අංශබාග නිට්‌ටාවට සුව කරන විදුම්

මාරයාට මිනිස්‌ ජීවිත බිලි ගන්නට කාලයක්‌ වේලාවක්‌ නොමැතිවාක්‌ මෙන්ම ඔහුගේ ග්‍රහණයට වැටුණු රෝගියා ඉන් මුදා ගැනීමට ද දේශීය වෛද්‍යවරයකුට කාලසටහනක්‌ නැත.රැයක්‌ දවාලක්‌, වැස්‌සක්‌, සුළඟක්‌, අව්වක්‌, පින්නක්‌ ආදී මේ කිsසිවක්‌ ගැන තැකීමක්‌ නොකරන ඔවුන් කරන මෙහෙය මතු නිවන් දකින්නට ඉවහල් වන උතුම් මෙහෙයක්‌ නොවන්නේ යෑයි කාට නම් කිව හැකිද?

එවැනි වෛද්‍යවරුන් සොයා යන ගමනේදී අපට තවත් දේශීය වෛද්‍යවරයකු මුණගැසුනේ ක¹න නගරයේ රාවණ අසපුවේදී ය.

විදුම්, පිළිස්‌සුම් හා රස වෙදකමෙන් රෝග රැසකට ප්‍රතිකාර කරන ඔහු කුලතුංග මුදියන්සේලාගේ අබේසිංහ බණ්‌ඩාර නම් පාරම්පරික හෙළ වෛද්‍යවරයෙකි.

"ඔබේ පරපුර රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මොන වගේ රෝගවලට ද විශේෂ බවක්‌ දක්‌වන්නේ." 

"අංශබාග, ආමවාත හෙවත් ආතරයිටිස්‌ වගේම කශේරුකාගත ස්‌නායු රෝගවලට අපි විශේෂ බවක්‌ දැක්‌වුවත්, මනුෂ්‍යයාට වැළඳෙන බොහෝ රෝගවලට ප්‍රතිකාර කරනවා. මේ සියල්ලම කරන්නේ අපේ පරපුරෙන් එන විදුම්, පිළිස්‌සුම් හා රස වෙදකමෙන්."

රණසිංහ බණ්‌ඩාර වෙදැදුරුගේ පියා කුලතුංග මුදියන්සේලාගේ අබේසිංහ බණ්‌ඩාරය. අත්තරගම වෙද හාමුදුරුවෝ මේ වෙදැදුරුගේ ලොකු අප්පචිචි කෙනෙකු වන අතර වෙදකමට අත්පොත් තබා ඇත්තේ ද උන්වහන්සේගෙනි.

"බටහිර වෛද්‍ය විද්‍යාව නොදියුණු තත්ත්වයක තිබුණ කාලෙ දේශීය වෛද්‍යවරයා කියන්නෙ ඇවිදින රෝහලක්‌. හැම තිස්‌සෙම ඖෂධ මංජුසාවක්‌ ඉනේ. එහෙමත් නැත්නම් සැරයටියෙ. ඒකත් නිර්මාණය කරගෙන තිබුණෙ පුරුකෙන් පුරුක ගලවලා ඖෂධ තැන්පත් කරගන්න පුළුවන් විදියට. මෙහෙම බලනකොට ගමේ වෙද මහත්තය මිනිස්‌සුන්ගෙ ලෙඩ දුක්‌ උදුරාගන්න සත්පුරුෂයෙක්‌."

රණසිංහ බණ්‌ඩාර වෙදැදුරු දේශීය වෛද්‍යවරයාගේ ස්‌වභාවය කෙටියෙන් පැහැදිලි කළේaa සිය පරපුර ගැන සිහිපත් කිරීමෙන් ලැබුණු අභිමානයත් පෙරදැරි කරගෙනය.

"ඔබගේ පරපුරට විශේෂ බවක්‌ දක්‌වන විදුම්, පිළිස්‌සුම් හා රස වෙදකම ගැන කෙටි විස්‌තරයක්‌ කළොත්" මම තවත් ප්‍රශ්නයක්‌ වෙදැදුරුගෙන් ඇසීමි.

"විදුම් කියල කියන්නෙ සාමාන්‍යයෙන් සිදුරු කරනව කියන එකනේ. මෙතෙන්දී වැදගත් වෙන්නේ මොනවද මේ සිදුරු කරන්නෙ කියන එකයි."

"අපි විදිනව කියල කියන්නෙ අපිරිසිදු ලේ ගෙනියන ශිරාවක්‌ සිදුරු කරන එක. ඒකත් ඕන ඕන තැනකින් නෙවෙයි. ලෙඩේ ස්‌වභාවය අනුව අවශ්‍ය තැන සිදුරු කර අපිරිසිදු ලේ ඉවත් කරන එක. ඒ වගේම තමයි පිළිස්‌සුම් කියන ප්‍රතිකාරයත්. මේ ක්‍රමයේදී අපි පිළිස්‌සීම් කරන්නෙ හැම තැනම නෙවෙයි. විශේෂයෙන් මේ ක්‍රමය උපයෝගී කර ගන්නෙ වාත රෝග සඳහා."

"අපේ ශරීරයට වැළඳෙන වාත රෝග 80 ක්‌ තියෙනවා. ඉන් 57 ක්‌ ම ස්‌නායුවල තියන දොaෂ නිසා හටගන්නෙ. සාමාන්‍යයෙන් ඖෂධවලින් සුවයක්‌ නොවෙනවා නම් පමණයි මේ පිළිස්‌සුම් ප්‍රතිකාරය කරන්නෙ."

"මේ ක්‍රමය භාවිත කිරීමේදී අපි ළඟ තියෙන සියුම් උපකරණ මාර්ගයෙන් තමයි පිළිස්‌සුම් චිකිත්සාව කරන්නේ."

"මේ රස වෙදකමෙත් විශේෂ බවක්‌ තියෙනවා. ඉන් එකක්‌ තමයි ඕනෑම රෝගියකුගේ රෝගයක්‌ ඉක්‌මනින් ශරීරයෙන් ඉවත් කිරීම. අනික තමයි රෝගියකුගේ අභ්‍යන්තර කොටස්‌ ඉක්‌මනින් සංවර්ධනය කිරීම. කුඩා මාත්‍රාවකින් ඖෂධ පාවිච්චි පහසු කරවීම වගේම ඉක්‌මන් ප්‍රතිඵල ලබා දීම. මේ ප්‍රතිකාර විධි හරියට දැනගෙන කළොත් කිසිම රෝගයක්‌ සුවපත් නොවී අරින්නේ නැහැ."

දිනක්‌ ජල සම්පත් මණ්‌ඩලයේ සේවය කරන අයකු ක¹නේ රාවණ වෙද අසපුවට පැමිණියේ ගසකින් වැටී ස්‌නායු ආබාධයකට ප්‍රතිකාර ගැනීමටය. වසර ගණනාවක්‌ තිස්‌සේ නැගිට ගැනීමටවත් නොහැකිව සිටි ඔහුට ආහාර ලබා දීමට පවා සිදු වූයේ හැන්දක්‌ ආධාරයෙනි.

මෙවැනි රෝගීන්ට ක¹න රාවණා වෙද අසපුවේ පහසුකම සලසා තිබීම වෙදැදුරුගේ තවත් සත් ක්‍රියාවයකි. එසේ නොවිනි නම් රෝගීන්ගේ ඥාතීන්ට ද සිදුවන්නේ මහත් ව්‍යසනයකි.

රෝගියා පරීක්‍ෂා කළ වෙදැදුරුගෙන් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර වහා සැපයිනි. ඉන් අනතුරුව විවේකීව සිටින්නට ඉඩ සලස්‌වා තවත් ප්‍රතිකාර කිහිපයක්‌ කර වෙදැදුරු වෙනත් රෝගියකු පරීක්‍ෂා කළේය.

හදිසියේම ඉහත රෝගියා අසල සිටි බිරිඳ කොහේදොa දිව යනවා වෙදැදුරුට පෙනුනේ මේ අතරය. කුතුහලයත් සමඟ පැමිණි චකිතයෙන් වෙදැදුරු රෝගියා අසලට යනවාත් සමඟ වසර ගණනාවක්‌ තිස්‌සේ වැතිරී සිටි මෙම පුද්ගලයා ඇඳ මත වාඩි වී සිටිනවා දක්‌නට ලැබිණි.

"බුදු වෙන්න දෙයියෝ........ අවුරුදු ගණනක්‌ හැන්දෙන් බත් කවාපු මගේ මහත්තය එකවරම ඇඳේ වාඩි වුණාම මට උන්හිටිතැන් අමතක වුණා. මම හනික කඩේට දිව්වේ මෙයා අත් දෙකෙන් අල්ලගෙන යමක්‌ කනව දකින්න ආස නිසා." බිරිඳ වැඳ වැටෙමින් වෙදැදුරුට කීවාය.

තම ජීවිත කාලය පුරා මෙවැනි ස්‌නායු ආබාධිත රෝගීන් දහස්‌ ගණනකට ප්‍රතිකාර කළ රණසිංහ බණ්‌ඩාර වෙදැදුරුට මෙම සිදුවීම පුදුමයක්‌ නොවූවත් රෝගියාගේ බිරිඳට නම් දේව හාස්‌කමක්‌ සේ පෙනිණි.

"අපෙන් ප්‍රතිකාර අරගෙන සුවපත් වෙන රෝගීන්ගේ සතුට අපේත් සතුටයි. ඒ සතුට වෙන දෙයකින් ලබන්න බැහැ. සාමාන්‍යයෙන් නිවැරැදි වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමට යොමු වෙන්නෙ රෝගියාගෙත්a වාසනාවට. එහෙම නොවී පෙර අකුසල තත්ත්වයක විපාකයක්‌ ලබන්න තියෙනවා නම් තමන් යොමු වන්නෙත් වැරදි තැනකට.

රෝගියකුට යම් ප්‍රතිකාරයක්‌ කිරීමේදී මේ වෙදැදුරු මී පැණි බිඳක්‌වත් පිටතින් ගැනීමට උපදෙස්‌ දෙන්නේ නැත. ඒ සියලු ඖෂධ වර්ග තමාගේ අධීක්‍ෂණය යටතේ ලබා ගත යුතු යෑයි ඔහු හැම විටම කීවේය.

"හැම ඖෂධ වෙළෙන්දෙක්‌ම යහපත් පුද්ගලයෙක්‌ය කියල අපට නිගමනයට එන්න බැහැ. බොහෝ වෙලාවට මී පැණි ටික වුණත් නිවැරැදි ප්‍රමිතියකට වෙළෙඳපොළේ තියෙනවයි කියල කාටද ඔප්පු කරන්න පුළුවන්."

මාතලේ උපන් අබේසිංහ බණ්‌ඩාර වෙදැදුරු මාතලේ ශාන්ත ජෝන් විදුහලෙන් අධ්‍යාපනය හැදැරීමෙන් පසුව සිය පියාගෙන් පාරම්පරික වෙදකම හැදැරුවේය. ඉන් පසු ආයුර්වේද ඩී. ඒ. උපාධිය දිනා ගනිමින් පියා සමඟ දහස්‌ ගණනක්‌ රෝගීන්ට ප්‍රතිකාර කළේ සිය ගම් පෙදෙසේ සිටය. ඉන් පසු අමරා රාජපක්‍ෂ මෙනවිය සමඟ අනිතන ගෙන දරුවන් දෙදෙනකුගේ පියකු බවට පත් වෙමින් සිය බිරිඳට තම පාරම්පරික වෙදකම ඉගැන්වීමට ද අමතක නොකළේය.

එතැන් සිට අමරා රාජපක්‍ෂ වෛද්‍යාචාරිනිය විකලාංග චිකිත්සාව ප්‍රගුණ කර අංගවිකල රෝගී දුවා දරුවන්ට කරන මෙහෙය නිමක්‌ නැත.

මේ වෛද්‍ය දෙපළ ඉන් ඔබ්බට යමින් තම දරුවන් දෙදෙනාට ද වෙදකම ඉගැන්වීමට අප්‍රමාණ වෙහෙසක්‌ හා කැපවීමක්‌ කරමින් දියණිය වන ඉරේෂා කුමාරි රණසිංහ මෙනවියට නිල චිකිත්සාව (අභ්‍යංග හෙවත් පිටතින් කෙරෙන නිල තෙරපීම) උගන්වා සිය රාවණ වෙද මැඳුරේම කරන අනුපමේය සේවය අතිමහත් ය.

එමෙන්ම උදාර නිර්මාල් රණසිංහ, බණ්‌ඩාර වෙදැදුරුගේ එකම පුතණුවන් ය. ඔහුද සිය පියාගේ මෙහෙවරට උර දෙමින් ක¹න රාවණා වෙද මැඳුරට ජවයක්‌ සපයන්නේ සිය වෙද පරපුරෙන් ජාතියට ඉටුqවිය යුතු මෙහෙය මනාව වටහාගෙනය.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments