ජීවිතයේ ජය ලබනන මහානුභාව සම්පන්න යන්ත්‍රයක්‌

නවග්‍රහයන්ගෙන් ප්‍රමුඛස්‌ථානයක්‌ ගන්නා රවි නොහොත් සූර්ය දිව්‍ය රාජයා උපත ලබන ජන්මීන්ට බලපාන ආකාර අනුව විවිධාකාර ප්‍රතිඵල ලබා දෙයි. හිරුගේ මහ දශාව අශුභ වූ විට ඒ වකවානුව තුළ ධන විනාශය, නෑ හිත මිතුරන් වෛරවීම, අමනාප වීම, මහජන අප්‍රසාදයට ලක්‌වීම, දරුවන් නොලැබීම, ශෝකය හා කලකිරීම්, උන්හිටි තැන් නැතිවීම, හදිසි අනතුරුවලට භාජනය වී අත් පා ආදී ශරීර අවයවයන්හි තුවාල සිදුවීම කැඩීම, බිඳීම හා මරණය ද ඇතිවීම හඳුනා ගත නොහැකි රෝගයක්‌ වැළඳීම, රෝග සුව නොවී කල්යැම ඔත්පල කිරීම, විවාහ බාධාවන් ඇතිවීම යක්‍ෂ, ප්‍රේත, භූත අමනුෂ්‍ය දෝෂ ඇතිවීම ආදියට ගොදුරු වේ.

හිරුගේ විස්‌තර මේ ශ්ලෝකයෙන් මෙසේ පැවසේ


ශ්‍රීමත් නාරායනාධ්‍යප්‍රිය තම කමලාම්

ජාතවා ක්‍රිෂ්ණ වේදඃ ප්‍රාත්ත මස්‌ත්‍ර සේත්‍රඃ

ත්‍රී කටුක විලසාත් කුංකුමා භාග්‍යමාන්‍යා

රත්තාං ගෞදිත්‍ය පුරතතිඃ හරිත හය යුතඃ

න්‍යානධනානු රූසුනුඃ සාල්මල් ලෙන්‍යාධ්‍යාන

භොගි දිසතුරු වීර සෞශබ්ද දීඝඃ ශ්‍රියාන්වඃ

හිරු ග්‍රහයා සම්බන්ධ ඓතිහාසික විස්‌තරයක්‌ මෙම ශ්ලෝකයෙන් මෙසේ විස්‌තර වේ.

ශිව දෙවියන්ගේ පියා නාරායන මහා සෘෂින්ය. මෑණියෝ කමලා නම් ස්‌ත්‍රියකි. ත්‍රිකුළු, කුංකුම, භෝජන ද සිරිවත අවියද රථවාහනය ද ඉඳුරු දිශාව හා ඉඹුල් විමන ද පද්මරාග මැණිකක්‌ ද කැති තුරුපල් තුරුසල නැකැත් තුන ද සිංහ රාශිය ද රන්වන් පාට ද හිරුගේ උපභෝග වස්‌තූන් හා උස මහත ද සත් අවුරුද්දක්‌ වූ මහා දශාව ද වශයෙන් හිරු අවතාරය එසේ විස්‌තර වේ.

අපේ පැරැණි ග්‍රහ ශාන්ති කර්ම අනුව ග්‍රහ ශාන්තිකර්ම අනුව ග්‍රහ ශාන්ති සඳහා යොදා ගන්නා පද්‍ය විශේෂයන් ද වේ. එයින් හිරු දෙවි වර්ණනාව කොට පළමුව ග්‍රහ පූජාවන් පවත්වා භූත ප්‍රේතාදීන්ට දොල පිදේනි සිරිතක්‌ බලි තොවිල් ශාන්ති කර්මවල පෙන්වා ඇත. එම කවි අතරින් සූර්ය දිව්‍ය රාජයාගේ උස මහත පෙන්වන කවියකි මේ.



පතුල පටන් දන මඬලම නව ගව්වක්‌ වෙයි හරියට

සිතුම බලව් දෙදණේ සිට නව ගව්වක්‌ කුටිය මුලට

මතුවට දන කටියේ සිට නව ගව්වක්‌ ගෙලහැරු යට

මෙතුව ගණන් ගල හැරැසි නව ගව්වක්‌ සිරස පිටට



සූර්ය දිව්‍ය රාජයාගෙන් වන තදබල අපල උවදුරු එවැනි ශාන්ති කර්ම කිරීමෙන් වලකා ගත හැකි වන අතර, නිති සැප ආයු ලැබීමට එම අපල උවදුරු දුරුකර ශාන්තිය හා සෙත උදාකර ගැනීම සඳහා පෙර මහා රජවරු අමාත්‍යවරු ප්‍රභූවරු මන්ත්‍රවේදීන් ලවා රහසිගතව සකසා සූර්ය මණ්‌ඩල යන්ත්‍ර රාජයා විධිමත් ලෙස සකස්‌ කොට ගෙන ගෙළ පැළඳ තමාගේ යහපත හා නැකැත් මරග්‍රහවේදයන් පලවා හැර කේසර සිංහ රාජයකුමෙන් ජය ලබා ඇත.

හිරුගේ මහ දශාව තුළ ඇති කරන සියලු අපල උවදුරු සකලාංග ශරීරයෙන් උගුළුවා හරින මෙම මහානුභාව සම්පන්න සූර්ය මණ්‌ඩල යන්ත්‍ර රාජයා සකස්‌ කරගන්නා ආකාරය මෙසේ නැකත පාඨක සැමට එළිදක්‌වමි. යන්ත්‍රයේ දිග අඟල් හතක්‌ හෝ දහයක්‌ ද පළල අඟල් දෙකක රිදී ආලේප කරගත් තඹ පතක්‌ විය යුතුයි. මෙසේ ඇඳගත් යන්ත්‍රය මෙම ඖෂධ අඹරා යන්ත්‍රයෙහි ගා කඩපිම්මේ නෙළුම් කොළයක්‌ වසා තම්බාගන්න. පසුව පුර පක්‍ෂයේ රවි දිනක රවි හෝරාවෙන් ඉඹුල් කොල අතුරා ඒ මත තබා ජපකර ගන්න.

ඖෂධ වර්ග, කස්‌තුරි, ගෝරෝචන, සූරියකාන්ත ගසේ මල්, මුල්, ඇට, සස්‌සඳ, නෙළුම් රේණු ඇට, අල, එලකටරොලු, ෙත්‍රෙයිලෝක්‍ය විජයපත්‍රං (කංසා) උණ කපුරු, ඉඹුල් මල් පොතු මුල් හඳුන් තෙලින් අඹරා යන්ත්‍රයෙහි කළුමදින්න. ඉන් පසු පළමුව මෙම ස්‌ත්‍රොත්‍රයන් ගායනා කරන්න. (108) වරක්‌



ඕං ඉJද්‍රයාම දිසිභාන දේව ප්‍රොගම්

පක්‌ම රාග රත්න කලසම් ප්‍රියාන්තම්

හේව මමුස්‌මින් සුභමං දිෂ්ඨතා භවන්තු

ඕං සූර්යාසූඃ ප්‍රියාන්තු වරදෝ භවන්තු කුංකුම ප්‍රියාය නාරායණී නන්දාය නමඃ ජපාකුසුම සංඛාසංකාශ්‍යපේයං මහත් දිසුතිං, තමොරංසර්Æ පාපග්නං පුනතෝස්‌ මිදිවා තරං, උවිග්ග චිත්තවරී වොදිත චින්න නාසා, ක්‌ලේෂා පුවා ශගද පිය භයා නිතස්‍ය සංෙ€ෂාභි ත්‍රස්‌තජන භාතො දර්දශාම හජති නිස්‌චය මාපදස්‌ම



යන්ත්‍රය ජප කරන මන්ත්‍රය

ඕං නමඃ සූර්ය දිව්‍ය රාජයා නමඃ ඕ සූර්ය මණ්‌ඩලාය නමඃ ඕං පූර්ව සූර්යාය නමඃ ඕං හස්‌ථපූඨ සූර්යාය නමඃ ඕ මහා කාර්යය වසංකරාය නමඃ ඕං මහා දේව වසංකරාය නමඃ මහා යක්‍ෂ යක්‍ෂණී වසංකරාය නමඃ සර්ව ස්‌ත්‍රී පුරුෂ වසංකරාය නමඃ සර්ව ජන වසංකරාය නමඃ සර්ව මුර්ග වසංකරාය නමඃ සර්ව කාර්යය සිද්ධන්තු මහා සූර්¨ය මණ්‌ඩල සත්‍යනු භාවෙන .... (තමාගේ නම කියවන්න) ගේ ජීවිත ආරක්‍ෂාන්තු තුරු තුරු ඒස්‌වාහංù (මෙයින් 1008 වරක්‌ ජප කර ගත යුතුයි.

මෙම යන්ත්‍රය සෑදීමේදී සුවඳ ධූපයට මේ ඖෂධ මිශ්‍ර කර කුඩු කර ගන්න. සාම්බ්‍රානි, ප්‍රසාම්බ්‍රානි, කට්‌ටකුමංජල්, දෙසඳුන්, අගිල්, දේවදාර, සැවන්දරා, ඉඹුල් මැලියම්, අමු කපුරු, ජටාමාංශ. හෙල අබ, විෂ්ණු ක්‍රාන්තිය, නෙළුම් රේණු, සමන් පිච්ච මෙයින් දුම් දෙමින් ජප කරගන්න.

මේ යන්ත්‍රය සකසා ඉඹුල් පොතු, කොළ බිම අතුරා ඒ මත සිටගෙන යන්ත්‍රය ශුභ දිශාව බලා රවි දිනක රවි හෝරාවෙන් කරෙහි පැළඳ ගන්න.

මෙහි ඇති ශුභයන් වන්නේ සියලුම අපල සඳහා මෙය පොදුවේ ගුණ ලැබෙන අතර රවිගේ තද බල අපල සඳහා ඉතා හොඳයි. සර්වජන වශියට, රාජ වශියට ඉතාම යහපති. හස්‌ති සමූහයා මැදට වන් කේශර සිංහ රාජයකුට මෙන් ජය ලැබේ. තම අබිමත සිද්ධ වේ. නැකුත් මර ග්‍රහවේද මාරකයන් ළං නොවෙයි. තරග, මැතිවරණ, විවාද නඩුවට ගිය කළ දසබිම්බර ළඳ තමන්ට ජය අත්වේ. හෙන, විදුලි, වෙඩි නොවදින බව ද කියවේ. ශරීර ආරක්‍ෂාවට මෙයට වඩා බලගතු යන්ත්‍රයක්‌ නොමැත. සතුරෝ දණ නමයි. ධන සම්පත් භව භෝග ලබා සෞභාග්‍යයෙන් පිරී ඉතිරී යයි.

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ

Post a Comment

0 Comments