ආත්මකාරක ග්‍රහයා යනු ඔබගේ කේන්ද්‍ර සටහනේ භාවයන් දොලසින් කිසියම් භාවයක තැම්පත් ග්‍රහයෙකු වැඩි අංශක ගනණක් ගමන් කිරීමයි.එම වැඩි අංශක ගණනක් ගමන් කර ඇති ග්‍රහයා ආත්මකාරක ග්‍රහයා හෙවත් අධි ග්‍රහයා වශයෙන් හදුන්වනු ලබන අතර එම ග්‍රහයාගේ තත්වයන් පරීක්ෂාකර බලා රැකියාව ආත්ම ශක්තිය ආදී වූ විශේෂ තොරතුරු හදුනා ගැනීමට හැකියාව පවතී.
රවි ග්‍රහයා ආත්ම කාරක ග්‍රහයා වූ විට
දැඩි ආත්ම ශක්තියකින් යුතු අයෙකි.රාජ්‍ය සේවයේ තනතුරු සදහා අවස්තාව පවතී.උසස් සමාජ ඇසුරත් උසස් අයගේ උදව් උපකාර මෙන්ම පිලිගැනීමටත් ලක්වේ.රජයෙන් සැලකුම් ලබයි.
කුජ ග්‍රහයා ආත්ම කාරක ග්‍රහයා වූ විට
පිරිස් පාලනයේ උපන් හැකියාවක් සහිතයි.ආරක්ෂක අංශයට හෝ එවැනි සම්බන්දතා සහිත රැකියාවක් සදහා යොමුකරවයි.පරාජය පිලිගැනීමට සූදානම් නැත.කෘෂි කර්මාණ්තයට යොමුවුවහොත් එයින්ද වැඩි පලප්‍රයෝජන ලබනු ඇත.භූමි සම්පත් සහිතයි.
බුධ ග්‍රහයා ආත්ම කාරක ග්‍රහයා වූ විට
සියුම් කටයුතු සදහා දස්කම් දක්වයි.ලියන කියන කටයුතු සදහා දක්ශයෙකි.වෙලදාම් කටයුතු සදහා යහපත්ය.වැඩි ලාබයක් ලබයි.කවි නිසැදැස් ලිවීමට කීමට හැකියාව සහිතයි.වචනයෙන් අනෙකා වසග කරගැනීමේ හැකියාවක් සහිතයි.ඒ හෙයින් හිතවත්කම් පහසුවෙන් ඇතිකරගනී.
ගුරු ග්‍රහයා ආත්ම කාරක ග්‍රහයා වූ විට
සමාජයේ ගරු කටයුතු පුද්ගලයෙකි.ගෞරවයෙන් යුතුව ජීවත් වන අතරම ගෞරවයද ලබන්නේය.උසස් රැකියා හිමිකමක් ලැබීමේ අවස්තා පවතී.ගණිතය ජ්‍යෙතිෂය වැනි ඉගෙනීම් සදහා දක්ෂයෙකි.සෑම කටයුත්තකදීම බුද්ධිමත්ව සිතා බලා තමාටත් අනෙකාටත් යහපතක් වන ආකාරයෙන් යුතුව කටයුතු කරයි.
ශනි ග්‍රහයා ආත්ම කාරක ග්‍රහයා වූ විට
සූක්ෂම බුද්ධියක් ඇත.එය තමා කෙරෙහි භාවිතා කරයි.ඕනෑම කටයුත්තක් සදහා පෙලෙබෙන දක්ශයෙක් වන අතරම තමාගේ යහපත වාසිය පිලිබදව සිතා බලා කටයුතු කරනා අයෙකු වනු ඇත.
රාහු සහ කේතු ආත්ම කාරක ග්‍රහයා වූ විට
කපටි පුද්ගලයෙකි.අවකල් ක්‍රියාවන් සදහා යොමුවීමට දෙවරක් සිතන්නේ නැත.තමාගේ ලාබය උදෙසා අනෙකාට අවැඩක් කිරීමට උවද පෙළෙබේ.මත් ද්‍රව්‍ය භාවිතය සදහා යොමුවිය හැකිය.එමෙන්ම මත් ද්‍රව්‍ය වෙලදාම වැනි දෙයින් මුදල් ඉපයීම කරයි.
![]() | ජනක පී කුමාර විසිණි. හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය |







0 Comments