දුටුගැමුණු රජුත් භාවිත කළ ආරක්‍ෂක ගාථා

පෙර රජ දවස මෙරට රජකම් කළ රජවරු සතුරු සේනා සමඟ සටන් කොට යුද්ධය ජය ගැනීම සඳහා යුද පුහුණුවට අමතරව විවිධ උපක්‍රම මෙන්ම ශාන්තිකර්ම, ගාථා පාඨ, ආරක්‍ෂක පිරිත් භාවිත කර ඇති අතර දුටුගැමුණු රජතුමා "බුද්ධෝ තිලෝක සරණෝ" නමැති අති ප්‍රබල මහානුභාව සම්පන්න ගාථා ත්‍රිත්වය රන්පතක ලියා සිය ඔටුන්නේ සඟවා තබාගෙන ගොස්‌ යුද්ධයෙන් ජය ලැබූ බවත් එතැන් පටන් ජනතාව මෙම අති ප්‍රබල ගාථා රත්නය සියලු ජයග්‍රහණ හා බිය දුරුවීම සඳහා ඉතා විශ්වාසයෙන් යුතුව භාවිතයට ගෙන සහනය උදාකරගත් බව පැරණි පත පොතේ ද සඳහන්ය.

සියලු පරාජයන් හමුවේ සිතින් නොවැටී මෙම ගාථා තුන උදේ සවස ගායනා කිරීමෙන් එම තත්ත්වයන්ගෙන් මිදී වාසනාවන්ත කාලයක්‌ උදාකරගත හැකි අතර සුවිශේෂී බලයකින් හෙබි ගාථා යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍රය නිසියාකාරව දන්නා සියලු දුසිරිතෙන් තොර සිල්වත් අයකු ලවා අක්‍ෂර වෙනස්‌ නොවන අයුරින් තඹ පතක ලියවා "බුද්ධෝ තිලෝක සරණෝ" යන ගාථා පංතියෙන් 1008 වරක්‌ පිරිත් කරවා නිවසේ තබා පුද පූජා කිරීමෙන් නිවැසියන්ගේ සියලු දුක්‌, කරදර බාධා දුරුවී ඔවුන් වෙත ජය සතුට වාසනාව නිරන්තරයෙන් උදාවන්නේය.

ඊට අමතරව මෙම ගාථා පෙර කී පරිදිම එවැනි අයකු ලවා සකස්‌ කර සුරයක බහා ගෙල පැළඳීමට ද හැකි අතර එය පළඳින අය ද දුසිරිතෙන් වැළකී යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කිරීමට වගබලාගත යුතුය. එසේම ගාථා ත්‍රිත්වය කර පළඳින ඕනැම අයකු දිනපතා නිවසේදී උදේ සවස මල් පහන් සුවඳ දුම් පුදා ත්‍රිවිධරත්නය වැඳ නමස්‌කාර කිරීමෙන් අනතුරුව යන්ත්‍රය මුවට ළංකර මෙම ගාථා තුන එයට කීමෙන් පැළඳ සිටින යන්ත්‍රයේ බලය දිනෙන් දින වැඩි වන අතර අදාළ ජන්මියා නොසිතන ආකාරයෙන් ඔහු වෙත පැමිණ ඇති සියලු දුක්‌ කරදර බාධා දුරුවී නොසිතූ අන්දමේ සෙතක්‌ ශාන්තියක්‌ වාසනාවක්‌ ඔහු වෙත උදාවන්නේය.

මෙමගින් ලැබිය හැකි ප්‍රයෝජන 

 *  නිවසේ තබා පුද පූජා කිරීමෙන් නිවසත් නිවස පිහිටි භූමියත් ආරක්‍ෂා වේ. සොර සතුරු කරදර වලින් මෙන්ම අමනුෂ්‍ය උපද්‍රවවලින්ද වැළකී දිවි ගෙවීමේ හැකියාව ඇතිවී නිවසේ ශ්‍රියාව දිනෙන් දින වැඩි වන්නේය.

 *  අඹු සැමි භේද දුරුවී සතුට සමාදානය ඇති වී පවුලේ දියුණුව ඇති වේ.

 *  නිවැසියන් වෙත එල්ලවන්නාවූ ඇස්‌වහ කටවහ දොෂ දුරුවී සර්වජන වශීය ඇතිවීමට හේතු වේ.

 *  රැකීරක්‍ෂා ස්‌ථානවල මතුවන්නා වූ කරදර බාධක යටපත් වී රැකියාවේ දියුණුව ඇතිවන්නේය.

 *  ව්‍යාපාරික ස්‌ථානවල තබා පූජා පැවැත්වීමෙන් වෙළ¹ම දියුණුවෙන් දියුණුවට පත්වේ.

 *  රථවාහනවල තබාගැනීමෙන් අනතුරු වලින් ආරක්‍ෂාවී ගමන් බිමන් සාර්ථක ලෙස නිමකර ගැනීමේ වාසනාව උදාවේ.

 *  අධ්‍යාපනය ලබන දූ දරුවන්ට භාවිත කිරීමට සැළැස්‌වීමෙන් උසස්‌ ලෙස එකී කටයුතුවලින් ජය අත්කර ගැනීමට හැකිවන්නේය.

 *  සම්මුඛ පරීක්‍ෂණ තරග විභාග ආදියට ඉදිරිපත් වන විට භාවිත කිරීමෙන් විශිෂ්ට ලෙස ජය අත් වේ.

 *  නඩු හබ වලින් ජයග්‍රහණය ලබාගැනීමට ද භාවිත කළ හැකි අතර සාධාරණය ජයග්‍රහනය කරයි.

 *  යුද්ධය පවතින භූමියකට ගිය ද තම ආරක්‍ෂාව සැලසේ.

මේ සියලු කාරණා අතර දිනපතා ඔබ විසින් සිදුකරන්නට යෙදෙන ඕනෑම යහපත් කාර්යයකට පෙර මෙම ගාථා ත්‍රිත්වය මතකයට නඟා එය සිදු කිරීමෙන් ඔබගේ කාර්ය කුමක්‌ වුවත් එය ඉතා සාර්ථක අයුරින් නිමකර ගැනීමේ හැකියාව ඔබ සතු වන්නේය.

සිංහල තේරුම

1. තුන් ලොවටම සරණ බුදුරජාණන් වහන්සේය. මෝහාන්ධකාරය දුරුකරන සූර්යයාද බුද්ධරත්නයයි. බුද්ධරත්නය මට නිර්භය පිණිස වන්නේය. මම සැමවිට බුද්ධරත්නය සරණ යමි. එහෙයින් මා වෙත කිසි කලෙකත් බයක්‌ නොපැමිණේ.

2. තුන් ලොවටම සරණ ධම්ම රත්නයයි. මෝහාන්ධකාරය දුරු කරන සූර්යයාද ධම්ම රත්නයයි. ධම්මරත්නය මට නිර්භය පිණිස වන්නේය. මම හැමවිටම ධම්මරත්නය සරණ යමි. එහෙයින් මා වෙත කිසි කලෙකත් බියක්‌ නොපැමිණේ.

3. තුන් ලොවටම සරණ සංඝරත්නයයි. මෝහාන්ධකාරය දුරු කරන සූර්යයාද සංඝරත්නයයි. සංඝරත්නය මට නිර්භය පිණිස වන්නේය. මම හැමවිටම සංඝරත්නය සරණ යමි. එහෙයින් මා වෙත කිසි කලෙකත් බියක්‌ නොපැමිණේ.

සිතට බියක්‌ දැනෙන ඕනෑම අවස්‌ථාවක මෙම ගාථා ත්‍රිත්වය කීමෙන් බිය දුරුවී සිතට සැනසීම උදාවේ. වැඩි වාර ගණනක්‌ ගායනා කිරීමෙන් එයින් ලැබෙන ආරක්‍ෂාව හා පිහිටද වැඩිවේ. එදිනෙදා සියලු කටයුතු වලදී මෙන්ම රාත්‍රි නින්දට පෙරද ගායනා කිරීමෙන් බොහෝ ගුණ ලැබේ.

ජ්‍යෙතිෂ්‍යවේදී රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments