කටුස්සාගේ අනාවැකිය

කටුස්සාගේ අනාවැකිය

කටුස්සන් වර්ග කිහිපයකි. කටුස්සා, පිඟලෑවා, බෝදීලිමුවා, බෝදිලිමා, මාල කටුස්සා, උර පැස්සා ආදී ලෙස විවිධ පළාත්වල විවිධ නමින් මෙම සතා හැඳින්වෙයි. රතු, කොළ පාට හෝ දුඹුරු වර්ණයෙන්ද කහපාට, කළු වර්ණයෙන්ද යුත් විවිධ කටුස්සන් සිටී. මෙම සත්ත්වයා ගොදුරු කරගන්නා කෘමි ආදී සතුන් ඩැහැ ගැනීමටද සතුරු සතුන්ගෙන් බේරීමටද ඉන්නා ස්ථානයේ වර්ණයට අනුව වර්ණය වෙනස්කර ගනී.


ජනවහරේ එන මෝහිණී නම් යක්ෂණියගේ වාහනය ලෙස කටුස්සා සලකයි. තියුණු හඬ ඇති කටුස්සා ඉර මුදුන් වන වේලාවට, ඉර අවරට යන වේලාවට තදින් හඬ නඟනු ඇසිය හැකිය. ශරීරයේ කොටසින් කොටස වර්ණ වෙනස් කරගන්නා අතර වලිගය දිරාගිය කෝටුවක් සේ අවපැහැ ගන්වා ගනිමින් එහි ගොඩවන කෘමීන් ගොදුරු කරගනී.මිනිසාට නොයෙකුත් සුබ අසුබ සංඥා දෙන කටුස්සා හැ¾ඩීමේ වේලාවෙන්, වර්ණයෙන් අනාවැකි පවසයි.



දවල් ඉර මුදුන්වන වේලාවට කටුස්සන් රැසක් හැඬුවේ නම්, එම කාලයේ තද පෑවිල්ලක් ඇති වෙයි.



හිස රතු සහ කළු වර්ණ ඇති කටුස්සකු ගමනක් යනවිට මුලින්ම ඉදිරියට ඒ නම් ගමන අසාර්ථක වී රැවටීමකට හසු වෙයි.



තම නිවෙසේ ඉදිරි උළුවස්සේ කටුස්සකු සිට හඬයි නම් හිස වනයි නම්, ගෙහිමියාට තදබල අපලයකි. මිතුරකු සතුරු වෙයි.



තමන් නිදියන විට වහලයේ සිට දුඹුරු පැහැ කටුස්සකු ඇඟට වැටුණේ නම් නීතියෙන් කරදර සිදුවෙයි. එසේ වූයේ නම් නිදා සිටි තැනින් නැඟිට නිවෙසේ ඉදිරි උළුවස්ස පසුවන තුරු පසුපසට ගොස් නිවෙසට ගොඩවීමෙන් දෝෂ භංග කරගත හැකියි.



ගෙදර පූසා කටුස්සා ගේ ඇතුළට ගෙනවිත් දැමුවේ නම් නිවෙසට සතුරු කරදර ඇතිවෙයි.



රාත්‍රි කාලයේ අඳුරේ යන විට කටුස්සකු ඇඟට පැන්නේ නම් විටින් විට බිය වෙයි. තනිකම් දෝෂ සහිතය. දෙහි 21ක් අහු 8ක් කපා අඹ අත්තෙන් මතුරා පත්තිනි ශාන්තියක් කිරීම සුදුසුයි.



තම ළිඳ ළඟ නානවිට දිවා කාලයේදී කොළ රතු කරමල සහිත කටුස්සකු අඬයි නම් මාරක අපලයකි. අවි ආයුධවලින් හානි ඇතිවෙයි.



බුලත් කොරටුවක ඉර අවරට ගිය වේලාවක බුලත් කඩද්දී කටුස්සකු ඇඟට පැන්නේ නම් විශාල බලාපොරොත්තුවක් බිඳ වැටෙයි.



ගෙදර මිදුලේ රෙදි වැලේ වනන ලද දියරෙදි කඩක කටුස්සකු සිටියේ නම් හැඬුවේ නම් තම ඥාතියකුගේ මළගමකි.



කෑම බීම උයා පිහා තබන ලද භාජන මත කටුස්සකු සිටියේ නම් වම් අතට පැන්නේ නම් තමන්ට සතුරකු වසවිස කවයි.



හංසි ආටිගල / මව්බිම පුවත්පත

Post a Comment

0 Comments