නිවසේ ආරක්‍ෂාවට සරල මන්ත්‍රයක්‌

අප ජීවත්වන නිවෙස්‌ තුළ පියවි ඇසට නොපෙනෙන අපගේ දියුණුවට බාධා කරන යක්‍ෂ, ප්‍රේත, භූත ආදී අමනුෂ්‍ය දෝෂ බොහොමයකින් පිරී පවතී. ඊට අමතරව ඊර්ෂ්‍යාකාරීන් විසින් අපගේ දියුණුවට බාධා පමුණුවමින් කරන්නා වූ අණවිණකොඩිවිණවලටද අපට නිරතුරුවම මුහුණ පෑමට සිදුවේ. එවැනි අවස්‌ථාවල එකී පීඩාවන්ගෙන් මිදීම සඳහා භාවිත කළ හැකි සරල ආරක්‍ෂාවක්‌ ඔබ වෙත මෙසේ දක්‌වමු.

මේ සඳහා අඟල් 2 දිග අඟල් 2 පළල තඹ පත්‍ර 8 ක්‌ ගෙන රූප සටහනේ දක්‌වා ඇති ආකාරයට ඉරි දෙක යෙදිය යුතු ස්‌ථාන ඒ ආකාරයටත් තනි ඉර යෙදිය යුතු ස්‌ථාන ඒ ආකාරයටත් දක්‌වා ඇති අක්‍ෂර නිවැරදිවත් ප්‍රස්‌ථාරගත කරගන්න. අනතුරුව එක්‌ යන්ත්‍රයක්‌ 108 වර බැගින් යන්ත්‍ර 8 ම නිසි ලෙස සකසාගත් මල් බුලත් කටුවක තබා පහත දැක්‌වෙන ආරක්‍ෂා මන්ත්‍රයෙන් ජීවම් කර කුඩා මුට්‌ටි 8 ක බහා ඉන් 4 ක්‌ එකවර 4 දෙනකු විසින් වත්තේ හතර කොණ වළදමා ගැනීමෙන්ද අනෙක්‌ මුට්‌ටි 4 නිවසේ වහළයේ හතර කොණ එල්ලා ගැනීමෙන්ද සියලු දෝෂයන්ගෙන් මිදීමට හැකිවනු ඇත.

ආරක්‍ෂා මන්ත්‍රය

ඕං නමෝ බුද්ධමාලා පිරිත් දේශනාවෙන් අට දික්‌ බලා යකුන් දැපනය කරවා, බුදුරැස්‌ වළල්ලට යකුන් පටලවා, ඇස්‌ සලිත කරවා හිස්‌ සලිත කරවා, කඳ සලිත කරවා, යක්‍ෂ විමාන උණු කරවා කාම බන්ධන පුපුරවා නාගදරණ වෙව්ලුවා, හිමාල පර්වත උණු කරවා, ඉරහඳ සලිත කරවා, දේව විමන් වෙව්ලුවා, දේව මණ්‌ඩල සලිත කරවා යක්‍ෂ ගිනි බුදුරැස්‌ මාලා විහිදුවා යකුන් දැපනය කරවා භූමි දේවි දැපනය කරවා දණ්‌ඩෙන් ගැසූ ලෝතලියක්‌ මෙන් ගර්ජනා කරවා, දෙවි දේවතාවෝ දැපනේ කරවා, බුද්ධ මාලාවෙන් ඉන්ද්‍ර දිගට දේව මුදාහෙළා, වන්දාමි අග්නි දිගට චන්ද්‍ර කාර මුදා හෙළා, බන්දාමි නෛතියාවට පංච ගුරු මුදාහෙළා, බන්දාමි ඊසානයට ගජකාර මුදා හෙළා බන්දාමි අටකොන සොළොස්‌ කොන දේව මුදා හෙළා, බන්දාමි මාගේ මේ කොන පිරිත් දේශනාවට යකුන් යක්‍ෂණියන් බන්ධනය කර යකඩලෝකටු ගසා හිර කරමි යක්‍ෂය මේ තැන අතහැර නොසැංගී නොවැළකී බුද්ධමාලා පිරිත් දේශනාවට අඩංගු වී පලයත් තෝස්‌වාහඃ

දේශමාන්‍ය දේශබන්ධු රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments