විදෙස්ගතවීමට වාසනාව ලබාදෙන ග්‍රහ පිහිටීම්



මීන වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු අතරින් විදෙස්ගතවීම වැදගත් මෙන්ම ප්‍රමුඛ බලාපොරොත්තුවකි.තරුණ පරපුරේ බොහෝ දෙනෙකුගේ අරමුණ විදෙස්ගතවීමයි.මෙයින් රැකියාවක් සදහා විදෙස්ගතවීම සහ ස්තිර පදිංචිය සදහා විදෙස්ගතවීම යනුවෙන් දෙයාකාරවේ.විදෙස්ගතවීමට ඔබට තිබෙන අවස්තාව සහ වාසනාව පිලිබදව ඔබගේ ජම්ම කේන්ද්‍ර සටහනේ සටහන්වී ඇත.එම අවස්තාව ලබාදෙන ග්‍රහ පිහිටීම් කිහිපයක් පහත පැහැදිලිකර ඇත.


01 - ලග්නාධිපති ග්‍රහයා හත්වැන්නේ වැන්නේ සුබ ග්‍රහයෙකු සමග       සිටියදී හත්වැන්නට ශුභ දෘෂ්ටි වැටුණහොත් එම කේන්ද්‍ර  හිමියාට විදේශ ගතවන්නටත්, එහි වාසය කරන්නටත් අවස්තාව ලැබෙනු ඇත.

02 - දෙවැන්නාධිපතියා බලයෙන් යුක්‌තව දොලොස් වැන්නේ සිටියහොත් එම කේන්ද්‍ර හිමියාට පිටරට යන්නට ලැබේ. එසේම එහිදී ධනය ලබන්නට හැකි වේ.

03 - ජන්ම කේන්ද්‍රයේ තුන්වැන්නාධිපතියා දොලොස්වැන්නේ සිටි විට එම ජන්මියාට තම ඥතීන්ගෙන් වෙන්ව විදේශගතව සිටීමට කරුණු යෙදෙයි.

04 - ජන්ම කේන්ද්‍රයේ සිව්වැන්න දුර්වල වූ විටද විදේශගත වීමට කරුණු යෙදිය හැකිය.

05 - හයවැන්නාධිපතියා දොලොස්වැන්නාධිපතියා සමග යෝගව සිටියදී අටවැන්නාධිපති ග්‍රහයා පාප පීඩාවට ලක්ව ඇත්නම් විදෙස්ගත වීමට අවස්තාව පැවතියත් විදෙස්ගතවීමෙන් තමාට ගැටලු ඇතිකරවයි.

06 - පස්වැන්නාධිපති ග්‍රහයා දොලොස්වැන්නේ තැම්පත්ව ඇත්නම් එම ග්‍රහ පිහිටීමද විදෙස්ගතවීමේ අවස්තාව ලබාදන ග්‍රහ පිහිටීමකි.

07 - දහවැන්න අධිපති ග්‍රහයා දොලොස්වැන්නේ බලවත්ව සුබ තත්වයෙන් යුතුව පිහිටා ඇත්නම් විදෙස්ගත යහපත් රැකියාවකට වරම් ලබාදේ.

08 - දොලොස්වැන්න අධිපති දොලොස්වැන්නේම පිහිටා ඇත්නම් එයද විදෙස්ගතවීමේ අවස්තාව ලබාදෙන ග්‍රහ පිහිටීමකි

09 - උප්පත්ති ලග්නය කටක ලග්නය වී ලග්නාධිපති සදු ග්‍රහයා එකොලොස්වැන්නේ පිහිටා ඇත්නම් එයද විදෙස්ගත වීමේ අවස්තාව ලබාදෙන ග්‍රහ පිහිටීමකි.නමුත් එම සදු පුරසදු වීම වැදගත්ය.මේ සමගම සිකුරු ග්‍රහයාද එකොලොස්වැන්නේ සදු සමග සංයෝගව පිහිටා ඇත්නම් විදෙස්ගත ස්තිර පදිංචියක් සදහා බලවත් ග්‍රහ පිහිටීමකි.

10 - රාහු ග්‍රහයාගෙන් දොලොස්වැන්නේ ගුරු ග්‍රහයා පිහිටා ඇත්නම් එම ග්‍රහ පිහිටීමද විදෙස්ගත වීමේ අවස්තාව උදාකරවන ග්‍රහ පිහිටීමකි.

11 - රාහු සහ ගුරු ග්‍රහයන් සංයෝගව ලග්නය , තුන්වැන්න , සිව්වැන්න , නමවැන්න  ,  දහවැන්න සහ එකොලොස්වැන්නේ පිහිටා ඇත්නම් එම ග්‍රහ පිහිටීමද විදෙස්ගත වීමේ අවස්තාව උදාකරවන ග්‍රහ පිහිටීමකි.

12 - රාහු ග්‍රහයාගෙන් දොලොස්වැන්නේ ගුරු ග්‍රහයා යෙදී ගුරුගේ මහදසාවක් ආරම්භ වන්නේ නම් එම කාලය තුලදී විදෙස්ගත වීමට අවස්තාව ලබාදෙනු ඇත.

13 - රාහු ග්‍රහයා උපපතිති කේන්ද්‍රයේ ලග්නයෙන් දොලොස්වැන්නේ පිහිටා ඇත්නම් එයද විදෙස්ගත වීමේ අවස්තාව ලබාදෙන ග්‍රහ තත්වයකි.නමුත් දොලොස්වැන්න මූලිකව යෙදෙන ග්‍රහ අවස්තා පවත්තින කේන්ද්‍ර හිමියන් විදෙස්ගත වීමෙන් ලබන යහපත එතරම් බලවත් නැත.

14 - රාහු ග්‍රහයා උපතින් ලග්නය හෝ හත්වැන්නේ පිහිටා සිටියදී නැවත එම රාහු ගෝචරයෙන් ලග්නය හෝ හත්වැන්නේ ගමන් කරනා කාලයන් තුල විදෙස්ගත වීමට අවස්තාව ලබාදෙනු ඇත.

15 - මීට අමතරව සෙනසුරු ග්‍රහයාගෙන් යෙදෙන ලග්න ඒරාශ්ටක අපල ලගන අශ්ටම ඒරාශ්ටක අපල චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපල සහ ජම්ම ඒරාශ්ටක අපල යෙදෙනා කාලයන් තුලදී විදෙස්ගතවීමේ අවස්තාවන් ඇතිකරවයි.එය එසේ වන්නේ තම පවුලෙන් නෑ හිතවතුන්ගෙන් වෙන්කරවීම පිණිස වේ.

    sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
    ජනක පී කුමාර
    හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

    Post a Comment

    0 Comments