අත්ලේ ත්‍රිකෝණයෙන් හෙළිවන පලාපල

අත්ලෙහි චතුරස්‍රය පිහිටිමෙන් ඇතිවෙන පලාපල පිළිබඳව පසුගිය ලිපියකින් විස්‌තර කලා ඔබට මතක ඇති. අද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ මීට පෙර ලිපියකින් විස්‌තර කළ මහ ත්‍රිකෝණය වගේ එහෙත් ඊට වඩා කුඩා රේඛාවලට සම්බන්ධවෙලා පිහිටන කුඩා ත්‍රිකෝණ පිළිබඳවයි නිදහස්‌ව වැටෙන එවැනි ත්‍රිකෝණ විශේෂයෙන් ග්‍රහ මණ්‌ඩලවල පිහිටීමෙන් එම ග්‍රහ මණ්‌ඩලවල බලය අසීමිත ලෙස වර්ධනය වන බවයි. හස්‌ත රේඛා විද්‍යාවෙන් පෙන්නුම් කරන්නේ. දැන් අපි බලමු අත්ලේ යම් යම් ස්‌ථානවල ත්‍රිකෝණ පිහිටීමෙන් ඇතිවන පලාපල කෙසේද කියා.

රූපසටහනේ අංක 1 න් සලකුණු කර ඇති ගුරු මණ්‌ඩලය මත පිහිටි ත්‍රිකෝණය දෙස දැන් බලන්න. මෙය අත්ල හිමියාට ඉතාමත් සුබඵල දෙන පිහිටීමක්‌ වෙයි. රජයේ උසස්‌ නිලතල, කීර්ති ප්‍රශංසා ආදිය ලැබීමට මෙය හේතුවෙයි. ජනනායකයන් මෙන්ම ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ඉහළම තනතුරු දරන අයගේ අත්වල මෙම සලකුණ ඇති බව ඔප්පු වී ඇත.

අංක 2 සලකුණ කර ඇත්තේ ශනි හෙවත් සෙනසුරු මණ්‌ඩලයේයි. විවිධ ගුප්ත විද්‍යා කටයුතුවලට දක්‍ෂ අයගේ අත්වල එම ස්‌ථානයේ ත්‍රිකෝණ සටහන් දැකිය හැකි වෙයි. අන්‍යයන්ගේ සිත් හඳුනා ගැනීමේ පුදුම දක්‍ෂතාවයක්‌ ඔවුන් තුළ උපතින්ම පිහිටා ඇත.

3 වෙනි ස්‌ථානයේ පිහිටි රවි මණ්‌ඩලයේ ත්‍රිකෝණය ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්වන උසස්‌ බුද්ධි බලයක්‌ ඇති අයකු හඳුන්වා දෙයි.

4 වෙනි අංකයෙන් පෙන්වනුයේ බුධ මණ්‌ඩලයයි. දේශපාලනඥයකු, රාජ්‍ය නිලධාරියකු, ව්‍යාපාරිකයකු හෝ ග්‍රන්ථ කර්තෘවරයකු වශයෙන් ප්‍රසිද්ධිය ලබන අයගේ අත්වල එම ස්‌ථානයේ ත්‍රිකෝණ සලකුණ තිබිය හැක.

5 කුමන ක්‍රමයකින් හෝ ජනයාගේ ආදරයට පාත්‍ර වන අයගේ මෙම කුජා මණ්‌ඩලය මත ත්‍රිකෝණ ලක්‍ෂණය බොහෝ විට දැකිය හැකියි. සටන්කාමී බවේ සංකේතයක්‌ වශයෙන් එය හැඳින්විය හැක. හේතුව කුජ මණ්‌ඩලය හිමි කුජ ග්‍රහයා සටන්කාමී ග්‍රහයකු බැවිනි.

6 වෙනි අංකය සඳහන් චද්‍ර මණ්‌ඩලයේ ත්‍රිකෝණය ඉතාමත් සුබ පිහිටීමක්‌ වෙයි. එම අත් හිමියෝ අලුත් අලුත් දේ නිර්මාණය කිරීමට දක්‍ෂයෝ වෙති. ලේඛකයන් මෙන්ම නාවිකයන්, කිමිඳුම්කරුවන්, ධීවරයන් වැනි ජලාශ්‍රිත 

රැකියාවක්‌ කරන අයගේ ද අත්වලද එම ස්‌ථානයේ ත්‍රිකෝණ ලකුණ දැකිය හැක. ඉතාමත් ඉක්‌මනින් ඔවුන් දියුණුව ළඟාකර ගනියි.

හත්වැන්නෙන් සටහන්වෙන සිකුරු මණ්‌ඩලයේ ත්‍රිකෝණ සටහනක්‌ ඇත්තේනම් තීක්‍ෂණ බුද්ධියෙන් යුතුව විවාහයට පත්වන්නෙක්‌ වෙන රාගාධික නොවන චිත්ත දමනයෙන් යුතුව ක්‍රියාකරන්නකු වෙයි.

8 ජ්‍යෙතිෂය

 අනුව කුජ ග්‍රහයා අභීතව ක්‍රියාකරන්නෙක්‌. මේ නිසා කුජට හිමි කුජ මණ්‌ඩලයේ ත්‍රිකෝණ ලකුණ වැටීම අති ධාවන පෙන්වීමක්‌ මෙම හේතුවෙන් පළමුවෙනි කුජ මණ්‌ඩලයේ එවැනි පිහිටීම ඇති අය ඕනෑම දරුණු කාර්යයකට යොමුවෙයි. 

9 වෙනි අංකයෙන් සටහන් වන්නේ අත්ලේ මැද පිහිටි කුජ තුලාවයි. සියලුම බාධක අභිබවා ඉදිරියට යැමේ අයෝමය ආත්ම ශක්‌තියක්‌ ඇති දාර්ශනිකයෙක්‌ කුජ තලාව මත දිස්‌වෙන ත්‍රිකෝණයෙන් පෙන්නුම් කරයි.

ඇඟිලි මත පිහිටීම්

10 මහපට ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ ත්‍රිකෝණ ලක්‍ෂණ පිහිටීමද සුබය. බුද්ධිමතුන් වන ඔවුන් ධනවත් වීමේ භාග්‍යය ඇත්තෝ වෙති.

11 වැන්න සටහන් කර ඇති මහපට ඇඟිල්ලේ දෙවැනි පුරුකේ ත්‍රිකෝණයද ඒ වගේම සුබඵල දෙන පිහිටීමකි. මෙය හදිසි ධන ලාභවලටද හේතුවනු ඇත.

12 වැන්නේ ත්‍රිකෝණ ලක්‍ෂණයෙන් මාතෘ ලාභි උත්තමයකු හඳුනාගත හැකියි.

13 දබර ඇඟිල්ලේ දෙවෙනි පුරුකේ ත්‍රිකෝණය යහපත් චරිතයක්‌ ඇති අයගේ අත්වල දැකිය හැක. එය පැවිදි යෝගයක්‌ ඇති අයගේ අත්වලද පිහිටිය හැකි බව හස්‌ත රේඛා විද්‍යාවේ අනුව කියෑවේ.

ගුප්ත විද්‍යාවලට වගේම ඇස්‌ බැදුම්වලටත් දක්‍ෂතා ඇති අයගේ තුන්වැනි පුරුකේ ත්‍රිකෝණ ලක්‍ෂණය තිබිය හැක. එය අංක 14 ක්‌ සටහන් වෙයි.

අංක 15 න් සටහන් වන මැද ඇඟිල්ලේ මුල් පුරුකේ ත්‍රිකෝණය පිහිටීමද සුබදායක වෙයි. ඕනෑම කාර්යයකට දක්‍ෂයන් වන ඔවුන් කලාවට ලැදි අයද වෙති. 

16 වෙනියට සටහන් කර ඇති මැද ඇඟිල්ලේ දෙවෙනි පුරුකේ ත්‍රිකෝණ ලක්‍ෂණය ඇති අයද ගුප්ත විද්‍යාවට සහජ දක්‍ෂතාවයක්‌ ඇති අය වෙයි.

17 ස්‌ථානයේ එනම් මැද ඇඟිල්ලේ තුන්වෙනි පුරුකේ ඇති ත්‍රිකෝණ ලක්‍ෂණ වලින් කපටි හා වංචාකාරී අන්දමින් දිවිගෙවන අයකු හඳුනාගත හැක.

18 ප්‍රසිද්ධ ලේකයන්ගේ අත්වල වෙද ඇඟිල්ලේ පළමු පුරුකේ ත්‍රිකෝණ ලක්‍ෂණ ඇතිවිය හැක.

19 වෙද ඇඟිල්ලේ දෙවැනි පුරුක දෙස දැන් බලන්න එම ස්‌ථානයේ ත්‍රිකෝණයක්‌ පිහිටන්නේ බොහෝ විට රඟපෑම චිත්‍ර ශිල්පය මූර්ති ශිල්පය වැනි කලා ශිල්ප කෙරෙහි හැකියාවක්‌ ඇති අයගේ අත්වලයි.

20 අංකයෙන් සටහන් වන එම ඇඟිල්ලේ තුන්වෙනි පුරුකේ ත්‍රිකෝණ ගුවන්විදුලි යන්ත්‍ර ඔරලෝසු වැනි සූක්‍ෂම කාර්මික වැඩ කරන අයගේ අත්වල දැකිය හැක.

21 සුළඟිල්ලේ මුල් පුරුකේ ත්‍රිකෝණය ඉතාමත් සුබඵල දෙයි. යන එන හැම තැනකදීම ගරු බුහුමන් ලබන ඔවුන් සදානුස්‌මරණීය නාමයන් තබා මිය යන්නෝය. 

22 දක්‍ෂ වෛද්‍යවරුන්, චතුර කථිකයන්ගේ අත්වල සුළඟිල්ලේ දෙවැනි පුරුකේ ත්‍රිකෝණ ලක්‍ෂණ පිහිටිය හැක.

23. සුළඟිල්ලේ තුන්වෙනි පුරුකෙන් පෙන්නුම් කරන ත්‍රිකෝණ ලක්‍ෂණය දේශපාලන කටයුතුවලින් මෙන්ම ව්‍යාපාර කටයුතුවලින් දියුණු වන පුද්ගලයන්ගෙ අත්වල දැකිය හැක.

හිඹුටානේ පියතිලක ද අල්විස්‌

Post a Comment

0 Comments