කුජ මාරුව : අති විශේෂ : 2016


2016 පෙබරවාරි 20 වනදා කුජ ග්‍රහයා සිය ස්වක්ෂේත්‍ර රාශියට පැමිනේ.වෘශ්චිකයට පැමිණෙන කුජ සැප්තැම්බර් 18 වනදා දක්වා එම රාශියේ ගමන්කරනවා ඇත.මෙලෙස කුජ වෘශ්චිකයට පැමිණෙන මොහොතේ සෙනසුරු ග්‍රහයාද වෘශ්චික රාශියේ ගමන්කරමින් සිටී.මෙම සිදුවීම් දෙකම අතිවිශේෂිතයි.ලෝකයටම එතරම් යහපත් කාලයක් නම් නොවේ.ලෝකයට එසේ නම් රටකට එසේ නම් පුද්ගලයාටද එසේමයි.මේෂ ලග්න ලෝකායන කේන්ද්‍රයට මේ මොහොතේ ලග්න අශ්ටම ඒරාශ්ටකයක් යෙදී ඇත.ඒ ලග්නයෙන් අටවැන්නේය.කුජ පැමිණෙන්නේ එම ස්තානයටයි.කුජ ලග්නාධිපතියා වශයෙන් මාරකස්තානගතවන්නේ ඒරාශ්ටක අපලයක් ගෙනදෙමින් සිටිනා සතුරු සෙනසුරු ග්‍රහයා සමග යෝගවෙමින්ය.ඉවයුතුව ඇත්තේ අන්තිම නරකයි කියාය.ලෝකයට අනියත මාරකයක් යෙදෙන කාලයකි.විනාශය පිලිබදව සිදුවීම් සිව් දිගින් ඇසෙනු ඇත.ස්භාවික විපතේ සිට කෘතිමව ගොඩනගන්නාවූ විපත් දක්වාත් අදහාගත නොහැකි අත්භූත විපත් දක්වාත් මේ තත්වයන් වර්ධනය වනවා ඇත.අරුම පුදුම දෑ පිලිබද විමසිල්ලෙන් පසුවන්නන් හට නම් සුබ කාලයකි.අරුම පුදුම දේ අසන්නට ලැබෙනු ඇත.නැගෙනහිර ආසියානු කලාපයේ පිපිරීම් ඇතිවේ.ඒවා ගිනිකදු , කර්මාණ්තශාලා සහ බෝම්බ පිපිරීම දක්වා වනු ඇත.නැගනහිර කලාපයට දැඩි ත්‍රස්ත බීතියක් ඇතිවනු ඇත.ත්‍රස්තවාදී ව්‍යාප්තියක් ඇතිවනු ඇත.

සෙනසුරු දුෂ්ටයාය.කුජ සෙන්පතියාය.දුශ්ඨයා සෙම්පතියාට බයවන්නේ නැත.දුෂ්ටයා බලන්නේ සෙන්පතියාවද දුෂ්ටත්වය වෙත හරවා ගැනීමයි.අවසානයේ දෙදෙනාම අයහපතම කරයි.ලෝකයේ දුෂ්ටයන් බලවත්වී යහපත් පුද්ගලයන් දුර්වලවන මොහොතකි.බාහිර රටවලටත් විශේෂයෙන් අප්‍රිකාවේ බටහිර සහ මධ්‍යම කලාපයටත් දකුණු ඇමරිකාවටත් බිහිසුණු අත්දැකීම් විදීමට සිදුවිය හැකිය.ප්‍රතිකාර නොමැති බෝවන රෝග හදිසි දේශගුණික කැලබීම් මෙන්ම ත්‍රස්ත බීතිය දැඩිව ඇතිවේ.පුද්ගල අතුරුදහන්වීම් අසාමාන්‍ය ආකාරයෙන් සිදුවනු ඇත.කර්මාන්ත අංශයේ දිවුණුව වේගවත්වන අතර ඒ නිසාම හදිසි අනතුරු බහුලවේ.ලෝපතල කර්මාණ්තශාලාවක පිපිරීමක් ගිණිගැනීමක් හෝ එම ආයතන බංකොලොත්වී යාමක් සිදුවනු ඇත.

ලෝකය තුල අති විශේෂ නව සොයා ගැනීම් සොයාගැනේ.ක්‍රීඩාශීලීත්වය වැඩිවේ.ආරක්ෂක ප්‍රධානීන්ට සහ ලෝ සුපතල ක්‍රීඩකයන්ට මාරක විපත් ඇතිවිය හැකිය.ලොවම කම්පාකරන ආකාරයේ ස්ව්භාවික විපතක් ඇතිවේ.ආහාර හිගවේ.කෘශි භූමි විනාසවනු ඇත.නියගය ලොවපුරා මිනිසුන් පීඩාවටපත්කරවනු ඇත.අරාබි වසන්තය නිමාවී ගිණි කුනාටුවක්ව සමස්ත අරබිකරයෙන් හරි අඩක් පුරාවට පැතිරයා හැකිය.ලොව ප්‍රධාන දේශපාලන බලවතුන් තිගැස්සෙන වසරකි.සියල්ලෝම යුධ සූධානමක පැය 24 පුරා කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නයෙන් දසවැන්නට කුජ පැමිණේ.ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටින්නේ ජම්ම ඒරාශ්ටකයක අවස්තාවයි.එම අපලය 2017 දක්වාම පවතී.2016 වසර යනු ලංකාවාසීන්ට ඉතා දැඩී පීඩණයක් ඇතිවන වසරයි.කුජ මාරුව මෙම අයහපත් බව තව දුරටත් වර්ධනය කරනවා ඇත.කම්කරුවා පීඩාවටලක්වේ.සේවක පක්ෂයට දැඩි මානසික අපහසුතාවයන්ට ලක්වීමට සිදුවනු ඇත.සේවක වර්ප්‍රසාධ අහිමිවේ.පෙළපාලි , උද්ගෝශන විරෝධතා රටපුරා ඇතිවේ.මේ සදහා හිතනවාට වඩා ජන පිරිවර පැමිණෙනු ඇත.නමුත් කිසිවක් සාමකාමීව විසදෙන්නේ නැත.සියල්ල ව්‍යාකූලවේ.විපක්ෂය බලවත් වන්නේ කොපමණද එයිට දශමයකට හෝ වඩා පාලක පක්ෂය බලවත්වනු ඇත.මෙතෙක් රටතුල ක්‍රියාත්මක නොවූ පාලකයන් භාවිතා නොකල බලතල දැනට සිටින පාලකයන් විසින් භාවිතා කරනු ඇත.ජනතා අප්‍රසාධය ඇතිවන්නේ කුමක් වෙනුවෙන්ද ඒ සියල්ල වැසී යන ලෙස කිසියම් සිදුවීමක් ඉදිරියට පැමිණෙනු ඇත.දේශපාලකයන්ට ඉතාමත් අයහපත් කාලයකි.හැලහැප්පීම් බහුල කාලයකි.හදිසි අනතුරු රිය අනතුරු සහ ප්‍රචන්ඩත්වය පෙර කාලයන්ට වඩා බොහෝ සිදුවන කාලයකි.එය ස්භාවික හානි විපත් මෙන්ම මිනිස් මනසේ ඇතිවන දුෂ්ට අදහස් ප්‍රතිපත්තීන් නිසාවිය හැකිය.කර්මාණ්තශාලා සේවකයාටත් මහමග යන සියලු දෙනාටත් ඉගෙනගන්නා දරුවන්ටත් සාමකාමී පවුල් ජීවිත ගතකරන්නන්ටත් මෙම කුජ මාරුව අයහපත්වේ.

වැඩි දෙනෙකු විදෙස්ගතවනු ඇත.ආර්තික තත්වය දුර්වලවේ.සංවර්ධනය මේ වසර තුලදීද සිහිනයකි.ක්‍රීඩාවේ ජයග්‍රහයන පෙනිපෙනී අහිමිවේ.ක්‍රීඩකයන් ආබාධයන්ට වැඩි වශයෙන් ලක්වේ.සුලන් සහිත වියලි කාලගුණයක් රටපුරා ඇතිවේ.අතර මැද වසින වැසි ඉතා ප්‍රබල අකුණු විපත් ඇතිකරවමින් ඇතිවනු ඇත.කාලගුණික විපර්‍යාසයන් ඇතිවේ.ගං වතුර සමග ප්‍රබල නායයාම් සිදුවනු ඇත.සමස්තයක් ලෙස ඇතිවන එක යහපතක අපට නොපෙනෙන ඔබට නොපෙනෙණ බොහෝ අයහපත් සැගව තිබෙණා කාලයක් කුජ ග්‍රහයා වෘශ්චිකයට පැමිණීම සමග සිදුවනවා ඇත.


මේෂ ලග්නය

මේෂ ලග්නයේ ඔබ 2017 දක්වා ලග්න අශ්ටම ඒරාශ්ටකය ගෙවමින් සිටී.ලග්නාධිපතියා වන කුජ ලග්නයෙන් අටවැන්නේ බලයට පත්වන නමුදු ඒරාශ්ටක අපලයට සහනයක් ඇති නොවේ.අනියත මාරක යෙදේ.ආර්තික තත්වය තරමක් දුරට යහපත් වන නමුදු ලැබෙන මුදල ඉතුරුවකින් තොරව වියදම්වී යයි.විවාහ දිවිය සම්බන්දවත් ප්‍රේම සබදතා සහ වෙනත් සමාජ සම්බන්දතා බිදවැටිය හැකිය.මානසික පීඩනය බලවත් උවත් ආත්ම ශක්තියෙන් ඕනෑම දෙයකට මුහුණ දී කට්යුතු කරයි.වෙනදා පැවති සරල බව වෙනස්වේ.හදිසි තීරණ නිසා බොහෝ අංශ වල බිදවැටීම් ඇතිවිය හැක.කට වචන ප්‍රවේසමෙන් යුතුව භාවිතා කල යුතුයි.හදිසි අනතුරු , ගිණි අනතුරු ඇතිවිය හැකිය.උසකින් වැටීමක් හදිසි සැත්කමක් , හදිසි තුවාල ඇතිවේ.කලකෝළාහලයන්ට මැදිහත් නොවී කටයුතු කිරීමත් ෂණික කෝපය ඉතා හොදින් පාලනය කරගැනීමත් යහපති.

වෘෂභ ලග්නය


ඔබගේ විවාහයත් ප්‍රේම සම්බන්දතා සහ සමාජ සබදතාත් පිලිබදව සැලකිලිමත් විය යුතුය.සහකරු හෝ සහකාරිය සමග සිත් අමනාපකම් ඇතිවේ.එක් පාර්ශවයක් අසනීපවීම නිසා අනෙක් පාර්ශවය දැඩි පීඩනයකට හසුවේ.ස්තානීය වෙනසක් ඇතිවේ.දුරබැහැර ගමන් යෙදෙනවා ඇත.රැකියා උසස්වීම් සදහා යහපත්වේ.පියාට හෝ මවට නොසිතූ මොහොතක අසනීප තත්වයන් ඇතිවනු ඇත.සිත් සැක සංකා ඇතිවේ.විවාහ ජීවිතය පිලිබදව විශේෂ ගැටලු ඇතිවීමට මෙය බලපානු ඇත.මුත්‍ර ආබාධ යටිබඩ , වකුගඩු සම්බන්ද දුර්වලතා පැනනගී.වස විස ශරීරගත වියහැකි කාලයකි.

මිථුන ලග්නය


ඔබට ආත්ම ශක්තියත් ආත්ම විශ්වාසයත් වර්ධනය වන කාලයකි.පරාජය පිලිගන්නේන නැත.වැටෙන්න වැටෙන්න නැවත පෙර සිටියාට වඩා ශක්තිමත්ව නැගීසිටිනු ඇත.සමස්ත ජීවිත කාලයටම දියුණු වීමට උසස් වීමට අවස්තාවක් උදාවී ඇත.එම යහපත් නිසි ආකාරයෙන් භාවිතාකල හොත් ස්තිර යහපතක් උදාකරගත හැකිය.එසේ නොවූහොත් සමස්ත ජීවිතයටම කිසිදා අමතක නොවන අදුරු මතකයක් ජීවිතයට එකතුවනවා ඇත.එය ඔබට වැටහෙන්නේ කුජ වෘශ්චිකයෙන් නික්මයාමෙන් පසුව වනු ඇත.භූමිලාබ ලැබේ.ඉඩ කඩම් සම්බන්ධ ගැටලු ඔබට හයපත් ආකාරයෙන් විසදෙනවා ඇත.හදිසි අනතුරු උශ්ණ රෝග මුත්‍ර ආබාධ ආදියෙන් පීඩා ඇතිවිය හැකිය.

කටක ලග්නය

රැකියාව සම්බන්දව යහපත්වේ.රැකියා බලාපොරොත්තුවූවන්ගේ බලාපොරොත්තු ඉටුවේ.නමුත් රැකියාවක නියුතුව සිටියදී තවත් ආදායම් මාර්ග සදහා යොමුවන්නේ නම් ඒ පිලිබ්දව දෙවරක් නොව ඊට වඩා වැඩි වාර ගණනක් සිතාබලා තීරණයකට බැසිය යුතුය.මුදල් පිලිබද කටයුතු වලදි රැවටීම් වංචා සිදුවේ.ණය ගණුදෙනු ගැනීමේදිත් , දීමේදීත් ඉතා සැලකිලිමත්ව කටයුතු කල යුතුය.විවාහ සමබදතාවයට අනියම් ආකාරයෙන් ගැටලු ඇතිවේ.යහලු මිත්‍රයන් උදව්කරුවන් මෙන්ම සේවකයන්ද ඔබට විරුද්ධව කට්යුතු කල හැකි කාලයකි.ඉගෙනීම් ශක්තිමත්වේ.නව ඉගෙනීම් මෙන්ම ක්‍රිඩා කටයුතු මගින්ද ජයග්‍රහන උදාවනු ඇත.ආමාශගත රෝග ඇතිවන හදිසි අනතුරු ෂණික කෝපය ඇතිවන කාලයකි.

සිංහ ලග්නය


ඔබගේ ගෘහ ජීවිතය සම්බන්දව තරමක ගැටලු ඇතිවේ.නිවසේ සමගිය පිටවීයයි.තම මතයට අනුව කටයුතු කිරීම නිසා පවුලේ සාමාජිකයන් අතර අසමගිකම් ඇතිවනවා ඇත.ම්ව සමග බහින්බස්වීම් ඇතිවේ.ඔබ හිතුවක්කාරයෙකු ලෙස සමාජයට පෙනේ.නිතරම මවගේ සිත් රිදවීම් ඇතිවේ.පියා පිලිබදවද එතරම් යහපතක් නැත.ජීවිතයේ වෙනසක් ඇතිවන යුගයකි.තමාගේ ගෞරව තත්වයට කැලලක් ඇතිවිය හැකි කාලයකි.හදවත් සැත්කම් හෝ පපුවේ ආබාධ සදහා ප්‍රතිකාර ලබන අය වෙනදාට වඩා සැලකිලිමත්විය යුතුය.එමෙන්ම හදිසි හෘධයාබාධ ඇතිවන කාලයක් නිසා මනස නිරවුල්ව පවත්වාගැනීම ඉතා යහපත්වනු ඇත.

කන්‍යා ලග්නය


ඔබට වෙනදා පැවතියාට වඩා පෞර්ෂයක් ගොඩනැගෙනු ඇත.තමාගේ අභිමතය පරිදි කටයුතු බොහොමයක් සිදුවේ.නමුත් ලගම හිතවතා මිතුරා සහෝදරයාගේ වෙනස්කම් සිදුවේ.අසල්වැසියා සමග අතේ දුරින් සබදතා පැවැත්වීමත් තමාට වඩා වෙනත් අය විස්වාස නොකර කටයුතු කිරීමත් යහපති.කෙටි ගමන් බිමන් වලදී අනතුරු ඇතිවේ.හදිසි විවාහයක් සිදුවිය හැකි කාලයකි.තම ගෞරව පිලිබදව සැලකිලිමත්විය යුතුය.දරුවන් නිසා කරදර බාධක ඇතිවේ.දරුවන්ගේ හදිසි අසනීප තත්වයන් හෝ වනත් අයහපත් දේ හේතුවෙන් මානසික පීඩනය වැඩිවනු ඇත.

තුළා ලග්නය


ඔබ වසර හතයි මාස හයක ලග්න ඒරාශ්ටක අපලයේ අවසාන වසර ගෙවමින් සිටී.සියලු ලග්න අතරින් විශේෂ කල්පනාවකින් බුද්ධියකින් කටයුතු කල යුත්තේ ඔබයි.යන යකා කොරහ බිදගෙන යන කාලයකි.ආර්ථික වාසි සහිතයි.හොදින් හෝ නරකින් ලාබ ලැබීමට සිතයි.එලෙස කරන කටයුතු සාර්තක විය හැකිය.නමුත් ෂණික බිදවැටීම් විශාල වශයෙන් සිදුවේ.ඔබගේ වටිනා භාන්ඩ අස්තානගතවිම හෝ කැඩී බිදීයාම නිසා අලුතෙන් දෑ මිලදී ගැනීමට සිදුවිය හැකිය.අසනීප රෝගපීඩාද එසේමයි.ආහාර රුචිය වර්ධනය වේ.කිසියම් දෙයක සීමාව ඉමවා යෑමෙන් ගැටලු ඇතිවේ.කතාව වචන භාවිතය නිසා මිත්‍ර සබදතා බිදවැලේ.විවාහය සම්බන්දවද එසේමයි.ඉවසීමෙන් සැනසීම ලැබෙනු ඇත.

වෘශ්චික ලග්නය


ඔබගේ ලග්නයට ලග්නාධිපති වූ කුජ ලග්නගතව බලවත්වීම යහපත් නමුදු ඒරාශ්ටක අපලයකින් ලග්නය පීඩාවට පත්කල සෙනසූරු සමග කුජ ලග්නයේ යෝගවීම එතරම් යහපත් නැත.නිතර නිතර හිසරදය ඇතිවනු ඇත.සිතෙහි වෙනදාට වඩා ප්‍රබෝධමත් ගතියක් ඇතිවූවත් එම ප්‍රබෝධය බිදීයන ලෙස වෙනත් මානසික පීඩාවක් යෙදෙනවා ඇත.උත්සහයෙන් කටයුතු සාතක කරගත හැකිය.භූමි ලාබ සහිත කාලයකි.කපටි බුද්ධියෙන් ප්‍රයෝජනයක් ගතහැකිය.උපක්‍රමික බව වර්ධනයවේ.කාලයක් ඇසුරුකල මිත්‍රයන් අමනාපවී නව මිතුරන් ලැබෙනු ඇත.දෙයක් එපා වුවහොත් සදහටම එපා වී අමතක කරදැමීමට තරම් සිත ශක්තිමත්ය.හදිසි තීරන නොගෙන හදිසි අනතුරු ආදියෙන් වන විපත් කරදර අවම කරගෙන කටයුතු කල යුතුය.

ධනු ලග්නය


ඔබගේ ලග්නයෙන් දොලොස්වැන්නේ ලග්න ඒරාශ්ටකයකින් සෙනසුරු අපල ගෙනෙන මොහොතක කුජ දොලොස්වැන්නට පැමිනීම එතරම් යහපත් නැත.වටිනා භාණ්ඩ,ඔබ නිතර භාවිතා කරන කැඩි බිදී යා හැකිය.සොර සතුරු බිය ඇතිවේ.හිතවත්කම් බිදීයයි.කාලයක් තිස්සේ පැවති සබදතාවයක් ඔබට නොදැනීම වෙනස්වේ.සිතට පීඩා යෙදේ.අඹු සැමියන් අතර අමනාපකම් ඇතිවේ.විවාහක සහකරුගේ ශාරීරික ආබාධයක් හේතුවෙන් විවාහ ජීවිතයට බලපෑම් ඇතිවේ.මේ අතරම නොසිතූ ආකාරයේ අහබු ලැබීමකට අවස්තාව උදාවේ.සහෝදර සහොදරියන්ට අයහපත් කාලයකි.අකල් මරණයක් අසන්නට ලැබෙනු ඇත.එවැනි අවමංගල්‍ය කටයුත්තකට සම්බන්දවීමට සිදුවනු ඇත.විටක දැඩි කලකිරීමක්ද තවත් විටක වෙනදා නොපැවති උද්‍යෝගයක්ද ඇතිවනවා ඇත.බෝවන රෝගයන්ගෙන් පීඩාවිදී.හදිසි අනතුරු සහිතයි.

මකර ලග්නය


ඔබගේ හිතමිත්‍ර සබන්ධතා මෙන්ම ප්‍රේම සබදතා පිලිබදවද ගැටලු ඇතිවේ.ඉතා විස්වාසයෙන් යුතුව කටයුතුකල අයම අවසානයේ ඔබට වංචාකිරීම් සිදුකරනු ඇත.කලකිරීම් ඇතිවේ.වැඩිහිටි සහෝදරයෙකුට අපල යෙදේ.හවුල් කටයුතු මගින් අලාබ ඇතිවේ.රැකියාවේ තරමක සුබධායක බවක් ඇතිකරවයි.එමෙන්ම උසස්වීම් බලාපොරොත්තුවූවන්ට බාධා මැද උවද යහපතක් සිදුවනු ඇත.දේපල සම්බන්දව විශේෂයෙන් ඉඩකඩම් සම්බන්දව මූලිකව ගැටලුකාරී බවක් ඇතිවූවත් අවසානයේ තමාට වාසිගෙනදෙන ආකාරයෙන් ගැටලුව සමනය වනු ඇත.උසස් මිතුරන් ඇතිවන අතර එම සබදතා පවත්වාගෙන යාම අපහසුවේ.ආර්තික අංශයත් ඉගෙනීම් අංශයේත් වර්ධනයක් ඇතිවිය හැකිය.දරුසම්පත් බලාපොරොත්තුවූවන්ට යහපත් වූවත් දරු ගැබ සම්බන්දව නිතර නිතර ගැටලු ඇතිවිය හැකිය.

කුම්භ ලග්නය


ඔබගේ තත්වයට ගෞරවයට මූලිකව ගැටලුවක් ඇතිවනු ඇත.ඔබව සමාජය පිලිගත් ආකාරයේ වෙනසක් ඇතීවේ.එය එතරම් යහපත් වෙනසක් නම් නොවේ.රැකියාවේ දියුණුවක් ඇතිවූවත් එයම සිතට අසහනකාරී විය හැකිය.මවටත් පියාටත් යහපත් නැත.ඕනෑම කටයුත්තකට නොබියව ඉදිරිපත්වීමක් ඇති කාලයකි.මේ නිසාම නැති කරදර පීඩා ඇතිවිය හැකිය.පාදයේ විශේෂ තුවාලයක් ඇතිවිය හැකි කාලයයි.විදෙස්ගමන් දුරබැහැර ගමන් යහපත්වේ.කිසිවෙකුගේ විශේෂ උපකාරයක් ලැබෙනා කාලයකි.දේපල තරම් දුරට හෝ වර්ධනය කරගැනීමට.නව වාහනයක් දේපලක් මිලදීගැනීමට අවස්තාව යෙදෙනවා ඇත.සෑම කටයුත්තකම මූලිකව බාධාවක් ඇතිවුවද අවසානයේ බොහොමයක් බාධක ජයගැනීමට හැකියාව ලැබෙනවා ඇත.

මීන ලග්නය


ආගම දහමට පැවති ගෞරවය වෙනස්වේ.ආත්මාර්තකාමීත්වයෙන් යුතුව කටයුතු කරයි.ධනය වර්ධනය කරගැනීමට අවස්තාව යෙදේ.දේපල ලාබ ලැබේ.විශේෂයෙන් ඉඩකඩම් සම්බන්ද කටයුතු මගින් විශේෂ ලාබ ලැබේ.සතුරු කරදර මර්ධනය කිරීමට ඔබට ශක්තිය ලැබේ.විවාහය සම්බන්දව එතරම් යහපත් නැත.උසස් අධ්‍යාපනය සදහා උසස් අවස්තා ලැබෙනා උසස් ප්‍රතිපල ලැබෙනා කාලයකි.වැඩිහිටියන් අසනීපවීමක් නිසා තරමක පීඩා ඇතිවේ.ශණිකව වැඩි මුදලක් වියදම් කර තමාට වැදගත් විශේෂ දෙයක් මිලදී ගැනීමට අවස්තාව ලැබෙනා කාලයකි.


sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments