බලාපොරොත්තු ඉටුකරන අති ප්‍රබල ශ්‍රී විෂ්ණු දැහැන

ශ්‍රී විෂ්ණු දැහැන

ඕං හීරීං හිරීං හර හර රාම විෂ්ණු වේලායුධ ගිඩි ගිඩි, රාජගුරු ධරනේ වෛකුණ්‌ඨකේ ශ්‍රී විෂ්ණු වෛරෝඩි වර වර දිෂ්ටි දිෂ්ටි වාරුං වාරු වා වා, ඉරන්ද සෙයියෙන්ද්‍ර සෙයියේන්ද්‍ර නීල ගුරු වේලාමානේ මාගේ ශ්‍රී විෂ්ණු රාමශර කුලම්බු එං එං නමස්‌කාර නමෝ නමඃ.

ඕං ගුරු පේසුං හර්ධ බන්ධකමං මාගේ හෘදය කෙරෙ නීල අවතාර නැගී ශ්‍රී විෂ්ණූන් වහන්සේ යුගනේත්‍ර හැර මා දෙස බලා ශ්‍රී විෂ්ණු දස අවතාර ජීව ජීව දිෂ්ටි එං එං නමස්‌කාර නමෝ නමඃ.

ඕං හිරිං රාමදේව මහීපාල භමකාරායනේ ශරකර නාග නාරායන දිෂ්ටි එං එං නමස්‌කාර නමෝ නමඃ.

ඕං බ්‍රහ්ම පාත්තු අවර ශ්‍රී විෂ්ණු සංහාරවාන ජීවඃ ප්‍රාණ ආහෝ දේව ස්‌වාමියානේ අවර දිෂ්ටි හැර රාමකධීර දේවාල උණු කරවා භවනලං හූන් විදුරාශනේ ගිණිශර දේහේන්ද්‍ර එං එං රාමස්‌වාමී ශරුධරණේ එලේන්ද්‍රි එං එං නමස්‌කාර නමෝ නමඃ.

ඕං හිරිං පූර්ණ චන්ද්‍රාරූඪ ධරණේ හෙන විද්‍රාෂනේ අයියා සාමිනේ අංමිනේ වේලාමානේ කධිර රාමනේ මා මූණ දිෂ්ටි එං එං ශ්‍රී විෂ්ණු සක්‍ය කුල දිෂ්ටි වාරුං වාරුං වාරාසි ගිඩි ගිඩි මෙත්තවාසනේ එං එං නමස්‌කාර නමෝ නමඃ.

ඕං හිරිං අෂ්ඨවිධ විංශති විෂ්ණු මහේෂ්වර උග්‍රතේජං ශ්‍රී ලෝකාග්‍රය නවග්‍රහ සව_ප්‍රාණ නාරායනේ එං එං නමස්‌කාර නමෝ නමඃ.

පිරිනිවන් පෑමට සුදුසු කාලය එළඹ ඇති බව අවබෝධකරගත් බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ ශාල වනෝද්‍යානයට වැඩමකොට පිරිනිවන් මංචකයෙහි වැඩ හිඳිමින් එහි පැමිණි ශක්‍රදේවේන්ද්‍රයාණන් අමතා ශ්‍රී ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් අනාගතයෙහි සුරැකීම ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාර කරන ලෙස කළ ඉල්ලීම ගෞරවයෙන් අසා සිටි දේවේන්ද්‍ර තෙමේ සම්බුද්ධ ශාසනය ශ්‍රී විෂ්ණු දෙවියන්ට භාර කළ බව සඳහන්ය.

එලෙස බුදුරජාණන් වහන්සේගෙන් වරම් ලබා සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා ඇපකැපවී සිටින ශ්‍රී විෂ්ණු දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීමට යොමු වී සිටි දෙවි කෙනකු බවත් විජය රජුගේ ආගමනයත් සමග ශ්‍රී ලංකාද්වීපයට පැමිණි බවත් සඳහන් වන අතර භාරතීය දෙවි කෙනකු වුවද අද වන විට විශාල වශයෙන් ශ්‍රී ලාංකීය බෞද්ධ බැතිමතුන්ගේ වන්දනා මානයට මෙන්ම ඇදහීමට පාත්‍ර වෙමින් තම පිහිට පතා එන ජනයාට සෙත සලසන දේවාත්මයකි.

හින්දු භක්‌තිකයන්ගේ විශ්වාසයට අනුව යුගයක්‌ තවත් යුග හතරකට බෙදෙන අතර එම යුග කෘත, නේත්‍රා, ද්වාපර සහ කලියුගය ලෙස හඳුන්වනු ලබයි. එම එක්‌ එක්‌ යුගයන් වලදී විෂ්ණු දෙවිඳුන් විවිධ වර්ණයන්ගෙන් පෙනී සිටින අතර කෘත යුගයේදී ධවල වර්ණයෙන් හෙවත් සුදු පැහැයෙන් ද නේත්‍රා යුගයේදී ස්‌වර්ණ වර්ණයෙන් හෙවත් රත්ත්‍රන් පැහැයෙන් ද ද්වාරප යුගයේදී රක්‌ත වර්ණයෙන් හෙවත් රතු පැහැයෙන්ද කලියුගයේදී නිලොත්පල වර්ණයෙන් හෙවත් නිල් පැහැයෙන්ද ලොව පහළ වන අතර දැනට ගතවන්නේ කලියුගය බැවින් මෙම යුගයේ විෂ්ණු දෙවිඳුන් නීලොත්පල වර්ණයෙන් හෙවත් නිල් පැහැයෙන් ලොව පහළව ඇති බව විශ්වාසයයි.

අසරණ සත්ත්වයාට පිහිට වනු පිණිස දෙව්ලොව දෙවිවරුන් විවිධ අවස්‌ථාවලදී විවිධ මූර්තීන්ගෙන් ලොව පහළ වන අතර ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ද මත්ස්‍ය, කුර්ම, වරාහ, නෘසිංහ, වාමන, රාම, පරශුරාම, කෘෂ්ණ, බුද්ධ, කල්කින් යන දස මූර්තියෙන් පෙනී සිටිමින් අද ද දුකටපත් ජනයාගේ යහපත පිණිසම කටයුතු කරමින් සශ්‍රීකත්වය, සෞභාග්‍යය සාමය සමගිය උදාකර දෙන්නා වූ බලසම්පන්න දේවාත්මයකි.

එවන් වූ මහා බලයක්‌ ඇති ශ්‍රී විෂ්ණු දෙවියන්ගෙන් ඔබේ සාධාරණ බලාපොරොත්තුවලට විසඳුම් ලබාගත හැකි අති ප්‍රබල ශ්‍රී විෂ්ණු දැහැන මෙලෙස ඔබට ඉදිරිපත් කරන අතර එමගින් උපරිම ප්‍රයෝජන අත්කර ගැනීම සඳහා මෙලෙස වතාවත් ඉටුකරන්න.

මේ සඳහා යොමු වන ඔබ පළමුව මස්‌ මාංස මත් වතුර දුම්වැටි වලින් ඈත් විය යුතුය. ඉන් පසු හිස සෝදා නා පිරිසිදුව සුදු පිරුවට හැඳ නිවසේදී රන් තැඹිලි තෙල් සිඳගෙන පහත සඳහන් අති ප්‍රබල ශ්‍රී විෂ්ණු දැහැනෙන් 1008 වරක්‌ මතුරාගන්න. අනතුරුව සෙනසුරාදා දිනයේ ශනි හෝරාවෙන් එනම් උදේ 6-7 අතර හෝ රාත්‍රි 8-9 අතර කාලයේදී විහාරස්‌ථානයට ගොස්‌ බෝධි පූජා පවත්වා ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ රූපයක්‌ බෝධිය අසල තබා උන්වහන්සේ අපට පිහිටවීමට පෙනී සිටින්නා වූ දස අවතාර සිහිපත් කරමින් එක්‌ අවතාරයකට එක පහන බැගින් පහන් 10 ක්‌ දල්වා වන්දනා මාන කර පිං අනුමෝදන් කර පහන්වලට සුවඳ දුම් අල්ලමින් ඔබ පීඩාවට පත්ව ඇති ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් ඉල්ලා සිටින්න. ස්‌ථිර වශයෙන් ඔබට ජය අත්වේ. තවද නිවසේදී මල් පහන් සුවඳ දුම් පූජා කර බුදුන් වැඳ විෂ්ණු දෙවියන්ට පිං අනුමෝදන් කර එම තෙල්වලින්ම පහනක්‌ දල්වා එම පහනට නැවත 21 වරක්‌ ශ්‍රී විෂ්ණු දැහැන කියා මතුරා ඔබේ කරදර බාධක මගහැර දෙන ලෙස ඉල්ලා සිටිමින් නිදන කාමරයේ ඊසාන දිශාවේ පහන තබා හිස දකුණු දිශාවට තබා නිදන්න.

තවද පෙර කී ශනි හෝරාව තුළදීම නිල් කටරොලු හා සමන්පිච්ච මල් වලින් සාදාගත් මල් මාලයක්‌ ශ්‍රී විෂ්ණු දැහැනෙන් 1008 වරක්‌ ජීවම් කර තම ගැටලු සඳහා සාර්ථක පිළිතුරු සමග තමාට අවශ්‍ය පිහිට ලබාදෙන මෙන් ඉල්ලා විෂ්ණු දේව ප්‍රතිමාවේ අතේ පළඳන්න. අත් දුටු පිළියමක්‌ වන මෙයද පෙර කී අන්දමින් ඉතා පිරිසිදුව කළ යුතුය. සියලු කටයුතුවලට පෙර නමස්‌කාර ආරාධනය කියා ආරාධනා කරන්න.

ශ්‍රී විෂ්ණු නමස්‌කාර ආරාධනාව

ශ්‍රී විෂ්ණු ධෘත සංඛ පද්ම චක්‍රං

ගෞහාන් චතුර් භුජ ධරං

ලක්‍ෂ්මී වෘක්‌ෂ්‍ය ප්‍රනිත්‍ය සේවිත තනුං

ස්‌වර්ණස්‍ය ජාමුත් පලං

ද්වීගොන්ද්‍රාධී පමාන වෘක්ෂ්‍ය සංකෘතං

කර්පූර් කුංකුමාන් විතං

තාම්බූලාඤ්ජන සුගන්ධ පුෂ්ප සහිතං

පාල්‍යන්තු රක්‍ෂන්තුච

ජ්‍යෝතිෂ්‍යවේදී 
රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments