මාපිලුන් වර්ග රැසක්ම ලංකාවේ සිටින බව පැවසුණත් අපට සාමාන්‍යයෙන් හමුවන්නේ වර්ග 4ක් පමණ ප්‍රමාණයකි. ඉන් වර්ග 3ක් විෂ සහිත මාපිලුන් ලෙස හඳුනාගැනේ. මාපිල් දෂ්ටනය සිදුවන්නේ රාත්‍රි කාලයේ පමණකි. ලංකාවේ නුවරඑළිය වැනි අධිකම සීතල සහිත ප්‍රදේශවල හැර අනිකුත් ප්‍රදේශවල දක්නට ඇති මාපිලා සම්බන්ධ නොයෙක් ජනමතද පවතී. මාපිලුන් සත්දෙනකු පැමිණෙන බව සඳහන් මත සත්‍ය නොවේ. ඊට හේතුව වී ඇත්තේ මාපිලුන් රංචු වශයෙන් ජීවත් වීමයි.
ලක්‍ෂණ• දෂ්ට කළ පසු බොහෝ දෙනකුට දෂ්ටනයක් සිදුවූ බව නොදැනේ.
• නිදිමත ගතිය ඇතිවේ
• කෑ ස්ථානය ඉදිමේ
• නොදැනීම නිසා ප්‍රතිකාර මඟහැරුණොත් පසුව විෂ උග්‍ර වේ
• වමනය යයි.
• කෑ ස්ථානයේ වේදනාව අඩුය.
• උණ ගැනීමට ඉඩ ඇත.
ප්‍රතිඵල• ස්නායු පද්ධතියට බලපෑම
• ඇස් නොපෙනී යෑම
• සෙම් කෝපය වැඩිවීම
ප්‍රථමාධාර• කරපිංචා කොළ කොටා මිරිකා බීමට දීම.
• අරත්ත කොළ කොටා මිරිකා බීමට දීම.
• කල් නොයවා වෛද්‍යවරයකු හමුවිය යුතුය.
ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ
0 Comments