වෛද්‍යවරයකු වීමට විශේෂ ලක්ෂණ කීපයක් තිබිය යුතුයි. එය නම් බුධ කීර්ති රේඛාව පිහිටා තිබීම. බුධ මණ්ඩලය මත කෙටි රේඛා දෙකක් හා අත්ල මැද ලොකු ත්‍රිකෝණයක් තිබීමයි. හස්ත රේඛා විද්‍යාවේදී බුධ මණ්ඩලය මත වැටී ඇති රේඛා දෙකට විශේෂ නමක් ඇත. ඒ වෛද්‍ය කැළලයි. සියලු පිහිටීම් එතුමාගේ අතේ පිහිටා ඇත. වෛද්‍යවරයකු වීමේ භාග්‍ය උරුම කර දුන්නේ ඒ නිසයි. වෛද්‍යවරයකු වීමට තවත් විශේෂ ලක්ෂණ කිහිපයක් තිබිය යුතුයි. ඒ රෝගීන් දක්වන කරුණාවයි. ගුරු මණ්ඩලයත් චන්ද්‍ර මණ්ඩලයත් සිකුරු මණ්ඩලයත් හොඳින් පිහිටා ඇත. පුදුම විදියේ කරුණාවක් එතුමා ළඟ ඇත. මේ ජීවකයාණන්ගේ අත් ගුණයක් ඇත. අත්ගුණය ගැන කතා කරන්නේ මහපට ඇඟිල්ල මුල ඇති යව මාලාවෙනුයි. එයත් අපූරුවට පිහිටා ඇත. දිනකට රෝගීන් 400 - 500 අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට දිනපතාම පැමිණේ. අත් ගුණයේ බලය කොපමණද කියනවානම් ලෙඩුන් සියලුදෙනාම ඉක්මන් සුවයට පත්වේ. ඇල්වතුර දුන්නත් ලෙඩ හොඳ වෙනවා කියන්නේ මේ වගේ අත්ගුණය ඇති අයටයි. වෛද්‍යවරයකුට අනිවාර්යයෙන්ම අත්ගුණය තිබිය යුතුයි.
මේ ජීවකයාණන්ගේ ලග්නය මීන ලග්නය වේ. ගුරු ග්‍රහයා නවවැන්නේ කේතු සමඟ සිටියි. පෙර පින් ඇති අයෙකි. මේ භවයේදීත් පින් පැත්තට යොමුවේ. ලග්නයේ ධර්මකර්මාධිපති යෝගය පිහිටා ඇත. ප්‍රතිකාර ගැනීමට පැමිණෙන සියලු රෝගීන්ට දිවා ආහාරයක් නොමිලේම ලබා දෙයි. ප්‍රතිකාර නොමිලේය. හොඳ දෛව රේඛාවක් ඇත. පියාගේ අඩි පාරේ යමින් තම උත්සාහය මත වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කර ඇත. සෙනසුරු මණ්ඩලය දක්වාම ඇති දෛව රේඛාවෙන් තවදුරටත් කියැවෙන්නේ අසරණ අහිංසක ජනතාවට සේවය කිරීමට පිහිටන ලක්ෂණයකි. සූර්යය රේඛාවත් රවි මණ්ඩලය දක්වාම වැටී ඇත. කීර්තිය ගෙන දෙන පිහිටීමකි. මෙතුමා ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ මේ රේඛාවේ බලයෙනි. මුළු රටම දන්නේ මේ නිසයි. මෙයට ධන රේඛාව කියාද කියයි. වර්ෂ 2014 නොවැම්බර් 2 න් පසු ඉතාම හොඳයි. මෙතෙක් පැවැති සියලුම බාධා ඇත්නම් ඒවාද ඉවත් වේ. අහිංසක පෙනුමක් ඇත්තේ ශනි ග්‍රහයා කටක රාශියේ සිටින නිසයි. නිතරම පින් පැත්තට හිත යොමු කරයි. පැවිදි ජීවිතයටද කදිමයි.
2014 මැයි වනවිට ශනිගේ බුධ අතුරු දශාවත් ආරම්භ වේ. විදේශිකයන්ටත් ප්‍රතිකාර කිරීමට අවස්ථාව යෙදේ. දරුපල රේඛාද හොඳින් පිහිටා ඇත. දරුවන්ද පස් දෙනකුගේ ආදරණීය පියකු වේ. දරුවන්ද හැමවිටම මේ කටයුතුවලට උදවු කරයි.
ජීවන රේඛාව නොකැඩී ගුරු මණ්ඩලය දක්වාම හොඳට පිහිටා ඇත. ආයුෂත් හොඳයි. අවුරුදු 80ක් පමණ ජීවත් වීමට වාසනා බලය ඇත. මුලින් සඳහන් කළ ධර්ම කර්මාධිපති යෝග බලය නිසා ප්‍රදේශයකට ප්‍රමුඛයකු වීමේ බලය රාජ මහාමාත්‍යාදීන් වෙතින් ගෞරවය ලැබීමටද වාසනා බලය ඇත. ඒ සියල්ලම මෙතුමාට ලැබී ඇත.
සියලුම ග්‍රහ මණ්ඩලත් ඉතා ශුභව පිහිටා ඇත. තව වසර කීපයක් යනතුරු අසරණ රෝගීන් වෙනුවෙන් පිහිටවීමට වාසනා බලය ඇතිවේවා.
ප්‍රවීණ ජේයාතිෂවේදී විශේෂ වෛද්‍ය
ලුණුවිල තිලක් රත්නායක
මව්බිම පුවත්පත





0 Comments