සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / මීන ලග්නය


සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබට මිශ්‍රඵල උදාකරයි.ආගමික කටයුතු සදහා සම්බන්දවීමට අවස්තාව සැලසේ.දුර බැහැර වන්දනාවේ යාමට අවස්තාව ලැබේ.වැඩිහිටියන් සමග ඇසුර වර්ධනය වනු ඇත.තමාගේ පදිංචියේ වෙනසක් සිදුවිය හැකිය.නිදාගන්නා දිශාව හෝ වෙනස් වනු ඇත.දිනපතා තමාගේ දිනචරියාවේ වෙනසක් ඇතිවේ.ධන ලාබ ලැබිය හැකි කාලයකි.මේවා හිතවතුන්ගේ උපකාර විය හැකිය.එවැනි ලැබීම් පවතින නමුත් නිකරුනේ අනවශ්‍ය වියදම් කිරීම්ද සිදුවනු ඇත.භූමි සම්පත් සදහා උත්සහ කලයුතු කාලයයි.කිසියම් පැහැදිලි ලාභයක් ලැබීමට වසරේ මුල් කාලයේදී හැකිවනු ඇත.

පියාගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවනු ඇත.පියාට හෝ පියපාර්ශවයේ වැඩිහිටියෙකුට විපත් කරදර ඇතිවිය හැකිය.ඔබට කාලයක් තිස්සේ පැවති රෝගයකින් සුවය ලබන්නට හැකිවේ.තමාට සතුරුකම් කල අය පවා හිතවත්විය හැකිය.අගොස්තු මාසයෙන් පසු ඔබට සමාජයේ විශේෂ පිලිගැනීමක් ඇතිවිය හැකිය.ඔබගේ නම ප්‍රසිද්ධවීමට කුමන හෝ සිදුවීමක් සිදුවිය හැකිය.ඉගෙනගන්නා දරුවන්ටද අගොස්තු මාසය දක්වා එතරම් විශේෂ යහපතක් නැතත් ඉන් පසු කාලයේ දක්ෂතා වර්ධනය වන අතර තරග විභාගයන්ගෙන් ස්තිර ජය හිමිවනු ඇත.පාසලේ හෝ අධ්‍යාපන මධ්‍යස්තානයේ දක්ෂතා අතින් කැපී පෙනෙන්නෙකු විය හැකිය.

විවාහ දිවිය හෝ ගෘහ ජීවිතය සම්බන්දව කිවයුතු පැහැදිලි අයහපතක් නැතත් නෑණලා මස්සිනාලාගෙන් විවිද ගැටලු ඇතිවේ.පවුලේ සමගියට බාධා ඇතිවන්නේ එවිටයි.දරුසම්පත් බලාපොරොත්තුවෙන් සිටිනා මීන ලග්න හිමියන්ට අගොස්තු මාසය දක්වා දරමක් බලාසිටීමට සිදුවේ.ඉන්පසු කාලය යහපත්වේ.විවාහ අපේක්ෂිතයන්ටද එසේවේ.වසරේ මැදභාගය පසුවන විට ඔබට ඇතිව තිබූ බොහොමයක් කරදර වලින් නිදහස්වී දියුනුව නිදහස ලැබිය හැකිය

වාත රෝග මෙන්ම දනිස් අමාරු සහ හදිසි වැටීම් සහිත කාලයකි.එමෙන්ම ආහාර අරුචිය , ආහාර විශවීම සහ උදරාබාධ ඇතිවිය හැකි කාලයකි.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments