නැවියකුගේ හා මාධ්‍යවේදියකු ඉරණම ලියෑවුණු හැටි!

"ටයිටැනික්‌" මුහුදු සංචාරයට ආරාධනය ලැබූ සම්භාවනීය අමුත්තන් අතර එවකට (විසිවැනි සියවස මුල් භාගය) මහා බ්‍රිතාන්‍යයේ සිටි මහා පුවත්පත් කලාවේදියා වන ඩබ්. ටී. ස්‌ටීඩ් මැතිතුමාද විය. එතුමා අපේක්‌ෂා කළේ සංචාරය අවසානයේදී "හොඳ ලිපියක්‌" තම පුවත්පතේ පළකිරීමටය. නමුත් "සියලු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයයි" අප සම්බුදු රජාණන්ගේ ප්‍රකාශය සනාථ කරමින් ආකිමීඩීස්‌ පවා පරාජය කරමින් තැනූ ඒ මහා නෞකාව එහි කප්පිත්තා වන කපිතාන් ස්‌මිත්ගේ වරදිනි යයි දැන් දැන් පිළිගන්නා හේතු සාධක මත පැසිපික්‌ සාගරයේ අයිස්‌ කන්දක හැපී මුහුදු බත් විය.

අප මෙම ලිපියෙන් ගෙනහැර දක්‌වනු ලබන්නේ ඒ ෙ€දනීය ඉරණම මුහුණ පෑ ඩබ්. ටී. ස්‌ටීඩ් මහා පුවත්පත් කලා වේදියාගේ දෛවය හා කපිතාන් ස්‌මිත්ගේ දෛවයද ජ්‍යෙdතිෂය ඇසුරින් විග්‍රහ කිරීමටය.

ස්‌ටීඩ් මහතාගේ ජන්ම පත්‍රය මේ සමග පළවෙයි. එය සායන ජ්‍යෙdතිෂය අනුව බ්‍රිතාන්‍ය ජාතික කීර්තිමත් ජ්‍යෙdතිෂඥ "සෙµdරියෙල්" මහතා විසින් සකස්‌ කරන ලද්දකි. එතුමා අභාවප්‍රාප්ත ස්‌ටීඩ් මහතාගේ මිත්‍රයකුද විය.

උත්පත්තියෙහි නොමැති කිසිවක්‌ බාහිර සිදුවීම්වලට අනුව සිදු නොවන්නේය යනු සිද්ධාන්තයකි. ඒ අනුව ස්‌ටීඩ් මහතාගේත්, කපිතාන් සුමිත් මහතාගේත් කේන්දරවල මෙම ෙ€දවාචකයට මුහුණ දීමට සිදුවූ අයහපත් ග්‍රහ යෙදුම් සටහන්වී තිබිය යුතුය. අප දැන් ඒ තත්ත්වය බලමු.

ස්‌ටීඩ් මහතා 1849 ජුලි 05 දින උදේ ආහාරය ගැනීමට පෙර ඉපදුනැයි ඔහුගේ දෙමාපියන් විසින් සටහන්කොට තබා ඇත. ඒ අනුව ස්‌ටීඩ් මහතා සායන සිංහ ලග්නයෙන් ඉපදී ඇත. පුර පසළොස්‌වක දිනයකම ඉපදීම විශේෂයකි. හිරු සඳුට සප්තවන සිටිනු පෙනේ. මේ පුර පෝයයි. ලග්නාධිපති හිරු සෙනසුරුට චතුරශ්‍රවෙයි. මේ සෙනසුරු දීර්ග මුහුදු ගමන් පෙන්වන 9 වැන්නේ සිටී. මුහුදු සාගර ආදියට අධිපති අප "වරුණ" යයි හඳුන්වනු ලබන නැප්චූන් ග්‍රහයා මරණය පෙන්වන 8 වැන්නේ සිටී. එයද මුහුදු ජලය පෙන්වන, මාළු දෙදෙනකු සංකේතවත් කරන මීන රාශියේය.

මහා සායන ජ්‍යෙdතිෂඥ "ටොලමි" පවසා ඇත්තේ රවි-චන්ද්‍ර දෙදෙනා හෝ ඉන් කෙනකු හෝ පාප ග්‍රහයන්ගේ දෘෂ්ඨියකට භාජනය වුවහොත් මරණය අනතුර කින් සිදුවන බවයි. එම සිද්ධාන්තය සAටීඩ් මහතාගේ කේන්දරයට මනාව ගැලපේ.

"සෙගාරියෙල්" (අන්වර්ථ නාමයයි) මහතා පවසන්නේ ස්‌ටීඩ් මහතා මියගොස්‌ ඇත්තේ නැව ගිලීමේදී මුහුදේ ගිලීමෙන් නොව නැවේ කිසියම් යකඩ පොල්ලක්‌ වැනි දෙයක්‌ හිසට වැදීමෙන් ඇති බවය. දියේ ගිලී මියයන ග්‍රහ යෝග වෙනම ජ්‍යෙdතිෂයෙහි දැක්‌වෙයි. ස්‌ටීඩ් මහතාගේ කේන්ද්‍රයේ එවැන්නක්‌ නැත. එනිසා මියයන්නට ඇත්තේ "යමක්‌" හිසට වැදීමෙන් වූ අනතුරකිනි. එය කේන්ද්‍රය සමගද ගැලපේ.

ස්‌ටීඩ් මහතා බ්‍රිතාන්‍යයේ මහා බල ගතු පුද්ගලයෙකු (පුවත්පත් කලාවේදියකු) කිරීමට හේතු වූ ග්‍රහචාරයද එතුමාගේ කේන්දරයෙන් පෙනේ. ග්‍රහයන් 5 දෙනකු "චර" රාශිවල සිටිති. නිර්භීතකම දක්‌වන අඟහරු දස වැන්නේය. එතුමා තම පුවත්පත් ජීවිතය අභීතව ගෙන ගිය කෙනෙකි. රවි මාලිගයට විරුද්ධව නොගියද. එතුමා අවශ්‍ය තැන්වලදී සිය පුවත්පත්වලින් රජ පැලැන්තියට පහර නොගසා සිටියේද නැත. එය අඟහරු 10 වැන්නේ සිටීමෙන් පෙනේ. ජර්මන් ජාතික කයිසර් විල්හෙල්මි රජතුමාගේ කේන්ද්‍රයේද අඟහරු මෙලෙස පිහිටා ඇත.

"ටයිටැනික්‌" කප්පිත්තා වන කපිතාන් ස්‌මිත් ක්‍රි.ව. 1850 ජනවාරි 27 දින උපත ලබා තිබෙන බව සටහන් වී ඇත. උපන් වේලාව නැත. ස්‌ටීඩ් මහතාගේ මෙන් කපිතාන් ස්‌මිත්ගේ කේන්දරයේද රවි-චන්ද්‍ර දෙදෙනා එකිනෙකාගේ මුහුණ බලමින් සිටිති. ඒ දෙදෙනාම අඟහරුගෙන් පීඩාවට පත්වේ. එදින (1850 ජන. 27) අපරභාග 5 ට පමණ කපිතාන් ස්‌මිත් මහතා උපදින්නට ඇතැයි සිතාගත හැකිය. මේ වේලාවට නැප්චූන් (වරුණ) ස්‌ටීඩ් මහතාගේ මෙන් මරණය පෙන්වන 8 වැන්නේය. ශනි සහ යුරේනස්‌ 9 වැන්නේය. කලින් පළ කලාක්‌ මෙන් දීර්ග මුහුදු ගමන් 9 වැන්නෙන් පෙන්වනු ලබයි.

සොබාදහමේ නීති රීතිවලට පටහැනිව ස්‌මිත් "ටයිටැනික්‌" නැව දියත් කිරීම නිසා මේ ෙ€දජනක ඉරණමට මුහුණ පෑවේ යයි "සෙµdරියෙල්" පඬිවරයා පවසයි.

සුදර්ශි රුවන්පුර

Post a Comment

0 Comments