බොහොමයක් මව්වරු විසින් දරු ප්‍රසූත වලදී අඩු බරින් යුත් දරුවන් බිහිකරති. එසේ සිදුවන්නේ ඔවුන්ට පෝෂණ ගුණයෙන් යුත් ආහාර පාන ගැනීමට ඇති නොහැකියාව නිසාය. විශේෂයෙන් පිටිසර බද දුප්පත් පවුල්වල අය මෙන්ම නාගරික, කම්කරු පවුල්වල උදවිය, ආර්ථික පීඩනයන්ට ලක්‌වීම නිසා පෝෂණ ගුණයෙන් යුත් ආහාර ගැනිමේ ඉඩකඩ ඇහිරි තිබේ. එවන් තත්ත්වයන් මත කාන්තාවන්ට නොමේරු දරු උපත් සිදුවීම්ද ඇතිවන නිසා මව්වරුන්ට මව් කිරි නිපදවීමේ හැකියාව අඩු හෙයින් ප්‍රමාණවත් පරිදි කිරි දරුවාට ලබාදීම දුෂ්කරය. ඉතා අඩු බරකින් යුත් දරුවන් ඉපදීමේදී ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් නිසි පරිදි සපුරාලීම අසීරුය. මේ තත්ත්වයට පිළියමක් යොදනු වස් පිලිපීනයේ කොරසාන් එස්‌ට්‍රෙල්ලා ප්‍රමුඛ වෛද්‍ය සමූහයක් පර්යේෂණයක යෙදුනහ.
පර්යේෂණයට ගත් පහසුම ක්‍රමය සොයා ගනු ලැබූයේ මුරුංගා ගසකිනි. මුරුංගා ගසේ කොළ මිරිකා සාරය මගින් ඖෂධ පෙති නිපදවා ඒවා අදාළ මව්වරුන්ට භාවිතා කිරිමට දී තිබේ. මෙම ඖෂධ පෙති පාවිච්චි කළ මව්වරුන්ට මව්කිරි නිපදවීමේ ප්‍රවණතාවය වේගවත් වීම පර්යේෂකයන්ගේ සතුටට කරුණක් විය. වැඩි වියදමක් නැතිව සුලභව වැවෙන මුරුංගා ගස් මව්කිරි උල්පතක් බවට පරිවර්තනය කර ගැනීමට වෛද්‍යවරුන් සමත්වීම මන්දපෝෂණයෙන් පෙළෙන මව්වරුන්ට මෙන්ම දරුවන්ටද භාග්‍යයකි. ආර්ථික අගහිඟතාවලින් පෙළෙන මව්වරුන්ට දරු උපත් වැඩිවීම සාමාන්‍ය දෙයකි. අපේ රටේ දුෂ්කර ප්‍රදේaශවල දුප්පත් පවුල් තුළින් ජනිතවන දරුවන් මන්දපෝෂණයෙන් මුදවා ගැනීමට මුරුංගා හඳුන්වා දීම ගැන පිලිපීන වෛද්‍යවරුන්ට ස්‌තුතිවන්ත විය යුතුය.
උද්භිත විද්‍යාත්මක නමින් "වොරින්ගා ඔලිෆෙරා "(ඵදරසඅට් ධඛෑෂ FERA ) යනුවෙන් හඳුන්වන මුරුංගා ගස (DRඹඵීඔෂC ) ලස්‌සන කරගෙන සිටින කොළ - කරල් වලින් ලබාගත හැකි විපුල ප්‍රයෝජන මෙතෙකැයි දැන් වැටහෙනු ඇත. මුරුංගා කරල් අපේ දෛනික ආහාරයට ගනු ලැබේ. කොළ රසයෙන් අනූනයි. ඒ වගේම කොළ ප්‍රත්‍යක්‍ෂ ඖෂධයකි. මව්කිරි නිෂ්පාදනයේලා ප්‍රමුඛ තැනක් ගනී. ළමා රෝග විශේෂඥ වෛද්‍ය පිරිසක් විසින් මුරුංගා කොළවල ඇති බලය සොයා ගැනීම කෙරෙහි අපේ මව්වරුන් තවම නොදන්නවා විය හැකිය. මුරුංගා කොළ මැල්ලුම අපූරු රසවත් ආහාරයකි. කෑමට තරම් සුදුසු තත්ත්වයක ඇති මුරුංගා කොළ - කරල් ග්‍රෑම් 100 ක කැලරි, ඛණිජ, විටමින් බහුලව පවතී.
අපේ ගම්බද ජනතාව අතර ප්‍රචලිත මුරුංගා පාවිච්චිය සිදුවේ. බොහොමයක් දෙනා කොළ වලට වඩා කරල් ව්‍යංජනයට ගනිති. කොළ යුෂ මෙන්ම කොළ මැල්ලුම කෙරෙහි ඔවුහූ එතරම් අවධානයක් නොදක්‌වති. ගෙවත්තේ වැට අයිනේ, නිවස අබියස මුරුංගා වැවිය හැකිය. උෂ්ණාධික ප්‍රදේශවල බහුලව වැවේ. මුරුංගා කොළ සුප් සකස් කර ගැනීමටද, මව්කිරි දෙන මව්වරුන්ට ගුණදායකය. වෙනත් ආහාර ව්‍යාංජන වලදී මුරුංගා කොළ ටිකක් යෙදීමද හොඳයි. කරල් ව්‍යංජනයට ගැනීමෙන් කායික ශක්‌තිය වඩවයි. ස්‌නායු පද්ධතියට හිතකරයි. වාජීකරණ ඖෂධයක් ලෙසද මුරුංගා සැලකිය හැකිය.
0 Comments