සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / සිංහ ලග්නය


සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබට ආරම්බවන වසර යහපත් නැත.විශේෂයෙන් සැප්තැම්බර් මාසය දක්වා අයහපත් තත්වයක් පවතී.ගෘහ ජීවිතය සාමකාමී නොවේ.හිතුවක්කාරගති මතුවේ.තම මතයට අනුව කටයුතු කරන අතර අනෙකාගේ මතයට ඉඩක් ලැබෙන්නේ නැත.දුකත් කණගාටුවත් පසුතැවීමත් සහිතයි.තත්වයට ගෞරවයට හානි වන ආකාරයේ කිසියම් සිදුවීමක් සිදුවනු ඇත.රහස් හෙළිදරව්වේ.ඒවා ප්‍රසිද්ධවේ.දෙමාපියන් සමග ආරවුල් ඇතිකරගනී.ඔබ නිසා දෙමාපියන් චිත්ත පීඩාවට පත්වනු ඇත.

රැකියාවේ උසස්වීම් සහිත උවත් බාධා කිරීම් සහිතවේ.ඊර්ශ්‍යා කාරයන් එලිපිට ඔබව පීඩාවට පත්කරවනු ඇත.නව දේපලක් මිලදී ගැනීමට අවස්තාව පවතී.විශේෂයෙන් වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවූවන්ට එය ඉටුකරගැනීමට හැකිවේ.කුමන හෝ වාහන පහසුවක් ලැබේ.කෙසේ වෙතත් මුදල් සම්බන්ද කටයුතු වලදී විමසිලිමත් විය යුතුය.රුපියල් සියයේ භාණ්ඩයට එකසිය පනහක් ගෙවීමට සිදුවනු ඇත.ඔබව රැවටීමට ඔබ සමග සිටින අයම උත්සහ කරනා කාලයකි.කෙසේ වෙතත් තම බලය පතුරුවා කටයුතු කලහැකිය.එන ඕනෑම ගැටලුවකට මුහුණ දීමට සිත ශක්තිමත් කාලයකි.වන්දනා ගමන් යෙදේ.විදෙස්ගතවීමේ බලාපොරොත්තු ඉටුවේ.නමුත් මුල් කාලය තුල විවිධ ගැටලු ඇතිවිය හැකිය.එමෙන 

දරුවෙකු සම්බන්දව ගැටලුවක් ඇතිවේ.විවාහ දිවියට බාධා එල්ලවේ.එය විශේෂයෙන් අනෙකාගේ මතයට ගරු නොකිරීම නිසා විය හැකිය.අනවශ්‍ය ගැබ් ගැනීම් සිදුවිය හැකිය.සහකරු හෝ සහකාරිය රෝගාතුර විය හැකිය.වැඩි කාලයකුත් ශ්‍රමයකුත් වැයකිරීමට සිදුවිය හැකිය.විවාහ යෝජනාත්,ප්‍රේම සම්බන්දතාත් උච්චතම අවස්තාවේ කැඩීබිදී යා හැකිය.රැවටීම් වලට හසුවිය හැකි කාලයකි.නොගැලපෙන සම්බන්දතා සදහා සිත යොමුවේ.අගෝස්තු මාසය අවස්න් වීමෙන් පසුව තරමක සුබ තත්වයක් උදාවනු ඇත.සුබ කටයුත්තක් සදහා බලාපොරොත්තු තබාගෙන සිටින්නේ නම් අගෝස්තු මාසය අවසන් වනතෙක් හෝ එම කටයුතු පමා කිරීම යහපත්ය.

ඉගෙනීම් කටයුතු උවද අගෝස්තු මාසය දක්වා එතරම් ප්‍රගතියක් ඇතිනොකරනු ඇත.ඉගෙනීම් කටයුතු වලට බාධාවන ලෙස වෙනත් බලපෑම් ඇතිවේ.පාස්ලේ හෝ අධ්‍යාපන ආයතනයේදී ඔබගේ ඉගනීම් කටයුතු පසෙකලා වෙනත් ක්‍රියාකාරකම් සදහා සම්බන්ද වීමට සිදුවනු ඇත.එයින් ඔබ වෙනත් මාර්ගයකට යොමුවනවා ඇත.එය ඉගෙනීමට බාධාවකි.

පපුව හදවත , බඩ සම්බන්දව රෝග පීඩා ඇතිකරවයි.හදිසි අනතුරු මෙනම ගිණි බියද ඇතිවේ.බෝවන රෝගයන්ට , විෂ ශරීරගතවීමට ඉඩ ඇති කාලයයි.සැප්තැම්බර් මාසය පසුවනවිට ඔබගේ හිතමිත්‍රයන් සමග ගැටලු ඇතිවේ.සබදතා බිදවැටෙන්නට තරම් හේතු ඇතිවිය හැකිය.නමුත් තනිවම ඕනෑම ගැටලුවක් ජයගැනීමට වසර පුරාවටම ඔබගේ සිත ශක්තිමත්ව පවතිනවා ඇත.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments