොරාගේ හෙරීගේ ඇස්‌ නොපෙනී කන් නෑසී අත්පා වලංගු නැතුව මුර්ත අන්ධකාර යක්‌ෂයාට බාරයි. හද කැවුතු ඊරි කඩවර යක්‌ෂයාට බාරයි. ප්‍රාණය මුර්තු සන්නි දේවතාවාට බාරයි. ඉඩමේ අටකොණ තුන්බිල්ලේ රීරි යක්‌ෂයින්ට බාරයි. දිෂ්ඨ§ගන් දිෂ්ඨ§ගන් පුට්‌ටු පුට්‌ටු හිටුවේ හිටුවේ ඒස්‌වාහඃ 1008 බැගින් තුන් යාමයයි - (1008 වරයි)

දිෂ්ඨ§ මන්ත්‍රය-

ඕං නමෝ සත්මුහුදකට ඒදේසේ උරිරුවාල දේසේ ඊරිගල් කෝවිල් රාක්‌ෂි කියන දේවතාවියේ කුස පිළිසිඳ ලේ ගල් රාක්‌ෂයාට ජාතකවූ සිද්ධ රීරි යක්‌ෂයා ලේ මූදේ ගිලී ස්‌නානය කර ලේ කඩක්‌ ඇඳගෙන ලේ කඩක්‌ පොරවගෙන ලේ විලක්‌ හිස පිට දරාගෙන දකුණතින් ඊරි බිල්ලක්‌ ගෙන මුඛයෙන් පුළුටු බිල්ලක්‌ ගෙන රන්වන් වෘෂභ වාහනයකට පැනනැඟි වැලිමුණු අවතාරයක්‌ මවාගෙන දේවතාවුන් දහඅටදෙනෙක්‌ දහඅට පාලියෙන් පිරිවරාගෙන ඊරි රුඡ්ජා අතු රුඡ්ජා අලුඡ්ජා ඊරිගොපල්ලා, රීරි වැද්දා, බරයා, ඊරිකඩවරයා, රීරි සන්නියා, රීරි කුරුම්බරයා, රීරි අවතාර යක්‌ෂයා, රීරි බිල්ලේ දේවතාවා, ලේ වඩිග යක්‌ෂයා ලේ කාම යක්‌ෂයා, ලේ මරළු දේවතාවා මෙකී දේවතාවුන් දහඅටදෙනා දහඅට පාළියෙන් පිරිවරාගෙන මේ ලංකාද්වීපයට ගොඩඑන වේලාවට ඊශ්වර දෙවියෝත් ශක්‍ර දෙවියෝත් මහ විෂ්ණුන්වහන්සේත් එන්ඩ යෝගම්බරනම් මුනිවරයින්ගෙන් සතරවරම් දෙවියන්ගෙන් වරමි. (1008 වරයි) 

මෙකී දිෂ්ඨ§වලට නියමිත පුද - ඇට ඇට, පුළුටු, ගොඩදිය මස්‌, බිත්තරයක්‌, ලේ රීරි ගොටුවක්‌, බුලත් 21 යි පඬුරු 9 යි. පිනිදිය, කපුරු, කට්‌ටකුමංජල්, දුම්මල, හඳුන්කූරු, පහන් 2 ක්‌, කළු හෝ රතු වස්‌ත්‍රයක්‌, අඳුන්ගොටුවක්‌, සඳුන් ගොටුවක්‌, මල් වර්ග 7 ක්‌ තෙල් කෑම වර්ග 7 ක්‌, වෑවරයක්‌, බත් සහිත හත් මාළුවක්‌, ඇට ඇටි බැඳ ගන්න. ගොඩදිය මස්‌ පුච්චා ගන්න. බිත්තරය කබළක බඳින්න. නිසි පුද නොතබා ජීවම් කිරීමෙන් අනිටුඵල විපාක ලැබීමට හේතුවෙන්නෙකි. විශේෂයෙන් හත්මාළුව බත සහ ලේ ගොටු 18 ක්‌ තැබිය යුතු වෙයි. තටුව රතු රෙදි යාර දෙකකින් වසා ජීවම් කරගත යුතුවෙයි.

තිරිවාන ගල් හෝ ගුරුගල් නොපෑගුන තැනකින් ඉඩමෙහි නිවසෙහි ඇති මුළු ගණනට ගත යුතු වෙයි. සඳුන් කිරි පැණියෙන් සෝදා තටුව මැද දුම් වදින සේ තබා ගන්න. රතු නූල් පටවල් 4, සුදු නූල් පටවල් 3 එකට හතර පටක්‌ කොට ගැට 7 ට ගසා ගන්න. පළමු යාමයෙහිදී ඔබ කළ යුත්තේ සියලු පුද පූජා තබා මහසොහොන් දිෂ්ටියෙන් 108 වරක්‌ ද ඉහත සඳහන් වූ දිෂ්ඨ§යෙන් 1008 වරක්‌ ද දිෂ්ඨ§ කිරීමයි. ඉන් පසුව ජීවම් දෙකෙන්ම 1008 වර ජීවම් කර ගන්න. දෙවන යාමය තෙක්‌ ජීවම් කාලය පැමිණිය ද ජීවම් කරන්න. පලිප්පු, පුට සිද්ධි දෙවන යාමය තුළින් ඉවත් වෙනවාත් සමගම 108 වර බැගින් ජීවම් කළ යුතු බැව් මතකයට ගන්න. තුන්වන යාමය සියල්ල නිමාවට පත් කර ගන්න. එළිය වැටෙන්ට පෙරාතුව ගල් නිසි මුළුවල එකවිට වළලා නූල් හතර කොනේ කිරිගස්‌ 4 ක බඳින්න. මල් බුලත් තටුව කිරි ගසක්‌ යට තබන්න. මෙහිලා සඳහන් කෙරෙන යන්ත්‍රය හරි හතරැස්‌ තඹ තහඩුවක ප්‍රස්‌ථාර කරගත යුතු වෙයි. නිසි ප්‍රකාර ජීවම් බලා අවසන් වූ විට නැවුම් මැටි බඳුනක හෝ පස්‌ලෝ බඳුනක නිධන්වස්‌තු සමග තැම්පත් කරන්න.

කොත්මලේ විජිත ඩී. ලියනාරච්චි

Post a Comment

0 Comments