කටක ලග්නයේ ඔබට මධ්‍යස්ත ප්‍රතිඵල උදාකරවනු ඇත.ගෘහ ජීවිතය සාමකාමී වේ.දේපල සම්බන්දව පැවති ගැටලු නිරාකරණය කරගැනීමට හැකියාව ලැබේ.නිවාස කටයුතු ආරම්භයටත් , ආරම්භකර තිබූ කටයුතු අවසන් කරගැනීමටත් අවස්තාව සැලසෙනවා ඇති.ගෙදරට අවශ්‍යදේ මිලදී ගැනීමටත් අඩුපාඩුවක්ව පැවති භාණ්ඩ කිහිපයක් ගෘහයට එක්කරගැනීමටත් අවස්තාව සැලසෙන වසරකි.නෑ හිතවතුන් ඔබසොයා නිවසට පැමිණෙනවා ඇත.නිවසේ උත්සව අවස්තාවන් ඇතිවේ.ප්‍රීතිය විනොදය සහිතයි.දුර බැහැර විනෝද චාරිකා සදහා ආරාධනා ලැබේ.මෙතක් ඔබට කරදරයක්ව සිටි කිසිවෙකුගෙන් නිදහස් වන්නට අවස්තාව සැලසෙනවා ඇත.අනවශ්‍ය දේ අතහැර දැමීමට සුදුසුම කාලයකි.
මෙතෙක් ප්‍රමාධ වෙමින් පැවති විවාහ බලාපොරොත්තුවූවන්ගේ බලාපොරොත්තු සඵල කරගැනීමට අගෝස්තු මාසයෙන් පසුව තරමක සුබදායක බවක් ඇති වන අතර ලබන වසරේ ජනවාරියෙන් පසුව ස්තිරවම විවාහ බලාපොරොත්තුව සඵල කරගැනීමට අවස්තාව උදාවනවා ඇත.දැනට පවත්නා ප්‍රේම සම්බන්දතා ආදිය පිලිබදව සැක සාංකා මතුවේ.අස්තාවර බවක් ඇතිවේ.අනෙක් පාර්ශවයේ දැඩි පීඩනයකට හසුවීමට සිදුවනු ඇත.ප්‍රේම සබදතා අවසන් වන්නට හේතු පවතින බැවින් සැප්තැම්බර් මාසය දක්වා කාලය තුල ඉවසීමෙන් යුතුව කටයුතු කල යුතුය.එමන්ම කාම ලාබ ලැබෙනා කාලයකි.අසම්මත සබදතාවයන් විය හැකිය.ගෞරවටය කැලැලක් ඇතිවිය හැකිය.කාලයක් පැවති මිත්‍ර සම්බන්ධ තාවයක් අවසන්වීමද , එපාම වී යාමටද සාධක පවතී.සමාජ සබදතා වලදී කැපී පෙනෙන චරිතයක් වනු ඇත.පිලිගැනීමක් ඇතිවේ.සමාජ සේවයට සිත යොමුවේ.සාමූහික කටයුතු වලදීද ඉවසීමෙන් අනෙකාගේ මතයටද ගරු කරමින් කටයුතු කිරීම යහපති.
ඉගෙනගන්නා දරුවන්ට උසස් ප්‍රතිඵල ලැබිය හැකිය.ක්‍රිඩාවෙන් සහ අමතර ක්‍රියාකාර කම් මගින් ජයග්‍රහනයත් ගෞරවයත් හිමිවේ.නමුත් හදිසි අනතුරු ඇතිවේ.එමෙන්ම නව ඉගෙනීම සදහා අවස්තා උදාවේ.නව පාසල් ඉල්ලුම් කිරීමටත් යහපති.දරුවන් සිටින දෙමාපියන්ට තම දරුවන්ගේ හිතුවක්කාරකම් දඩබ්ඹරකම් වලට මුහුණ දීමට සිදුවනු ඇත.එමෙන්ම දරුවෙකු සිදුකරගන්නා කිසියම් හානියක් හෝ දරුවෙකුට ඇතිවන කිසියම් රෝගී තත්වයක් නිසා චිත්ත පීඩාවන් ඇතිවනු ඇත.
විවාහ අඹුසැමියන් අතර ගැටලු ඇතිවේ.එකිනෙකා පිලිබදව සැකය මතුවේ.රංඩු සරුවල් පවා ඇතිවිය හැකිය.ඉවසීමෙන් සැනසීම ලැබෙනු ඇත.ස්වාමියාට හෝ බිරිදට අසනීප තත්වයන් හිටි හැටියේ ඇතිවේ.යටපත්ව පැවති රෝගී තත්වයන් උවද මතුවිය හැකි කාලයකි.එමෙන්ම මීට පෙර කාලයක සිදුකල වැරදි ක්‍රියාවන් හෝ රහස් හෙලිදරව් විය හැකිය.රිය අනතුරු , උස් ස්තානයන්ගෙන් වැටීම් , ලේ ගලන තුවාල , තද උණ ගතිය වැනි රෝගත් කෝපය ඉවසීමෙන් තොරවීම නිසා ඇතිකරගන්නා ගැටලුත් ඇතිවිය හැකි කාලයකි.බඩේ උශ්ණ ගති ඇතිවේ.ගැබ්බර කාන්තාවන් ප්‍රවේසම් විය යුතු කාලයකි.
![]() | ජනක පී කුමාර විසිණි. හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය |







0 Comments