රත්නමාලා බන්ධන ගාථාත්‍රය

සංසාර සාරෝඝ විනීත නීසං

සංනීත සාතං සුචිසාර ධීසං

සංධීරකං සොන්න තනූ පලාසං

සං ලාප දේසිං පණමේහි සාසං


සංසාභිගං කේවල මෝහ නාසං

සං නාහකං මාරරණේ විසේසං

සං සේවිතං දාසි මුදාර හාසං

සං හාර ධම්මං පණමේ සදාසං


සං දාසගං නාසිත පාප නාසං

සං තාප ධංසිං හතඝෝර පාසං

සං පාර ගාමිං සුචිසාර වාසං

සං වාර සංඝං පණමේ රසාසං


1 සසර නමැති සැඩ පහර නැවැත්වූවාවු, මනාකොට පමුණුවන ලද සැප ඇති, අතිශයින් උත්තම වූ ප්‍රඥාවක්‌ ඇති, මනා ධෛර්යයක්‌ ඇති, රන්වන් සිරුරක්‌ ඇති, උතුම් දහම් දේශනා කරන පියුමක්‌ බඳු බුදුරජාණන් වහන්සේට මම නමස්‌කාර කරමි.

2. ප්‍රශංසා කළ යුතු ගමන් මගක්‌ ඇති, මූලිකව මෝහය නසන, මාර යුද්ධයේදී විශේෂ වූ යුද ඇඳුමක්‌ වැනි වූ, මනාකොට ඇසුරු කරන ලද, ඉෂ්ට වස්‌තු ප්‍රාර්ථනාවක්‌ වූ, උතුම් සතුටක්‌ වූ, කෙලෙස්‌ නසන ධර්මරත්නය හැම කල්හිම මනාකොට වඳිමි.

3. මනා සේවකයකු ලෙස ගමන් ඇති, නැසිය යුතු පව් නැසූ, කෙලෙස්‌ ජාලයෙන් මනාකොට ගිලිහුණු, දරුණු වූ සසර රඳන බැම්ම නැසූ, මනාලෙස සසරින් එතෙරට යන ශ්‍රේෂ්ඨ වාසය කිරීමක්‌ ඇති, නිවන් රසයට කැමැති, ආර්ය මහා සංඝරත්නයට දිනපතා නමස්‌කාර කරමි.

මෙම ගාථාත්‍රය උදේ - සවස ගායනා කිරීමෙන් අපල - විපත් දුරුවී සෞභාග්‍යය උදාකර ගැනීමට ඉවහල් වනු ඇත.

මෙම මාහැඟි යන්ත්‍රය රුවන්වැලි මහා සෑයේ ධාතුගර්භයෙහි නිධන් කරන ලද, මහනුවර දළදා මාළිගාවේ ඇති ශ්‍රී දළදා වහන්සේගේ රැක වරණය පතා, රන් තඹ පතෙක ලියා පූජා කරන ලද, දුටුගැමුණු රජතුමාට යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ස්‌කන්ධ කුමාර දෙවිඳුගෙන් ලද තිළිණයක්‌ වශයෙන් සැලකෙන මෙම යන්ත්‍රය ඔබ නිවසට මිණි පහනකි. සියලු නවග්‍රහ අපල අන - වින විපත් දුරුවී සෞභාග්‍යය උදාකර ගැනීමට මෙම යන්ත්‍රය මහෝපකාරී වනු ඇත. නිවෙස්‌ සෑදීමේදී මුල් ගල් තබන අවස්‌ථාවේදී නිධන් කිරීමටද ඉතාමත්ම ප්‍රශස්‌තය.

කොස්‌ගොඩ - ඡේ. පී. ද සොයිසා

Post a Comment

0 Comments