සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / කුම්භ ලග්නය


සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / කුම්භ ලග්නය

කුම්භ ලග්නයේ ඔබට සුභාශුභ මිශ්‍රපල ඇතිකරවයි.රැකියාවේ තණතුරු ලාබ ලැබේ.විශේෂයෙන් උසස්වීම් බලාපොරොත්තුවූවන්ගේ එම බලාපොරොත්තු කරදර බාධක මැද උවද සඵල කරගැනීමට හැකියාව ලැවේ.කාර්‍යාල සේවයේදී ඉවසීමෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නම් සිතනවාට වඩා යහපත් තත්වයක් ඇතිකරගැනීමේ හැකියාව ලැබේ.අසල්වැසියන්ගෙන් උදව් උපකාර ලැබේ.විදෙස්ගත වීම් සදහා යහපත්ම කාලයයි.විදෙස්ගත නෑ හිතවතුන්ගෙන් මුදල් ආධාර ලැබෙනා සමයකි.ලැබීම එසේ සිදුවනවිට වියදම් වීම් සහ හානිවීම් කිහිපයක්ම යෙදෙනවා ඇත.

තම දේපල අයිතිවාසිකම් පිලිබ්දව ගැටලු ඇතිවිය හැකි කාලයකි.දේපළ විනාශවීමක් සොරු ගැනීමක් අතහැරදැමීමක් සිදුවිය හැකි කාලයකි.මවටත් පියාටත් වසරේ මුල් මාස හයතුල එකලෙස අසුබ ඇතිවේ.විශේෂයෙන් රෝගී තත්වයන් එක්තැන්වීම් සිදුවිය හැකිය.ගෘහ ජීවිතය තරමක චිත්ත පීඩා ඇතිකරවයි.ශණික කෝපය නිසා පවුලේ සමගියට බාධා ඇතිවේ.එමෙන්ම හිතවතුන් අමනාපවීමක්ද සිදුවිය හැකිය.කාලයක් තිස්සේ ඇසුරුකල අයෙකු අමනාපවීම නිසා හෝ වියෝවක් නිසාවෙන් සිතට දුක් පීඩා ඇතිකරවයි.බිරිදට හෝ ස්වාමියාට කිසියම් ශාරීරික දුර්වලතාවයක් ඇතිවිය හැකිය.කේලම් ඕපාදූප අසන්නට ලැබේ.මේවා පවුලේ සමගියට බාධා ගෙන එයි.එමෙන්ම දරු සම්පත් බලාපොරොත්තු වූවන්ගේ එම බලාපොරොත්තු ඉටුවේ.පවුලට නව සාමාජිකයන් එකතු වන කාලයකි.

ඉගෙන ගන්නා දරුවන්ට තම දක්ෂතාවයට වඩා වැඩි ප්‍රතිපලයක් ලැබිය හැකි මෙන්ම කිසියම් බාධාවක් නිසා , කලකිරීමක් , පරාජයවීමක් නිසා අධ්‍යාපනට කෙරෙහි පැවති උනන්දුව හීනවීයා හැකිය.පාසලේදී හෝ අධ්‍යාපන මධ්‍යස්තානයකදී ඔබට අවනම්බුවක් සිදුවිය හැකිය.මෙය රැකියාව සම්බන්ධවද බලපානු ඇත.දරුවන් සිටිනා කුම්භ ලග්නයේ දෙමාපියන් දරුවන් පිලිබදව සැලකිලිමත්වීම වටී.කැපුම් තුවාල ලේ දෝෂ , උණ සංණිපාත තත්වයන් දරුවාට ඇතිවිය හැකිය.

විවාහ බලාපොරොත්තු මෙම වසර තුලදී සඵල කරගැනීමට ස්තිරකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.එමෙන්ම  ප්‍රේම සම්බන්දතා කිහිපයක් උවත් ඇතිවිය හැකිය.දැන හදුනාගන්නා ඕනෑම අයෙකු සමග සබදතා ඇතිවිය හැකිය.විශේෂයෙන් අනියම් සබදතා සහිත කාලයකි.ගෞරවයට හානිවීම් යෙදෙනවා ඇත.ඉතා ධනවත් පවුලක තරුණියක් සල්ලාලයෙකු සමග ප්‍රේමයෙන් වෙලී හදපානේ පැනයා හැකි කාලයකි.එය උදාහරණයකි.එවැනි සිදුවීම් සිදුවිය හැකිය.මුලු පවුලටම නින්දා අපහාස ඇතිවීමට එවැනි සිදුවීම් හේතුවනු ඇත.ප්‍රේමයේදී හෝ විවාහයේදී සොයාබලා කටයුතු කරන්න.

පපුව සම්බන්ද දුර්වලතා ඇතිවේ.පපුවේ වේලුම්ගති සහිතයි.පපුව සම්බන්ද සැත්කම් සදහා මුහුණ දෙන්නන්හට කිසියම් අවධානම් තත්වයක් ඇතිවිය හැකිය.රහස් ප්‍රදේශ වල රෝග තත්වයන් සහ සමේ රෝග ඇතිවනවා ඇත.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments