සියලු ජය උදාකරන බලසම්පන්න ගාථා රත්නයක්‌

"ජයෝ මුනින්දස්‌ස සුබෝධි මූලේ

අහෝසි මාරස්‌ස පරාජයෝහි

උග්ඝෝසයුං දේව ගණා පසන්නා

ඒතේන සච්ෙච්න ජයස්‌සු මය්හං"

(බුදුරජාණන් වහන්සේ මාර පරාජය කොට බෝධිරාජයාණන් වහන්සේ ඉදිරිපිටදී ජය ලබා අති උතුම් වූ බුද්ධත්වයට පත්වූයේය. එයින් සියලු දෙවියෝ සතුටට පත්වූහ. ඒ සත්‍යානුභාව බලයෙන් මට ද ජයක්‌ම අත්වේවා·)

යන්න මෙම කුඩා ගාථාරත්නයේ සරල තේරුමයි. ගථාරත්නය කුඩා වුවද මෙහි බලය අති විශාලය. මෙම ගාථාව නිතර භාවිතා කරන ජන්මීන්ට එතුළින් ලබාගත හැකි පිහිට ආරක්‍ෂාව සහනය මෙතෙකැයි කියා නිම කළ නොහැක.

මෙම ගාථාරත්නයේ බලසම්පන්න බව තේරුම් ගත් අපේ පැරණි රජදරුවන් තම එදිනෙදා සියලු කාර්යයන් බාධාවකින් තොරව ඉටුකර ගැනීම උදෙසා ඉතා විශ්වාසයෙන් භක්‌තිමත්ව භාවිතා කළා යෑයි පැවසෙන මෙකී ගාථාරත්නය සම්බුද්ධ ශාසනයට අති විශාල මෙහෙවරක්‌ ඉටුකර ඇති දුටුගැමුණු රජතුමා තම දෛනික රාජකාරි සියල්ල සාර්ථක කරගැනීම සඳහා ද භාවිතා කර ඇති බව සඳහන්ය.

ඒ පිළිබඳ අවබෝධයක්‌ නොමැතිකම හේතුවෙන් අද බොහෝ දෙනා මෙම මහානුභාවසම්පන්න ගාථාව භාවිතය නොකළ ද බුද්ධ ධර්මයේ විශ්මයජනක බලය ශක්‌තිය විදහා දැක්‌වෙන මෙවැනි ගාථාවන්හි ශක්‌තිය බලය අත්විඳිමින් අප වටා පැනනගින සියලු කරදර බාධක දුක්‌ඛ දොමනස්‌සයන්ගෙන් මිදීම පිණිස අපට ද මෙයින් පිහිට ලබාගත හැක්‌කේය.

එලෙස මෙම සුවිශේෂී ගුණයන්ගෙන් යුතු බලසම්පන්න ගාථාව තුළින් පිහිටක්‌ සෙතක්‌ සහනයක්‌ ප්‍රාර්ථනා කරන්නා වූ ඔබ ප්‍රථමයෙන් උදේ සවස නිවසේ බුදුකුටිය වෙත ගොස්‌ මල්, පහන්, සුවඳ දුම් පූජා කර වන්දනා කර දෙවියන්ට පිං අනුමෝදන් කර තම සිතෙහි පවත්නා කරදර බාධක රෝබිය ග්‍රහ අපල දුරුකර දෙන මෙන් ඉල්ලා හැකිතාක්‌ වැඩි වාර ගණනක්‌ ගායනා කරන්න. ගායනා කරන වාර ගණන වැඩි වන තරමට එයින් ලැබෙන ගුණය හා බලය දෙගුණ තෙගුණ වන්නේය.

එසේම තම සාධාරණ අවංක බලාපොරොත්තු ඉටුකර ගැනීම පිණිස මෙම ගාථාව භාවිතා කරන්නට පෙළඹෙන ඔබ පස්‌පවින් වැළකී නිර්මාංශව ගතින් මෙන්ම සිතින් ද පිරිසිදු අයකු විය යුතු අතර තමා සඳහා කියන විට ගාථාවේ අන්තිම පදයේ අවසානයට යෙදෙන "මය්හං" යන වචනය වෙනත් අයකුගේ සෙත ප්‍රාර්ථනා කරමින් ගායනා කරන විට "තුහ්යං" යනුවෙන් වෙනස්‌ කර ගායනා කරන්න.

ෆ ගාථාරත්නය භාවිතයෙන් ලබාගත හැකි අප්‍රමාණ වූ ගුණ මෙලෙස දැක්‌විය හැක.

ෆ නව නිවසක්‌ සඳහා අත්තිවාරම් දැමීමේදී භාවිතා කරන වැලිවලින් ස්‌වල්පයක්‌ ගෙන 1008 මෙම ගාථාවෙන් මතුරා අනෙක්‌ වැලි සමග මිශ්‍ර කර සම්පූර්ණ අත්තිවාරම සඳහා යොදා ගැනීමෙන් සියලු දොෂ දුරුකර ඔබගේ සිහින විමන ගොඩනගා ගත හැක්‌කේ ය.

ෆ නිවසකට උළුවහු ජනෙල් තබන විට නොපෑගුණු ගල් 1008 වරක්‌ මෙයින් මතුරා අදාළ ස්‌ථානවල තැන්පත් කිරීමෙන් දොර ජනෙල් වලින් නිවසට බලපාන්නා වූ දොෂ දුරුවන්නේය.

ෆ මෙම ගාථාවෙන් අබ, වැලි 1008 වරක්‌ මතුරා ගෙවත්තේ ඉසීමෙන් ඉඩම්වලට බලපාන්නා වූ යක්‍ෂ, ප්‍රේත, භූත ආදී අමනුස්‌ස දොෂ දුරුවී ආරක්‍ෂාව සැලසෙන්නේය.

ෆ නොපෑගුණු ගල්, වැලි, කුඹුරු ඇට, ඇත් රූපය බැගින් ගෙන 1008 වරක්‌ මතුරා නිවසේ හතර කොණ හා ඉඩමේ හතර කොණ වළලා තැබීමෙන් සතුරන් ඊර්ෂ්‍යාකාරයින් විසින් සිදුකරන්නා වූ දරුණු ගණයේ අනවිණ කොඩිවින ආදියෙන් වැළකී සිටීමට හැකි අතර තඹ තහඩු හතරක අක්‍ෂර වෙනස්‌ නොවනසේ ලියා 1008 වරක්‌ මතුරා කුඩා මුට්‌ටි හතරක හෝ කුප්පි හතරක බහා නිවසේ හතර කොණ වහළේ එල්ලා තැබීමෙන් ද ඉහත දොෂ දුරුවී නිවසේ ශ්‍රියාව ඇතිවන්නේය.

ෆ ගුරුල්ල කෝටු හතරක්‌ ගෙන 1008 වරක්‌ මතුරා කුඹුරේ ගොවි බිමේ හතර කොණ සිටුවා තැබීමෙන් වගා හානි දුරුවී වැඩි අස්‌වැන්නක්‌ ලබාගැනීමට හේතුවේ.

ෆ රෝගියකුට දෙන ඖෂධවලට 108 වරක්‌ මතුරා දීමෙන් ඖෂධ පත්තියන් වී රෝග සුව වන්නේය.

ෆ පිරිසිදු පොල්තෙල් 1008 වරක්‌ මතුරා නිවසේ බුදු පහන දැල්වීමෙන් සියලු දොස්‌ දුරුවී නිවසේ ශ්‍රියාව මෙන්ම නිවැසියන්ගේ දියුණුව සැලසෙන්නේය.

ෆ සඳුන් තෙල් මෙම ගාථාවෙන් 1008 වරක්‌ මතුරා නලලේ තිලක තබා යැමෙන් සම්මුඛ පරීක්‍ෂණ ආදියෙන් ජය ලැබේ.

ෆ කුඩා දරුවන්ගේ පංචායුධ මෙයින් 1008 වරක්‌ මතුරා පැළඳීමෙන් ග්‍රහ අපල දුරුවේ. සිහිනෙන් බියවීම නවතී. සියලු දෙවියන්ගේ පිහිට ලැබී බාලගිරි දොෂ මාන්දම ඇස්‌වහ කටවහ දොෂ දුරුවී ආරක්‍ෂා වන්නේය.

ෆ බුලත් දල්ලක්‌ ගෙන 108 වරක්‌ මතුරා දකුණු පාදයේ බැඳගෙන ක්‍රීඩාවේ යෙදීමෙන් ජය අත්වේ. ධාවන තරගවලදී වෙහෙස නොදැනේ.

ෆ නිවසේදී සිඳගත් රන් තැඹිලි තෙල් 1008 වරක්‌ මතුරා නලලේ තිලක තබා යැමෙන් නඩු ඉක්‌මනින් විසඳේ. (සාධාරණ කාරණා විය යුතුය.)

ෆ ඕනෑම කටයුත්තක්‌ සඳහා නිවසින් පිටත් වන අවස්‌ථාවේ මෙම ගාථාව තුන් වරක්‌ කියා පිටත්වීමෙන් මගතොටදී ඇතිවන්නාවූ කරදර බාධක මගහැරී ගමන සාර්ථක වන අතර ආරක්‍ෂාවද සැලසේ.

ෆ සත් වරක්‌ පෙරන ලද පැන් ගෙන 108 වරක්‌ මතුරා පානය කිරීමෙන් ද මුහුණ කට සේදීමෙන් ද ඇස්‌වහ කටවහ දුරුවී නිරෝගී සම්පත්තිය උදාවේ.

ෆ තඹ තහඩුවල ලියා 1008 වරක්‌ මතුරා ව්‍යාපාරික ස්‌ථානයේ මුදල් ලාච්චුවේ තැන්පත් කිරීමෙන් හා හතර කොණ එල්ලා තැබීමෙන් ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වේ. ආදායම් වර්ධනය වේ.

ෆ අධ්‍යාපනය ලබන දූ දරුවන් මෙම ගාථාව තුන්වරක්‌ කියා පිටත් වීමෙන් අධ්‍යාපනය දිනෙන් දින දියුණුවට පත්වේ. ඒ සඳහා පවතින බාධක මගහැරේ. බුද්ධිය පහල වේ. අමතක වීම් මගහැරේ.

ෆ තඹ පතක ලියා 1008 වර මතුරා තම වාහනයේ තබාගැනීමෙන් අනතුරුවලින් ආරක්‍ෂාවීමේ භාග්‍ය හිමිවන්නේය.

මේ ආදී වශයෙන් ඕනෑම අයකුට අසීමිතව ගුණ ලබා දෙන්නා වූ මෙම මහානුභාව සම්පන්න ගාථාරත්නය නිතර භාවිතා කරන්නන්ට සියලු බාධක කරදර මගහැර මොහොතින් මොහොත පැයෙන් පැය දිනෙන් දින සර්ව සෞභාග්‍ය උදාවන බව අත්දැකීමෙන් පැවසිය හැක්‌කකි.

ජ්‍යෙතිෂ්‍යවේදී - රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments