නිරෝගී සුවය අත්කර ගන්න බෝධ්‍යංග පිරිත නිතර කියන්න

ධර්මයට සමාන ඖෂධයක්‌ නැත "ධම්මෝසධ සමංනත්ථි" යනුවෙන් ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍යයන් ලෙස මෙලොව උපත ලැබූ අපට වැළඳෙන සමහර රෝගාබාධ වෛද්‍ය උපදෙස්‌ සහ බෙහෙත් ඖෂධ වලින් සුවකර ගත හැකි අතර ඇතැම් රෝගාබාධ එසේ සුවකරගත නොහැකි අවස්‌ථා තිබෙනවා.බුදු දහමට අනුව එබඳු ලෙඩ රෝග කර්ම රෝග වශයෙන් හැඳින්වෙනවා. අති දක්‍ෂ වෛද්‍යවරුන්ට හා නවීන වෛද්‍ය මෙවලම්වලට හසුනොවන මෙකී කර්ම රෝග වැළඳීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ අදාළ ජන්මියා පෙර ආත්ම භවයන්හිදී සිදුකළා වූ අකුසලකර්ම පලදීමය.

පෙර භවයන්හිදී සත්ත්ව හිංසාව, සත්ත්ව ඝාතනය, අන්‍යයන් තලා පෙළා විනාශකර දැමීමට උපක්‍රම යෙදීම, අවි ආයුධ භාවිතය, උගුල් ඇටවීම, කුමන්ත්‍රණ කිරීම, අනවින, කොඩිවිණ සඳහා යොමුවීම ඊර්ෂ්‍යා සහගතව ක්‍රියා කිරීම ආදී පාප ක්‍රියා නිසා උපදවාගත් අකුසල ක්‍රියාවල බලවත් බව ග්‍රහ අපල භූත දොෂ ආදී වශයෙන් පලදෙන කාලයේ කර්ම රෝගවලට මැදිව පීඩා විඳීමට සිදුවන අතර මෙවැනි අවස්‌ථාවලදී අදාළ ජන්මියාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂාකර එහි දැනට පවත්නා තත්ත්වය අවබෝධ කර ගැනීමෙන් අනතුරුව කර්ම රෝග තත්ත්වයට පත්වීම රෝගය නිසා විඳ වීමට සිදුවීම හා අවසානය එම පීඩාවෙන් මිදීමේ මාර්ගය සොයා ගැනීම සිහිනුවණින් අවබෝධ කර ගැනීමට සැලකිලිමත් වීම වැදගත්ය.

බෞද්ධ ධර්මයේ සඳහන් චක්‌ඛුපාල තෙරුන් වහන්සේගේ කතා වස්‌තුව මේ සඳහා හොඳම නිදසුනකි. රහත් බවට පත්වූ චක්‌ඛුපාල තෙරුන් අන්ධ භාවයට පත්විය. ඒ පිළිබඳව අනෙක්‌ භික්‍ෂූන් වහන්සේලා බුදුරදුන්ගෙන් විමසූ අවස්‌ථාවේ පූර්ව ජාතියෙහි චක්‌ඛුපාල නම් වූ භික්‍ෂුව අතිදක්‍ෂ අක්‍ෂි වෛද්‍යවරයකු බවත් උන්වහන්සේ විසින්ම සුවකළ අක්‍ෂි රෝගියකු නැවත තමා විසින්ම අන්ධ භාවයට පත් කිරීමේ අකුසලයට පල විපාක වශයෙන් රහත් භාවයට පත් වුවද කර්මය පලදීම හේතුවෙන් මෙලෙස අන්ධ භාවයට පත්වූ ආකාරය ගෙනහැර දැක්‌වීය.

කර්ම රෝගාබාධයනට ගොදුරු වුවද තමන් කළ අකුසලය සොයා බලා තේරුම්ගෙන එකී අකුසලය අහෝසි වන ආකාරයෙන් කුසල් රැස්‌කිරීම තුළ අදාළ ජන්මියාට රෝග පීඩාවන්ගෙන් මිදී සහනයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාකරගත හැකි ආකාරය පහත දැක්‌වෙන පාඨයෙන්ද පැහැදිලි වේ.

"විධිමන්ත්‍ර සමා යුත්තං

ඖෂධං සපලං භවේ"

යම් විටෙක ඖෂධවලින් සහනයක්‌ නොලැබෙන්නේ නම් විධිමත් වූ මන්ත්‍ර ක්‍රමයක්‌ වෙත යොමුවන්න.

ඒ අනුව මෙවැනි කර්ම රෝගීන්ගේ සුවපත් භාවය උදෙසා යෙදිය හැකි ප්‍රබලම මන්ත්‍ර ක්‍රමය ලෙස මහා කාරුණික බුද්ධ භාෂිතය වූ පිරිත් දේශනා පෙන්වාදිය හැකි අතර එයින්ද බෝධ්‍යංග පිරිතෙහි රෝග සුව කිරීමේ අසීමිත බලයක්‌ කැටිව ඇති බව අත්දැකීමෙන් කිව හැකි කරුණකි.

කුමන රෝගාබාධයක්‌ නිසා හෝ දීර්ඝකාලීනව පීඩා විඳිමින් සිටින රෝගියකු සිටින නිවසක සෙසු සාමාජිකයන් එක්‌ව දිනපතා මල්, පහන්, සුවඳ දුම් පූජාකර බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය වන්දනාමාන කර තුන් සූත්‍රය සඡ්Cධායනා කර පෙරා සකස්‌කර ගත් පිරිසිදු පැන් බඳුනක්‌ තබා අදාළ රෝගියා විඳවන්නා වූ රෝග පීඩාව මෙම මහානුභාවසම්පන්න පිරිතේ අනුහසින් දුරුවී නිරෝගී සුවය අත්වේවායි යන ඒකායන පරමාර්ථය සිතේ තබාගෙන පිරිත සඡ්Cධායනා කිරීම අරඹන්න. පිරිත් කියන පුද්ගලයාගේ සිල්වත් බව, කරුණාව, මෛත්‍රිය වැඩිවන තරමටද පිරිත් කරන වාර ගණන වැඩිවූ තරමටද එයින් ලැබෙන ගුණය හා බලය වැඩිවේ. එමගින් සාමාන්‍ය ජලයේ තිබෙන බලයට ශක්‌තියට වඩා සිය දහස්‌ ගුණයක ශක්‌තියක්‌ පිරිත් පැන්වල තිබීම හේතුවෙන් දිනපතා පිරිත් පැන් පානය කිරීමෙන් ඕනෑම අයකුගේ නිරෝගී කම දියුණු වේ.

බෝධ්‍යංග පිරිත

සත්තිමේ (රෝගියාගේ නම) බොඡ්Cධංගා භගවතා

සම්මදක්‌ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ය

සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති කතමේ සත්ත

සති සම්බෝඡ්Cධ්ගෝ ඛෝ (රෝගියාගේ නම) භගවතා

සම්මදක්‌ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ය

සම්බෝධාය නිබ්බාණාය සංවත්තති

ධම්මවිචය සම්බොඡ්Cධංගෝ ඛෝ (රෝගියාගේ නම)

භගවතා සම්මදක්‌ඛාතෝ භාවිතෝ බහුලීකතෝ

අභිඤ්ය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති

විරිය සම්බොජCධංගෝ ඛෝ (රෝගියාගේ නම) භගවතා

සම්මදක්‌ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ය

සම්බෝධාය නිබ්බාණාය සංවත්තති

පීති සම්බෝඡ්Cධංගෝ ඛෝ (රෝගියාගේ නම) භගවතා

සම්මදක්‌ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ය

සම්බෝධාය නිබ්බාණාය සංවත්තති

පස්‌සද්ධි සම්බෝඡ්Cධංගෝ (රෝගියාගේ නම) භගවතා

සම්මදක්‌ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ය

සම්බෝධාය නිබ්බාණාය සංවත්තති

සමාධි සම්බෝඡ්Cධංගෝ බෝ (රෝගියාගේ නම) භගවතා

සම්මදක්‌ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ය

සම්බෝධාය නිබ්බාණාය සංවත්තති

උපෙක්‌ඛා සම්බෝඡ්Cධංගෝ ඛෝ (රෝගියාගේ නම) භගවතා

සම්මදක්‌ඛතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ය

සම්බෝධාය නිබ්බාණාය සංවත්තති

ඉමෙ බෝ (රෝගියාගේ නම) සත්ත බොඡ්Cධඕගා

භගවතා සම්මදක්‌ඛාතා භාවිතා බහුලීකතා

අභිඤ්ය සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති

මේ ආකාරයට දිනපතා පුරුද්දක්‌ වශයෙන් මෙලෙස බෝධ්‍යංග පිරිත සඡ්ධායනය කරමින් අදාළ රෝගියාටත් තමන්ටත් පවුලේ සියලු දෙනාටත් බුද්ධානු භාවයෙන් ධම්මානු භාවයෙන් සංඝානු භාවයෙන් නිදුක්‌ නිරෝගී භාවය අත්වේවායි ප්‍රාර්ථනා කරමින් කුසල් වැඩෙන ක්‍රියාවන්හි නිරතවීම තුළ පෙර අකුසල් නිසා හටගන්නා රෝගාබාධ වලින් මිදී නිරෝගීව සහනයෙන් ජීවත් වීමේ වාසනාව ඔබ සැමට උදාවනු ඇත.

ජ්‍යෙතිෂ්‍ය වේදී රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments