"යානීධ භූතානි සමාගතානී
භුම්මා නිවායා නිවඅන්තලික්ඛේ
තථාගතං දේව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු
යානීධ භූතානි සමාගතානී
භුම්මා නිවායා නිවඅන්තලික්ඛේ
තථාගතං දේව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හෝතු
යානීධ භූතානි සමාගතානී
භුම්මා නිවායා නිවඅන්තලික්ඛේ
තථාගතං දේව මනුස්ස පූජිතං
සංඝං නමස්සාම සුවත්ථි හෝතු
මේ ගාථා තුනෙන් 108 වාරයක් තැඹිලි ගෙඩියක් මතුරා දවස් 7ක් පානය කරන්න ඕනේ. රන් තැඹිලි තෙල් බෝතලයකට සුදු හඳුන් කුඩු, කහ කුඩු ස්වල්පය බැගින් එක් කර මේ ගාථා තුනෙන්ම 108 වාරයක් පිරිත් කරලා අකුරු කියවන දවසට දරුවන්ගේ හිසේ ගල්වන්නත් පුළුවන්. අමනුෂ්‍ය දෝෂවලින් ආරක්ෂා වෙන්නත් මේ පිරිත් කළ මේ තෙල් උපකාරී වෙනවා. හිසේ කැක්කුම් සුව කිරීමේ බලයකුත් මේ පිරිත් කළ තෙල්වලට තිබෙනවා. උදේ පාන්දරම ඉර පායන්න කලින් වේලාවකදී හරි හවස ඉර බැහැගෙන ගියාට පස්සේ හරි මේ තෙල් පිරිත් කරගන්න පුළුවන්. පංචශීලය සමාදන් වෙලා පස් පවින් වැළකිලා මේ කටයුතුවල යෙදෙන්න. බුදුන් වඳින තැන එහෙමත් නැත්නම් කහ වතුරෙන් හොඳින් හෝදලා පිරිසුදු කළ ස්ථානයක සුදු රෙද්දක් අතුරපු මේසයක් උඩ තෙල් බෝතලය හරි තැඹිලි ගෙඩිය හරි කියලා පිරිත් කරගන්න ඊට පස්සෙ ආතුරයාට (රෝගියාට) පන්සිල් සමාදන් කරවලා තැඹිලි වතුර පානය කරන්න දෙන්න. නැතිනම් පිරිත් කළ තෙල් හිසේ ගල්වන්න.
පිරිත් පොතේම ඇතුළත් වෙනවා. රතන යන්ත්‍රය අඟල් 2×10 තඹ තහඩුවක් අරන් කිසිම අවස්ථාවකින් ඉරට ඉරක් නොකැපෙන විදියට මේ රතන යන්ත්‍රය ඇඳ ගන්න ඕනේ. හැබැයි රාහු කාලය මඟහැර මරු සිටින දිශාවට පිටුපාලා මේ යන්ත්‍රය ඇඳගන්න ඕනේ.
බුලත් කොළ නවයක් අතුරලා පලතුරු 5ක්, කැවිලි වර්ග 5ක් මල් වර්ග 9ක් තැන්පත් කර පිදිය ඉහලා මේ ඇඳ ගත්ත යන්ත්‍රය පස්ලෝ සුරයක් ඇතුළේ තැන්පත් කරලා තුන් නූලකින් පස්ලෝ සුරය වටා බැඳ ගන්න. බුලත් කොළයක් තැඹිලි ගෙඩිය මත තබා සුරයක් මතට තබන්න. පස්ලෝ සුරය වසා බැඳි තුන්නූල අතින් ගෙන රතන සූත්‍රයෙන් එකසිය අට වාරයක් යන්ත්‍රය ජීවම් කරගන්න ආතුරයාට පන්සිල් සමාදන් කරවලා යන්ත්‍රය ගෙලේ පලඳවන්න.
යන්ත්‍රය පැලැඳියාට පසු සතියක් යනතුරු මස් මාළුවලින් වැළකෙන්න ඕනේ. අඩුම තරමින් තුන් වරුවක් යනතුරු වත් මස් මාංසයෙන් වැළකෙන්න ඕනෙ. නිවෙස සෝදා පිරිසුදු කර කහ දියර ඉසලා පිරිසුදු කරලා සුදු පිරුවටයක් එළන ලද මේසයක් මත පූජාව තැන්පත් කරන්න ඕනේ. ඉර හැරුනට පසුවයි. සඳුන් මුසු කළ තෙල් පිරිත් කර තුන් බියෙන් නිවැසියන් ආරක්ෂා කරගන්න වගේම කිරි බොන්නේ නැතිව හඬන දරුවන් නළවන්නත් මේ තෙල්වලට බලය පවතී.
කඹුරුපිටියේ සුගතදාස
හේෂාණි රත්නායක
මව්බිම පුවත්පත





0 Comments