නිරෝගී සුවයට බුද්ධ මන්ත්‍රයක්‌


තුන් දොස නසන බුද්ධ මන්ත්‍රය


බුද්ධේ ච ධම්මේ ච සංසේ ච රාජං

සග්ගේ ච තාමේ ච රූපේ තිරූපං

වාතේ ච පිත්තේ ච කපේ තිදෝසං

යක්‌බේ ච භූතේ ච භයං වි නාසං


නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං

නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං

නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මෙ සරණං වරං

ඒතේන සඡ්ජ වඡ්ඡේන රෝගෝ මේ වූප සම්මතු

මනුෂ්‍යයන් ලෙස මෙලොව උපත ලද අප අපට වැළඳෙන රෝග සඳහා ඖෂධ ලබා ගැනීම වෙදකම යනුවෙන් හඳුන්වනවා. එහෙත් එලෙස වැළඳෙන ඇතැම් රෝග වෙදකමෙන් පමණක්‌ සුවකළ නොහැකි අවස්‌ථාද තිබෙනවා. එවැනි අවස්‌ථාවල රෝගීන්ට හෙදකම් කිරීමට පෙළෙඹෙන අතර නිසි ප්‍රතිකාර විධි වෙත යොමුවෙමින් නොමනා ඇවතුම් පැවැතුම්වලින් මෙන්ම ආහාරපාන ආදියෙන්ද වැළකී විධිමත් යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම අනුගමනය කිරීම හෙදකම නම් වේ.

අපට ලෙඩ රෝග වැළඳීමට මූලික වශයෙන් බලපාන්නා වූ ප්‍රධාන දොaෂ තුනක්‌ දැක්‌විය හැකි අතර ඒවා වා, පිත්, සෙම් ආදී වශයෙන් වේ. මෙකී තුන් දෝස හෝ ඉන් එකක්‌ කෝපවීමෙන් ජන්මියකු රෝගියකු බවට පත්වේ.

ඊට අමතරව පෙර භවයන්හි සිදුකරන ලද අකුසලකර්ම පලදීම හේතුවෙන්ද කෙනකු රෝගියකු බවට පත්වීමට බොහෝ ඉඩකඩ පවතී.

එහෙත් මෙලෙස රෝගාබාධයන්ට ගොදුරුවූ ඕනෑම අයකුට ඉවසිලිමත්ව බුද්ධිය මෙහෙයවා සිහි නුවණින් කටයුතු කිරීම තුළ වැළඳෙන්නාවූ බොහොමයක්‌ රෝගවලින් වැළකී සුවසේ ජීවත්වීමේ හැකියාව ඇතිකර ගැනීමට හැකිය.

මෙහිදී රෝගියාගේ හඳහන නිවැරදිව පරීක්‍ෂා කර බලා දැනට ගෙවන ග්‍රහචාරය නිසි ලෙස අවබෝධකොට ගනිමින් අපල යෑයි සැලකෙන පෙර සසරේ කරන ලද අකුසල් නිසා විඳින්නට සිදුවන පීඩාවන්ගෙන් වැළකීම සඳහා බෝධි පූජා තැබීම, සෙත්කවි කියවීම. යන්ත්‍ර පැළඳීම, විවිධ වූ කිරණ ශක්‌තීන් ලබා ගැනීම සඳහා මැණික්‌ වර්ග පැළඳීම, පිරිත් සඡ්ජායනය, දානමාන්‍ය ආදී කුසල් රැස්‌වන කටයුතුවල නියෑළීම වැනි පිළිවෙත් මගින් රෝගී තත්ත්වයන් සමනය කරගත හැකිය.

යමෙකු පෙර ආත්මයක කරන ලද අකුසලකර්මයක්‌ වේ නම් පළමුව ඒ පිළිබඳ වැටහීමක්‌ ඇතිකර ගෙන එකී අකුසලකර්මය අහෝසි කරගත හැකි ආකාරයෙන් කුසල රැස්‌කර ගැනීමෙන් නොයෙක්‌ ආකාරයෙන් පීඩා විඳිමින් ගත කළ දුක්‌ත රෝගී කාලසීමාවන් පසුකර සුවපත් භාවය ලැබූ අවස්‌ථා බුදු දහමෙහි අනන්ත අප්‍රමාණ ලෙස සඳහන් වේ.

ඒ අනුව බලනවිට කුසල් රැස්‌කිරීම තුළින් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නයේ අනන්තවූ අප්‍රමාණවූ ගුණ බලයෙන් ඕනෑම රෝගියෙකුට නිරෝගී භාවය ලබා සුවසේ දිවි ගෙවිය හැකි බව අවබෝධකර ගතහැකිය. නිතර තෙරුවන් වඳින,

පුදන නිවසක ජීවත්වන අයට බුද්ධ වන්දනා ගාථා, සෙත්කවි, පිරිත් ශ්‍රවණය වීමෙන් ශරීරයේ පවතින්නාවූ තුන්දොස්‌ සමනයවී ලේ ධාතුව පිරිසිදුවීමෙන් පවතින්නාවූ විවිධ රෝගාබාධයන්ද සුවවී ඉදිරියේදී ගොදුරුවීමට සිදුවන රෝගපීඩාවලින්ද වැළකී සියලු ආබාධයන්ගෙන් මිදී සහනයෙන් සුවයෙන් දිවි ගෙවීමේ හැකියාව උදාවන්නේය.

දිනපතා උදේ සවස ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම්, පැන් පූජාකර දෙවියන්ට පිං අනුමෝදන් කර තමන්ටත් ගෙදර සියලු දෙනාටත් නිරෝගී සුවය ලබාදෙන ලෙස මෙලෙස ප්‍රාර්ථනා කරන්න.

බුද්ධානු භාවයෙන්, ධම්මානු භාවයෙන්, සංඝානු භාවයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් නිරෝගී සුවය අත්වේවා· සියලු බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාගේ අනන්ත කරුණා මෛත්‍රී ගුණ බලයෙන් අප සැමට උතුම් වූ නිරෝගී සම්පත්තිය ලැබේවා·

අනතුරුව ලඝූ ගුරු අකුරු 108 කින් සමන්විත මෙම බලසම්පන්න බුද්ධ මන්ත්‍රණයේ හා ත්‍රිවිධරත්නයේ ගුණ බලයෙන් වා, පිත්, සෙම් යන තුන් දොස සමනය කර ගැනීම සඳහා 21 වරක්‌ ගායනා කර නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න.

රෝගී අයකුට දෙන බෙහෙත්, කසාය, දෙහි, ඉඟුරු, තැඹිලි, කැඳ වර්ග මෙන්ම හිසේ ශරීරයේ ගල්වන තෙල් වර්ග ආදිය මෙම බුද්ධ මන්ත්‍රවලින් 21 වරක්‌ මතුරා ගැනීමෙන් ඉක්‌මන් සුවය අත්වනු ඇත.


සිය දහසක්‌ සක්‌වල බල පැතිරුන බුද්ධරත්නයේ බුදුබල ශක්‌තිය අප වෙත ළංවේවා.! 

සිය දහසක්‌ සක්‌වල බල පැතිරුන ධම්ම රත්නයේ සදහම් ශක්‌තිය අප වෙත ළංවේවා. !

සිය දහසක්‌ සක්‌වල බල පැතිරුන සංඝරත්නයේ ගුණ බල ශක්‌තිය අප වෙත ළංවේවා !

සිය දහසක්‌ සක්‌වල බල පැතිරුන ත්‍රිවිධ රත්නයේ ගුණබල ශක්‌තිය අප වෙත ළංවේවා.!

ජ්‍යෝතිෂ්‍යවේදී - රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments