ඒරාෂ්ඨක අපල දුරුකරන රතන යන්ත්‍රය

මෙලොව උපන් ඕනෑම පුද්ගලයෙකුට පෙර සසරේ කරන ලද පිං පව්වලට අනුව නොයෙක්‌ ආකාරයේ අපල උපද්‍රවවලට මුහුණ දීමට සිදුවීම වැළැක්‌විය නොහැක්‌කකි. එබැවින් එකී තත්ත්වයන්ට බිය නොවී මුහුණදීමට නුවණින් කටයුතු කිරීමට ඔබ දැනුවත් විය යුතුය. 

අපල පිළිබඳ කතා කිරීමේදී ඒරාෂ්ඨක පිළිබඳව කතා කිරීමට සිදුවුවත් එම වචනය ඇසූ සැනින් බොහෝ අය බිය වේ. මේ කිසිදු තත්ත්වයකට බිය නොවී මුහුණ දිය යුතු අතර පැමිණෙන්නා වූ සියලු ඒරාෂ්ඨක සඳහා ගුණ ලැබිය හැකි එකම යන්ත්‍රය රතන යන්ත්‍රය ලෙස සඳහන් කළ හැකිය. මෙම රතන යන්ත්‍රය ඉතා ප්‍රබල යන්ත්‍රයක්‌ වන අතර කිලි දොaෂ බල නොපාන ඉතා ප්‍රබල යන්ත්‍රයකි. සෙනසුරු මාරක සඳහා ඉතා යෝග්‍ය වන මෙම යන්ත්‍රය ඕනෑම ආකාරයක නවක්‌ග්‍රහ අපල සඳහා ඉතා සුබ පල දෙන අතර විශේෂයෙන්ම භූත පිසාච වැනි අමනුස්‌ස බලවේග ශරීරයට ඇතුළු වී ඇති පුද්ගලයන් හට ඉතා සාර්ථක ප්‍රතිඵල දෙන යන්ත්‍රයකි. විශේෂයෙන් කුඩා දරුවන්ට ඇතිවන රෝග පීඩාවන් සඳහා ඉතා ගුණ ලැබිය හැකි මෙම යන්ත්‍රය නිවසක තැන්පත් කර පුද පූජා කර තම නිවසේ තිබෙන්නා වූ අමනුස්‌ස දොaෂ ඔබටම ඉවත් කර ගත හැකි අතර පිටතින් පැමිණෙන අණ විණ කොඩිවිණ ආදියට හා අමනුස්‌ස බලපෑම්වලට හා සතුරු කරදරවලට ඇතුළු වීමට ඉඩ නොලැබෙන ඉතා ප්‍රබල බලයක්‌ ඇති යන්ත්‍රයකි.

මෙම යන්ත්‍රය සකස්‌ කිරීමේදී ප්‍රථමයෙන් එම ඇදුරු තුමා නිර්මාංශකව පංච ශීලයේ පිහිටිය යුතු අතර මත් වතුර පානය කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත් වූ කෙනකු විය යුතුය. මෙම යන්ත්‍රය ඉරි නොකැපෙන ආකාරයට ප්‍රස්‌ථාර කර ගත යුතුය. මල් අසුනක්‌ සාදා තම නිවස තුළදී රතන සූත්‍රයෙන් 108 වරක්‌ පිරිත් කර ගැනීමට හැකිනම් ඉතා ප්‍රබල බලයක්‌ මෙම යන්ත්‍රයෙන් ඔබට ලබා ගැනීමට පුළුවන. කිසිම විටක කිලි කුණු බලනොපාන අතර මෙම යන්ත්‍රය දමා ගෙන ඕනෑම ස්‌ථානයකට යා හැකිය. මෙම යන්ත්‍රය සකස්‌ කිරීමේදී තම නිවසේ ඊශාන දිශාව බලා මල් බුලත් තටුව සකස්‌ කර ගත යුතුය. බදාදා දින ඉතා සුබ වන අතර සුබ නැකතකින් ජීවම් කිරීමද ආරම්භ කළ යුතු වේ. දෙහි කපා ශරීරයේ තිබෙන දෝෂ ඉවත් කර යන්ත්‍රය පැළඳිය යුතුය. සියලුම ආකාරයේ මාරක නවග්‍රහ අපල අණවිණ කොඩිවිණ ලෙඩ රෝග අමනුස්‌ස බිය සඳහා ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට රතන සූත්‍රය පළඳින ඔබ පන්සිල් රකිමින් මෛත්‍රී මඩමින් දැහැමිව කල්ගෙවිය යුතුය.

රතන සූත්‍රය

1. යානීධ භූතානි සමාගතානි

භූම්මා නි වා යානි ව අන්තලික්‌ඛෙ

සබ්බෙව, භූතා සුමනා භවන්තු

අථො පි සක්‌කච්ඡ සුණන්තු භාසිතං

තස්‌මානි භූතා නිසාමෙථ සබ්බේ

මෙත්තං කරොථ මානුසියා පජාය

දිවා ච රත්තො ච හරන්ති යෙ බලිං

තස්‌මා හි නෙ රක්‌ඛථ අප්පමත්තා



2. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා

සග්ගෙසු වා යං රතනං පණීතං

න නො සමං අත්ථි තථාගතෙන

ඉදම්පි බුද්ධෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු



3. ඛයං විරාගං අමත පණීතං

යදඡ්Cධගා සක්‍ය මුනී සමාහිතො

න තෙන ධම්මෙන සමස්‌ථි කිඤ්චි

ඉදම්පි ධම්මෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු



4. යම්බුඬසෙට්‌ඨො පරිවණ්‌ණයි සුචිං

සමාධි මාණන්තරිකඤ්ඤ මාහු

සමාධිනා තෙන සමො න විඡ්ජති

ඉදම්පි ධම්මෙ රතනං පණීතං

එතෙන සච්ෙච්න සුවත්ථි හොතු



5. යෙ පුද්ගලා අට්‌ඨසතම්පසත්ථා

චත්තාරි එතානි යුගානි හොන්ති,

තෙ දක්‌ඛිණෙය්‍ය සුගතස්‌ස සාවකා

එතෙසු දින්නානි මහප්ඵලානි,

ඉදම්පි සංඝෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු



6. යෙ සුප්පයුත්තා සමසාදල්හේන

නික්‌කාමිනො ගොතමසාසනම්හි

තෙ පත්තිපත්තා අමතං විගය්හ

ලඬා මුධා නිබ්බුතිං භුඤ්ජමානා

ඉදම්පි සංඝෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු



7. යථින්ද‚ලො පඨවිං සිතො සියා

චතුබ්හි වාතෙහි අසම්පකම්පියො

තථුපමං සප්පුරිසං වදාමි

යො අරියසච්චානි අවෙච්ච පස්‌සති

ඉදම්පි සංඝෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු



8. යෙ අරිය සච්චානි විභාවයන්ති

ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි

කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා

න තෙ භවං අට්‌ඨමමාදියන්ති,

ඉදම්පි සංඝෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු



සහාවස්‌ස දස්‌සන සම්පදාය

තයස්‌සු ධම්මා ජහිතා භවන්ති

සක්‌කායදිට්‌ඨි විචිකිච්äතඤ්ච

සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි



චතූහපායෙහි ච විප්පමුත්තො

ඡචාභිඨානානි අභබ්බො කාතුං

ඉදම්පි සංඝෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු



10. කිඤ්චාපි සො කම්මං කරොති පාපකං

කායෙන වාචා උදචෙතසා වා

අභබ්බො සො තස්‌ස පටිච්ඡාදාය

අභබ්බතා දිට්‌ඨපදස්‌ස වුත්තා

ඉදම්පි සංඝෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු



11. වනප්පගුම්බෙ යථා ඵුස්‌සිතග්ගෙ

ගිම්හාන මාසේ පඨමස්‌මිං ගිම්හෙ

තථුපමං ධම්මවරං අදෙසයි

නිබ්බානගාමිං පරමං හිතාය

ඉදම්පි බුද්ධෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු



12. වරො වරඤ්ª වරදො වරාහරො

අනුත්තරො ධම්ම වරං අදෙසයි

ඉදම්පි බුද්ධෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු



13. ‚ණං පුරාණං නවං නත්ථි සම්භවං

විරත්ත චිත්තා ආයතිකෙ භවස්‌මිං

තෙ ‚ණ බීජා අවිරූළ්හිච්ඡන්දා

නිබ්බන්ති ධීරා යථා යං පදීපො

ඉදම්පි සංඝෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු



14. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානි ව අන්තලික්‌ඛෙ

තථාගතං දේව මනුස්‌ස පූජිතං

බුද්ධං නමස්‌සාමි සුවත්ථි හොතු



15. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානි ව අන්තලික්‌ඛෙ

තථාගතං දේව මනුස්‌ස පූජිතං

ධම්මං නමස්‌සාම සුවත්ථි හොතු



16. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානි ව අන්තලික්‌ඛෙ

තථාගතං දේව මනුස්‌ස පූජිතං

සංඝං නමස්‌සාම සුවත්ථි හොතු



ප්‍රවීණ ජ්‍යෙතිෂ්‍යවේදී - වාස්‌තු විද්‍යා උපදේශක
රංජන් සිසිර කුමාර
දෙනුවන් ජ්‍යෙතිෂ්‍ය සේවය
බටකැත්තර, පිළියන්දල.

Post a Comment

0 Comments