නිවසේ බ්‍රහ්ම පාදය නිවැරදිව සොයා ගන්නේ, කෙසේද?

මිනිසාගේ ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රීය කුමක්‌ ද කියා ඔබගෙන් ඇසුවොත් ඔබ විවිධ ඉන්ද්‍රීයන් පිළිබඳව පවසනු ඇත. ඒ අතරින් මොළය සහ හදවත ප්‍රධානතම ඉන්ද්‍රයන් ලෙස බෙහෝදෙනා ප්‍රකාශ කරනු ඇත. මොළය සහ හදවත අතරින් ද ඉතාමත් ප්‍රබලම ඉන්ද්‍රීය වන්නේ, හදවතයි. මොළයට අවශ්‍ය රුධිරය ලබාදෙන්නේත්, මොළයට අවශ්‍ය ශක්‌තීන් දෙන්නේත් හදවත මඟිනි. එසේ නම්, මනුෂ්‍ය ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රීය ලෙස හදවත යන්න අපිට අවිවාදයෙන්ම පිළිගැනීමට සිදු වෙනවා. හදවතින් භෞතික පැතිකඩක්‌a මෙන්ම අධ්‍යාත්මික පැතිකඩක්‌ ද පවතින බව ඔබට පැවසිය යුතුයි. භෞතික පැතිකඩ අපට පෙනෙන අතර අධ්‍යාත්මික පැතිකඩ අපට නොපෙනුණත් එය දැනෙනු ඇත. මිනිස්‌ ශරීරයේ හදවතට හිමි වන වැදගත්කමටම සමාන වැදගත්කමක්‌ බ්‍රහ්ම පාදයට හිමිවන බව පුරාණ ඍෂි උතුමන් පෙන්වා දී තිබෙනවා. ගෘහයක බ්‍රහ්ම පාදයේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කිරීමේ දී මිනිස්‌ සිරුරේ හදවත මගින් ඉටුකරනු ලබන කාරියටම සමාන කාර්යයක්‌ ගෘහයේ බ්‍රහ්ම පාදය තුළින් ද සිදුවන බව කිව යුතුයි.

 විශ්වයේ පවතින විශ්ව ශක්‌තිය නිවස තුළටම අද්දවාගෙන එම විශ්ව ශක්‌තීන් නිවස තුළ පතුරුවා හරිනු ලබන ස්‌ථානය බ්‍රහ්ම පාදය ලෙස හඳුන්වා දිය හැකිය. ශරීරයේ පවතින අපිරිසිදු රුධිරය ශිරා මඟින් හදවත තුළට ඇදගෙන ඒවා පිරිසිදු කොට ධමනි මඟින් මුළු ශරීරය පුරා ශක්‌තිය සහිත පිරිසිදු රුධිරය බෙදා හරින ආකාරයෙන්ම ඔබගේ බ්‍රහ්ම පාදයද නිවස තුළට පිවිසෙන යහපත් අයහපත් විශ්ව තරංගවල යහපත් කිරණ ගෘහය පුරා විහිදවාලනු ලබයි. ඔබගේ ගෘහයේ හදවත බඳු බ්‍රහ්ම පාදය ඔබ මනාව හඳුනාගෙන ආරක්‍ෂා කළ යුත්තේ, එබැවිනි. නිවසේ බ්‍රහ්ම පාදය ආරක්‍ෂා කර ගැනීමට ප්‍රථම නිසි ලෙස බ්‍රහ්ම පාදය තිබෙන ස්‌ථානය අප විසින් නිශ්චිතව සහ ස්‌ථිරව හඳුනා ගැනීම කළ යුතු වෙනවා. වාස්‌තු ශිල්පයට අනුව වාස්‌තු සිද්ධාන්ත පරිදි නිවැරදිව බ්‍රහ්ම පාදය හඳුනා ගැනීමට අවැසි උපදෙස්‌ ඔබ වෙත මෙම ලිපියෙන් ලබාදීමට උත්සාහ ගනී.

නූතනයේ වාස්‌තු ශිල්පයේ යෙදෙන්නන් පවා නිවසේ බ්‍රහ්ම පාදය නිවැරදි ආකාරයෙන් හඳුනා නොගෙන නිවාස සඳහා වාස්‌තු ප්‍රතිකර්ම ලබාදෙන බව පෙනී යනවා. මෙය තත්ත්වය හරියට ලෙඩේ හඳුනා නොගෙන බෙහෙත් නියම කිරීම වැනි දෙයක්‌. මේ තුළින් සිදුවන්නේ, පවතින දෝෂයක්‌ සමනය වනවා වෙනුවට ඒවා තව තවත් ප්‍රබල වීමයි. එම නිසා ප්‍රථමයෙන් නිවසේ බ්‍රහ්ම පාදය නැත්නම් මාධ්‍ය ලෂ්‍යය නිශ්චිත හඳුනා ගත යුතු වෙනවා. පුරාණයේ මේ සඳහා සිත දියුණු කර උතුමන් එය ආධ්‍යාත්මික ශක්‌තිය තුළින් දුටු අතර ඉන්පසු කාලවලදී විශිෂ්ට ඔසු යොදාගෙන බ්‍රහ්ම පාදය තවරා සිදුවන වෙනස්‌කම් තුළින් බ්‍රහ්ම පාදය නිශ්චිත හඳුනා ගනු ලැබුවා. නූතනයේ දී එවැනි සූක්‍ෂම ක්‍රම යොදා ගැනීමට තරම් මිනිසා දියුණු වී නොමැති බැවින් ගණිතමය සහ ජ්‍යාමිතික ක්‍රම ශිල්පය ආශ්‍රයෙන් වාස්‌තු මූලධර්මවලට යටත්ව බ්‍රහ්මපාදය නිවැරදිව සොයාගැනීම කළ හැකියි.

බ්‍රහ්ම පාදය නිවැරදිව හඳුනා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු

* සමචතුරස්‍රකාර හෝ ඍජුකෝණාස්‍රකාර නිවාසයක බ්‍රහ්ම පාදය ඉතාමත් ලෙහෙසියෙන් හඳුනා ගැනීමට හැකියි. මෙහිදී නිවසේ බ්‍රහ්ම පාදය සොයා ගැනීම සඳහා නිවස එකම පද්ධතියක්‌ ලෙස සලකා පාද සටහන යෙදීම කළ යුතු අතර පාද සටහනේ මධ්‍ය ලක්‍ෂ නිවසේ බ්‍රහ්ම පාදය ලෙස සොයා ගැනීම කළ හැකියි.

* ඉහත පරිදි ඉතා සරල හැඩතලයක බ්‍රහ්ම පාදය සොයා ගැනීම ඉතාමත් සරල වුවත් සෑම නිවසක්‌ම මෙවැනි සරල හැඩතල නොගනී. නිවාස වල විවිධ හැඩතල ඇති අතර විවිධ කොටස්‌ නෙරා තිබීම දක්‌නට ලැබෙනවා නිවසේ හැඩතල අනුව එම නිවසට පාද සටහන එලා ගැනීම කළ යුතු වෙනවා. නිවසකට පාද සටහන එලා ගැනීමේ දී අනුගමනය කළ යුතු වැදගත් රීති කිහිපයක්‌ පවතිනවා.



1. පාද සටහනට හැකිතාක්‌ සාධාරණ ලෙස නිවසේ කොටස්‌ ඇතුළත් කර ගැනීම.

මෙහිදී අනවශ්‍ය ලෙස නිවසින් කොටස්‌ ඉවත් කිරීම හෝ අනවශ්‍ය ලෙස කොටස්‌ එකතු කිරීම නොකළ යුතු අතර ඉතාමත් සාධාරණ එකම ක්‍රමය යොදා ගැනීම කළ යුතුයි.

2. පාද සටහනට කොටස්‌ එකතු කර ගැනීම

නිවසේ වහලය ගැසූ කොටසින් 3/1 කට වඩා වැඩි කොටසක්‌ පාද සටහනට එකතු කළ යුතු අතර 3/1 කට වඩා අඩු කොටස්‌ නොසලකා හැරීම කළ යුතුයි.

3. පාද සටහනට ආලින්ද කොටස්‌ හා ගරාජ ඇතුළත් නොවන අතර විශේෂ අවස්‌ථාවක්‌ ලෙස සලකා එම කොටස්‌වල මුල්ගල තබා ඇති විටක එම කොටස්‌ ද එකතුකර ගැනීම කළ යුතුයි. එහිදී 3/1 රීතිය බල නොපැවත් වේ.

4. විශේෂයෙන් නිවසේ චිමිනිය, මුළුතැන්ගෙය යන කොටස්‌ 3/1 කට අඩු වුවද පාද සටහන ඇතුළත් කිරීම කළ යුතුයි.

5. නිවසේ සරල රේ‚ය නොවන ඇද බිත්ති තිබෙන විට දී එය ලම්බක රේඛාවක්‌ ලෙස සිතා පාද සටහනට යෙදා ගැනීම කළ යුතුයි.

නිවසේ මධ්‍ය ලCෂ්‍ය නැත්නම් බ්‍රහ්ම පාදය 

නිසිලෙස හඳුනා ගැනීම සඳහා ගෘහයේ සක්‍රීය පාද සටහන නිසි ලෙස තීරණය කළ යුතුයි. පාද සටහන නිසි ලෙස යොදා නොගෙන බ්‍රහ්ම පාදය සොයා ගැනීම කළ නොහැකි දෙයකි. නූතනයේ බොහෝ දෛවඥයන් නිවසේ බ්‍රහ්ම පාදය සහ ගිනිකතුර පටලාගෙන සිටිනවා කිසිම විටක ගිනිකතුර ඡේදන ලCෂ්‍යය බ්‍රහ්ම පාදය වන්නේ නැහැ. එසේම ගිනිකතුර සංකල්පය ඉතාමත් සක්‍රීය නොවන ප්‍රාථමික ලෙස යොදාගනු ලබන ක්‍රියාවලියකි. මෙහිදී සෑම විටම නිවසේ මධ්‍ය ලCෂ්‍ය නොලැබේ. එසේම ගිනකතුරට නොවැටෙන ලෙස උළුවහු ජනේල තැබිය යුතු බවට ඇති මතයද සක්‍රීය නොවන බව පෙන්වා දෙමි.

බ්‍රහ්ම පාදය යනු, නිවසේ ඉතාමත් බලවත් ස්‌ථානයක්‌ වන අතර එම බ්‍රහ්ම පාදය සෑම විටම ජයා පාදය තුළ ස්‌ථානගත වේ. මෙසේ බ්‍රහ්ම පාදය ජයා පාදය තුළ ස්‌ථාන ගත වන බැවින් බ්‍රහ්ම පාදය ඬඬජය පාදය ලෙස ද පුරාණයේ හැඳින්වූ බව කිව යුතුයි. මෙහිදී පාද සටහන යෙදීම සමහර අවස්‌ථාවලදී පාද 09 කට බෙදා ගන්නා අතර ඉතා නිවැරදි ක්‍රමය වන්නේ පාද 05 න් 03 කට එනම්, පාද 15 කට බෙදීමයි. එය තහවුරු කිරීමට ජය පාද සංකල්පය ඉවහල් වනු ඇත. වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම නිවසේ ජයා පාදය නිසි ලෙස හඳුනාගෙන ආරක්‍ෂා කිරීම තුළින් ඔබට ජය අයත් වන බව නිසැකය.

පේරාදෙණියේ ඩි.යු. සෙනරත් 

Post a Comment

0 Comments